ඔළු වලත් කැළි කසළ – අනුර සූරියබණ්ඩාර

පාසැලක් අසල බස් රියක් නතර කරිණ. ගුරුවරියන් යැයි පෙනෙන තරුණියන් දෙදෙනකු බසයට නැ`ගුණි. හැඳ සිටියේ සුදු සාරි වන නිසාත් වයස අනුවත් ඔවුන් විද්‍යාපීඨ ගුරුවරියන් බව අනුමාන කළ හැකිය.
බසය මද දුරක් ධාවනය වන අතර තැම්බූ බඩ ඉ`ගුරු වෙළෙන්දෙක් පිමිණියේය. ගුරුවරියන් දෙදෙන බඩ ඉ`ගුරු ගත්හ. බඩඉ`ගුරු විකුණන්නේ් ෂොපින් බෑග් යයි ජනප‍්‍රිය නමින් හැඳින්වෙන කවර වල බහාය. බඩඉරි`ගු කා අවසන ගුරුවරියෝ බඩයත් එය බහාලූ පොලිතින් බෑගයත් රිය කවුළුවෙන් පාරට විසිකර දැමූහ.
බස්නාහිර පළාතේ පමණක් දිනකට කසල මෙට්ටි‍්‍රක් ටොන් 30000ක් පමණ නිපදවෙන බව කියැවේ. ඇතැම් අංශ පවසන ආකාරයට එය මෙට්ටි‍්‍රක් ටොන් 6000 දක්වා 2050 වසර වනවිට ඉහළ යනු ඇත.
එකතු කරන්නේ මෙ.ටො. 2400 කි. ඉන් දැනට එකතුවන මෙ.ටො. 3500න් 15%ක් පමණ ප‍්‍රතිචක‍්‍රියකරණයට යොමු කෙරෙන අතර ඉතිරි 75%  ඉරණම එළිමහන් තැනක ගොඩවී කුණු කසළ කඳු බවට පත්වීමයි.
මෙරට කසළ එක්රැුස් කිරීම බහුලව පැවරී ඇත්තේ පළාත් පාලන ආයතන වලටය. එක්රැුස් කිරීම නිසි පරිදි නොකෙරෙන අතර බැහැර කිරීම කෙසේවත් විධිමත් නැත. බොහෝ පළාත් පාලන ආයතන අනුගමනය කරන විධික‍්‍රමය වන්නේ කසළ කළමනාකරණය නොවේ. කොතැනකට හෝ ගෙනගොස් දමා කසළ ප‍්‍රශ්නයෙන් අතසෝදා ගැනීමයි. නිදසුන් පවසතොත් කුණ්ඩසාල න`ගරයේ වැසිකිලි ගලි බැහැර කෙරෙන්නේ මහවැලි ග`ග අසල වනජීවියට අයත් ඉඩමකටය. මිනිපේ නගරයේ කැළිකසළ එකතුවන්නේ රණසිංහ පේ‍්‍රමදාස ප‍්‍රාථමික පාසලේ ක‍්‍රිඩා පිටියට මීටර් 50ක් සහ යෝධ ඇළට මීටර් 10ක් දුරිනි.
බදුල්ල නගරයේ කුණු, පාසල් ළමයින් භාවිත කරන වින්සන්ට් ඩයස් ක‍්‍රිඩාංගනයට හළයි. කුණු කන්දේ සිට බදුළු ඔයට දුර මීටර් 100කි. කෑමට බීමට ගොවිතැනට ජනතාව ජලය ලබාගන්නා මූලාශ‍්‍රයට කුණු කසල එක්වේ. වැලිමඩ නගරයේ කුණු ගොඩගැසෙන්නේ කිරිඋතුරන වැව අසලය. කිරි උතුරන වැවේ කුණු උතුරන්නේ එහෙයිනි. මාතලේ කුණු කන්ද දියපහළ ඔය අසලය. මාතලේ පළාත්පත්වල කුණු එකතුවන්නේ සුසාන භූමියකය.
කසළ කළමණාකරන විශේෂඥයන් පෙන්වා දෙනේනේ මෙරට කුණු ප‍්‍රශ්නයේ ප‍්‍රධාන සාධකය අවධානය මදිකම සහ අධ්‍යාපනය මදිකම බවයි. අවධානය සහ අධ්‍යාපනය මදිකම කාගේද? ජනතාවගේය. පළාත් පාළන බලධාරීන්ගේය.
ඉහත සඳහන් කළ ගුරුවරියන් දෙදෙන කසළ බැහැර කළ අන්දම අනුව කසළ සම්බන්ධව මෙරට පාසල් පද්ධතිය අනුගමනය කරන ‘කුණු පිළිවෙත්’ හඳුනාගත හැකිය. ගුරුවරයා හිටගෙන මුත‍්‍රා කරන විට ගෝලයා දුවමින් මුත‍්‍රා කරන බව පැරැුණි කියුමකි.
කුණු පිළිබඳව සමාජ ආකල්ප හැඩගැස්වීමට පාසැල් පද්ධතියට කළ හැකි මෙහෙවර ඉමහත් නමුත් එය නිසි ආකාරයෙන් සිදුවන බව පෙනෙන්නේ නැත. තමන්ගේ කුණු අනුන්ට පැවරීම අපේ ජාතික පිළිවෙල වී ඇතුවා සේය. පාරේ යන අතර කුණු විසිකරන, සුනඛයා මළපහ කරවීමට පොදු පාරට රැුගෙන එන මිනිසුන් අපට හමුවන්නේ එහෙයිනි. පරිසරය වැනි විෂයන් විෂය නිර්දේශයේ තිබුණද පාඩම් ඉගෙන ගන්නේත්, උගන්වන්නේත් විභාග සමත් වීමට මිස ප‍්‍රායෝගික ජීවිතයටය ගලපා ගැනීමට නොවේ.
කොළඹ ඇතැම් හොටලයක ආහාර ඉතුරු බිතුරු ලොරිවලට පැටවීමට සේනකයනට පැය 5ක් පමණ දිනකට වැය කිරන්නට සිදුවන බව කියැවේ. ඒවා පරිභෝජනයෙන් ඉතිරි වූ දේය. ආහාර අපතේ යැවීම ජාතික විනාශයකි. සාදයකට 50කට ආරාධනා කළ විට පැමිණෙන්නේ ඊට අඩු පිරිසක් නම් ආහාර අපතේ යයි. ඒ අතර ආහාර හිගය පිළිබඳවත් ආහාර ද්‍රව්‍යවල මිල ඉහල යාම ගැනත් අපි උස් හඬින් විරෝධය නළකරමු.
නිවෙසක කසල නිසි පරිදි වර්ගී කරන විට රටේ කසළ ඉබේම වර්ගීකරණය වේ. දැන් ආපන ශාලාවල අලූත්ම විලාසිතාව වන්නේ පි`ගනාට ලන්ච් සීට් ඔතා ආහාර පිළිගැන්වීමයි. පි“ගන් සේදීමේ පිරි වැය ඉතිරි වීමේ ලාභය මුදලාලිට හිමිවන නමුත් කසළවල බර දරන්නට එකී මුදලාලිත් ඇතුළුව සමස්ථ රටටම සිදුවේ. එකළ කෙසෙල් කොළයේ බත් දුන් සයිවර් කඩයටද ලන්ච් ෂීිට් පැමිණ තිබේ.
හෝටලවල පි`ගනට ලන්ච් ෂීට් ගහනම් කිරීම වැනි සරල විසඳුමකට යාමට ආණ්ඩුවට හැකියාව ඇතැත් ආණ්ඩුව කතාකරන්නේ, ආයෝජකයන්, යන්ත‍්‍ර සූත‍්‍ර, වන්දි ගැන පමණි. ගම්වලින් කොළඹ හා වෙනත් නගර වලට බත් පාර්සල් කීයක ලන්ච් ෂීට් දිනකට එකතු වන්නේද සෑම කාර්යාලකටම ලන්ච් ෂීට් තහනම් කොට කෑම පෙට්ටියක් ආදේශ කළහොත් අවැඩක් සිදු වේද?
සමාගම් වලින් නිපදවන බිස්කට්ඳ චොක්ලට්, මස් වැනි නිශ්පාදන පොලිතීන් ඉතිරි කරන මාර්ග වී තිබේ. අත්‍යවශ්‍ය දේට හැර පොලිතින් සහ නොදිරන ද්‍රව්‍ය උපයෝගි කර නොගෙන සිටින්නට සමාගම් වලට වග බලා ගත හැකිය. ආණ්ඩුව ඒ සඳහා ඔවුනට අනුබල සහ සහයෝගය ලබා දිය යුතුය.
පරිසරවේදින්ගේ ප‍්‍රමුඛ කාර්යය විරෝධය දැක්වීමයි. විරෝධතාවලට උනන්දු වන තරමට ඔවුන් විසඳුම් වලට උනන්දු වන බවක් පෙනෙන්නට නැත. කැළි කසළ ප‍්‍රශ්නයට තිරසාර විසඳුමක් සොයා ගත යුතු නම් මුලින්ම අවශ්‍ය වන්නේ ආකල්පමය අරගලයකි. ප‍්‍රසිද්ධියේ දුම් පානය සමාජයෙන් තුරන් කිරීමට රාජ්‍ය නොවන සංවිධාන කළ මතවාදිමය අරගලයෙන් මෙරට පරිසර සංවිධානවලට පාඩම් ඉගෙන ගත හැකිය. දුම්බොන්නා මෝඩයකු බවත් ප‍්‍රසිද්ධ ස්ථානවල දුම්බීම වරදක් බවත් එවන්් දුම්බීමට විරුද්ධ වන්නට අනෙකුන්ට අයිතියක් ඇති බවත් ඔවුහු සමාජ ගත කළහ. තැන තැන කසළ දමන්නාද මෝඩයකු බව කීමට පරිසර වේදින් පරිසර සංවිධාන ඉදිරිපත් විය යුතුය. එය පොදුජනතාවටත් කසළ ආාවාට ගියාට බැහැර කරන සමාගම්, පළාත් පාලන ආදි සියල්ලට පොදුය. හානිකර කසළ බැහැර කරණය නොදැක්කා සේ සිටීමේ පුරුද්දෙන් ජනතාව මුදාගත හැකි නම් ප‍්‍රශ්නයෙන් වැඩි ප‍්‍රතිශතයක් ඉබේ විසඳෙනු ඇත. ඒ සඳහා කසළ යනු පරිසරවේදින්ගේ ප‍්‍රශ්නයක් වෙනුවට පොදු ජනතාවගේ ප‍්‍රශ්නයක් කළ යුතුය.
මෙරට කුණු ප‍්‍රශ්න ආකාර දෙකකි. එනම්, තැනෙක ගටලූ සහගත ලෙස කුණු එකතුවෙන අතරම තවත් තැනක ප‍්‍රතිචක‍්‍රිකරණ ධාරිතාව සපුරා ගැනීමට සෑහෙන තරම් කුණු ඇත්තේ නැති වීමයි. ‘පිටත කුණු අපිට එපා’ වැනි ප‍්‍රාදේශිය වාදී සටන් පාඨ ඊට ප‍්‍රධාන හේතුවයි.
නිසි ලෙස කළමනාකරණය කරන්නේ නම් කුණු ආදායම් මාර්ගයකි. රැුකියා උත්පාදන මාර්ගයකි. නයිජීරියාවේ වීසයිකලර්ස් එක් නිදසුනක් පමණි. එම සංවිධානය කසල ප‍්‍රශ්නයත් විසඳා ජනතාවගේ අදායමත් සරු කොට ලක්‍ෂ 05 කට රැුකියාත් සපයා දී තිබේ. අග‍්‍රාමාත්‍යවරයාගේ ඉලක්කය රැුකියා දශ ලක්‍ෂයකි. ඉන් ලක්‍ෂ පහක් කුණු වලින් විසඳීමට හැකිවන්නේ නම් ආණ්ඩුවද ඒ ගැන කල්පනා කළ යුතුය.
මහනුවර ප‍්‍රදේශයේ එක් තැනැත්තෙකුට කුණු අවශ්‍යව තිබියදිත් පළාත් පාලන ආයතන සපයා නොදෙන බවට මේ දිනවල ප‍්‍රවෘත්තියකින් කියැවේ. ඔහුට අවශ්‍ය කුණු ලබා දෙන්නැයි උද්ඝෝෂණය කරන්නට පරිසර සංවිධානවලට ඉදිරිපත් විය නොහැකිද? පරිසර සංවිධානවල මුඛ විවර වන්නේ කුණු කඳු වලට කුණු බැහැර කිරීම් වලට පමණද?
පසුගිය ආණ්ඩු සමයේ කුණු වලින් කොමිස් ඉල්ලූ කතාවක් තිබේ. ඒ කොමිස් ප‍්‍රශ්නය නොවන්නට සමහර විට මීතොටමුල්ලේ ඛේදවාචකය ද සිදු නොවන්නට ඉඩ තිබුණා වන්නට පුළුවන. කොමිස් පසෙක දමා කුණු ප‍්‍රශ්නය විසදන්න යැයි එකල පරිසර සංවිධාන බලධාරීන්ට බල නොකළ හේතුව කුමක්ද?
කුණු බැහැර කරන ස්ථාන හේතුවෙන් පරිසර හානි සිදු වේ නම් විරෝධය පාමින් සිටිනු වෙනුවට වඩාත් හොඳින් ගැලපෙන වෙනත් ස්ථාන යෝජනා කිරීම වැනි විකල්ප යොජනා සඳහා පරිසර සංවිධානවලට යොමුවිය හැකිය.
නයිජිරියාවේ උදාහරණය එනම් වීසයිකලර්ස් වෙතට නැවත යොමුවන්නේ නම් විරෝධය පෑම වෙනුවට ඔවුන් තෝරාගත් ප‍්‍රායෝගික විසඳුමක් ක‍්‍රියාත්මක කරන්නට ඉදිරිපත් වීමයි. එවැනි පියවරකට යොමු වන්නේ නම් මෙරට පරිසර සංවිධාන වලටද පිටරටින් අරමුදල් ලැබෙන තුරු බලා ඉඳිනවා වෙනුවට තමන්තේ සංවිධානයේ ආර්ථික ශක්තිය වර්ධනය කරගන්නා අතරතුර ජනතාවතේ ආර්ථිකය ද ශක්තිමත් කරමින් රටේ රැුකියා ප‍්‍රශ්නයට ද යම් විසඳුමක් ලබා දී කසළ ප‍්‍රශ්නයද නිකසළ කළ හැකිවනු ඇත.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *