කුලියට නෙමෙයි ආණ්ඩුවට ණයට උපදෙස් – අජිත් පැරකුම් ජයසිංහ
ලංකාවෙ ජනතාව කියන්නෙ මෝඩයන් නෙමෙයි. පට්ට අවස්ථාවාදියෝ. කාව හරි දේශපාලකයෙකුව අන්දලා රජයෙන් කාලාම තමයි පුරුදු වෙලාම තියෙන්නෙ. වැඩ කරන්න, මහන්සි වෙන්න, කැපකිරීම් කරන්න සූදානම් නැහැ. නිකං කන්න තමයි බලාපොරොත්තුව. දියසෙනලා ඇවිත් වටපිට බලනකොට හම්බ වෙච්ච පාර තමයි ණය. දැන් ණය කතන්දරෙත් ඉවරයි.
ඒ වුණාට, බල පෙරේතයෝ හැමදාම දියසේනලා වගේ ඇඳගෙන එනවා. උන් හිතනවා උන් ජනතාව රවටනවාය කියලා. ඒ වුණාට අන්තිමට උන් කිච වෙලා ගෙදර යනවා. විජේතුංගයි, රනිලුයි ඇරෙන්න අනෙක් ඔක්කොටම වුණේ ඒක
බල පෙරේතයෝ හැමදාම දියසේනලා වගේ ඇඳගෙන එනවා. උන් හිතනවා උන් ජනතාව රවටනවාය කියලා. ඒ වුණාට අන්තිමට උන් කිච වෙලා ගෙදර යනවා. විජේතුංගයි, රනිලුයි ඇරෙන්න අනෙක් ඔක්කොටම වුණේ ඒක.
ඔය පක්ෂ අභ්‍යන්තර කවවල ජනතාවගේ මේ අවස්ථාවාදීකම ගැන සාකච්ඡා කරන්න. තුනෙන් දෙක එපා කියද්දිත්, උන් පහෙන් හතරක් විතර දීල අතාරින්නෙ හොඳකටය කියල හිතන්න එපා. ඕකුන්ගෙ පිටිපස්සෙන් ඉඳන් කවුරුහරි සල්ලි දාලා කුලප්පු කළොත්, මතකනෙ 2022 චර්යාව. ඒවට ඉඩ තියන්න එපා.
ජවිපෙ කියපු නිසා උන් රතිඤ්ඤා පත්තු නොකර, කිරිබත් නොහදා එහෙම ඉන්නවා දැනට. ඔය ගැම්මටම උන්ව හරියට ඩිසිප්ලින් කරන්න බර දාන්න. එතකොට උන්ට දැනෙන වේදනාව අමතක කරන්න පුළුවන් හොරු අල්ලන එකෙන්.
ඒ අතරෙ ආර්ථිකයට මුළු ෆෝකස් එකම තියාගන්න. බැරි පොරොන්දු ඉෂ්ට කරන්න යන්නෙ නැතුව රනිල්ගෙ ප්‍රෝග්‍රෑම් එක පෞද්ගලිකකරණයත් එක්කම හරියටම කරගෙන ගියොත් විතරයි කොච්චර බලය ලැබුණත් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නෙ.
ආර්ථිකයට මුළු ෆෝකස් එකම තියාගන්න. බැරි පොරොන්දු ඉෂ්ට කරන්න යන්නෙ නැතුව රනිල්ගෙ ප්‍රෝග්‍රෑම් එක පෞද්ගලිකකරණයත් එක්කම හරියටම කරගෙන ගියොත් විතරයි කොච්චර බලය ලැබුණත් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නෙ.
ඒ නිසා කෝ පොරොන්දු ඉෂ්ට කළාද කියල අපි එහෙම අහනකොට ලැජ්ජ වෙන්නෙ නැතුව ඉවසගෙන ඉස්සරහට යන්න. මරන්න, කපන්න, කොටන්න, සෝෂල් මීඩියා බ්ලොක් කරන්න, මාධ්‍ය මර්දනය කරන්න, විපක්ෂය හිරේ දාන්න එහෙම හිතෙයි. පුළුවන් තරම් ඒ සිතුවිලි මැඩගන්න. ඒව කරන්න ගියොත් නැති ප්‍රශ්න ඇති වෙනවා. ඔය දැන් තියෙන විනය නඩත්තු කරගන්න. සීයගෙන් ඉගෙනගන්න ඕවා ගණන් නොගෙන ඉන්න හැටි. ඒ වගේම, නියපොත්තෙන් කඩන්න පුළුවන් ඒවා පොරොවෙන් කපන්න වෙනකල් බකං නිලාගෙන ඉන්නත් එපා.
දැන් එළියෙ ඉඳන් කචල් දාන්න ජවිපෙ තරම් ශක්තිමත් කඩාකප්පල්කාරී බලවේගයක් නැති නිසා ඔය පෙරෙට්ටන්වයි, අන්තරෙයි ගානට තියාගන්න. වැඩිය නටන්න දෙන්න එපා. අනෙක් පක්ෂවලින් නම් කරදරයක් වෙන්නෙ නැහැ.
සෝෂල් මීඩියාවලටත් ලේසි කරන්න එපා. රිපෝට් ගහල බ්ලොක් කරවන්න. ට්‍රොල් කරන්න.
කොහොම හරි රනිල්ගෙ ප්‍රෝග්‍රෑම් එක අකුරක් නෑර හරියට කරන්න. වෙන පාරවල් හොයන්න යන්න එපා. සරලයි. අවුරුදු ගානකට වෙන පාරවල් නැහැ.
පාර්ලිමේන්තුවට එන පොල්ලෙලි ගොඩෙනුත් පරිස්සම් වෙන්න වෙයි. ඒක ටිල්වින් සහෝදරයාට භාර දෙන්න.
අලුත් ආණ්ඩුවට හද පිරි සුබපැතුම්! අමාරු වෙලාවෙ අපි ඉන්නවා සපෝට් එකට. දැනට කරගෙන යන්න. අපි පොඩි ආතල් එකක් ගන්නවා. තරහ වෙන්න එපා.
– අජිත් පැරකුම් ජයසිංහ