සිරි පතුලට බුදු පිළිමයක් – අනුර සූරියබණ්ඩාර

ශ‍්‍රී පාදස්ථානයට බුදුපිළිමයක් තැම්පත්කරන්නට ගිය පිරිසක් පොලීසිය විසින් නතර කළ පුවතක්ද පසුව ඔවුන් වන්දනාකරුවන්ට කරදරවන පරිදි උපවාස කරමින් සිටියදී අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ පසුව රිමාන්ඞ්  බන්ධනාගාරගත කළ බවද  පැවසිනි. අත්දැකීමට මුහුණපා ඇත්තේ සිංහලේ නැමති සංවිධානයේ නායකයන්ය කියාගන්නා දෙතුන් දෙනෙකි. බුදුපිළිමය තැම්පත් කිරීමේ වෑයමට එක්වී ඇත්තේ විස්සක පමණ පිරිසකි. මේ පුවත අනුව කරුණු දෙකක් පැහැදිලි වේ.
I    සිංහලේහි තරම
II    සිංහලේහි බලය
සිංහලේහි තරම – බුද්ධ  දේශනාවේ මූලිකාංග හෝ මෙරට නීතිය සුරකින කිසිවෙකු ශ‍්‍රී පාදස්ථානයේ බුදුරුවක් තැම්පත් කරන්නට උත්සහ දරන්නේ නැත. බෞද්ධයා  විශ්වාසය සමන්තකූඨය මස්ථකයේ පිහිටුවා ඇත්තේ බුදුන්ගේ පාදලාංඡුනය  බවයි. බුදුන්ගේ ජීවමාන පාදසටහන ඇති තැනකට අමුතුවෙන්  බුදුරුවක් අවශ්‍ය වන්නේ නැත.එවැන් අවශ්‍යතාවයක් මෙරට කිසිම සංඝනායකවරයාණන් කෙනෙකු විසින්වත් පෙන්වාදී හෝ ඉල්ලීමක් කරහෝ නැත.  එවැනි අවස්ථාවක ශ‍්‍රී පාදස්ථානයට බුදුපිළිමයක් රැුගෙන යන්නේ අනවශ්‍ය ගැටුමක් ඇතිකරගන්නා අටියෙනි. පොලීසිය බුද්ධිමත්ව කටයුතු කළ බැවින්  ප‍්‍රශ්නය සාමකාමීව කෙළවරවී තිබේ.
පොලීසිය නීතිය පැහැදිලිකළ පසුව ඒ තීරණයට විරුද්ධව උපවාස කිරීම යනු නීතියට එරෙහිව යාමකි. එය එක් ආකාරයක ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් වශයෙන් ක‍්‍රියාවක් වශයෙන් දැක්වුවද වරදක් වන්නේ නැත.
මේ මොහොතවන විට ඉහතකී සිද්ධිය මූලික කොටගෙන ආගම්වාදය අවුස්සන ආකාරයේ  ප‍්‍රචාරණයක් ෆේස්බුක් ඔස්සේ ක‍්‍රියාත්මක  වෙමින් තිබේ. ප‍්‍රගතිශීලීන්ය කියාගන්නා කිසිවකුත් ඒවාට විරුද්ධව මතයක් ප‍්‍රකාශ කරන බවත් පෙනෙන්නටවත් නැත.
මේ පිළිම තැම්පත් කිරීමේ උත්සහය බුද්ධ භක්තිය නිසාම සිදුකළ දෙයක් නොවේ. හුදු ප‍්‍රචාරකවාදී බලාපොරොත්තුවෙන්ම කළ දෙයකි. බුදු පිළිමය සිරිපා මලූවේ තැම්පත් කරන්නට අවසර නොලැබෙන බව සිංහලේ කාරයා නොදැන සිටියේ නැත. ඒ කල්ලිය උත්සහ කළේ අනවශ්‍ය කටයුත්තකට  උත්සහ කොට,  අනවශ්‍ය ගැටුමක් ඇතිකර ගෙන  ප‍්‍රචාරයක් ලබා ගන්නටය වන්දනාමානකරන්නට  බුදුපිලිමයක් නැති විහාරස්ථාන  මේ ශ‍්‍රී ලංකාවේ  ඕනෑතරම් තිබේ. එවැනි පන්සලකට බුදුරුව පූජා කළේනම්  ශ‍්‍රී පාදයේ එය තැම්පත් කරනවාට වඩා වැඩි ශාසන සේවයකුත් පිනකුත් සිදුවනවා ඇත.
II සිංහලේවල බලය – බුදුපිළිම තැම්පත් කිරීමේ මැරවර  කර්මයට (පුන්‍ය කර්මය නොවේ පුන්‍යකර්මය හෙවත් පින්කම යනු බුද්ධ දේශනාවේ සඳහන් අන්දමට යහපත් සිතින් කරන යහපත් කටයුත්තකි. මේ කර්මයේ යහපත් සිතක් නැත’ ඇත්තේ ජඩ සිතකි. එහෙයින් එය ජඩ කර්මයකි* කටයුත්තට පැමිණියේ මැරවරයන් පරිද්දෙන් බැවින් මැරවර කර්මයක් කීවාට වරදක් නැත.
එසේ පැමිණි පිරිසට අයත්ව ඇත්තේ විස්සකි.  අඩුම තරමින්  මේ කාලයේ සිරිපා වන්දනාවේ යන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහයත් ඔවුනට ලැබී නැත . මුස්ලිම් ෆෝබියා, දෙමළ ෆෝබියා, ක‍්‍රිස්තියානි ෆෝබියා, ඉන්දියානු ෆෝබියා ඇතුළු විවිධ ගීතිකා ජනතාව අතර පතුරුවා වැඩෙන්නට උත්සහ කළද සිංහලේ කාරයාට බෞද්ධ හෝ සිංහල ජනතාව අතර බලයක් නැති බව ඉහත සිදුවීමෙන් පැහැදිලි වේ.
මේ සිදුවීමේ ඊළ`ග ජවනිකාව හන්දියක් ළ`ග උැති බෝරුකක් ගානේ බුදුපිළිම තැම්පත් කිරීමයි.සෑම ගමකටම පන්සලක් ඇති රටක හන්දිවල බෝරුක්යට  බුදුපිළිම තැම්පත් කිරීමේ අර්ථයක් තිබේද?බුදුපිළිම පමණක් නොවේ ,ඇතැම් හන්දියක  පන්සල්ද ඉදිකෙරේ. කොළඹ පුංචි බොරැුල්ල , කොළඹ කොම්පඤ්ඤ වීදියේ නිපොන් හෝටලය අසල නිදසුන් දෙකකි.
කොළඹ දිස්ත‍්‍රීක්කයේ ප‍්‍රසිද්ධ දේශපාලඥයෙක්ද  පුංචි බොරැුල්ල මංසන්ධියේ  බෝරුක අසල ආරාමයට පින්කම් පිණිස ගිය පුවතක් ජනමාධ්‍යවල පළවී වැඩිකාලයක් නැත.ඒ දේශපාලඥයා ඒ ආරාමයට ගියේ සැබෑ භක්තිය නිසාද කූට දේශපාලන උපායක් වශයෙන්ද යන්න පැහැදිලි කරගත යුතුය.
ධර්මයේ හැසිරීමට හෝ පින්කම් කිරීමට හන්දියක් ගානේ බෝධියක් අවශ්‍ය නැත. කැලණිය ආදී නොයෙක් පන්සල් කොළඹ අවට තිබේ. දේශපාලඥයා ඒ සිද්ධස්ථානයකට නොගොස් පුංචි බොරැුල්ලටම යන්නේ සිවුරේ බලයට මුවාවී ප‍්‍රදේශයේ ඡුන්ද ටිකට තට්ටු කිරීමේ  අටියෙනි. ආගමික ස්ථාන වලට, සමිති සමාගම් වලට කිට්ටු වූ විට අඩු වියදමකින් වැඩි ඡුන්ද සංඛ්‍යාවක් දිනාගත හැකි බැවිනි.
පුංචි බොරැුල්ලේ බෝධිය යනු පොදු ජනතාවට දැනටමත් බලවත් හිරිහැරයකි. කොලොන්නාව දෙසට යන පාර සංවර්ධනයටත් එහි ගමනාගමනයේ වේගයටත් මෙකී බෝරුක හරහට හිට තිබෙන්නේ බොහෝ කලක සිටය. වතාවක් මාර්ග සංවර්ධන අධිකාරිය  විසින්  ඒ බෝරුක ඉවත් කිරීමට ගත් උත්සහය විරෝධතාවයකට යටවී නැතිව ගියේය.
බුදුදහමෙහි හැසිරීමට අවශ්‍ය සැබෑ බෞද්ධයාට  පාර අයිනේම හෝ අතළ`ග  හෝ පන්සල්, බුදුපිළිම අවහ්‍ය නැත.  අතීතයේ බොහෝකොට  වෙහෙරවිහාර  ඉදිකෙරුණේ දුෂ්කර ජනශූන්‍ය   ස්ථානවලය ඒ නිර්වාණය යනු පහසුවෙන් වටහාගතහැකි  අතළ`ග ඇති දෙයක්  නොවන බව සාමාන්‍ය බැතිමතාට  අවබෝධ කරදීමේ අටියෙනි. එහි අනෙක් අරුත වන්නේ වෙනත් ඵලදායී  කටයුත්තකට යොදාගත නොහැකි ගිරිකුළු වැනි ස්ථාන  බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීම සඳහා තෝරාගෙන තිබීමයි.  හේතුව බෞද්ධයාගේ ලෞකික ජීවිතය යහපත්ව පවත්වාගැනීම  සඳහා ආගමෙන් උපකාර කළයුතු බැවිනි.  සරු බිම් ගොවිතැනටය. නිසරු බිම ආගමටය.
තෙවනුව බණ භාවනාවේ නියැලෙන , ආධ්‍යාත්මික  හා ලෝකෝත්තර සුවය සොයන සැබෑ ශික්ෂාකාමී භික්ෂුවකට ජන බහුල ඝෝෂාකාරී ස්ථානයක්  නොගැලපෙන නිසාය.  නිතර සෙන`ගින් පිරුණු  නොකඩවා රිය නළා හැඩවෙන පුංචි බොරැුල්ල හන්දියේ  හෝ කොම්පඤ්ඤ වීදියේ  විහාර භික්ෂුන්ට කවර බණ භාවනාද? එවැනි ස්ථාන වල පිහිටුවන විහාර වල විවිරව ඇත්තේ නිවන් මාර්ගය නොව ආදයම් මාර්ග පමණි.
පිලියන්දල ප‍්‍රදේශයේ පාරක් මධ්‍යයේ  ඇති බෝ රුකක් මාර්ග සංවර්ධනය සඳහා ඉවත් කිරීමට ගත් උත්සහයක් වැලකී ගියේ එක්තරා පිරිසකගේ විරෝධතාවක් හේතුවෙනි. දැන්  බෝ රුක තිබේ මාර්ග සංවර්ධනය නැත.
ශ‍්‍රී පාදස්ථානයේ  බුුදුපිළිමය තැම්පත් කිරීමේ උත්සහයත් පුංචි බොරැුල්ල බෝධිය ඉවත්කිරීමේ උත්සහය සහ පිළියන්දල  බෝරුක ඉවත්කිරීමේ උත්සහය ව්‍යර්ථවීමත් අප වටහා ගත යුතුය. ශ‍්‍රී පාදස්ථානයේ පිළිමය තැන්පත් කිරීමේ උත්සහයට සහයෝගය දැක්වූයේ  විස්සක පමණ පිරිසකි. පිළියන්දල  සහ පුංචි බොරැුල්ලේ විරෝධතා  පෑ පිරිසද සුලූතරයකි. පුංචි බොරැුල්ල ප‍්‍රදේශයේ හෝ පිළියන්දල ප‍්‍රදේශයේ බෞද්ධ ජනතාව සියලූදෙනා  අති බහුතරය නොව මද පිරිසක්  හෝ එකී උද්ඝෝෂකයන්ට සහය වූයේ නම් පිරිස  බෙහෙවින් වැඩි වියයුතුය. මේ සියලූ දෙයින් පැහැදිලි වන්නේ ශ‍්‍රී ලංකාවේ බෞද්ධයා  යනු පටු කල්පනා කාරයන් නොවන බවයි.
වැරැුද්ද  ආණ්ඩු කරවන අයට ඒ සත්‍යය වැටහෙන්නේ නැති වීමයි. එය සංවිධානාත්මක සුලූතරයක පටු  ඕනෑ එපාකම්  වෙනුවෙන් නිහ`ඩ බහුතරයේ කැමැත්ත යටපත් කිරීමකි.  ආණ්ඩුවත් කිසිවිටෙක සුලූතරයේ කැමැත්ත වෙනුවෙන් බහුතරයේ  අවශ්‍යතාව යටපත් කරන මෙවලමක් වියුතු නැත. බලය රැුකගැනීමේ අරමුණු පසෙකලා ජනතාවගේ අවශ්‍යතාවන් ඉටුකිරීමට  පාලකයන්ට ශක්තිමත් කොන්දක්  තිබියයුතුය. සුලූ පිරිසකගේ බලයට හිසනමා  ආණ්ඩු කළේ නම්, ජේ.ආර් ජයවර්ධන මහතාට මෙරට වතු දෙමළ ජනතාවට ඡුන්ද අයිතිය  ලබාදීමට හැකිවන්නේ නැත. බලය විමධ්‍යගත කරමින් පළාත් සභා පිහිටුවන ආණ්ඩු ක‍්‍රම  ව්‍යවස්තා සංශෝධනය කළ හැකි වන්නේද නැත. අපේ වැනි ආණ්ඩුවක් ඇමරිකාවේ තිබුණේ නම් වහලූන්ට නිදහස ලැබෙන්නේද නැත.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *