පාදෙණියට වැඩ වරදී. රන්ජන් රාමනායක නඩු කියයි

දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කළ යුතුයැයි සති දෙක තුනක සිට කෑ මොර දෙමින් එය සංවිධානය කළ අනුරුද්ධ පාදෙණිය නම් විශේෂඥ වෛද්‍යවරයා වැඩ වර්ජනය යොදාගෙන තිබූ අද (මැයි 05) දින රජයේ රෝහලේ වැඩ වර්ජනය කළ ද අද උදෑසන දක්වා ම පුද්ගලික රෝහල් කිහිපයක දී අද සවස රෝගීන් පරීක්ෂා කරන බව පවසමින් රෝගීන් සඳහා වේලාවන් වෙන්කර දී ඇත. ඊයේ (04) රාත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ද අනුරුද්ධ පාදෙණිය විශේෂඥ වෛද්‍යවරයා හමුවීමට වේලාවක් වෙන්කරගෙන ඇත. රාත්‍රී 10.39ට ලබාගත් එම වේලාව සටහන් වන්නේ අද (05) දා සවස 4.05ට නවලෝක රෝහලේ දී වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය රන්ජන් රාමනායක මහතාට වේලාවක් දී ඇති බවයි. හමුවන අංකය 06 ලෙස ද සටහන් කර ඇත.

මේ සඳහා වෛද්‍යවරයාගේ ගාස්තු ලෙස රුපියල් 1000.00 ක් ද අයකරගෙන තිබේ. මේ අනුව වෛද්‍ය පාදෙණිය රජයේ රෝහලේ වැඩ වර්ජනය සංවිධානය කරමින් ඊයේ රාත්‍රී නොව අද උදෑසන 8.00 දක්වා ම රෝගීන් සඳහා වේලාවන් වෙන් කළ බව දැනගන්නට ඇත.

නවලෝක රෝහලට කතා කළ විට දැන් පවසන්නේ අනුරුද්ධ පාදෙණිය නම් වෛද්‍යවරයා අද දින රෝගීන් හමුනොවන බවයි. මේ වංචාකාරයාගේ වංචා ක්‍රියාවේ ස්වභාවයයි. අනුරුද්ධ පාදෙණිය අදත් රෝගීන් බැලීමට වේලාව වෙන්කර එය අවලංගු කර ඇත.

රන්ජන් රාමනායක මහතා පවසන්නේ තමන්ව අනුරුද්ධ පාදෙණිය නවලෝක රෝහලේ දී නියමිත වේලාවට හමු නොවන්නේ නම් තමන් පාරිභෝගික පනත යටතේ නඩු පවරන බවයි. සේවාවක් ලබාදෙන බව පවසමින් රෝහල ද වෛද්‍යවරයා ද තමන්ට වේලාවක් වෙන්කර මුදල් ද අයකර තිබිය දී තමන් මිලදී ගත් වෛද්‍යවරයා නියමිත වේලාවට පැමිණිය යුතු බව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ අදහසයි.

පාරිභෝගික අධිකාරිය පවසන්නේ වෛද්‍යපාදෙණිය පාරිභෝගික නීතිය උල්ලංඝනය කර ඇති බැවින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණයට ගියොත් ඔහු වරදකරු විය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් අපූරු සටහනක් මුහුණු පොතේ ලියා තිබිණි. ඒ මනෝරම වීරසිංහ විසිනි. අපි එය ද උපුටා දක්වමි.

පාදෙණියගේ දෙබිඩි කැරැට්ටුව ගැන මනෝරම මෙසේ කියයි

Ranjan Ramanayake මේ වැගේ වැඩ වලට ඉන්න ඉහළ
ශිල්පීය දක්ෂතා සහිත ශ්‍රී ලංකාවේ සුපර් ස්ටාර් නළුවාය.
අනුරුද්ධ පාදෙණියලාගේ ඇති මානව දයාවක්වත්, දේශභක්තියක්වත්, වෘත්තිමය සදාචාරාත්මයක්වත් නැත. සරල ලෙස කීවොත් මුදලට සේවය සපයන ගණිකා වෘත්තියක් තත්ත්වයට උතුම් වෛද්‍ය වෘත්තිය පත් කිරීමට ඔහු ප්‍රමුඛ ගොමා සංවිධානයේ ඇතැම් වෛද්‍යවරු සමත්ව සිටින බවක් පෙනෙයි.
වර්ජනය නොමිලයේ සේවා සපයන, රජයේ රෝහල් වල පමණක් ක්‍රියාත්මක කර… පෞද්ගලික රෝහල් වල සේවයට වාර්තා කිරීමට තරම් මේ ‘ගොම්මුන්‘ කුහකය. වර්ජනය රටටම පොදු විය යුතුය. සල්ලි ඇති මිනිසුන් පෞද්ගලික රෝහල් වල පිහිට පතන්නේ නැත.
මොවුන් මුලින්ම ඉන්දීර රජය සමග රැකියා ගිවිසුමට විරුද්ධ වූයේද ඔවුන්ගේ රැකියාවලින් ජනතාව සූරා කන්නට නොහැකිවන නිසාය. ඉන්දීය වෛද්‍යවරු හරහා මීට වඩා අඩු මුදලකට සේවය ලබාගැනීමට හැකියාව ඇති බව ඔවුන් දැන සිටි නිසා තමා අරවගේ විරෝධයක් ගෙනාවේ.
අවශ්‍යතාව වන්නේ සයිටම් අහෝසි කිරීම නොව ආණ්ඩුව පන්නා දැමීමයි. ඉන්පසු සයිටම් අහෝසි නොවන අතර එහි පැවති ‘තාක්ෂණික දෝෂ‘ ඉබේම මගහැරී යනු ඇති.!
එබැවින් ආණ්ඩුව මේ හුරතල් කිරිල්ල පැත්තක දමා ජනතාවගේ පැත්ත ගතයුතුය. සයිටම් දොස්තරලාගෙන් මිනිස්සු බෙහෙත් ගත්තේ නැතිනම්..වසර කිහිපයකින් ඒ ආයතනය ඉබේම වැසී යනු ඇති. මේ සිදුවන්නේ වෛද්‍යවරුන්ගේ ඒකාධිකාරයට එල්ලවන අතුල් පහරටත් ඕනෑ විදියට නටන්නට ඉඩ නොදීමත් නිසා වෙච්චි කුලප්පු වීමක් ය.
ඉතින් අපි මේ අය දෙස ආදරයෙන් බලා සිටින්නෙමු… දොස්තරලා ශ්‍රී ලංකාවේ ට්‍රැෆික් පොලිස් කාරයන්ගේ ගාණට වැටෙනවා දකින්නට අපි කැමති නැත.!!!

මනෝරම වීරසිංහ

face book

Leave a Reply

Your email address will not be published. Required fields are marked *