ආණ්ඩුව පෙරළා දැමීම සඳහා රාජපක්‍ෂවාදීන් විවිධාකාරයේ කුමන්ත‍්‍රණ කරනවා – වමේ පෙරමුණේ කැඳවුම්කරු චමීර පෙරේරා –

හින්ද රාජපක්‍ෂ වගේ බල තණ්හාවක්, වස්තු තන්හාවක් තිබුණු දේශපාලන නායකයෙක් අපි මෑත ඉතිහාසයේ දැකල නැහැ. මෑත ඉතිහාසේ නෙමේ මහාවංශයේවත් දැකල නෑ, තමන්ගේ බලය අහිමි වුනාට පසුව ඉතා කුමන්ත‍්‍රණකාරී විදිහට කටයුතු කරන රාජ්‍ය පාලකයෙක්  මහාවංශය තුළවත් අපි දැකල නෑ.  එවැනි අය ඉන්නව නම් අපි දකින්නේ ඉතාම පහත් ආකාරයේ රාජ්‍ය පාලකයන් විදිහට. මහින්ද රාජපක්‍ෂ මහත්තය තමන් පාරාජ වුන බව පවා පිළිගන්න අකමැති පාළකයෙක්.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය තුළ මහජනතාව ප‍්‍රතික්‍ෂේප කළා නම්, මහ ජනතාව හමුවේ පරාජය වුනා නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පරාජය පිළිගන්න  ඕනැ. මහින්ද රාජපක්‍ෂ මහත්තයාව පරාජය කරන්නේ වැඩි ඡුන්ද ලක්‍ෂ හතර හමාරකට අධික වැඩි ඡුන්ද ප‍්‍රමාණයකින්. ඔහු එහෙම පරාජයට පත්වුනත් තමන් පරාජය වුන බව පිළිගන්න සූදානම් නෑ. ඒ පමණක් නෙමෙයි. ජනවරම ගත්තු ආණ්ඩුව පෙරළා දැමීම සඳහා වරින් වර විවිධාකාරයේ කුමන්ත‍්‍රණයන් කිරීමට රාජපක්‍ෂවාදීන් කටයුතු කරනවා. එය මේ රටේ ජනවරම හිමිකරගත් ආණ්ඩුවට එරෙහිව කරන බරපතල කුමන්ත‍්‍රණයක්. එය පරාජය කළ යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලකයෙක් නම් මහජනතාව තමන්ව ප‍්‍රතික්‍ෂේප කරපුවහම, පරාජය පිළිගත යුතුයි.  මහින්ද රාජපක්‍ෂ හා ඔහුවටා සිටින පිරිස ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරපු අය නෙමෙයි. ඒ අය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීන්. ඔවුන් රාජ උන්මාදයකින් පෙළෙන වන්දිභට්ටයන්. මේ අය රජය තුළට ඇවිදින් විවිධ තනතුරු ලබාගනිමින් පවා රාජපක්‍ෂ පාළනය තුළ ඇති කරපු සංස්කෘතිය ඇතුළෙ ජීවත් වන අය.  මේ රාජපක්‍ෂවාදීන් පසුගිය අවුරුදු දහය තුළම ජීවත්වුණු සංස්සකෘතියෙන් එළියට යන්න කැමති නැහැ.
2015 ජනවාරි 15 වෙනිදායින් පසුව මේ රටේ ඇතිවුණු දේශපාලන සංස්කෘතිය, රජෙක් හදන, රාජ උන්මාදයකින් පෙළෙන, රජෙක්ගෙ අතපල්ලෙන් වැටෙන දේවල් කාලාබීලා ජීවත් වෙන දේශපාලන සංස්කෘතියක් නෙමෙයි ඇති කෙරුවෙ. ප‍්‍රජාතන්ත‍්‍රවාදි දේශපාලන සංස්කෘතියක්. ඒක රාජපක්‍ෂවාදීන්ට නොගැලපෙන දෙයක්. එය ඔවුන්ට ඉවසුම් නොදෙන දෙයක්. ඒ නිසා ඒ අයට කොතරම් තනතුරු ලැබුණත්, මේ ඇමතිකම් ලැබුණත් ඒ අය ඉන්නේ කොයි මොහොතක හෝ ඒ නරකාදියට යන්න. ඒ අය රාජපක්‍ෂ නරකාදියට යන්න බලන්න ඉන්න එක අනතුරක්. අපි රජයට දිගින් දිගටම කිව්වා, කළ යුතු වන්නේ  මේ රාජක්‍ෂවාදීන් හා මේ රජ පවුලේ මේ රටට කරපු විනාශය, නාස්තිය ඔවුන් සම්බන්ධ, මිනී මැරුම්, අතුරුදන්වීම් වහාම හෙළිදරව් කරමින් නීතිය ඉටු කරන්න. ඒක තමයි රාක්‍ෂට වන්දිභට්ටකම් කරන වුන් බැහැර කිරීම සඳහා කළ යුත්තේ. ඔහු පරාජය කළ යුතුයි දේශපාලනිකව. අපි රජයට මේ පිළිබඳව දිගින් දිගටම අනතුරු ඇෙ`ගව්වා. දැන් උතුරු මැද පළාත් සභාවේ ඇති වී තිබෙන තත්වය ඒ හා සමාන දෙයක්. රාපක්‍ෂවාදීන් ඔවුන්ට පුරුදු තැනට ගමන් කරමින් ඉන්නවා. එකෙන් ගැලවෙන්න ඔවුන් සූදානම් නැහැ.
මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය බාර ගන්නෙ අලූත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආයෙත් රජපක්‍ෂවාදයට ගෙනියන්න නෙමෙයි. රාජ පවුල්වාදයට ගෙනියන්න නෙමෙයි.  රාජ උන්මාදය කරා ගෙනියන්න නෙමෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනයක් කරන්න. සාධාරණ ධාර්මික නායකත්වයක් ගොඩනගන්න. අද ඒ  තත්වයට එරෙහිවයි කටයුතු කරන්නේ. මේක කුමන්ත‍්‍රණයක් විදිහටයි අපි දකින්නෙ. නැවත වතාවක් ශ‍්‍රී ලංක නිදහස් පක්‍ෂය තුළ බලය අතට ගැනීම සඳහා රාජපක්‍ෂවාදීන් කරන ඒ අරගල නිශ්චිත වශයෙන්ම පරාජය කළ යුතුයි.
අපි එක පැත්තකින් අගය කරනවා මෛත‍්‍රීපාල සිරිසේන මහත්තය කරන ක‍්‍රියාමාර්ග. තව දුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වර්ථමාන නායකත්වය ඔහු. එය මහින්ද රාජපක්‍ෂවාදීන් උවමනා විදිහට හැසුරුවන්න ඉඩ නොදිය යුතුයි. ඒක ජනාධිපතිතුමාගෙ බරපතල වගකීමක් හැටියට අපි කල්පනා කරනවා. රාජපක්‍ෂ පාළනය තුළ රාජපක්‍ෂ පවුල මේ රටේ ධනය වස්තු තන්හාවෙන් කොල්ල කාගත්තා. මේ අය නොමැරෙන නිමිස්සු වගෙ කටයුතු කළේ. අපි දැක්කා රජ පවුලෙ එක් සහෝදරියක් ඇයගේ රජ මාලිගාවක් වගේ සුවිසල් නිවසක් හදන්නෙ දෙනියායෙ කන්දක. දෙනියායෙ හදන නිවසට පාර කපන්නෙ සිංහරාජ රක්‍ෂිතයට අයිති කැලෑවක් කපල. ඒ අවට සිටින ගම්මානවල මිනිස්සුන්ට පාරක් නෑ. ඒ මිනිස්සු මහ පාරට එන්නෙ ලොරිවල නැගල. ජනතාව එහෙම අසරණ තත්ත්වයෙන් ඉන්දි ඒ රජ පවුලෙ නැගනියගෙ ඒ මහා සුවිසල් නිවසට, හරියට රජ මාලිගාවක් වගෙ නිවසට රක්‍ෂිතයක් කපල පාරක් හදනව. මොනතරම් මාලිගා හදාගත්තත් තමන්ගේ ජීවිතයේ අවසානයේදී ගෙනියන්නේ නෑ. රාජපක්‍ෂවරු මේක තේරුම් ගන්න  ඕනැ. මොනතරම් මහජන මුදල් කොල්ලකෑවත්, නාස්ති කළත් අවසානෙ මේ කිසිම සම්පතක් අන්තිමට ගෙනියන්නෙ නෑ. ඒක තමයි රාජපක්‍ෂවරු සිහිකර ගතයුතු කාරණය. බල තෘෂ්නාවෙන් පෙළෙන මේ රාජපක්‍ෂවරු පරාජය කරන එක ජනවාරි 8 ව්‍යාපාරයේ වගකීමක්.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *