ගීතාට මන්ත්‍රීකම නැතිවෙයි ..

ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලීමේන්තු මන්ත‍්‍රීවරියක් ලෙස දිවුරුම් දුන් දිනයේ සිට ඇය වෙනුවෙන් රජය දැරූ සියලූ වියදම් යළි අය කරගන්නැයිද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියෝග කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය එම පාර්ලිම්න්තු මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසු බව අභියාචනාධිකරණය තීන්දු කළේය.

ස්විට්සර්ලන්ත ‐ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි ගීතා කුමාරසිංහ මහත්මියගේ එම මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන කේ. ඩබ්ලිව්. බුවනෙක, ජේ. කේ. අමරවර්ධන ඇතුළු හතරදෙනෙකු විසින් ගොනු කළ රිට් පෙත්සම  සම්බන්ධව අභියාචනාධිකරණය අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ඇය මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවේ වරප්‍රසාද හිමිකම්වලට යටත් නොවන බවත් ද්විත්ව පුරවැසිභාවය ලබා තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ලෙස කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 (1) වගන්තියට පටහැනි බවත් මෙහිදි ප්‍රකාශ කෙරිණි.

තවද වගඋත්තරකාරිය ස්විස් පුරවැසිභාවයෙන් ඉවත් වී ඇති බවට ප්‍රකාශ කළද, ඒ බව ලිඛිතව ඉදිරිපත් කිරීමට හෝ ඒ බව තහවුරු කිරීම සඳහා සඳහා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් ව ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැන්වීය.

අදාළ ලිපිලේඛන ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාගේ උපදෙස් මත ආගමන විගමන පාලකවරයා වගඋත්තරකාර මන්ත්‍රීවරියට දැනුම් දී ඇතත් ඊට කිසිදු ප්‍රතිචාරයක් මේ වන තෙක් ඇය දක්වා නැති අතර මෙලෙස වෙනත් රටක පුරවැසියෙකු ලෙස කටයුතු කිරීම නීතීවිරෝධී සහ මැතිවරණ පනතට පවා පටහැනි බව අභියාචනාධිකරණය මීට පෙර පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිගේ ස්ථාවරය පිළිබඳව කරුණු දැක්වූ  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා මහතා අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *