|

කළු කොඩි ඔසවන්නැයි ජනතාව කුපිත කරපු අය හොරෙන්ම මෝදි හමුවුණා – ජනපති // vedio//

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළකර වෙසක් දිනයේ කළු කොඩි දමන ලෙස පැවසූ අය “රාත්‍රී එකොළහට ගොස්” ඉන්දීය අගමැතිවරයා හමුවූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉන්දීය අගමැතිවරයා අතර සිදුවූ හදිසි හමුව ගැන ජනාධිපතිවරයා අදහස් දැක්වූයේ අද (මැයි 15) පොළොන්නරුවේ පැවති උත්සවයකදී ය.

“හම්බවෙන්න කලින් ඉන්දීය මහකොමසාරිස්තුමා මට කිව්වා මෙහෙම හම්බවෙන්න ඉල්ලලා තියෙනවා කළු කොඩි කට්ටිය මොකද කියන්නේ කියලා, මම කිව්වා අනේ හම්බවෙන්න දෙන්න කියලා, රෑ එකොළහට තමයි ගිහිල්ලා හම්බවුනේ කළු කොඩි කාරයෝ” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට විරුද්ධව කළු කොඩි දමන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කර තිබුණි.

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියාසිටියේ “ඉන්දීය අගමැතිවරයා දික්ඔයට ආපු වෙලාවේ එතනත් හිටියා ලක්ෂ ගානක්, නුවරඑළියේ දිස්ත්‍රික්කයේ විතරක්, මම පහුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්වුණු වෙලාවේ මගේ රැස්වීම වලට වඩා අතිවිශාල පිරිසක් හිටියේ කාගේ රැස්වීම්වලද කියලා තමුන්නාන්සේලා දන්නවා” යනුවෙනි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *