වෛද්‍යවරු ගැන කතා තුනක් – භාතිය බරුකන්ද

මේ ලිපිය ලියන්න කියලා හිතාගෙන හිටියේ ඊයේ. ඒ රජයේ වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය දවසේ (මැයි 05* මේ ලිපිය පළ කරන්න හිතාගෙන. ඒත් අවිවේකී බව නිසා ඒක දවසකට කල් ගියා. ඒ කියන්නේ මේ ලිපිය ලියන්නේ රජයේ වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය සිදුවන අද දවල් එකට විතර.
මේ අතරේ රංජන් රාමනායක මහතාගේ මුහුණුපොත බලන්න කියලා මාධ්‍ය මිතුරක් කිවුවා. වැඩ රාජකාරී මැද්දේ බොහොම අමාරුවෙන් රංජන්ගේ මුහුණුපොතට එඹුනා. මොකද රංජන් කියන්නේ අමුතුම චරිතයක් නේ. මේ හාදයා අද මොන අඩව්වක් අල්ලලද කියලා දැන ගන්නයි ඒක කළේ.
හරි මං හිතුවා වාගේම රංජන් අමුතුම තාලේ ගේමක් ගහලා. ඒ කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මහ කෙරුමගේ රෙදි ගළවලා. පාදෙණිය මහත්තයා අද නවලෝකේ චැනලින් කරනවා. රංජන් ගේම ගහලා එපොයින්මන්ට් එකක් අරං. ඒකේ ලදුපත ෆෙස්බුක් එකට දාලා. ඔන්න පාදෙනියලාගේ වැඩ. රුපියල් 1900 කට වැඩි ගෙවන්න පුළුවන්, කොළඹ නවලෝකෙට එන්න පුළුවන් සල්ලිකාරයින්ට පාදෙනියලා වැඩ. සල්ලි නැති දුප්පත් ගොවි කම්කරුවෝ, විශ‍්‍රාමිකයෝ, ගෘහණියෝ අද බෙහෙත් පෙත්තක් නැතිව වේලෙන්න  ඕනෑ.
මේ වැඬේ කරන්නේ පාදෙනිය විතරක් නෙමේ. හැම වෛද්‍යවරයෙක්ම මේ පාපතර වැඬේ කරනවා. මේ රටේ බදු ගෙවන දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් වෛද්‍ය උපාධිය අරගෙන, ඒ දුප්පත් මිනිස්සුන්ටම ප‍්‍රතිකාර කරන්න රජයේම රෝහල්වලට පත්වීම් ගන්න මේ දොස්තර මහත්තරු ඉර බහින්න කලියෙන් තමන්ගේ ඩිස්පෙන්සරියට රිංගනවා. හරියට වවුල්ලූ වාගේ. ඊට පස්සේ ආයෙත් පාරක් ගෙමේ ගොඬේ අහිංසක රෝගීන්ගේ ජීවිත හප කරනවා. දුප්පත් රෝගීන්ගේ ඉහමොළ අතගාලා හොයා ගත්ත සල්ලි මල්ල අරං මහ ? එකට දෙකට වවුලෝ වාගේ ගෙදර එනවා.
මේ ලියුම්කරුට ළඟදී අඳුරගත්ත වෛද්‍යවරු කිහිප දෙනෙක් ඉන්නවා. එක් වෛද්‍යවරයෙක් සේවය කරන්නේ රත්නපුර පැත්තේ. ඉන්නේ කලූතර පැත්තේ. මේ වෛද්‍ය මිත‍්‍රයා වැඩට යන්න ගෙදරින් යන්නේ උදේ 7 ට විතර. බොහෝ විට 3 විතර වෙන කොට ගෙදර එනවා. ඊට පස්සේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ගිහින් ගෙදර එන්නේ ? 11-12 විතර. සතියේ දවස් හතම ගත වෙන්නේ මේ විදිහට.
මෙතනදී එන ප‍්‍රශ්නේ තමයි මගේ වෛද්‍ය මිත‍්‍රයාට පවුල් ජීවිතයක් තියෙනාවද ? කියන එක. අනෙක මේ විදිහට පැය 16 ක් විතර වැඩ කරන්න පුළුවන්ද කියන එක.
කොහොම වුණත් බොහෝ දෙනෙක් කියන්නේ ‘දොස්තරලාට ජීවිතයක් නැහැ’ කියලා. ඒ නිසයි තමන්ම කැඳවන වෛද්‍ය වර්ජනය දා පාදෙණිය දොස්තර මහත්තයාට චැනලින් කරන්න සිද්ධ වෙන්නේ. මේක පාදෙණිය දොස්තර මහත්තයාට විතරක් නොවෙයි ‘හම්බ කරන්න දොස්තරලා වුණ හැම කෙනාටම අදාළයි.
කතා අංක 01
මේක පදනම් වෙන්නේ පාදෙණිය දොස්තර මහත්තයාගේ කතාවම පාදක කරගෙන.
මේ ලියුම්කරුගේ දියණිය මේ වන විට ඉගෙන ගන්නේ හොරණ ප‍්‍රදේශයේ ජනප‍්‍රියම පාසලක 8 වැනි වසරේ. නම්බුවට කියනවා නම් ‘දුව ඉගෙන ගන්නේ  ඉංග‍්‍රීසි මාධ්‍යයෙන්.
අපේ දුව වෛද්‍යවරියක් කරනවා කියන එක උපාධිකාරී ගුරුවරියක් වන මගේ බිරියගේ එකම හීනය. ඒ හීනේ මටත් තියෙනවා. ඒකට ප‍්‍රධාන හේතුවක් වෙන්නේ දුව හැමදාම පන්තියේ පළමු වැනියා. ගණන් හොඳට පුළුවන්. විද්‍යාව හා ගණිතයක් පුළුවන්. ඒ නිසා ඇය යන පාසල අනුව බැලූවොත් හැම අවුරුද්දෙම හතර පස් දෙනෙක් වෛද්‍ය පීඨයට තේරෙනවා. ඒ නිසා මේ දක්වා පංතියේ පළමු වැනියා වෙන දුව ඒ ගමන හරියට යයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා.
දැන් තමා වැදගත් කතාව එන්නේ. ඇයි අපි දුවව වෛද්‍යවරියක් කරන්න හදන්නේ. මගේ ගුරු බිරිය කියන විදිහට ඇයට ළමා කාලයේ අධ්‍යාපනය ගැන කිසිම වැටහීමක් තිබිලා නැහැ. දෙමාපියන්ටත් එහෙමම තමයි. ඒ නිසා හොඳට ඉගෙන ගන්න පුළුවන් ඇයට සිද්ධ වුණේ කලා උපාධියක් කරලා රුපියල් තිස් හතලිස් දාහක පඩියක් ගන්න, ඒ වාගේම කලා උපාධියක් තියෙන මිනිහෙක්ව කසාඳ බැඳ ගන්න.
තමන්ගේ දුවට ඒ ආනිශංසේ උරුම වෙනවාට මගේ ගුරු බිරිය තියා මාත් කැමැති නැහැ. ඒ ඉස්සර කිවුවා වාගේ ‘කලා කළොත් මළාම’ තමා නිසා.
කොහොම වුණත් අපි වාගේ පහළ මධ්‍යම පාන්තිය දෙමාපියෝ තමන් දරුවා වෛද්‍යවරයෙක් කරන්න හීන දකින්නේ ‘තමන් වැටුණ වළේ දරුවන් නොවැටිය යුතු නිසා’ කියලා තමයි මම හිතන්නේ.
ඒ නිසා අපි උපයන හැම සතයක්ම වැය කරන්නේ දුව වෛද්‍යවරියක් කරනවා කියන හීනය ජය ගන්න.
මේ සමග තවත් කතා එනවා. මම නිතරම කියන්නේ ‘මට තියෙන්නේ මරුටි කාර් එකක්. ඔයා දොස්තර කෙනෙක් වෙලා ලොකු කාර් එකක් ගන්න, ‘මට පුළුවන් විදිහට තමා මේ ගේ හැදුවේ ඔයා දොස්තර කෙනෙක් වෙලා ලොකු ගෙයක් හදන්න’ ‘අපිට පුළුවන් විදිහට තමා මේ කන්නේ, ඔයා දොස්තර කෙනෙක් වෙලා හොඳ හෝටල් වලින් කන්න’
ඒ විතරක් නෙමෙයි එකම දරුවෙක් ( දියණිය* පමණක් සිටින මගේ බිරිඳ කියන්නේ ( දුවට ඇසෙන්න නොව * ‘මට මේ ඇති. දුව දොස්තර කෙනෙක් වුණොත් ළමයි තුන් හතර දෙනෙක් හදයි. මම එයාලාව බලා ගන්නවා’ කියලයි.
අපි අපිට කරන්න බැරි හැම දෙයක්ම දුවට පවරනවා. කොටින්ම අපේ ඉටු නොවන හීන ඉටු කිරීමේ වගකීම තියෙන්නේ ආනාගතේ වෛද්‍යවරියක් වීමට නියමිත ලාබාල දියණියට.
මේ නිසා අපේ ළමයා යන්ත‍්‍රයක් වෙලා. වාර විභාගයක් එන කොට ? දොළහා වෙනකම් පාඩම් කරනවා. සති අන්තයේ පන්ති හතර පහකට යනවා. හැම මොහොතක්ම පාඩම් කරනවා.
ඒ අනාගත දොස්තර හීනය වෙනුවෙන්.
ඉතිං මගේ දුව තවත් අවුරුදු ගාණකින් දොස්තර කෙනෙක් වුණොත් මොකද කරන්නේ. මගේ ලොකු කාර් හීනේ, ලොකු ගෙයක් ගැන හීනේ, ලොකු හෝටල් වලින් කන හීනේ විතරයක් නෙමෙයි මගේ බිරියගේ මුණබුරන් තුන් හතර දෙනාගේ හීනෙත් ඉටු කළ යුතුයි.
ඉතිං එයා ඒවා ඉටු කරන්නේ කොහොමද ? පාදෙණිය දොස්තර මහත්තයලා වාගේ වැඩ කරලා. සල්ලි ම මත්තේ වැඩ කරලා. එහෙම නැතිව ඒ හීන කොහොම ඉටු කර ගන්නද ? ඉතිං මේ වෙනුවෙන් අපි අපේ දරුවගේ ළමා විය විතරක් නෙමෙයි අපේ පවුලේ සතුටත් ආයෝජනය කරමින් ඉන්නවා. මේකත් හරියට සූදුවක් වාගේ. අද පහළ මධ්‍යම පාන්තික ( විශේෂයෙන් ගුරු හා ලිපිකරු* පවුල් අති බහුතරයක් තමන්ගේ ළමයි දොස්තරලා කරන්න තියෙන ආසාව පස්සේ දුවන්නේ නිකං නොවෙයි. තමන්ගේ ජීවිතේ අඩුව පුරවා ගන්න.
ඉතිං මෙහෙම පසුබිම වැඩෙන දරුවෝ මොන වගේද කියලා අපි දන්නවා. තාම අපේ දරුවා තුළ දකින්න නැති වුණත් මේ ළමයි අතිෂයින්ම ආත්මාර්ථකාමීයි. කුහකයි. කිසිම කෙනෙක්ට උදව්වක් කරන්නේ නැහැ. පංතියේ පළමු වැනියා වීම, ඒ හීන ඉටු කර ගැනීම තමයි එකම අභියෝගය.
ඉතිං අද අහිංසක රෝගීන් බිල්ලට තියලා නවලෝකේ සල්ලි ගරන දොස්තර මහත්තරු වෙන මොනවා කරන්නද ? එයාලා ළමා වියෙන්, තරුණ වියෙන් ගෙවූ මිල කොහොම හරි හොයා ගන්න  ඕනෑ. ඒකට තවත් තරඟකාරයෝ ආවොත් මොකද වෙන්නේ ? හන්දියට තවත් ඩිස්පෙන්සරියක් ආවොත් මොකද වෙන්නේ ? තමන්ට වඩා සල්ලි තියෙන ( සයිටම් යන්න කෝටි ගාණක් සල්ලි තියෙන්න  ඕනෑ* තමන්ට වඩා හොඳ පංතිමය පසුබිමක් තියෙන ( සයිටම් යන්නේ මධ්‍යම පාන්තික පවුල් වල ළමයි බව* හොඳට ඉංග‍්‍රීසි පුළුවන් පිරිසක් දොස්තරලා වුණොත් මොකද වෙන්නේ ? අඩු වෙන්නේ කාගේ ගොඩද ?
මම හිතන ආකාරයට ( සමහරු එකඟ නොවිය හැකියි * අද ලංකාවේ අති බහුතරයක් දොස්තරලාගේ ජීවිත වල බහුල හරස්කඩ මේකයි. ඉතිං මේ අය සයිටම් එකට විරුද්ධ නොවී මොනවා කරන්නද ? කවුද කැමැති තමන්ගේ බත්පත බෙදාගෙන කන්න. මහ ?ට ගෙදර ගෙනියන, ෆාමසියෙන් එහෙන් මෙහෙන් බැංකු ගිනුමට වැටෙන කලෙක්ෂන් එක අඩු කර ගන්න.
මේ ලේඛකයා සයිටම් එකට තර්කානුකූලව පක්ෂ වුණත් මගේ බිරිය සයිටම් එකට හදවතින්ම විරුද්ධයි. ඒ ‘අපේ ළමයට මොකද වෙන්නේ ?’ කියන භීතියෙන් මිසක් දැනුමින් හෝ පදනමක් ඇතිව නොවෙයි.
ඒ නිසා අංක එක කතාව තමයි වෛද්‍යවරු මේ කරන්නේ තමන්ගේ බත්පත ආරක්ෂා කර ගැනීමේ අරගලයක් මිස වෙන එකක් නොවෙයි කියන කතාව. මගේ දුව දොස්තර කෙනෙක් වෙන්න ඉන්න නිසා මට මේක වඩාත් අදාළයි.
කතා අංක 02
දෙමාපියන්ගේ අඩුව පුරවන්න වෛද්‍යවරු වුණ දරුවෝ ඊළඟට කරන්නේ මොකක්ද ? ඒ ‘එරියස් කවර් කරන එක’ මේ එරියස් එක එන්නේ අවුරුදු තුන හතරේ ( ශිෂ්‍යත්වය සමග* නිසා ගෙවී යාමට ආසන්න තරුණ කාලේ කවර් කර ගන්න තියෙන එරියස් එක ලොකුයි. ඒ නිසා දැන් දුවන්නේ ඒ එරියස් එක සැබෑ කර ගන්න. තාත්තගේ මරුටිය වෙනුවට ලොකු ජපන් කාර් එකක්, අධි සුඛෝපභෝගී නිවසක්, සල්ල පිරුණ බැංකු ගිනුමක් ඒ සියල්ල කරගත යුතුයි. ඒත් ඒ සේරම කරන්න තියෙන්නේ බොහොම පොඩි කාලයයි. වෛද්‍ය විද්‍යාලයෙන් එන කොට හොඳ කාලේ ඉවරයිනේ.
ඉතිං මොකද කරන්නේ එදාවේල හොයා ගන්න ලොතරැුයිකාරයෙක් වාගේ කඩමණ්ඩියේ ප‍්‍රයිවට් ඩිස්පෙන්සරියක් අටවා ගන්න  ඕනෑ. වවුලා වාගේ වැඩ කරන්න  ඕනෑ. ‘ලංකාවේ ඉඳලා බැහැ.  ඕස්ටේ‍්‍රලියාවට හරි යන්න  ඕන’ ඔන්න ඔහොම හීන එනකොට තමයි වැඬේ තවත් සීරියස් වෙන්නේ.
මේ ලේඛකයා සමග මේ කතාව කිවුවේ ඊයේ සවස ( 04 දා* බස් රථයේදී මුණ ගැසුණු මහරගම පිළිකා රෝහලේ වැඩිහිටි හෙදියක්.
‘මුන් අපි කවුරුත් ඉගෙන ගන්නවාට කැමැති නැහැ. ඒක එන්නේ පොඩි කාලේ ඉඳලානේ. නර්ස්ලාට උපාධිය දෙනවාට විරුද්ධයි. ඉස්පිරිතාලේ ඉන්න අනෙක් කාර්ය මණ්ඩලවලට වැඩිදුර පුහුණුව දෙනාවට විරුද්ධයි. කොටින්ම ෂඔ කෝස් එකටත් යන්නේ දොස්තරලා. පුදුම කුහකකමක් තියෙන්නේ ’
ඇය අද දින නියමිත වෛද්‍ය වැඩවර්ජනය තදින් විවේචනය කරමින් මේ ලේඛකයා සමග කීවාය.
ඇය කතා කළේ ආවේගය හා වේදනාව මුසු ස්වරයෙනි.
ඇයට අනුව හෙදියන්ට උපාධිය ලබා ගැනීමට වෛද්‍යවරුන් එරෙහි වන්නේ හෙදියන්ට විදේශයන් ( විශේෂයෙන් බටහිර රටවල* පවතින අධි ඉල්ලූම නිසාය. ඉහළ වැටුප නිසාය. ඒ තත්ත්වය ලංකාවේ වෛද්‍යවරුන්ට නැත.
මේ ගැන හොඳ අත්දැකීම් ඇති ඇය කියා සිටියේ ‘ලංකාවේ දොස්තරලාට ඔය කිසිම රටක ඉල්ලූමක් නැහැ. එයාලා ඒ රටවල්වලට ගිහින් කරන දොස්තරකමක් නැහැ. ඔය හැම කොස් එකක් හරහාම කරන්නේ පිටරට ගිහින් රස්සාවක් කරන්න සුදුසුකම් හදා ගන්න එක’
ඇයගේ කතාවේ ඇත්ත නැත්ත ගැන මේ ලියුම්කරුට ඒ තරම් අවබෝධයක් නැත. එහෙත් ඇය අවධාරණය කළේ ‘ ඕස්ටේ‍්‍රලියාවේ සිටිසන් නොලැබුණ නිසා පිස්සු හැදුනු දොස්තර කෙනෙක් ගැන තමා දන්නා බවයි’
කොහොම වුණත් මේ කතා පහසුවෙන් බැහැර කළ නොහැක. ‘ආරෝග්‍යා පරමා ලාභා’ යැයි බුදුන් කීව ද ‘පරම ලාභය ලෙඞ්ඩු යැයි’ සිතන මිනී පෙට්ටි සාප්පුකාරයන් වැනි වෛද්‍යවරුන් සිටින රටක මේවා බොරු විය නොහැකිය.
ඒ නිසා මෙම ලේඛකයාගේ අද මෙන්ම වත්මන් සමාජයේ අති බහුතරයක් ජනතාවගේ අදහස වන්නේ ‘දොස්තරලා සයිටම් එකට විරුද්ධ ඉගෙන ගන්නවාට කැමැති නැති නිසා බවය’
කතා අංක 3
මේ කතාව කීමේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. ඔහුගේ දරුවන් දෙදෙනාම ඔස්ටේ‍්‍රලියාවේ පදිංචි හෙයින් නිතර නිතර එහි යන එන ඔහුට අත්දැකීම් රැුසක් ඇත.
‘අපේ දොස්තරලා එහේ විභාගේ පාස් වෙන්න  ඕනෑ. එහෙම බැරිම ටැක්සි එලවන, තව තව පොඩි රස්සා කරන මෙහෙන් ගිය දොස්තරලා විශාල සංඛ්‍යාවක් ඔස්ටේ‍්‍රලියාවේ, නවසීලන්තේ ඉන්නවා’ යනුවෙනි.
මේ කතා තුන හදවතින්ම ලියුවක් වන්නේ මේ වෛද්‍යවරුන්ගේ කැත සෙළුව හා පටු අරමුණු තව තවත් සමාජය හමුවේ හෙළිකරලිය යුතු යැයි ලියුම්කරු සිතන නිසාය. ඒ වෙන කිසිවක් නොව මොවුන් මේ ඉටුකරමින් සිටින්නේ බලයට ඒමට කෑදර කමින් සිටින පරාජිත දේශපාලූවන්ගේ වුවමනා එපාකම් නිසාය. කොටින්ම අහිංස රෝගීන් බිල්ලට ගනිමින් ජාතියේ නාමයෙන්, ජනතාවගේ නාමයෙන් පාදෙණිය දොස්තර මහත්තයා ඇතුළු පිරිස ඉටු කරන්නේ ඉතාම පටු, කුහක වංකත්වය නිසාය.
තවත් සටනකින් හමුවෙමු.
සටහන
භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *