සිියවසරකට පෙර සිදු වූ ඔක්තෝබර් විප්ලවය හා කලාව – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

ඔක්තෝබර් ව්ප්ලවය වනාහී පවත්නා තත්වයන් විවරණය පමණක් නොව ඒවා වෙනස් කිරීම ද අරමුණු කොට ගත් දේශපාලන දර්ශනයක් වන මාක්ස්වාදය ක‍්‍රියාවට නැංවිමේ ව්‍යායාමයක් විය. ඉතා සංක්‍ෂිප්තව කිවහොත් 1917 දී එනම් මින් සිය වසරකට පෙර සිදු කරන ලද මෙම විප්ලවයෙන් අපේක්ෂා කරන ලද්දේ රුසියාවේ ඒ වන විට පැවති ආර්ථික, දේශපාලන හා සමාජ තත්වයන් වෙනස් කොට වැඩකරන ජනතාවගේ පාලනය යටතේ පවතින රජයක් බිහි කිරීමය. මෙම විප්ලවයට පක්ෂ මෙන්ම විපක්ෂ සමාජ විද්‍යාඥයන් මෙන්ම, දේශපාලන විද්‍යාඥයන් ද පිළිගන්නා අන්දමට එබඳු විප්ලවයක් සිදු කිරීමට අවශ්‍යයයි  කාල් මාක්ස් විසින් අපේක්ෂා කරන ලද සමස්ත පරිසරය 1917 වන විට රුසියාව තුළ බිහි වී නොතිබිණි. එසේ වුව ද ඔක්තෝබර් විප්ලවය යනු අහඹු සිදුවීමක් හෝ පුද්ගලයින් කීපදෙනෙකුගේ අභිප‍්‍රාය අනුව සිදු කරන ලද්දක් නොව සමකාලීන රුසියානු ජනතාවගේ අභිමතය, අධිෂ්ඨානය හා කැප වීම ද මගින් සිදු කරන ලද ක‍්‍රියාවක් බව ඉතිහාසය පෙන්වා දෙයි. මේ වන විට මෙම විප්ලවයට සියවසක් ගත වී තිබීම මෙන්ම එය විසින් බිහිකරන ලද ”සමාජවාදී” යනුවෙන් හඳුන්වන ලද රජයන් 1989 දී බිඳ වැටී මේ  වන විට වසර 26ක් ගත වී තිබීම ද නිසා මෙම සමස්ත ක‍්‍රියාවලිය පිළිබඳව භාවාත්මක නොවන විචාරශීලී ප‍්‍රවේශයකින් විමසා බැලීම වැදගත් වේ. මෙම ලිපියේ අරමුණ වන්නේ 1917 දී සිදු වූ විප්ලවය හා එමගින් බිහිකරන ලද ”සමාජවාදී” රජය හා කලාව අතර පැවති අන්‍යොන්‍ය සම්බන්ධය මෙන්ම එයින් ජනිත වි ඇති ප‍්‍රතිඵල පිළිබඳ විමර්ශනයක යෙදීම පමණය. එහි ආර්ථික, දේශපාලන මෙන්ම සමාජයීය අංශයන් පිළිබඳව ද ජාත්‍යන්තර මෙන්ම දේශීය ප‍්‍රවේශයකින් මෙතෙක් සිදු කොට ඇති විමර්ශනයන්ගෙන් කිසි සේත් සෑහීමකට පත් විය නොහැකි අතර ඒ අංශයන්හි විශේෂඥයින් විසින් මේ කාර්යය දැනට වඩා ගැඹුරු ආකාරයකින් සිදු කරනු ලැබිය යුතු බවද මෙහි දී අවධාරණය කළ යුතුව ඇත. විශේෂයෙන්ම ජාත්‍යන්තර වාමාංශික ව්‍යාපාරය මෙන්ම ලංකාව වැනි රටවල කොමියුනිස්ට් පක්ෂයන් ද මේ පිළිබඳව දැනට වඩා අවධානය යොමු කළ යුතුව ඇත.
ඔක්තෝබර් විප්ලවයට පෙර දශක දෙකක පමණ අවධියේ සිට  විප්ලවයට පසු දශක දෙකක පමණ කාලය සමස්ත ලෝකයේම කලා ක්ෂේත‍්‍රය ප‍්‍රායෝගික වශයෙන් මෙන්ම න්‍යායාත්මක වශයෙන් ද එක්තරා ආකාරයක කැළඹීමකට පත් වූ අවස්ථාවක් ලෙස හැඳින්වීම නිවරදය. සාහිත්‍යකලා ක්ෂේත‍්‍රයන්හි මෙන්ම, චිත‍්‍ර හා මූර්ති ක්ෂේත‍්‍රයන්හි ද නව අත්හදාබැලීම් සිදු වූ අතර සෞන්දර්ය විද්‍යා ක්ෂේත‍්‍රයෙහි ද නව මතවාද බිහි වනු දැකිය හැකි විය. මේ වන විට යුරෝපයේ ව්‍යාප්තව පැවති ධනවාදී ආර්ථික ක‍්‍රමය මින් පෙර නොවූ විරූ පුද්ගලවාදයකට මෙන්ම නිදහස් චින්තනයකට ද මං පාදා තිබිණි. එමෙන්ම නවීන විද්‍යාවේ නව සොයා ගැනීම් තුළින් ඇති වූ තාක්ෂණික වර්ධනයන් ද කලාව කෙරෙහි බලපෑම් ඇති කරමින් තිබිණි. විශේෂයෙන්ම සිනමාව වැනි නව මාධ්‍යයක බිහි වීම විශේෂයෙන්ම නාට්‍ය කලාව කෙරහිත්  එසේම සාහිත්‍යයේ දී භාවිත වූ ශිල්පීය උපක‍්‍රම කෙරෙහි ද බලපෑම් ඇති කළේය. එසේම 19 වන සියවසෙහි  චාල්ස් ඩාර්වින් විසින් ඉදිරිපත් කරන ලද පරිණාමවාදය පිළිබඳ අදහස්, මාක්ස්වාදය මෙන්ම සිග්මන්ඞ් ෆ්‍රොයිඞ්ගේ මනෝවිද්‍යාව පිළිබඳ අදහස් බුද්ධිමය ක්ෂේත‍්‍රයේ නව රැුල්ලක් මතු කිරීමට හේතු සාධක විය. ඇත්ත වශයෙන්ම 1917 ඔක්තෝබර් විප්ලවය වැනි සමස්ත මිනිස් ඉතිහාසය නව මගකට යොමු කළ ප‍්‍රපංචයන් ද මෙවැනි භෞතික මෙන්ම මතවාදාත්මකම වර්ධනයන්හි ඉදිරි ගමනේ සන්ධිස්ථාන විය.
කාල් මාක්ස් විසින් ප‍්‍රධාන අවධානය යොමු කරන ලද්දේ තමා ජීවත් වූ අවධියේ පැවති ධනවාදය පිළිබඳ විග‍්‍රහයක් කිරීම කෙරෙහි හා එය වඩා සාධාරණ සමාජයක් කරා පරිවර්තනය කළ යුතු බව පෙන්වා  දීමටය. පැවති ධනවාදී සමාජය බිඳ දමා නව සමාජක‍්‍රමයක් ගොඩ නැගීම පිළිබඳ කාර්යය 1917 විප්ලවයට නායකත්වය දුන් බෝල්ෂේවික් පක්ෂය හා එහි නායකයින් ඉදිරියේ වූ අභියෝගය විය. මෙය වඩාත් සංකීර්ණ කාර්යයක් වූයේ ඒ වන විට ධනපතික‍්‍රමයට එරෙහි නව සමාජක‍්‍රමයක් බිහි කිරීමට අවශ්‍ය පරිසරය රුසියාවේ පරිපාකයට පත් වී නොතිබීමය. එබැවින් නව නායකත්වයට සියල්ල මුල සිට අත්හදා බැලීමට සිදු විය. ඒ අතරම රට අභ්‍යන්තරයෙන් හා ජාත්‍යන්තර ධනේශ්වර ක‍්‍රමයෙන් එල්ල වූ තර්ජනයන්ට  මුහුණ දී ඒවා ජය ගැනීමට ද නව නායකත්වයට සිදු විය. එපමණක් නොව අලූතින් පිහිටුවා ගන්නා ලද සමාජවාදී සමාජයක් කෙරෙහි අපේක්ෂා තබන සමාජය කලාව විෂයෙහි හැසිරිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ද තීරණ ගත යුතුව තිබිණි.
මේ ක්ෂේත‍්‍රය දෙස අවධානය යොමු කරන විට පශ්චාද් විප්ලවීය සෝව්යට් සමාජයේ මෙන්ම රාජ්‍යයේ ද ප‍්‍රතික‍්‍රියාවන්හි ප‍්‍රධාන අවස්ථා දෙකක් නිරීක්ෂණය කළ හැකි වේ. එකක් 1917 විප්ලවය සිදු වූ අවස්ථාවේ සිට ප‍්‍රථම දශක දෙකක පමණ කාලයයි. දෙවැන්න 1930 ගණන්වල මුලභාගයේ සිට සමාජවාදී රාජ්‍ය පද්ධතියේ බිඳවැටීම දක්වා වන යුගයයි.
ඔක්තෝබර් විප්ලවය ප‍්‍රථමයෙන් රුසියාවත් පසුව සමස්ත සෝවියට් සමූහාණ්ඩුව තුළත් කලාව පිළිබඳ නව ප‍්‍රබෝධයක් ඇති කරන ලද බව කිව හැකිය. මෙම ප‍්‍රබෝධය සමහර ක්ෂේත‍්‍රයන්හි සමස්ත යුරෝපය පුරා ආරම්භ වී තිබූ වෙනසක් මල්පල හටගැනීමක් ලෙස ප‍්‍රකාශයට පැමිණියේය.  උදාහරණයක් ලෙස 19 වන සියවසේ අවසාන දශකයේදී පමණ යුරෝපයේ රටවල් කීපයකම ඇරඹී තිබූ පර්යේෂණාත්මක නාට්‍ය රැුල්ල ඉදිරියට ගෙනයාමට සෝවියට් කලාකරුවෝ ඉදිරියට පැමිණියහ. නළුවකු ලෙස නාට්‍ය කලාවට ප‍්‍රවිෂ්ඨව සිටි පසුව පර්යේෂණශීලී තරුණ අධ්‍යක්ෂවරුයෙකු වූ ව්සෙවලෝද් මයර්හෝල්ඞ් (1874-1940*, තරුණ කවියෙකු හා නාට්‍ය රචකයෙකු වූ ව්ලැදිමීර් මායාකොව්ස්කි (1893-1930*, තරුණ නාට්‍ය අධ්‍යක්ෂවරකෙු වූ අලෙක්සන්දර් යකොවියෙව් තයිරොව් (1885-1950*, නළුවකු මෙන්ම නාට්‍ය ුල්ත්අධ්‍යක්ෂවරයෙකු වූ යෙව්ගිනි වහ්තන්ගෝව් (1883-1922* හා පසුකාලීනව විශ්ව කීර්තියට පත් චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ සෙර්ගෙයි අයිසන්ස්ටයින් (1898-1948* මෙම තරුණ නාට්‍යකරුවන් අතර ප‍්‍රමුඛයෝ වූහ. ඔක්තොබර් විප්ලවය සිදු වූ 1917 වර්ෂය වන විට මේ සියලූ කලාකරුවෝ අවුරුදු 19-34 අතර වයස්වල තරුණයෝ වූහ. මෙම තරුණ නාට්‍යකරුවෝ විප්ලවයෙන් පසුව බිහි වූ නව සමාජ අවශ්‍යතාවන්ට අනුකූල ලෙස සිය නාට්‍ය දර්ශන එකම මොහොතක විශාල පේ‍්‍රක්ෂක පිරිසකට දැක ගැනීමට හැකි ක‍්‍රමයන් අත්හදා බැලූහ. එහි දී ඔවුහු විශේෂයෙන් ජපානයේ නාට්‍ය කලාවෙන් ආදර්ශයක් ලබා ගැනීමට තැත් කළහ. මෙසේ පළමුවෙන් නාට්‍ය කලාව සඳහා යොදා ගන්නා ලද සමෝධාන හෙවත් පදබඒටැ ක‍්‍රමය පසුව අයිසන්ස්ටයින් විසින් සිනමාව සඳහා ද උපයොගී කොට ගනු ලැබ විශ්ව කීර්තියට පත් විය. එමෙන්ම 20 වන සියවසේ ලෝක නාට්‍ය කලාවේ සිදු කරන ලද පර්යේෂණයන්ට හා එම පර්යේෂණ නිසා බිහි වූ නව නාට්‍ය කලාවේ වර්ධනයට හේතුසාධක විය. 20 වන සියවසේ වැදගත්ම නාට්‍යකරුවා ලෙස බොහෝ දෙනෙකු විසින් අගයනු ලබන බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ද මුල්කාලීන සෝව්යට් නාට්‍යකරුවන්ගෙන් ආදර්ශය ලැබූවකු විය.
එසේ වුව ද 1930 ගණන්වල මැදභාගය වන විට පශ්චාද් විප්ලවීය සෝවියට් දේශයේ සමස්ත වශයෙන් කලාවට හානිකර වූ ප‍්‍රවණතාවක් බිහි විය. නිර්ධන පංතිය විසින් නිර්ධන පංතිය සඳහාම නිපදවා ගනු ලබන සංස්කෘතියක් සඳහා සටන් කළ ‘ප්‍රොලෙත්කුල්ත්’ හෙවත් නිර්ධන පංති සංස්කෘතික ව්‍යාපාරය නමින් ව්‍යාපාරයක් සෝවියට් දේශයේ ඇරඹුණු අතර ලෙනින්ගේ මරණයෙන් පසු හා ට්‍රොට්ස්කි රටින් පිටුවහල් කරනු ලැබිමෙන් පසුව ”සමාජවාදී යථාර්ථවාදය” නමින් නිල සෞන්දර්යවාදයක් ප‍්‍රතිෂ්ඨාපනය කරනු ලැබිණි. එක් අතකින් මෙම ප‍්‍රවණතාව විප්ලවයෙන් පසුව සෝවියට් දේශය තුළ ඇති වූ කලා ප‍්‍රබෝධය අඩපණ කිරීමට හේතු වූ අතර සෝවියට් දේශයේ කලා මාධ්‍යයන්ට පහරදීම සඳහා ධනේශ්වර ලෝකයට අවියක් නිපදවා දීමක් ද  විය. සමාජවාදී යථාර්ථවාදය නමින් ක‍්‍රියාත්මක වූ ක‍්‍රමවේදය පරමාදර්ශී වීරයන් හා දුෂ්ට සතුරන් මැවීමට අනුබල දෙන යථාර්ථවාදයට වඩා අද්භුතවාදයට හෙවත් රොමෑන්ටික්වාදයට ආසන්න වූවක් විය. එසේ වුව ද මෙබඳ සීමාවන් යටතේ වුව ද මක්සිම් ගෝර්කි, ෆ්යොදෝර් ග්ලැඞ්කොව්, මිහයිල් සොලොහොෆ් වැනි නවකතාකරුවන්  බිහි කැරිමට පශ්චාද් විප්ලවීය සෝවියට්සමාජය සමත් විය. එසේම සොල්සෙනිට්සින් වැනි ලේඛකයන්ගේ කෘතීන් සමාජවාදී යථාර්ථවාදීන් විසින් තහනම් කරනු ලැබ බටහිර ලෝකයේ සමාජවාදී වයාපාරයට විරුද්ධ ආයුධ බවට පත් විය. එසේම අන්ද්‍රෙයි තර්කොව්ස්කි හා අන්ද්‍රෙයි කොන්චලොව්ස්කි වැනි නිර්මාණාත්මක හැකියාවක් ඇති සිනමා අධ්‍යක්ෂවරුනට සෝවියට් පලනය යටතේ රට හැරයාමට සිදු විය. එසේ රට හැර ගියවුන් අතර සුප‍්‍රකට මුද්‍රා නාට්‍යකරුවන් ද විය.
එපමණක් නොව සෝවියට් දේශයේ බිහි වූ සමාජවාදි යථාර්ථවාදය එරටින් පිට ද සාහිත්‍යකලා ආදිය කෙරෙහි විශාල බලපෑමක් සිදු කොට ඇත. එක් අතකින් චීනයේ සංස්කෘතික විප්ලවය ද  සොවියට් දේශයේ බිහි වූ ප්‍රොලෙත්කුල්ත් ව්‍යාපාරය වැනි මාක්ස්වාදය විකෘත කිරිමේ ප‍්‍රතිපල ලෙස බිහිවූවකි.
මේ අනුව බලන කල ඔක්තෝබර් විප්ලවයෙන් පසු එහි ප‍්‍රතිඵල ලෙස කලා ක්ෂේත‍්‍රයේ ප‍්‍රතික‍්‍රියා ඉතා සංකීර්ණ වන අතර මේ සමස්ත ක‍්‍රියාදාමය පිළිබඳ ගැඹුරු පර්යේෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍ය කාර්යයක් බවට පත්ව ඇත.
1859 දී ෆර්ඩිනන්ඞ් ලසාල්ගේ ”ෆ‍්‍රාන්ට්ස් ෆොන් සිකිංගන්” නමැති නාට්‍ය කෘතිය පිළිබඳව නිරීක්ෂණයක් කළ කාල් මාක්ස්ගේ ප‍්‍රධාන ප‍්‍රධාන ව්වේචනය වුයේ  කතුවරයා සිය නාට්‍යයේ චරිත නිර්මාණයේ දී ෂේක්ස්පියකරණයක් :ීය්නැිචැ්රසිසැරුබ* වෙනුවට ෂිලර්කරණයක් :ීයසකකැරබ* භාවිත කොට තිබීමය. රාජාණ්ඩුවකට එරෙහිව සටන් කළ ප‍්‍රභූවරයෙකුගේ චරිතය නාට්‍යයට විෂය කොට ගැනීම අගය කළ හෙතෙම එය ෂිලර්ගේ ක‍්‍රමය අනුව පරමාදර්ශී තත්වයකට පත් නොකොට ශෙක්ස්පියර් ක‍්‍රමය අනුව යමින් එම චරිතය දෙස හැම පැතිකඩකින්ම නිරීක්ෂණය කිරීමේ හැකියාවේ ඇති සාධනීය බව අවධාරණය කළේය. 1934 දි සෝවියට් රජයේ නිල කලා නිර්ණායකය බවට පත් වූ ”සමාජවාදී යථාර්ථවාදය” කලාව ෂිලර්කරණය කිරිමක් විනා මාක්ස්වාදීකරණයක් නොවීය. මේ සාවද්‍ය සෞන්දර්යවිද්‍යාව හා ඒ මත පදනම් වූ නිලධාරීවාදී කලා විචාරය සමස්ත සමාජවාදි ව්‍යාපාරයටම සිදු කරන ලද්දේ බලවත් හානියකි. මේ තත්වය අවබෝධ කොට ගැනීම බලයේ සිටින මෙන්ම බලයේ නොසිටිමින් සියලූ ප‍්‍රගතිශීලීන් ඒකරාශී කොට ගැනීම අරමුණු කොට ගත් පක්ෂයකට වුව ද බලවත් හානියක් බව ඔක්තෝබර් විප්ලවයේ අත්දැකීමෙන් අද උගත යුතු පාඩමය.

සැකසුම – මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *