|

අනුර කුමාර පළවෙනි ” Y Junction ” එක ළඟට ඇවිත් – රටේ රාළ

ජාත්යන්තර මූල්ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ක්රියාත්මක ණය වැඩසටහනේ තුන්වන සමාලෝචනය කරන්න IMF නියෝජිතයින් මේ සතියේ දිවයිනට එන්න නියමිතයි.තුන්වෙනි සමාලෝචනය සාර්ථක උනොත් තමයි අපිට ඊළඟ ණය වාරිකය හම්බවෙන්නේ.මීට ඉස්සෙල්ලා ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයෝ මෙහේ ඇවිත් සාකච්ඡාවක් කරලා ගියා.ඒක බොහෝ වෙලාවට සුහද මට්ටමෙන් තිබුණ සාකච්ඡාවක්.
පස්සේ අපේ රටේ නියෝජිත පිරිසක් නිව්යෝර්ක්වලට ගිහින් සාකච්ඡා කරලා තිබුණා. ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිත පිරිස මේ සාකච්ඡාවෙදී නව රජයේ ආර්ථික ප්රතිපත්තිය, මැතිවරණ ප්රතිපත්ති ප්රකාශණය සම්බන්ධව සවිස්තරාත්මකව සාකච්ජා කරයි.මෙතනදී මාලිමා ආර්ථික කවුන්සිලයේ කට්ටියට වගකීමක් තියනවා ගිය සැරේ වගේ නැතිව IMF නියෝජිතයන්ට එයාලගේ වැඩපිලිවෙල ගැන හරි picture එකක් හදන්න.දැන් අනුර රනිල්ගේ ආණ්ඩුවත් එක්ක හැදුන IMF එකඟතාව ඉස්සිල්ලක් පාපිල්ලක් වෙනස් නොකර ඉදිරියට ගෙනියන්න ලෑස්තියි.ඒ බව නිව්යෝර්ක් අධිකරණයට දිව්රුම් ප්රකාශයකිනුත් සහතික කරලා තියනවා.
අනුරලා වේදිකා උඩ කියපුවා IMF එකට අදාල නෑ. ඒවා අදාල ගිරාපොතක ජෙප්පන්ට විතරයි. ජෙප්පන්ව ශේෂ් කරගන්න වැඩේ අනුරලා, ටිල්වින්ලා වෙනම බේරගන්න ඕනි.හැබැයි ගිය පාර වගේ සාකච්ඡාව අවුල් කරලා රට අමාරුවේ දාන්න නං එපා.එතන ගිහින් සෙල්ෆි ගහනවා වගේ ළමා වැඩ නොකර රටේ වගකීම හරියට ඉෂ්ඨ කරලා එන්න.හදුනෙත්ති සහෝදරයා නං එතෙන්ට නොයන තරමට හොඳයි.
ආර්ථික කවුන්සිලයේ කට්ටිය ගොඩක් ඉන්නවා කියලා පෙන්නන්න කඳන් ගෙනිහින් එතන පිළිම වගේ හිටවලා තියලා වැඩක් නෑනේ.අඩුම ගානේ වචනයක් හරි කතා කරන අය ගෙනියන්න ඕනි. ඊළඟට හදුන්ලා අර අපිට දානවා වගේ ගොබ්බ කෑල්ලක් එහෙම දැම්මොත් රටම ඉවරයි.මෙතනදී ජාත්යන්තර මූල්ය අරමුදල එක්ක අපි ඇතිකර ගත්ත එකඟතා ක්රියාත්මක කිරීම සහ මෙරට ආර්ථික ප්රතිසංස්කරණ වැඩසටහනේ මෙතෙක් සිදුවෙලා තියන ප්රගතිය ගැනත් සමාලෝචනයක් කරයි.
එතනදී එදා වේදිකා උඩ කෑගහපූ අයට මෙච්චර කල් රනිල්ගේ ආණ්ඩුවෙන් හොඳට කරගෙන ආවා වගේ අපි ඉදිරියටත් හොඳට කරගෙන යන්නං කියලා කියන්න වෙනවා.
ජාත්යන්තර මූල්ය අරමුදල එක්ක ඇති කරගෙන තියන ගිවිසුම අනුව තවදුරටත් ඉදිරියට යනවා කියලා පසුගියදා රූපවාහිනී සංවාදයකකට ආපු අනුරත් කිව්වා.කොහොම හරි ඊළඟ වාරිකය ගන්න බැරි උනොත් හරි,තව කල් ගියොත් හරි ආණ්ඩුව විතරයක් නෙවෙයි රටත් අමාරුවේ වැටෙනවා.ගොඩක් වෙලාවට ඊළඟ වාරිකය අයවැය ඉදිරිපත් කළාට පස්සේ හම්බ වෙන්න පුළුවන්.
ඒක හින්දා ගිය පාර වගේ IMF එකට උපදෙස් දෙන්න යන්නේ නැතිව IMF නියෝජිතයින් අහන ප්රශ්නවලට දෙන උත්තර ටික හදාගෙන යන්නයි ඕනි.කට්ටිය ගිහින් කාලා බීලා සාකච්ඡා කරලා ඇවිත් වැඩක් නෑ.අපිට ඕනි හොඳ out put එකක්. ඒක නිසා මාලිමාවේ ආර්ථික ප්රතිපත්ති මොකද්ද කියලා පැහැදිලිව එතනට කියන්න.මාලිමාවට ආර්ථික ප්රතිපත්තියක් නැත්තං රනිල්ගේ ආර්ථික ප්රතිපත්තිය හරි අනුරගේ එක වගේ ඉදිරිපත් කරන්න.
ඔච්චර බොරු කියන එකේ ඔය බොරුව විතරක් කියන්න බැරිවෙන්න බෑනේ.
විශේෂයෙන්ම රජයේ ආදායම සහ සහනදීමෙන් වැයවෙන මුදල් හොයා ගන්නේ කොහොමද කියලා පෙන්නන්න වෙයි.ඒවාට උත්තර හදාගෙන යන්න.හදුනෙත්ති එක් කරගෙන යනවා නං අර දයාෂාන් අයියා ගැන,කැනඩාවේ ඩොලර් මිලියනය එවන යාළුවා ගැන එතන කියන්න එපා කියන්න.ඒ වගේ ගං කබර ටෝක් දැම්මොත් වැඩේ ගස් හරිද?මිනිහා බලාගන්න කෙනෙක් ළගින් ඉන්දලා තිබ්බත් කමක් නැ(ජෙප්පොනේ)
2028 වෙනකොට අපි ණය ගෙවිම ආරම්භ කරන්න ඕනි.ඊට ඉස්සෙල්ලා 2027 වෙනකොට අපි සම්පුර්ණ කරගන්න ඕනි ටාගට් ටිකක් තියනවා.
ඒ ඉලක්ක ගැන අවබෝධයක් හදාගෙන යන්න කියන්න.2027 වෙනකොට රජයේ ආදායම දළ ජාතික නිෂ්පාදනයෙන් 15% ක් දක්වා වැඩිකර ගන්න ඕනි.දැනට තියෙන්නේ 11.5% ක වගේ සීමාවක.ඒ කියන්නේ 2025 අවුරුද්දේ ඉඳන් අපි හැම අවුරුද්දකම තවත් 1% කින්වත් රජයේ ආදායම වැඩිකර ගන්න ඕනි.ඒකට අපේ යෝජනා අහයි.බදු සහ paying tax අඩු කරනවා නම් ඒ ආදයම හොයන විදිහ ගැන විකල්ප යෝජනා ගෙනියන්න කියන්න.අපේ අතිරික්ත ගිණුමේ ශේෂය 2027 වෙනකොට දළ ජාතික නිෂ්පාදනයෙන් 2.5% ක අගයක් ගන්නත් ඕනි.
ඊළඟ රටේ සංවර්ධනය දැන් ධන අගයක තියාගන්න ඕනි.රනිල් දැන් ධන කරලා දීලා තියනවා.ඒක මේන්ටෙන් කරන විදිහත් පැහැදිලි කරන්න බලාගෙන යන්න.අනුරලාගේ ආණ්ඩුව කිසිම ටාගට් එකක් නැතිව එදා වේල ටුවර් එකක් දිව්වට IMF එක යන්නේ ඉළක්ක සහගතව.IMF එකේ ප්රධාන කාර්යභාරය වෙන්නේ ණය ගිමියන් සහ ණය ගැතියන් අතර අවබෝධය හදමින් ණය ගැතිභාවෙන් සහ බංකොලොත්භාවයෙන් රට මුදාගැනීම වෙනුවෙන් විදිමත් මූල්ය කළමණාකරණයක් පවත්වාගෙන යන්න මඟ පෙන්වීම.
ඊළඟට අපේ යන කණ්ඩායම දැනගන්න අපි සහ IMF එක අතර ගිවිසුම දැන් රටේ නීතියක් නිසා වේදිකා උඩ කියපු ගොං කතා එතන නොකියා ඉන්න.
රටේ රාළට අනුරගේ ආර්ථික ඔස්ථාර්ලට කියන්න තියෙන්නේ ඔච්චරයි.කොහොම හරි වැඩේ ගොඩදාගෙන එන්න.වැඩේ අවුල් කරගෙන ඇවිත් 76 අවුරුදු සාපයට බනින්න එපා.වැඩේ හරියට ගොඩදාගත්තේ නැත්තං ළඟ එන ආර්ථික අර්බුදයේදී දේශපාලනඥයින්ට විතරක් නෙවෙයි ආර්ථික කවුන්සිලයේ කට්ටියටත් ජනතාවගෙන් ගුටි කන්න වෙයි.අනුර අද බොහොම පහසුවට කයිවාරු ගහගෙන යන්නේ රනිල් කපලා දීපු පාරේ.ඔය පාරේ තව පොඩි දුරක් යනකොට පළවෙනි Y Junction එක හම්බ වෙනවා.ඒකේ එක පාරක් තියෙන්නේ රනිල් කියන පැත්තට යන්න. අනිත් පාර කියන්නේ අනුර ඡන්දයේදී ජනතාව චූන් කරපු බොරු සුරංගනා ලෝකය පැත්තට යන්න.
අනුර අමාරුවෙන් හරි රනිල් පෙන්නපු පාර තෝරගත්තොත් හොඳයි.හැබැයි එතකොට ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජනතාවට දුන්න බොරු පොරොන්දු ඉෂ්ඨ කරන්න බැරිවෙනවා.අනුර IMF පාර අතෑරලා චූන් පාන් පාර තෝරගත්තොත් IMF වැඩපිලිවෙල නතර වෙලා රට අර්බුදයට යනවා.රට අර්බුදයට ගියාට පස්සේ ඒත් ජනතාව නැගිටිනවා.බලමු අනුර Y Junction එක ළඟදී ගන්න තීරණය මොකද්ද කියලා.ඒකත් හරියට මඟ හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට

රටේ රාළ.

May be an image of 1 person, beard and dais

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *