මහ මැතිවරණ කැම්පේන් එක දැන් අවසන් දින 11 ට ඇවිල්ලා.04 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මැතිවරණ දිනය වෙනස් උනේ නැත්තං නොවැම්බර් 14 වෙනිදා ඡන්දය තියනවා. කොහොම උනත් දැන් මැතිවරණ සටනේ ටිකක් වෙනස් හැඩයක් මතුවෙලා තියනවා.අනුර ජනාධිපති උනත් එක්ක මාලිමාව විසින් රටට කියපු බොරු හෙළිවෙමින් තියනවා.අනුරලා කිසිම හිරිකිතක් නැතිව ජනාධිපතිවරණ වේදිකාවේ තරඟයට වගේ බොරු බේගල් ඇදබෑවා.
හැබැයි ඒ සියල්ල දැන් රටට අනාවරණය වෙමිනුයි තියෙන්නේ.ඒක නිසාම මාලිමාවේ ජනප්රියභාවය යම් තරමකට අඩුවෙලා. ගිරාපෝතක ජෙප්පෝ ටික විතරයක් තැන තැන ඉතිරිවෙලා ඉන්නවා.ජවිපෙට තිබුණ මාලිමා බලවේගයේ සහයෝගය වේගයෙන් අඩුවෙමින් යනවා.අනුරගේ ජනප්‍රියත්වය වේගයෙන් අඩුවෙන බව ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද ප්රතිඵලවලිනුත් තහවුරු වෙනවා.අනුර වැටුණා කියලා සජිත්ගේ ජනප්‍රියත්වයේ වැඩිවීමක් පේන්නෙත් නෑ.සජිත් පරාද උන ගමන් සජිත් කළේ අනුරත් එක්ක ආණ්ඩු කරගෙන යන්න අගමැතිකම ඉල්ලමින් මහ මැතිවරණ කැම්පේන් එක පටන් ගැනීමයි.ඒකත් සජිත්ගේ ජනප්‍රියත්වය අඩුවෙන්න එක හේතුවක්.සජිත් අනුරලා ජනතාවට දුන්න පොරොන්දු ඉෂ්ඨ කරන්න බලකරනවා වෙනුවට අනුරත් එක්ක එකට යන ආණ්ඩුවක් හදන්න කැම්පේන් කරනවා. ඇත්තටම සජිත්ට කරන්න තිබුණේ සැබෑ විපක්ෂයේ සටන් පාඨ අතට ගැනීමයි.
හැබැයි දැන් ආයෙත් රනිල් සටන් භූමිය ආක්‍රමණය කරන්න පටන් අරන්.රනිල් ගැන සාකච්ඡාවක් ආයෙත් උඩට ඇවිත්.රනිල් දැන් පුවත් මවන්නෙක් වෙලා.සජිත් සටන අකුලද්දී රනිල් අනුර සහ මාලිමාවේ ආණ්ඩුව ඉලක්ක කරගෙන ප්‍රහාරය පටන් අරන්.අනුර සහ මාලිමාවේ නායකයෝ අද කියන කතාවලට රනිල් හෙට උත්තර දෙනවා.රනිල්ගේ මේ ප්‍රහාරයත් එක්ක මාලිමාවේ මැතිවරණ කැම්පේන් එක සැලකිය යුතු විදීහට ජෑම් වෙලා.
අපේ රටේ දේශපාලනයේ න්‍යෂ්ටි බවට පත්වෙලා තිබුණ මාලීමාව ක්‍රමයෙන් පරිධියට තල්ලු කරලා න්‍යෂ්ටියේ බලය අල්ලන්න රනිල් උත්සහ කරන බව පේනවා.රනිල්ගේ මේ නොසිතුව ප්‍රහාරයත් එක්ක මාලිමාවේ නායකයන්ට රනිල්ට උත්තර දෙමින් රනිල් වටේ කැරකෙන්න සිද්ධ වෙලා. දෙගොල්ලෝ දෙපැත්තට දීගන්න උත්තරවලින් වැඩිය ලකුණු වැටෙන්නේ රනිල්ට.රනිල්ගේ උත්තරවලින් රනිල් පෙන්නන්න හදන්නේ රනිල්ගේ පරිනත බව සහ ජවිපෙ නායකයන්ගේ ලාමක බව.
මහ ලොකු නායකයෝ වගේ පෙනුනට අනුරලාගේ ඇතුල හිස් බව රනිල් මොනවට ඔප්පු කරමින් ඉන්නවා.ජවිපෙ කියන්නේ අස්සේ මදෙත් කාලා වතුර ටිකත් බීපු හිස් තැඹිලි කෝම්බයක් කියලා ඒ දවස්වලම රටේ රාළ කිව්වා.රනිල්ගේ මේ දේශපාලන ආගමනය තමයි අද රටේ ප්‍රධාන මාතෘකාව බවට පත්වෙලා තියෙන්නේ.රනිල් ගැන දන්න අය දන්නවා රනිල් මේ ලෑස්ති වෙන්නේ තවත් දේශපාලන ගේම් එකකට කියලා.
ඒක තහවුරු කරන්නදෝ රනිල් මේ දවස්වල විදෙස් රටවල තානාපතිවරු ඇතුළු විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් හිටු කියලා හම්බ වෙනවා.රනිල් කියන්නේ හොඳ දේශපාලන ඉවක් තියන කෙනෙක්.රනිල් මේ විදිහට ස්ටේඡ් පොලිටික්ස්වල බැස්සේ ඇයි කියන ප්රශ්නය කාටත් තියනවා.රනිල්ට මොකක් හරි ඉවක් වැටිලද?රටේ රාළ දිගටම කිව්වේ අනුරලා ඇණ ගන්නේ අයවැය හදනවත් එක්ක කියලා.දැන් අනුරලා නොවැම්බර් මාසෙට අයවැයක් ගේන්නේ නෑ.
ගේන්නේ නෑ නෙවෙයි ගේන්න බෑ.එයාලා ඉදිරි මාස කීපයකට පරිපූරක ඇස්තමේන්තුවක් ගේන්න හදනවා.එතකොට අයවැය එන්නේ පෙබරවාරිවල හරි මාර්තුවල හරි.රටේ රාළ කිව්වේ ලබන අවුරුද්දේ අප්‍රියෙල්වල අර්බුදයට පටන් ගන්නවා කියලයි.ජූලි වෙනකොට ඒක උපරිම තැනට එයි.හැබැයි දැන් යන විදිහට පේන්නේ අර්බුදය එන්න ඉස්සෙල්ලා අනුරලා අර්බුදය ගෙන්න ගන්න හදනවා වගෙයී.
ඇත්තටම දැන් තියෙන්නේ අයිඑම්එෆ් ක්‍රියාවලිය නැවතුන මට්ටමක්.අපි IMF එකත් එක්ක කරගන්න ඕනි තුන්වෙනි සමාලෝචනය කල් ගිහින්.ඒක යෙදිලා තිබුණේ පහුගිය ඔක්තොම්බර් මාසෙට.ඒකෙන් පස්සේ තමයි අපිට හතරවෙනි වාරිකය හම්බ වෙන්න තියෙන්නේ.ඒක නැතිව කොහොමද අයවැයක් හදන්නේ.අඩුම ගානේ අනුරගේ ආර්ථික කමිටුව IMF එකත් එක්ක කරපු සාකච්ඡාවේදී එයාලට නිශ්චිත ආර්ථික වැඩපිලිවෙලක් ගැන විශ්වාසය තහවුරු කරන්න බැරිවුනා.
රටට පාට් දාන හදුනෙත්ති එතනදී කට ඇරියේ නෑ.සමහර අයට ඕනි උනේ IMF කණ්ඩායමත් එක්ක ඉක්මන් සෙල්ෆි එකක් ගහලා Facebook දාගන්න.අනුරගේ ආර්ථික කමිටුවේ අය කියලා තිබුණේ ජනතාවට මීට වඩා සහන දෙන්න ඕනි කියලයි.ඒකට IMF වරු විරුද්ධ වෙලා නෑ.එයාලා කියලා තිබුණේ ඕනි තරම් සහන දෙන්න හැබැයි රටේ මේ තියන ආදායම නැති කරන්න බෑ කියලා. ඒ දෙන සහනවලට යන මුදල් එකතු වෙන විදිහ ඇහුවම අපේ අයට බඩ බුරුල් වෙලා.
උත්තර නෑ.එතනටනේ මාලිමාවේ වැඩපිලිවෙල දාන්න ඕනි.තවත් මෙයාලගේ ඉල්ලීම් වෙලා තියෙන්නේ ඩොලර් ටික පිටරටට ඇදිලා යන විදිහේ ආනයනවලට අවසර ගන්න.වාහන ගෙන්වීම වගේ ඒවට.එතනදීත් IMF පෙන්නලා දීලා තියෙන්නේ ප්‍රශ්නයක් නෑ.හැබැයි ඒ පිටට යන ඩොලර් ටික හොයන ඩොලර් ආදායම පෙන්නන කියලයි.මේ එකකටවත් කට උත්තර නැතිව අනුරගේ ආර්ථික ඔස්ථාර්ලා ටික උඩ බලාගෙන හිටලා.
ඒක නිසා ආයෙත් බඩු මිල ඉහල යනවා,බඩු හිඟය ඇති වෙනවා.පෝලිම් දැනටමත් හැදිලා. උද්ධමනය වැඩිවෙනවා.අර්බුදය එනවා.දැනට මේ ප්‍රශ්නවලට පේනතෙක්මානෙක උත්තර නෑ.රනිල් එකපාරට ෆෝම් උනේ ළඟ එන මේ අර්බුදයේ ඉව දැනිලාවත්ද?ආය කොටයක් coming soon කියලා හිතිලද?රනිල් මේ හදන්නේ ඒකට ඕනි ටීම් එක ඇතුලට දාගන්නද?ගිය පාර තනියෙන් ගේම ගහපු රනිල් මේ පාර තමන්ගේ ටීම් එක ඇතුලට දාලා පස්සේ එන්නද හදන්නේ.දැනට නං පේන විදිහට නව රනිලාගමනයට පාර කපන්නේ අනුර ඇතුළු මාලිමාවේ සෙට් එක.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට