අනුර, වේදිකාවෙන් මහපොළවට බහින්න -අනුර සූරියබණ්ඩාර

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බී.ආර්.සී පිටියේ මැයි රැුළිය අමතමින් ප‍්‍රකාශ කළේ , සුද්දා රට දාල ගියදා පටන් එක්සත් ජාතික පක්ෂයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් රටේ අභිමානයත් පෞඩත්වයත් නැතිකොට දුප්පත්, නිහීන, හි`ගාකන රටක් බවට පත්කළ බවයි. ති‍්‍රකුණාමල තෙල් ටැංකි විකුණන්නට යන බවයි. අධ්‍යාපනයට වෙන්කර ඇත්තේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියට එකයි දශම අටක් බවයි. ආසියාවේ අඩුවෙන්ම සෞඛ්‍යයට වෙන්කර ඇති රට ලංකාව බවයි.
ඔහුගේ කතාව මුලූමනින්ම ඇත්තකි. එහෙත් අධ්‍යාපනයට, සෞඛ්‍යයට වෙන්කරන මුදල අනුර කුමාර සමීක්ෂණයකින් හෙළිකර ගත්තා නොව ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන වලින්ම උපුටා ගත් දේය. එහි අරුත වන්නේ, අධ්‍යාපනයට, සෞඛ්‍යයට වෙන් කරන මුදල අඩු බව ආණ්ඩුවද දන්නා බවයි. කවර හෝ ආණ්ඩුවක් අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි මහජන සුබසාධනයට අදාළ අංශ වලට වැඩිපුර මුදල් වැයකළ හැකිනම් වෙන්නොකර සිටිනු ඇතැයි සිතිය නොහැකිය. හේතුව සුබසාධනය පුලූල් කිරීමෙන් ආණ්ඩුවකට ජනපි‍්‍රය වියහැකි බැවිනි. එමගින් ආණ්ඩුවේ පැවැත්ම ස්ථාවර කරගත හැකි බැවිනි.
ආණ්ඩු සුබසාධන වියදම් අඩුකරන හේතුව හිගකමයි. සුද්දා ගියපසු ආණ්ඩු රට ණය කළ බව ජවිපෙ නායකයා පවසයි. එය බොරුවක් නොවේ. නිදහසින්පසුව රට පාලනය කළ ආණ්ඩු ඊට වගකිවයුතු බවද ඇත්තකි.
රට විනාශ කළේ යැයි ආණ්ඩු වලට එනම් එජාපයට හා ශ‍්‍රීලනීපයටම දොස් කියන වමට අතසෝදාගත හැකිද යන්න ප‍්‍රශ්නයකි. පළමු හේතුව ඔය කියන වම්මුද යම් යම් ආකාරයෙන් ආණ්ඩු කරවීමට සම්බන්ධ වූ බැවිනි. ල.ස.ස.ප කො.ප මෙන්ම ජ.වි.පෙ ද ශ‍්‍රීලනීප සම`ග එක්වී පාලනය කිරීමට එක්විය. ඇමතිකම් දැරුවේය. එසේනම් ආණ්ඩුවල වැරදි වලින් කොටසක් වමද බාරගත යුතුය.
අනෙක්පසින් ගත්කල සුද්දා යන විට කාර්යක්ෂම ලාබදායී ආයතනයක්ව තිබූ වරාය වැටුණේ වමේ මූලිකත්වයෙන් කෙරුණු වැඩවර්ජන නිසාය. තුල්හිරිය, පූගොඩ වැනි පෙහෙකම්හල් ආණ්ඩුවෙන් ගිලිහී පෞද්ගලික අංශයට පැවරුනේ අසූගණන් වල වැඩවර්ජනයෙන් පසුවය. එය ඇත්තනම් ඒ ගැන වමේ ව්‍යාපාරය ස්වයං විවේචනයක් කළයුතුව තිබීමයි. එහෙත් ආණ්ඩු වලටම බණිනු හැර එවැන්නක් සිදුවන්නේ නැත.
විවේචනය වරදක් නැත, එයින් අඩුපාඩු සකසාගත හැකි බැවිනි. විවේචනය වෙනුවට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නම් ඊටත් වඩා හොඳය. ප‍්‍රායෝගිකව එය ක‍්‍රියාවට නැංවිය හැකි බැවිනි. නමුත් අනුර කුමාරලා වැඩ පිළිවෙළවල් යෝජනා නොකරති. විවේචනයම පමණි.
නිදසුනක් වශයෙන් ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි විකුණන බවට අනුර කුමාර වේදිකාවේ හඩනගයි. තෙල් ටැංකි එතන තිබුණේ දෙවන ලෝක යුද්ධ සමයේ පටන්ය. මෙතෙක් කිසිම ආණ්ඩුවක් ඒවායින් නිසි ප‍්‍රයෝජන ලබාගත්තේ නැත. ප‍්‍රයෝජන ගනු කෙසේවෙතත් එවැනි තෙල් ටැංකි සංඛ්‍යාවක් ත‍්‍රිකුණාමලයේ ඇති බව මතක් වූයේ පවා ඉදහිටය. පරිවාස ආණ්ඩුවේ සිටි කාලයේවත් ජ.වි.පෙ ඒ තෙල් ටැංකි සඳහා ප‍්‍රයෝජනවත් වැඩසටහනක්, යෝජනාවක් ඉදිරිපත්කළේ නැත. අද පවා විකිණීමට එරෙහිව ( විකිණීම යන වචනය ආණ්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ* උද්ඝෝෂණ කරනු විනා ඛනිජ තෙල් සංස්ථාව යටතේ තබා ගනිමින් තෙල් ටැංකි රටට ප‍්‍රයෝජනවත් ලෙස සංවර්ධනය කරන ආකාරයක් පෙන්වා දෙන්නේ නැත.
ප‍්‍රකාශවන කරුණු අනුව පැරණි තෙල් ටැංකි අලූත්වැඩියා කිරීම මිලියන ගණනන් වැයවන කටයුත්තකි. වෙළදාම සඳහා ඒවාට ඉන්ධන රැුස් කරන්නේ නම් ඊටද මිලියන වලින්ම මුදල්වෙන් කළ යුතුය. හෙජින් ගිවිසුමෙන්ද කරවටක් එරීසිටින ඛනිජතෙල් සංස්ථාව එතරම් මුදලක් වෙන් කරන්නේ කෙසේද? වෘත්තීය සමිති එය පෙන්වාදිය යුතුය.
ජ.වි.පෙ සුන්දර කතා කිරීමට දක්ෂයි. එහෙත් වැඩකටයුතු කිරීමේදී දක්ෂ නැත. පසුගියදා දිනමිණ පුවත්පත සම`ග සාකච්ඡුාවකදී පුවත්පත් කලාවේදියෙකු අනුර කුමාර මහතාගෙන් ,චීනයට හෝ වෙනත් ආයෝජකයෙකුට නොපවරා ජ.වි.පෙ ආණ්ඩුවක් යටතේ හම්බන්තොට වරාය සංවර්ධනය කරන ආකාරය විමසා තිබුණි. එහිදී ඔහු කරතිබුණේ ඍඡුුව පිළිතුරු දීම වෙනුවට ඒ මේ දේ පවසා ලිස්සා යාමයි.
කතාවට දක්ෂ නමුත් වැඩට දක්ෂ නැති බව ජ.වි.පෙ ඔප්පු කළ අවස්ථා දෙකක් උපුටා දක්වන්නට පුලූවන.
(අ* චන්ද්‍රිකා ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යංශය බාරව ජ.වි.පෙ කටයුතු කාලය
(ආ* අධ්‍යාපන සේවක ණය දෙන සමිතියට ජ.වි.පෙ කළ හානිය.

කෘෂිකර්ම අමාත්‍යංශය මෙහෙයවමින් ජ.වි.පෙ රටපුරා කිරි ගම්මාන රැුසක් ඇති කළේය. බැලූ බැල්මට එය ඉතා ප‍්‍රගතිශීලී, දේශහිතෛශී දැවැන්ත කටයුත්තකි. එහිදී කිරි ගොවියාට ගවමඩු තනාගැනීම සඳහා ආධාර ලබාදෙන ලදී. ගොවියෝද මහත් සතුටින් ආධාර ගත්හ. ගවමඩුත් තැනූහ. ප‍්‍රායෝගික ගැටලූව මතුවූයේ ඉන් පසුවය.
ගමේ කිරි ගොවියා යනු එළදෙනක් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් ඇතිකරගෙන, ගොවිතැනක්, කුලියක් හෝ වෙනත් රැුකියාවක යෙදෙමින් යැපෙන තැනැත්තෙකි. ඔහු උදයට කිරි රැුගෙන ගවයා ගෙවත්තේ හෝ අල්ලපු වත්තේ ගසක ගැටගසයි. ගවයා අවට උලාකා කුස පුරවාගනී. දහවලට වෙනත් ගසකට ගවයා මාරුකෙරේ. හවසට වැවට හෝ ඇළට හෝ ගෙනගොස් වතුර පොවා නහවා ගේ අසල ගසක බැඳගනී. උදයට නැවත කිරි දොවාගනී. මේ ක‍්‍රමයේදී ගවයාගෙන් ලබාගතහැකි කිරි ප‍්‍රමාණය අඩුය. හේතුව ගවයා ඇවිදීම වැනිදේට ශක්තිය වැය කිරීමයි.
ගවමඩුවේ ගවයා ඇතිකරන කළ ශක්තිය වැය නොකරයි. එහෙයින් ලබාගත හැකි කිරි ප‍්‍රමාණය වැඩිවේ. ජ.වි.පෙ ගොවියාට ගවමඩු තනාදුන්නේ කිරි අස්වැන්න වැඩිකර ගොවියා න`ගාසිටුවීමේ යහපත් , පවිත‍්‍ර චේතනාවෙනි. එහෙත් මඩුවේදී ගවයාට තණ කපා ළ`ගට දියයුතුය. වතුර ළ`ගට දියයුතුය. ඒ සඳහා වැඩි කාලයක් වැය කළ විට ගොවියාට අමතර වැඩක යෙදෙන්නට කාලයක් නැත. වෙනත් රැුකියාවක් නොකර යැපීමට තරම් ආදායමක් සුලූපරිමාණ ගවපාලනයෙන් ගොවියාට ලැබෙන්නේද නැත. අවසානයේ කිරි ගොවියා සුපුරුදුපරිදි ගවයා ගස්වල ගැටගසන්නටම පටන්ගත් අතර, දර අහුරා තබා ගැනීම වැනි දේට ගෙවිළිය ආණ්ඩුවෙන් දුන් ගවමඩුව ප‍්‍රයෝජනයට ගන්නට පටන්ගත්තාය. ජ.වි.පෙ ගවමඩු විප්ලවය දරමඩුවෙන් කෙළවර වූයේ ඒ අයුරිනි.
ගුරු සමූපකාරයේ බලය ලබාගත් ජ.වි.පෙ කළේ පොළී අනුපාතය අඩුකර, ණය සීමාව ඉහළ දැමීමයි. අඩු පොළියට වැඩි ණය මුදලක් ලබාදෙන විට නොගන්නෝ කවරහුද, හැකි සැවොම වහවහා ණය ලබාගත්හ. මුදල් විශාල වශයෙන් පිටතට ගිය නමුත් පොළිය වශයෙන් ලැබෙන්නේ අඩු මුදලකි. ප‍්‍රතිපලය වූයේ මුදල් සංචිතය පහළ යාමයි. දැන් ණය ඉල්ලූම්කරුවන්ගේ දිගු පෝලිමක් ඇති නමුත් ණය ලබාදීමට බැංකුවේ මුදල් නැත.
මනෝරාජික සමාජවාදය යනුවෙන් වචනයක් තිබේ. පැරිස් කොමියුනය බි`දවැටීමට හේතුවද මනෝරාජික සමාජවාදය බව අපට ඉගැන්වූයේ රෝහණ විජේවීර , ලයනල් බෝපගේ , උපතිස්ස ගමනායක උන් සමයේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. අනුර කුමාර, ටිල්වින්, ලාල්කාන්තලාගේ ජ.වි.පෙ ඒ පැරණි අදහස් පිළිගන්නවාද නැද්දැයි අප දන්නේ නැති නමුත් කිරි ගම්මාන වැඩසටහන, අධ්‍යාපන සේවක සණස වැනිදේ අපට පෙන්වන්නේ මනෝරාජික සංකල්ප හැටියටය.
තෙල් ටැංකි බේරාගැනීම, හම්බන්තොට බේරාගැනීම, සයිටම් බේරාගැනීම වැනි කටයුතුත් ජ.වි.පෙ කරන්නට සැරසෙන්නේ ඉහතකී මනෝරාජික ආකාරයටමද යන ගැටලූව අපට තිබේ.
එහෙයින්, එකී ප‍්‍රශ්න වලට ජ.වි.පෙ සපයන විසදුම එනම්, විදෙස් ආයෝජකයන් සම්බන්ධ කර නොගෙන තෙල් ටැංකි සංවර්ධනයට ප‍්‍රාග්ධනය සපයාගන්නා ආකාරය. හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා වන ජ.වි.පෙ වැඩපිළිවෙළ. සයිටම් රජයට පවරාගෙන සංවර්ධනය කරන ආකාරය විදේශ ණය සහ පොළී ගෙවන අතර අධ්‍යාපනය, සෞඛ්‍යය වෙනත් සුබසාධන කටයුතු සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් සපයා ගන්නා ආකාරය ආදිය නොපමාව සහ විස්තරාත්මකව ජනතාවට පැහැදිලි කළ යුතුය. එවිට එක්කෝ පවතින ආණ්ඩුවට ඒ පිළිවෙත අනුව යමින් ඉහතකී ගැටලූ නිරාකරණය කළ හැකිවනු ඇත. නැතහොත් ඒ ක‍්‍රියාදාමය අනුගමනය කරන ලෙස සිවිල් සංවිධාන සහ ජනතාව ආණ්ඩුවට බලකරනු ඇත. එසේත් නැතහොත් 2020 මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩු බලය ලබාදීමට ජනතාව කටයුතු කරනු ඇත.
එවැනි වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකරන්නේ නම් හෝ එවැන්නක් ජ.වි.පෙ විසින් මෙතෙක් සකස් කර නැතිනම් ‘‘ බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ ’’ ආකාරයෙන් හැසිරීම නවතා ආණ්ඩුවට ඔවුන්ගේ කටයුත්ත කරගෙනයාමට ඉඩදී පැත්තකට වියයුතුය.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *