|

2024 – මහ මැතිවරණයෙන් පසු ජවිපෙ ගමන් මඟ වෙනස් වෙයිද? – රටේ රාළ

2024 මහ මැතිවරණයේ ඡන්ද ප්රකාශ කිරීමේ කටයුතු අද (14) හවස 04 ට අවසන් වුනා. ප්රකාශිත ඡන්ද ප්රතිශතය හොඳ මට්ටමක නැති බව ආරංචියි.ඒ ගැන වෙනමම කතා කරමු.දැන් ඡන්ද පෙට්ටි ප්රවාහනය ආරම්භ වෙලා.ඒ වගේම තැපැල් ඡන්ද ගණන් කිරීම 4.15 ට පටන් ගත්තා. අද මධ්යම රාත්රිය පැන්නට පස්සේ නිල ඡන්ද ප්රතිඵල නිකුත් කරන්න පුළුවන් වෙයි.මේ මැතිවරණයේ ප්රතිපලය හරියටම කියන්න තවම කාටවත් බෑ.හැබැයි මේ ප්රතිපලය ඇතුලේ මාලිමාව වැඩිපුර මන්ත්රීධූර ප්රමාණයක් දිනා ගන්න බව විතරක් කියන්න පුළුවන්.
ඒ ගණන කීයටවත් තුනෙන් දෙකක බලයක් දක්වා යන්නේ නෑ.ඉන් මෙහා බලයක් තමයි මේ මැතිවරණයේදී ජනතාව මාලිමාවට දෙන්නේ.ඒ කියන්නේ එක්කෝ මාලිමාවට කෙලින්ම 113 කට වැඩි බලයක් හම්බවෙනවා.නැත්තං 113 ට අඩු මන්ත්රීධූර ප්රමාණයකින් නතර වෙන්න වෙනවා. ජවිපෙ මන්ත්රීධූර ප්රමාණයයේ අපි කේන්ද්රය තියෙන්නේ ආසන 105 ක.ඒ කියන්නේ ජනාධිපතිවරණ ප්රතිපලයට අනුව ජවිපෙට හිමි මන්ත්රීධූර ගණන 105 යි.ඒක උඩට යයිද පහල යයිද කියලා හෙට හවස තමයි බලන්න වෙන්නේ.
මාලිමාවට 113 කට වඩා වැඩි බලයක් දුන්නොත් මාලිමාවට ආණ්ඩුව පිහිටවන්න ප්රශ්නයක් එන්නේ නෑ.එතකොට එන්නේ ඒ ආණ්ඩුවේ තනතුරු බෙදා ගැනීම පිළබඳ ප්රශ්නයක් විතරයි. මාලිමාව සහ ජවිපෙ අතර කථානායක,අගමැති, ඇමති,නියෝජ්ය ඇමති,සභානායක,ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක වගේ තනතුරු බෙදාගන්නේ කොහොමද කියන ප්රශ්නය එයි. මෙතනදී මාලිමාවේ මන්ත්රීධූර ප්රමාණය ජවිපෙ මන්ත්රීධූර ප්රමාණයට වඩා අඩු උනොත් හරිනිට තවදුරටත් අගමැතිකම ගැන බලාපොරොත්තු තියාගැනීම ගැටලුවක් වෙන්න පුළුවන්.
ජවිපෙ මන්ත්රීධූර සංඛාව වැඩි උනොත් විජිත වගේ කෙනෙකුට අගමැති චාන්ස් එක එන්න පුළුවන්. අනුර උනත් හරිනිට වඩා විජිතට අගමැතිකම දෙන්න කැමතියි.විශේෂයෙන්ම ටිල්වින් සහ බිමල් ඒ තීරණයේදී විජිතට සපෝට් කරයි.විජිතට ලොකුවට ඉංග්රීසි ප්රශ්නයකුත් නෑ.දැනට තියන කැබිනට් මණ්ඩලයේ හරිනි අගමැති උනාට සියලු බලතල කේන්ද්රගත වෙලා තියෙන්නේ අනුර සහ විජිත වටේට.කොහොම උනත් මෙතන බරපතලම ප්රශ්නය එන්නේ මාලිමාවට 113 ගන්න බැරි උනොත් තමයි.
රටේ රාළ එහෙම වෙන්න කියලා ප්රාර්ථනා කරන්නේ නෑ.හැබැයි එහෙම සාකච්ඡාවක් මේ වෙනකොට ජවිපෙ දේශපාලන මණ්ඩල ඇතුලේ ඇතිවෙලා තියෙන්න ඕනි.තියෙන්න ඕනි නෙවෙයි රටේ රාළට තේරෙන දේශපාලනයට අනූව නම් දැනටමත් අවස්ථා ගණනාවකදී ඒ සාකච්ඡාව ජවිපෙ ඇතුලේ සිද්ධවෙලා තියනවා.ජවිපෙ එළියට මොනවා කිව්වත් 113 ගන්න බැරිවෙයිද කියන තිගැස්ම ඇතුලේ තියනවා.ජවිපෙ ජනාධිපතිවරණ දිනයි කියලා කීයටවත් හිතුවේ නෑ.ඇත්තටම ඒක පොට්ට චාන්ස් එකක්.දැන් ජවිපෙ ඉන්නේ මේක කරගෙන යන්නේ කොහොමද කියලා හොඳටම බයවෙලා.
ඒකට හොඳම උදාහරණය තමයි පහුගිය 11 වෙනිදා දෙරණ 360॰ වැඩසටහනට ආපු ජනාධිපති අනුර පෙන්නුව වෙනස.
අනුර කෙලින්ම ජවිපෙ වේදිකා උඩ එයාම කියපු ස්ථාවරයන් අකුල ගත්තා.අනුර කියපු වැරදි කතා අනුරම නිවැරදි කළා.ණය අරන් රට පාලනය කරන්න ජනාධිපතිලා මොකටද අහපු අනුර දැන් කියන්නේ ණය ගැනීම අපරාධයක් නෙවෙයි කියලයි.ගන්න ණයවල වත්කම් හරියට තියනවා නං ප්රශ්නයක් නෑ කියලා අනුර කියනවා.
ඒ වගේම විජිත ණය ගත්තේ නෑ කියන එකත්,ටිල්වින් ඉල්ලන්නෙත් නැතිව ලෝක බැංකුවෙන් මූදලක් දුන්නා කියන එකත්,ලෝක බැංකුවෙන් දුන්නේ ප්රදානයක්ද,ණයක්ද කියලා දන්නේ නෑ කියලා හදුන්නෙත්තිගේ කතාවත් ඇතුළු ජවිපෙ සියලු ස්ටේජ් කතා පැත්තකින් තියලා අනුර පිලිගත්තා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ගත්තා කියලා.ඒ විතරක් නෙවෙයි අනුර කිව්වා IMF තුන්වෙනි සමාලෝචනය ඉක්මන් කරගෙන ඉක්මණින් ඊළඟ වාරිකය ගන්න උපරිම උත්සහ කරනවා කියලා.
ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය අරන් රටේ සංවර්ධන කටයුතු පටන් ගන්නත් උපරිම උත්සහ කරනවා කියලා අනුර කිව්වා ” බොරු මිල සූත්රය එපා – තෙල් මිල අඩු කරනු ” කියපු අනුරම දැන් කියනවා මිල සූත්රය කියන්නේ නරක දෙයක් නෙවෙයි කියලා.ඒකෙන් පේන්නේ අනුරට යම් තරමකට මොළේ පෑදිලා කියන එකයි.නැත්තං පෑදීගෙන එනවා කියන එකයි.අනුර රටේ ජනාධිපති විදිහට මුහුණ දෙන අවධානම,හෙට දවසේ එන්න නියමිත ආර්ථික අර්බුදයට ඉස්සෙල්ලා 113 ත් නැතිවුනොත් මොකද කරන්නේ කියන ප්රශ්නය අනුරගේ ඔළුවට වැටිලා වගේ.
අනුර 360° ට ඇවිත් කියපු කතා ටික කලින් රටේ රාළ කියනකොට ජෙප්පෝ අපිව පතුරු ගැහුවා. තිත්ත කුණුහරුපෙන් බැන්නා.හරි නං ජෙප්පෝ ඒ කතා ටික දැන් අනුරටත් කියන්න ඕනි.රටේ රාළට නං අනුරට කියන්න තියෙන්නේ අන්න එහෙම එන්න සහෝදරයා කියලා විතරයි.ඔහොම යං, ඔහොම යං කියලා කියන්නත් පුළුවන්.මේ තත්වය මාලිමාවේ බයියන්නට සහ ගිරාපෝතකයන්ට කියවගන්න බෑ.මේ තත්වය කියවාගන්න පුළුවන් කීපදෙනෙක් හරි ජවිපෙ ඇතුලේ තවමත් ඉතිරිවෙලා ඉන්නවා කියලා රටේ රාළ හිතනවා.ඔය මොන කමකට නැති කතා කිව්වත් ලාල්ට මේ තත්වය කියවගන්න පුළුවන්. මොන අන්තවාදී ප්රවේශවල හිටියත් බිමල්ටත් ඒ knowledge එක තියනවා.
ජවිපෙ ආණ්ඩුවට ආර්ථික ප්රශ්න එන්න තව කෙටි කාලයක් යයි.ඊට ඉස්සෙල්ලා යම් විදිහකින් 113 ගන්න බැරි උනොත් අමතර දේශපාලන ප්රශ්නයක් එනවා.එතකොට ඉස්සෙල්ලාම එන්නේ ආණ්ඩුවක් පිහිටවන්නේ කොහොමද කියන ප්රශ්නය.මෙතනදී ජවිපෙ විසින් හදපු මතවාදයන් තවදුරටත් ජවිපෙ සම්ප්රදායික උගුල ඇතුලේම හිරකරලා තියන්න බලපාලා තියනවා.නිකං හිතන්නකෝ ජවිපෙට 113 ගන්න බැරිවුනා කියලා.එතකොට කාත් එක්කද ජවිපෙ ආණ්ඩුවක් හදන්නේ.සිලින්ඩරේ ඔක්කොම හොරු නං.සජබෙ ඉන්න ඔක්කොමත් හොරු නං,පොහොට්ටුවේ ඔක්කොමත් හොරු නං මොකා එක්කද ආණ්ඩුවක් හදන්නේ.
දිලිත් එක්කත් බෑ.මොකද ජවිපෙට අනුව දිලිතුත් හොරෙක්.එහෙනං රන්ජා සහ අලිරාජා එක්කද ආණ්ඩුව හදන්නේ.අනුර මහ මැතිවරණ වේදිකාවක කිව්වා උතුරේ පක්ෂයක් මහ මැතිවරණයෙන් පස්සේ මාලිමාවත් එක්ක වැඩ කරන්න සුදානම් කියලා දැනටමත් දන්වලා තියනවා කියලා.හැබැයි පක්ෂය මොකද්ද කියලා කිව්වේ නෑ.පහුගිය දවසක උතුරේ ගිය බිමල් ඩග්ලස් දේවානන්දටයි. සුමන්තිරන්ටයි ගැහලා නෝන්ඩි කළා.අනුරත් උතුරේ වේදිකාවේ ඉදන් කිව්වේ එයාලා දැන් පරක්කු වැඩියි කියලයි. උතුරට සෙනඟ ඇදලා රැස්වීම් කළා කියලා අනුරට ආපිට සුමන්තිරන් ප්රහාරයක් එල්ල කළා. අනුර සහ සුමන්තිරන් කියන්නේ හොඳ යාළුවෝ දෙන්නෙක්.මේ දෙන්නාගේ විරසකය යට දේශපාලන රහසක් තියෙන්න ඕනි.
ඇත්තටම ජවිපෙට 113 ගන්න බැරි උනොත් කාත් එක්කද ආණ්ඩු හදන්නේ.රටේ රාළ කියන්නේ මෙතනදී බෙදුම්වාදීන් සහ NGO නඩයක් ජවිපෙට උගුලක් අටවමින් ඉන්නවා.ජවිපෙ ඒ උඟුලට පය තිබ්බොත් රටේ ආර්ථික ප්රශ්න එන්න ඉස්සෙල්ලා ජවිපෙ වෙන දේශපාලන අර්බුදයකට මුහුණ දෙනවා.ඒ උඟුල අටවලා තියෙන්නේ මාලිමාව ඇතුලෙන්ම තමයි.රටේ රාළ ඉතාමත් වගකීමෙන් කියනවා ජවිපෙ ආණ්ඩුව බෙදුම්වාදීන්ගේ සහ NGO නඩයේ අතට ගැනීමේ සැලැස්මක් තියනවා. ජවිපෙ 113 ගත්තොත් ජවිපෙට ඒ ප්රශ්නය එන එකක් නෑ.ඒත් කුමන්ත්රණ ඇතුලේ තියෙයි.113 ගැනීමෙන් ජවිපෙට එන උද්දච්ච මානසිකත්වය නිසා උගුල පේන එකක් නෑ.
ඒ උද්දච්ච ගමන යන ජවිපෙට වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න වෙනවා.ජවිපෙ ඔය මොන විදිහට ගියත් මීට අවුරුදු දෙක හමාරකට උඩදී මේ රටේ තිබුණ තත්වයට ළඟදීම මුහුණ දෙන්න වෙනවා.එක පැත්තකින් ආර්ථික අර්බුදය,ඒ නිසාම ඇතිවෙන දේශපාලන අර්බුදයට ජවිපෙට මුහුණ දෙන්න වෙනවා.ඊට කලින් 113 ත් නැති උනොත් අර්බුදය තවත් බරපතල වෙනවා.ජවිපෙට මේ කොතනකදී හරි පොදු වැඩපිලිවෙලකට එකඟ වෙන්න වෙනවා.සියලු දෙනා එකතු වෙලා රට ගොඩදාන සැලැස්මකට එන්න වෙනවා.
රනිල් කළේ ඒක.ජවිපෙට බැරිත් ඒක.ඒත් ජවිපෙට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි එතෙන්ට පහු බහින්න වෙනවා.අපි බලමු මැතිවරණ ප්රතිඵලය අනුව ජවිපෙ යන්න වෙන්නේ මොන පාරේද කියලා.අපිට අනුරව එළවලා ජනාධිපති පුටුවේ රනිල් ඉන්දවන්න තරම් ලොකු අමාරුවක් නෑ.හැබැයි අනුරලත් පිලිගන්න ඕනි රනිල් කිව්ව පාර හැර වෙන පාරක් නෑ කියලා.ඒ පාරේ යනවා නං රටට ඇත්ත කියමින් රට ගොඩනගන්න කාගේත් උදව් අරගෙන යන ගමනක් තමයි ඉතිරිවෙලා තියෙන්නේ.
මාලිමා මුහුණ දෙන ප්රශ්නයට උත්තරය මොකද්ද කියලා හෙට ප්රතිථලයෙන් පස්සේ කතා කරමු.
හරි එහෙනං ගිහින් එන්නම්.
ජයවේවා.
මීට

රටේ රාළ.

May be an image of 2 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *