‘සයිටම්’ මස් රාත්තල ඉල්ලන වෛද්‍ය ෂයිලොක්ලා – භාතිය බරුකන්ද

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මෙම කල්ලිය ඉතා පැහැදිලිව ක්‍රියාත්මක වන්නේ තම පටු හා අන්තවාදී දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙනි. ඒ ගැන කිසිදු සැකයක් නැත. ලංකාවේ දේශපාලන පදනම තුළ මහා ඝංඨාරයක් සේ මාධ්‍ය හා සමාජ අවකාශයක් අත්පත් කොට ගෙන සිටින ( සියයට 04 ට අඩු ඡන්ද පදනමක් ) ජනතා විමුක්ති පෙරමුණ සේම රට තුළ පෝස්ටර්වලින් හැරෙන්න කිසිදු ආකාරයක ජාතික ඡන්ද පදනමක් නැති පෙරටුගාමීන් ද සයිටම් ආයතනය දඩමීමා කර ගෙන සිිටින්නේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වේගයෙන් අහෝසි වෙමින් පවතින තම දේශපාලන ශක්තිය රැක ගැනීමට හා ඊනියා ධනවාදී විරෝධය සඳහා ම පමණකි

‘දැන් සයිටම් සිදුවීම අරභයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ භූමිකාව විමසීමට මම අපේක්ෂා කරමි. අවිනිශ්චිත තත්ත්වයන් යටතේ සයිටම් පවත්වාගෙන යෑමට තමන් තුළ ඇති විරෝධය සංගමය ප්‍රකාශ කර තිබේ‍. එසේ වුවත් එකී අරමුණු ඉටු කර ගැනීම සඳහා පුන පුනා වර්ජන ක්‍රියාමාර්ග ගැනීම සාධාරණ යැයි මට නොදැනේ. ඒ හේතුවෙන් පොදු මහ ජනතාවට විඳින්නට සිදුවන දුෂ්කරතාවය සැබැවින්ම කණගාටුදායකය. මෙවැනි වර්ජන සමාජයට එරෙහි අපරාධ ලෙස නම් කිරීමට මම පසුබට නොවෙමි.

(රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු උප සභාපති වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වා දොස්තර පාදෙණියට එවන ලද අවවාදාත්මක ලියුමෙන් උපුටා ගැනීමක්)

‘පසුගිය මාස කිහිපය තුළ අපි රජය විදියට ප්‍රතිපත්ති තීරණ රාශියක් අරගෙන බොහෝ වෙනස්කම් කළා‍. සයිටම් ආයතනයේ ඉගෙනගන්න දරුවන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුවක් දීම අනිවාර්ය කළා. ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන විභාගයට මේ ළමයි අනිවාර්යෙන් පෙනීසිටිය යුතුයි කියලා තීන්දු කළා. ඒ වගේම වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් ගැසට් කළයුතුයි කියලා තීන්දුවක් ගත්තා. සයිටම් රෝහල රජයට පවරාගන්න අපි තීරණය කළා. තනි පුද්ගලයෙක් අත තිබුණ සයිටම් ආයතනය සාමුහික ව්‍යාපාරයක් විදියට ඉදිරිපත් කළයුතුයි කියන නියෝගය නිකුත් කළා. තනි පුද්ගලයෙකුගේ අත තිබුණ සයිටම් විද්‍යාලය රජය විසින් නිර්දේශ කරනු ලබන පාලක මණ්ඩලයක් අතට පත්වියයුතුයි කියන තීරණය ගත්තා. මම අහනවා තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා’

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 05 වැනිදා අනුරාධපුරයේ දී කළ කතාවෙන් උපුටා ගැනීමක්)

‍ෙමම මස 29 වැනි දා වන වට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කැදවීම සඳහා තම සංගමයේ විධායක සභාව විසින් අනුමැතිය ලබා දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේය. එහි දී පාදෙණිය මහතා අවධාරණයෙන් කියා සිටියේ එම වැඩවර්ජනය සතියක් වැනි කාලයක් පවා දිග්ගැස්සිය හැකි එකක් විය හැකි බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙම තර්ජනය සමඟ යළිත් වරක් අහිංසක රෝගීන්ගේ ජීවිත ඇපයට ගෙන පරාජිත දේශපාලනඥයන් යළි ඔසවා තැබීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගන්නා නින්දිත ප්‍රයත්නය ගැන සමාජය තුළ දැඩි සංවාදයක් ආරම්භ වී තිබේ.

මෙහි දී පාදෙණියගේ ගෙරවීමට ඉතා දැඩි ප්‍රතිචාර කිහිපයක් පසුගිය දින කිහිපය තුළ දී සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රබල වෘත්තීය සමිති ගණනාවක් තුළින් එල්ල විය. ඒ අතර ප්‍රධාන එකක් වූයේ සමන් රත්නප්‍රිය මහතා විසින් නායකත්වය දරන වෘත්තීය සමිතියයි පසුගිය දා මාධ්‍ය හමුවක් කැදවමින් රත්නප්‍රිය මහතා දැඩි චෝදනා ස්වරයෙන් කියා සිටියේ හෙද උපාධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමගය අනුගමනය කරන කුහක හා අත්මාර්ථකාමී ප්‍රතිපත්තිය නිසා තම අධ්‍යාපාන අයිතීන් දැඩිව උල්ලංඝනය වී ඇති බවයි. වසර හතරකට ආසන්න කාලයක් පුරා පවතින මේ ගැටලුවට විසඳුම් සෙවීමට මේ දක්වා කිසිදු හැකියාවක් ලැබී නැත්තේ රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමය අනුගමනය කරන දැඩි පිළිවෙත නිසා බව ද රත්නප්‍රිය මහතා මෙහි දී දැඩිව අවධාරණය කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමගය සහ රජයේ වෛද්‍යවරුන් අනුගමනය කරන දැඩි ආත්මාර්ථකාමී හා අවස්ථාවා දී පිළිවෙත ගැන මෙම ලියුම්කරු සමඟ අදහස් දක්වමින් මහරගම පිළිකා රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරීනියක් තවත් අපූරු කතාවක් කීවාය’ එහි දී ඇය කියා සිටියේ තමන් ඇතුළු සෙසු සියලු නිලයන්ට අයත් නිලධාරීන්ට ඉහළට ඉගෙන ගැනීමට ඇති අවස්ථාවන් රජයේ වෛද්‍ය නිලධාරීන් විසින් කොල්ල කන බවයි’ අවම වශයෙන් ඔවුන්ට කිසිදු අදාළත්වයක් නැති තොරතුරු තාක්ෂණය ගැන රජය විසින් ලබා දෙන පුහුණු අවස්ථාවන් පවා අදාළ වෛද්‍යවරුන් විසින් කොල්ල කන බවට චෝදනා කළ ඇය මේ සියල්ල මඟින් හෙළි වන්නේ තම ක්ෂේත්‍රයට පමණක් නොව සෙසු සියලු ක්ෂේත්‍රයන්හි නියැලි පුද්ගලයින් පවා ඉහළට ඉගෙන ගන්නවාට වෛද්‍යවරුන් තුළ තිබෙන කුහක කම බව ඇය දැඩිව අවධාරණය කළාය’

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දිගින් දිගටම කරන මේ ඊනියා වැඩවර්ජන ගැන පසුගිය දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු උප සභාපතිවරයකු වන වෛද්‍ය සරත් ගාමිණි ද සිල්වා මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නායකත්වය යටතේ සිදුවන වැඩවර්ජනය රැල්ල හා එහි සැගවුණු න්‍යාය පත්‍ර ගැන දැඩිව චෝදනා කළේය එහි දී හිටපු සභාපතිවරයා විසින් අවධාරණය කර තිබුණේ ‘ සයිටම් ආයතනය වසා දැමීම පරමාර්ථය කර ගෙන දිගින් දිගටම වැඩවර්ජන ක්‍රියාමාර්ග ගැනීම සාධාරණ යැයි තමාට නොසිතෙන බවයි “මෙවැනි වැඩවර්ජන හේතුවෙන් පොදු ජනතාවට විදීමට සිදුවන අපහසුතා ගැන සැබවින්ම කනගාටුදායකය මෙවැනි වැඩවර්ජන සමාජයට එරෙහිව සිදුවන අපරාධ ලෙෂ නම් කිරීමට මම පසුබට නොවෙමි” යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු උප සභාපතිවරයා සිය ලිපිය මගින් අවධාරණය කර තිබිණි.

මෙහි දී වෛද්‍ය සරත් ගාමිණි ද සිල්වා මහතා විසින් අවධාරණය කරන තවත් කරුණක් කෙරෙහි අපගේ දැඩි අවධානය යොමු විය යුතුය. ඒ ඔ‍ෙබ් ක්‍රියාකාරකම් දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය කිරීමේ වඩා පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක කොටසක් ලෙස බොහෝ දෙනා සැක කිරීම වැළැක්විය හැක්කක් නොවේ යන ප්‍රකාශය කෙරෙහිය.

සයිටම් ආයතනය දඩමීමා කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දිගින් දිගටම සිදුකරමින් පවතින වැඩවර්ජන ගැන ඔවුන්ගේ ක්ෂේත්‍රය තුළින්ම ඉහත ආකාරයේ දැඩි විවේචනයක් එල්ල වෙද් දී බොහෝ දෙනා දැඩිව විමසන ප්‍රශ්නයක් වන්නේ සයිටම් ආයතනය වසා දැමීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙතරම් දැඩි උනන්දුවක් හා වෘත්තීය අවධානමක් ගන්නේ ඇයි ? ද යන ප්‍රශ්නයයි

අප මේ ගැන සාකච්ඡා කළ යුත්තේ අද සයිටම් ආයතනය හා සම්බන්ධ අර්බුදයේ ප්‍රධාන පාර්ශ්ව හැසිරෙන ආකාරයට හා ඔවුන්ගේ න්‍යාය පත්‍ර වඩාත් හොදින් විමසා බැලීමකින් යුතුවය.

සයිටම් ආයතනය හේතුවෙන් ආණ්ඩුව පත්ව ඇති අපහසුතාව ගැන අපූරු කතාවක් මෙම ලියුම්කරු සමඟ පසුගිය වෙසක් පෝයදා ප්‍රකාශ කළේ උපන්ගෙයි එක්සත් ජාතික පාක්ෂිකයකු වන ලියුම්කරුගේ බිරියගේ පියාය ‘මහින්ද කරපු හැමදේකින්ම පරිප්පු කන්නේ යහපාලන ආණ්ඩුව’

මේ ඔහුගේ පමණක් නොව ඔහු ද ඇතුළු පොදු ජනතාවගේ අති බහුතරයක් විශේෂයෙන් යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට අපමණ කැපකිරීම් කළ එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු 62 ලක්ෂයක් ජනතාව අද සයිටම් අර්බුදය දකින ආකාරයයි.

ලියුම්කරු ද උක්ත ප්‍රකාශය හා දැඩිව එකඟය. හේතුව සයිටම් ආයතනය ඉතා පැහැදිලිව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ‘පංචවිධ සංවර්ධන බල කේන්ද්‍ර’ ව්‍යාපෘතිය සමඟ පමණක් නොව එම ආණ්ඩුව විසින් අනුගමනය කළ අත්තනෝමතික සංවර්ධන ප්‍රවේශය සමඟ මනාව බද්ධ වන හෙයිනි. එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආශිර්වාදය හා අනුබලය ඇතිව වැඩී වර්ධනය වූ සයිටම් ආයතනය පමණක් නොව රත්මලාන හමුදා වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ද පොදුවේ වෛද්‍යවරුන් අතරත් සමාජය තුළත් යම් කුකුසක් තිබුණත් රෙජිමය විසින් ක්‍රියාත්මක කළ ධවල භීෂණය හා වරදාන හමුවේ එය සමාජ සංවාදයක් නොවීම ගැන අප පුදුම විය යුතු නැත. එනිසා සයිටම් වේවා රත්මලාන හමුදා වෛද්‍ය විද්‍යාලය හරහා වේවා තමන්ගේ බත්පතට තවත් තරගකරුවෙක් එක්වීම ගැන මුනිවත රැකීමට පොදුවේ වෛද්‍යවරුන්ට සිදු වූ බව නිසැකය. එනිසා උසස් පෙළ විභාගය හරහා රජයේ වෛද්‍ය විද්‍යාලවලට යා නොහැකි තම් දරුවන් විශාල පිරිසක් මාලඹේ සයිටම් ආයතනයට ඇතුළත් කිරීමට රජයේ වෛද්‍යවරුන් අති විශාල පිරිසක් නොබියව පියවර ගත්හ. ඒ සයිටම් ආයතනයේ ප්‍රමිතිය ගැන ඒ වන විටත් ගැටලු තිබියදීය. එහෙත් රෙජීමයේ ආරක්ෂාව හා අනුග්‍රහය මත ඒ සියලු ගැටලු විසදෙන බවත් එයින් වෛද්‍ය උපාධිය ලබා ගැනීමට කිසිදු බාධාවක් ඇති විය නොහැකි බවත් ඔවුන් සිතූ බව පැහැදිලිය. කොටින්ම තමත් දශක කිහිපයක් දිවෙන රාජපක්ෂ පාලනයක් ගැන සහතිකයක් තිබූ සමයක රාජපක්ෂ රජයේම අනුග්‍රහය හා ආශිර්වාදය ලබන සයිටම් ගැන අනවශ්‍ය ප්‍රමාණයට සැක කිරීමට හෝ බියවීමට මෙම පාර්ශ්වයන්ට කිසිදු හේ්තුවක් නොවීය.

එහෙත් 2015 ජනවාරී 08 දේශපාලන වෙනස සමඟ ඒ සියල්ල වෙනස් විය. රාජපක්ෂවරුන්ගේ බල ව්‍යාපෘතිය හකුලා ගැනීමට සිදු වූ අතර යාවජීව රාජපක්ෂ පාලනයක් ගැන තිබෙන විශ්වාසය මත තම සැලසුම් දියත් කළ බොහෝ පාර්ශ්වයන්ට ද තම සැලසුම් හකුලා ගැනීමට සිදුවිය. වත්මන් සයිටම් අර්බුදය වශයෙන් ප්‍රකාශ වන්නේ එම තත්ත්වයි. අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා එහි සාමාජිකත්වය ‘ෂයිලොක්’ ලා දහස් ගණනක් වී ‘සයිටම් වසා දැමිය යුතුමයි’ කියන්නේ රෙජිමය සමඟ තම අනාගත සුරක්ෂිතභාවය හා පැවැත්ම ද අර්බුදයකට ගමන් කරමින් තිබෙන නිසා මිස මෙරට අධ්‍යාපන හා පොදුජන අයිතීන් ගැන තිබෙන කැක්කුම නිසා නොවේ.

කොටින්ම වත්මන් සයිටම් ආයතනය යනු මහින්දවාදීන්ට” මහින්ද රාජපක්ෂ සමයේ අනිසි වරදාන ලබමින් රාජ්‍ය සම්පත් කොල්ලකෑ පුද්ගලයන්ට හා සංවිධානවලට යළි මහින්ද ඔසවා තැබීමේ ව්‍යාපෘතියේ කොටසක්ම පමණකි‍.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් වගකීමක් හා වගවීමක් ඇති රජයක් ලෙස ගත හැකි සියලු සාධනීය පියවර වත්මන් ආණ්ඩුව විසින් පසුගිය දා ගනු ලැබුවේය.

එය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ම පසුගිය දා මෙසේ ප්‍රකාශ කළේය ‘පසුගිය මාස කිහිපය තුළ අපි රජය විදියට ප්‍රතිපත්ති තීරණ රාශියක් අරගෙන බොහෝ වෙනස්කම් කළා සයිටම් ආයතනයේ ඉගෙනගන්න දරුවන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුවක් දීම අනිවාර්ය කළා. ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන විභාගයට මේ ළමයි අනිවාර්යෙන් පෙනී සිටිය යුතුයි කියලා තීන්දු කළා. ඒ වගේම වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් ගැසට් කළයුතුයි කියලා තීන්දුවක් ගත්තා. සයිටම් රෝහල රජයට පවරාගන්න අපි තීරණය කළා. තනි පුද්ගලයෙක් පාලනය යටතේ තිබුණ සයිටම් ආයතනය සාමුහික ව්‍යාපාරයක් විදියට ඉදිරිපත් කළයුතුයි කියන නියෝගය නිකුත් කළා. තනි පුද්ගලයෙකුගේ අත තිබුණ සයිටම් විද්‍යාලය රජය විසින් නිර්දේශ කරනු ලබන පාලක මණ්ඩලයක් අතට පත්වියයුතුයි කියන තීරණය ගත්තා මම අහනවා තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා.

මේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව විසින් ගෙන ඇති වඩාත් ප්‍රායෝගිකම හා සුදුසුම ප්‍රවේශයයි.

එහෙත් දොස්තර පාදෙණියලාට මේ ආණ්ඩුවේ මේ තීරණ හා සැලසුම් කිසිසේත් වැදගත් නැත. ඒ ඔවුන්ට ඉතා පැහැදිලි න්‍යාය පත්‍රයක් තිබෙන හෙයිනි. එනිසා ෂයිලොක් මෙන් මස් රාත්තලම ඉල්ලමින් ආණ්ඩුව අස්ථාවර කරමින් මහින්ද යළි ඔසවා තැබීමට දරදිය අදිනවා හැරෙන්නට ඔවුන්ට වෙන ක්‍රියාමාර්ගයක් අවශ්‍ය නැත. එනිසා අප ඉතා දැඩිව අවධාරණය කරන්නේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින්ම බිහි කළ අර්බුදය වත්මන් ආණ්ඩුව විසින් සාධනීය ලෙස විසඳනවා දැකීම ඔවුන් කිසිසේත් නොඉවසන බවය.

ඒ වෙන කිසිවක් නිසා නොව ‘හිගන්නාගේ තුවාලය’ මෙන් මෙම සයිටම් පවතින තාක් ආණ්ඩුවට එරෙහිව මහින්ද රාජපක්ෂ යළි ඔසවා තැබීමේ න්‍යාය පත්‍රයේ එක් පියවරක් හෝ ඒ හරහා ඉටුකර ගත හැකි හෙයිනි.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් මැදිහත්ව ඇති තවත් ප්‍රබල පාර්ශ්ව දෙකක් වන්නේ වෛරක්කාර දේශපාලනයක බල අරගලයක පැටලී සිටින ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි ඔවුන්ගේ ඊනියා ප්‍රකාශකයන් වශයෙන් නැතහොත් කසකරුවන් වශයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු තවත් ශිෂ්‍ය සංගම් කිහිපයක් ක්‍රියාත්මක වෙමින් සිටිති

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මෙම කල්ලිය ඉතා පැහැදිලිව ක්‍රියාත්මක වන්නේ තම පටු හා අන්තවාදී දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙනි. ඒ ගැන කිසිදු සැකයක් නැත. ලංකාවේ දේශපාලන පදනම තුළ මහා ඝංඨාරයක් සේ මාධ්‍ය හා සමාජ අවකාශයක් අත්පත් කොට ගෙන සිටින ( සියයට 04 ට අඩු ඡුන්ද පදනමක් ) ජනතා විමුක්ති පෙරමුණ සේම රට තුළ පෝස්ටර්වලින් හැරෙන්න කිසිදු ආකාරයක ජාතික ඡුන්ද පදනමක් නැති පෙරටුගාමීන් ද සයිටම් ආයතනය දඩමීමා කර ගෙන සිිටින්නේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වේගයෙන් අහෝසි වෙමින් පවතින තම දේශපාලන ශක්තිය රැුක ගැනීමට හා ඊනියා ධනවාදී විරෝධය සඳහා ම පමණකි

එනිසා මෙම පාර්ශ්වයන් සයිටම් ආයතනය පමණක් නොව මේ රටේ කිසිදු ගැටලුවක් තිරසරව විසඳනවාට කැමැති වෙතැයි අප නොසිතිය යුතුය. මන්ද හිගන්නාට සිගමන් ලැබීමට වණය තිබිය යුතු සේම, මෙම පක්ෂ දෙකට දේශපාලනයේ නිරත වීමට තමන් තවමත් සිටින බවට රටට කියා පෑමට රටපුරා පෝස්ටර් ගැසීමට තව තවත් ගැටලු හා සමාජ අර්බුද තිබිය යුතු හෙයිනි

මෙම ලිිිපියේ ඉහතින් ද සඳහන් වූ ආකාරයට මේ රටේ අති බහුතරයක් පොදුජනතාව සයිටම් ආයතනය හා සම්බන්ධ ගැටලුව දකිනුයේ තමන් මහත් විශ්වාසයක් හා බලාපොරොත්තුවක් ඇතිව බලයට පත් කළ ආණ්ඩුව බිද දැමීමට කොහෙන්දෝ පාත් වූ හෙණ ගෙඩියක් වශයෙනි මන්ද මේ රටේ අති බහුතරයක් ජනතාවට තම දරුවන් සයිටම් ආයතනයට දැමීමට වත්කමක් නැති තැනකි. ඒ නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඔවුන්ගේ සීමාවෙන් බොහෝ ඈත තිබෙන තැනකි. නෙවිල් ප්‍රනාන්දු රෝහල පවා මේ ජනතාවට අදාළ නැත. ආණ්ඩුවේ රෝහලෙන් හෝ ඒ දොස්තර මහතාගේම පෞද්ගලික ඩිස්පෙන්සරියෙන් බෙත්හේත් ටික ගන්නා ඔවුන්ට මේ අර්බුදය දැනෙන්නේ වෛද්‍යවරුන් වැඩවර්ජනය කළ දාට පමණකි. ඔවුන් මේ වර්ජන ‘සහගහන අපරාධ’ ලෙස දකින්නේ ඒ නිසාය.

එනිසා මෙම අහිංසක ජනතාවගේ එකම ප්‍රාර්ථනය වන්නේ දේශපාලන පාපන්දුවක් බවට පත්ව තම ජීවිත සමඟ සෙල්ලම් කරන මේ වැඩවර්ජනවලට වහාම තිත තැබිමය තමන් විසින් මහත් කැප කිරීමෙන් බලයට පත් කළ ආණ්ඩුව යහතින් පවතිනු දැකීමය

සයිටම් අර්බුදය ගැන මෙම ලියුම්කරු සමඟ වඩාත් අවංකව යැයි සැලකිය හැකි අදහසක් ( රහසක් ) ප්‍රකාශ කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබලයකු කියා සිටියේ ආණ්ඩුව කොතරම් සාධනීය විසදුම් ඉදිරිපත් කළ ද සමාජයේ නින්දාවට කොතරම් පත් වුවද තමන්ට ආපසු හැරීමට කිසිදු ආකාරයක හැකියාවක් නැති බවයි. ඒ මේ මොහොතේ ආණ්ඩුවේ විසඳුම හමුවේ වේවා ජනතා විරෝධය හමුවේ වේවා තමන් එක පියවරක් හෝ පසු පසට ගතහොත් තම සංමගය මේ දක්වා පවත්වා ගෙන ආ බලය හා හෙජමනික වටිනාකම යළි ගොඩගත නොහැකි ආකාරයෙන් බිද වැටෙන බවයි. එය අද පමණක් නොව අනාගතයේ දී පවා වෛද්‍යවරුන්ට පොදුවේත් තම සංගමයට සුවිශේෂවත් ඍණාත්මක බලපෑමක් කරන බවයි.

‘අපි ඉන්නේ ගෙදර ගියොත් අඹ නසී මඟ හිටියොත් තෝ නසී’ කියන තැන මේක මරාගෙන මැරෙන සටනක් බවට පත් වෙලා මේකට අපි හැමෝම වග කියන්න ඕනෑ. අපි වෛද්‍යවරු විදිහට හැමදෙයක්ම දිනාගත්තේ වැඩවර්ජනවලින් ඒ බලය නැති වුණොත් අපි නිකංම නිකං දොස්තරල.

මේ කතාව අපට සිතීමට බොහෝ දේ ඉතිරි කරන අතර සැඟවුණු අනතුරක් ද සමාජය හමුවේ තබයි ඒ ‘මස් රාත්තලම දිනාගෙන මිස මේ ෂයිලොක්ලා නොහැරෙන බවයි ප්‍රභාකරන් සේ අහිංසක ජනතාව මිනිස් පළිහක් සේ තබා ගෙන මරාගෙන මැරෙන සටනකට වුව සූදානම් බවයි

ඉතිං සමාජයක් ලෙෂ යහපාලන ආණ්ඩුව බලයට පත් කළ ලක්ෂ 62 ක ජනතාවක් ලෙස අප හමුවේ පවතින විසදුම වන්නේ කුමක්ද ? මහත්වරුනි වෛද්‍යවරුන්ගේ සංගමය මේ තර්ජනය කරමින් වනන්නේ බරවා කකුලක් බව ඔප්පු කර පෙන්වමුද ?

භාතිය බරුකන්ද 

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *