පහුගිය දවස්වල කැබිනට් ප්‍රකාශක විජිත හේරත් සහෝදරයා දිගටම කිව්වේ අපි සල්ලි අච්චු ගැහුවේ නෑ,ලෝකේ මොනම රටකින්වත්, ආයතනයකින්වත් ණය ගත්තෙත් නෑ කියලයි. හැබැයි විජිතගේ මේ කතාව බොරුවක් බව දැන් ඔප්පු වෙලා ඉවරයි.විජිත කිව්වේ මුදල් අච්චු ගැහුවා නම් අනුරගේ අත්සන තියෙන්න ඕනි කියලා.කෝ අත්සන කියලයි විජිත අහන්නේ. අනුරගේ අත්සන තියන මුදල් නොට්ටුවක් දකින්නත් ආසයි කියලා විජිත කිව්වා.
ටිල්විනුත් ඒ කතාව ඒ විදිහටම කියනවා.විජිත එහෙම කියලා ටික දවසකට පස්සේ හරිනි කිව්වේ අනුරගේ අත්සනින් මුදල් නෝට්ටු ආවොත් පුදුම වෙන්න එපා,ඒක මුදල් අච්චු ගැසීමක් කියලා පිලිගන්න එපා කියලයි.ආයෙත් දවසක සමන්ත විද්‍යාරත්න කියනවා අපිට ඕනි නං අපි ණය ගන්නවා.අපිට ඕනි නං අපි සල්ලිත් අච්චු ගහනවා කියලා.ජවිපෙ නායකයෝ හතර පස්දෙනෙක්ගේ කතා ඇහුවොත් එකමදේ ගැන එන්නේ කතා හතරක් පහක්.
ඇත්තටම මේවාට තමයි හතර බීරි කතා කියලා කියන්නේ.හැබැයි දැන් ජවිපෙ නායකයෝ කියන්නේ බොරු කියන එක රටම දන්නවා. රාජපක්ෂලාවත් මෙච්චර බොරු කිව්වේ නෑ.දැන් මහ බැංකුව පිලිගන්නවා මුදල් මැවීමක් සිද්ධ වුනා කියලා.මුදල් මැවීම අනුරගේ හරි විජිතගේ හරි මැජික් පොල්ලකින් කරන්න බෑ.ඒකට සල්ලි අච්චු ගහන්න වෙනවා.පහුගිය දවසක ලෝක බැංකුවේ නිල වෙබ් අඩවියේ තිබුණා ඩොලර් මිලියන 200 ක ණයක් ලංකාවට දුන්නා කියලා. දැන් බොරුව අතේ පත්තුවෙලා.
කුරුණෑගල නාමල් කරුණාරත්න කිව්වේ එයත් ණය ගත්තේ නෑ කියන විජිතගේ ස්ථාවරය වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා.මේවා දැන් ස්ටේජ් කතා කියලා අතෑරලා දාන්නත් බෑ.මොකද ලෝක බැංකුව බලයි අපෙන් ණයක් අරගෙන දැන් මුන් ගත්තේ නෑ කියනවා.ණයක් අරගත්තම ගෙවන්න බැරිවෙන එකයි,ගත්තේ නෑ කියන එකයි දෙකක්.සමහරවිට ආය මේ වගේ උන්ට ණය දෙන්නේ නෑ කියලා ලෝක බැංකුව තීරණය කරන්නත් පුළුවන්.දැන් මුදල් මැව්වා කියන නිවේදනය අයින් කරගන්න මහ බැංකුවටත් බෑ.
ඒක නිසාදෝ ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා ප්‍රශ්න බේරීමේ වගකීම බාර අරන්.ටිල්වින් කියන්නේ ජවිපෙ න්‍යායාචාර්යවරයා.අනුරටත් ගුරු හරුකම් දෙන්නේ ටිල්වින්.ටිල්වින් කොච්චර බලවත්ද කියනවා නම් මාලිමාවේ නිල ලේකම් නිහාල් අබේසිංහ කළුතරට පන්නලා ටිල්වින් දැන් මාලිමාව අත්පත් කරගෙන ඉවරයි.දැන් නිහාල් අබේසිංහ කියන්නේ ටිල්වින්ගේ නිර්දේශවලට මාලිමාවේ සීල් එක සහ එයාගේ අත්සන ගහන ඩමියක් විතරයි.විජිත ණය ගත්තේ නෑ කියලා කට වරද්ද ගත්ත එක නිවැරදි කරන්න න්‍යායාචාර්ය ටිල්වින් පෙරට ඇවිත්.
ටිල්වින් ඒකට තියරියකුත් හදලා.ඒ කියන්නේ න්‍යායාචාර්ය ටිල්වින් ඒකටත් න්‍යායක් හදලා. ටිල්වින් කියන්නේ ඉල්ලන්නේවත් නැතිව ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් අපට දුන්නා කියලයි.ඒ තරං ජාත්‍යන්තර සම්බන්ධකම් ජවිපෙට තියනවලු.අද වෙනකොට මෙරට ආණ්ඩුවකට ලැබිලා තියන වැඩිම ජාත්‍යන්තර සහයෝගය හිමි ආණ්ඩුව බවට අනුරගේ ආණ්ඩුව පත්වෙලාලු.ලෝක බැංකුව අපි ඉල්ලන්නෙත් නැතිව ඩොලර් මිලියන 200ක් දීලා කියලා තියෙන්නේ ඉදිරි වැඩවලට පාවිච්චි කරගන්න කියලා.
ඇත්තටම ටිල්වින්ගේ ප්‍රකාශයෙන් තේරෙනවා ජවිපෙ න්‍යායාචාර්යවරයා මොනතරම් පොඩි බබෙක්ද කියලා.රටේ රාළ කියන්නේ ඔය න්යායාචාර්යකමයි,පක්ෂ ලේකම්කමයි දෙන්න පොඩි ළමයෙකුට.ඔයාලා දන්නවා පොඩ් ලමයෙකුට උනත් අම්මලා,තාත්තලා උගන්නන්නේ කවුරුවත් දුන්න පලියට මොකුත් ගන්න එපා කියලා.අපිට පොඩිකාලේ ආච්චි අම්මා කිව්වේ සන්නාසි බිල්ලෝ කියලා ජාතියක් ඉන්නවා.
එයාලා එක එක ඒවා දීලා පොඩි ලමයි රවට්ටගෙන කරවල වේලන්න කරවල වාඩිවලට වැඩට ගෙනියනවා කියලා.ඒක නිසා පොඩි එකාට හොඳ මනුස්සයෙක් ලොසින්ජරයක් දුන්නත් සන්නාසි බිල්ලෙක් කියලා හිතලා ගන්නේ නෑ. හැබැයි මෙතන වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත.ලෝක බැංකුව ටිල්වින්ට අනුව සන්නාසි බිල්ලෙක් තමයි.ඔයාලට මතක ඇති ඒ දවස්වල ටිල්වින් තමයි කියන්නේ ජවිපෙ ආණ්ඩුවක් ආව ගමන් ඉස්සෙල්ලාම කරන්නේ ලෝක බැංකුවේ ෆ්ලග් එක ගලවන එක කියලා.
ඒ කියන්නේ අනුර සල්ලි අරන් තියෙන්නේ සන්නාසි බිල්ලා බව දැන දැනමයි.ටිල්වින් කියන විදිහට අපි ඉල්ලන්නේ නැතිව ලෝක බැංකුවෙන් අපට ණයක් දීලා.අනුර බලය ගන්න ඉස්සෙල්ලා කිව්වේ අපි තවත් ණය අරන් මේ රටේ ජනතාව තවදුරටත් ණයකාරයෝ කරන්නේ නෑ කියලා. මතකද අනුර ඇහුවා අපේ තියන ණය ඩොලර් බිලියන 47 ත් ණයක්ද කියලයි.අපි ලෝකෙට ණයයි කියලා කියන්න හැබැයි ගාණ කියන්න එපා ලැජ්ජයි කියලත් අනුර කිව්වා.
අනුර ඇවිත් එක දවසෙන් ඩොලර් බිලියන 47 ගෙවනවා කිව්වා.එහෙම කියපු අනුරට ඉල්ලන්නෙත් නැතිව ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක මුදලක් දීලා වැඩ ටික කරගන්න කියලත් කියලා.දැන් අපි ආයෙත් පොඩි එකාගේ කතාවට ගියොත්.පොඩි එකාට කියලා තියෙන්නේ අනුන් දෙන මොකුත් ගන්න එපා කියලනේ.දැන් ජවිපෙ පොඩි ලමයටත් ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් දීලා.එතනදී මහ ජෙප්පන්ට මතක් වෙන්න ඕනි අපි රටේ ජනතාවට පොරොන්දු වෙලා තියනවා ආපහු ණය අරන් උපන් නූපන් දරුවෝ ණය කරන්නේ නෑ කියලා.
ඒක හින්දා ඉස්සෙල්ලාම බලන්න ඕනි මේ ලෝක බැංකුව ඉල්ලන්නෙත් නැතිව දෙන්නේ ණයක්ද නැද්ද කියලා.මොකද ඒක ටිල්වින් හරි,අනුර හරි,ජවිපෙ හරි අරමුදලෙන් හරි ගෙවන්නේ නෑනේ.ජවිපෙ ප්‍රතිපත්තියට අනුව ණය ගන්නත් බෑ.ආධාරයක් නං ඒත් කමක් නෑ කියමුකෝ.අර ටිල්වින් සහෝදයාට ඔරලෝසු,බඳ පටි දෙන සහෝදරයා වගේ ලෝක බැංකු සහෝදරයාත් අපට පරිත්‍යාගක් කළාද දන්නේ නෑ.එහෙමත් නැත්තං අනුර සහෝදරයා ජනාධිපතිවරණ වේදිකාවේ කිව්වා වගේ ඇප නැති ණයක්වත්ද මේ දිලා තියෙන්නේ.
සමහරවිට අනුරගේ ඒ ආදර්ශය ලෝක බැංකුවත් අරන් ඇති.කතා කරලා ණය දෙනවා.ඉල්ලන්නෙත් නැතිව,ඇපත් නැතිව අපට ණය දෙනවද දන්නේ නෑ.ඇත්තටම ටිල්වින්ලා මේවා නොදැන කියන බොරු වෙන්න බෑ.එයාලා දන්නවා ගිරා පෝතක ජෙප්පෝ අයියලා කියන ඕනි බොරුවක් වැඳ වැඳ පිලිගන්නවා කියලා.අනික ජවිපෙ නායකයන්ට ඕනි බොරුවක් කියලා අපි එහෙම කිව්වේ නෑ කියලත් කිසිම ලැජ්ජාවක් නැතිව කියන්න පුළුවන්.රනිල්ට ආසියා සංවර්ධන බැංකුවේ සභාපති පුටුවට එන්න කියලා ආරාධනාවක් තියනවා කියලා පහුගිය දවස්වල මාධ්‍ය වාර්තා පලවෙලා තියනවා ඔයාලත් දකින්න ඇති.
සමහරවිට අනුරගේ මේ තියන දැනුමයි, ජාත්‍යන්තර සම්බන්ධකමුයි නිසා ධූර කාලය ඉවර උනහම ලෝක බැංකුවේ සභාපතිකමට අනුරට එන්න කියන්නත් බැරි නෑ.මේ කතාවලින් ඔයාලාට තේරෙන්න ඕනි ජවිපෙ ඉහල නායකයන් පවා කොච්චර ලඳ බොළඳද කියලා.රාජ්‍ය පාලනය නෙවෙයි රාජ්‍ය තාන්ත්‍රිකභාවය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති නොවැදගත් දේශපාලන ලිලිපුට්ටෝ ටිකක්.ඒ තරමට මෙයාලා දේශපාලන බබ්බු.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට