මහින්දට තියෙන ආරක්ෂාවම චන්ද්‍රිකාත් ඉල්ලයි

හිටපු ජනාධිපතිවරයාට ලැබිය යුතු ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් තමාට ද හිමිවිය යුතු බව හිටපු ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරන්නීය. තමා 2005 වසරේදී ජනාධිපතිධුරයෙන් විශ්‍රාම ගිය ද එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් තර්ජන තිබුණු බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන හිටපු ජනාධිපතිනිය අදටත් තමාට සිටින්නේ ආරක්ෂක භටයන් 40 දෙනකු යැයි ද සඳහන් කර තිබේ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වෙයි.  “හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් මා නිරන්තර අවධානයෙන් පසුවූවා. හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ එකම ආකාරයකින් බව මහින්ද රාජපක්ෂ මහතාට සිහිපත් කළ යුතුය. එම නිසා ඔහුත් මාත් අතරේ වෙනසක් නැහැ. දෙදෙනාටම ලැබිය යුත්තේ එකම ආරක්ෂාවක්. ශ්‍රී ලංකා රජයේ හමුදාවත් එල්.ටී.ටී.ඊ සංවිධානයත් අතර සිවිල් යුද්ධය පවතින අවස්ථාවක මම 2005 වසරේදී ජනාධිපතිධුරයෙන් සමුගත්තා. යාපනය එල්.ටී.ටී.ඊ සංවිධානයේ ග්‍රහණයෙන් මුදා ගැනීමටත් එල්.ටී.ටී.ඊ සංවිධානය කිලිනොච්චිය හා මුලතිව්වල කුඩා ප්‍රදේශවලට සීමා කිරීමටත් නායකත්වය දුන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ප්‍රමුණ ආණ්ඩුව බව සඳහන් කරමින් මගේ විශ්‍රාම ගැනීමෙන් පසු එල්.ටී.ටී.ඊ සංවිධානය මට මරණ තර්ජන එල්ල කළා. මගේ විශ්‍රාම යෑමෙන් පසුව මගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලයේ විශේෂ කමිටුව අධ්‍යයනයක් සිදු කළා. එහිදි අවශ්‍ය ආයුද සහ වාහන ද ඇතුළුව ආරක්ෂක භටයන් 300ක් දිය යුතු බව මෙම විශේෂ කමිටුව යෝජනා කළා. මා එම යෝජනාව ප්‍රතික්ෂේප කළා. රාජ්‍ය වියදම් අඩු කිරීමේ මාගේ සාමාන්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කරමින් ආරක්ෂක භටයන් 300ක් අවශ්‍ය නැති බවත් ආරක්ෂක වාහන ද සහිතව  වාහන දහයක් සහ ආරක්ෂක භටයන් 150ක් ප්‍රමාණවත් බව මා දන්වා සිටියා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *