ඡන්දයට උදවු කරපු අය හමුවුණාම ජනාධිපතිතුමාට ලජ්ජයිලු – “කිසි දෙයක් එපා , ව්‍යවස්ථාව ගෙන්න” වමේ අය කියයි

ජනාධිපතිවරණයේදී තමන්ගේ ජයග්‍රහණයට උදවු කල උදවිය හමු වූ විට තම ලජ්ජාවට පත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට ඇත .ජනාධිපතිවරයාගේ හිතවතෙකු වන මලිත් ජයතිලක මන්ත්‍රීවරයා සමග එතුමා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ සමසමාජ බහුතර කණ්ඩායමේ ලාල් විජනයක මහතාගේ සහදරයකු වන ජගත් විජේනායක මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා ජයරත්න මල් ශාලාවට ගොස් නිවසට පැමිණීමෙන් පසුවය .

“එතන ඔක්කොම හිටියේ චන්දෙදි මට උදවූ කරපු කට්ටිය. ඒ අය දැක්කම මට ලැජ්ජා හිතුණා . ඒ කාටවත් කිසිම උදවුවක් කරන්න මට බැරිවුණා ” යැයි කියා ඇති ජනාධිපතිවරයා තමන්ට උදවූ  කල වමේ කට්ටිය හමුවීමේ අවස්ථාවක් සංවිධානය කරන ලෙස මලිත් ජයතිලක මහතාට පවරා ඇත . ඒ අනුව ලංකා සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායම සමග හා කොමියුනිස්ට් පක්ෂයේ විකල්ප කණ්ඩායම සමග ජනාධිපතිතුමාගේ සාකච්චා සදහා ඉදිරි සතියේ දී දින යොදාගැනීමට නියමිතය .

මෙහිදී කොමියුනිස්ට් පක්ෂයේ විකල්ප කණ්ඩායම දන්වා ඇත්තේ තැන දැන් නැවත පක්ෂයට සම්බන්ධ වී සිටින නිසා සාකච්චාවට පැමිණෙන්නේ නායකත්වයට දැනුම්දීමෙන් පසුව බවයි .එමෙන්ම තමන් කිසිවක් පෞද්ගලිකව අපේක්ෂා නොකරන බවත් , අවශ්‍ය එකම දේ ජනාධිපතික්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම බවත් එම කණ්ඩායම ජනාධිපතිවරයාට  දැනුම් දී ඇත. ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව ඉටු නොකර ඉදිරි ජනාධිපතිවරණයට තරග කළහොත් එය ජනාධිපතිවරයාට අවාසිදායක බව එම කණ්ඩායමේ මතය වී තිබේ . දුන් පොරොන්දුව ඉටු කළහොත් ඉදිරි මැතිවරණයකට ශක්තිමත්ව මුහුණදීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකි වන බව තමන්ගේ අදහස යැයි එම කණ්ඩායම තමන් හමු වූ මලිත් ජයතිලක මන්ත්‍රීවරයාට දැනුම් දී තිබේ .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *