|

ජවිපෙ ගමනක අවසානය – රටේ රාළ

සමගි ජන බලවේගය කියන්නේ අපේ රටේ ප්රධාන විපක්ෂය.සජබෙ නායකයා සජිත්.සජිත් කියන්නේ පිය උරුමයෙන් දේශපාලනයට ආපු කෙනෙක්.ඒ වගේම සජිත්ට එජාප උරුමයකුත් තියෙනවා. සජිත් දේශපාලනයට මූලික අත්පොත් තිබ්බේ එජාපයෙන්.සජිත්ගේ දේශපාලන ගුරුවරයා රනිල්.රනිල්ගේ දේශපාලන ගුරුවරයා ජේආර්. අදත් රනිල්ට ජේආර්ගේ දේශපාලන බලපෑම තදින් තියන බව පේනවා.රටේ රළට අනුව නං ජේආර් කියන්නේ බොනපාට්වාදියෙක්.ඒ බොනපාට්වාදී ලක්ෂණ රනිල් ළඟත් තියනවා.
රනිල් කියන්නේ ලිබරල් කඳවුරේ ඉන්න අවසන් දැවැන්තයා කිව්වට කමක් නෑ.රනිල්ගේ දේශපාලන ගෝලයෝ තමයි අදත් සජබය සහ එජාපය ඇතුලේ ඉන්නේ.ඒ වගේම අනිත් පක්ෂවලත් ඉන්නවා.ඇත්තටම ගත්තොත් කඳවුරු දෙකක හිටියත් රනිල්ගේ හොඳම ගෝලයා අනුර.අනුරගේ ගෝලකම හැදෙන්නේ ගුරු භක්තිය ඇතිව නෙවෙයි.කොහොම උනත් රනිල්ගේ මතවාදය සහ වැඩපිලිවෙල නියමෙටම කරතියාගෙන යන්නේ අනුර.
ඒත් අනුර කියන්නේ එයා විජේවීරගේ ගෝලයෙක් කියලා.විජේවීරගේ ගෝලයෙක් රනිල්ගේ වැඩපිලිවෙල කරතියාගෙන යනවා කියන්නේ ජවිපෙ වගේ ව්යාපාරයකට මහ ලැජ්ජාවක්. හැබැයි අද ඉන්න ජෙප්පන්නට ඒක තේරෙන්නේ නෑ,තේරුණත් ගාණක් නෑ.මොකද අද ජවිපෙ කියන්නේ මතුපිටින් දේශපාලන ව්යාපාරයක් විදිහට පෙනුනට ඒක ඇත්තටම වෙළඳ ව්යාපාරයක්.දේශපාලනයේ නාමයෙන් ඒ වෙළදාම කරගෙන යන්න ජවිපෙ නායකයින් අති දක්ෂයි.
2008 න් පස්සේ ජවිපෙ practice කළේ සමාජවාදය නෙවෙයි අර කියන දේශපාලන වෙළඳාම. වෙළදාමේ තියෙන්නේ ගනු දෙනු සංකල්පය. හැබැයි ජවිපෙ වෙළදාමේ තියෙන්නේ ගනු විතරයි. දෙනු හරි අඩුයි.කම්සෙ,කලිසම,ඔරලෝසුව, බෙල්ට් එක,සපත්තු,මේස්,යට ඇඳුම් මේ සියල්ල ගනු ගණයට අයත්.හැබැයි ජවිපෙ ඇතුලේ දෙනු නෑ.වර්තමාන ජවිපෙ මිනිස්සුන්ට,රටට,සමාජයට මොනවද දීලා තියෙන්නේ ඇහුවොත් උත්තරය මොකුත් නෑ කියන එකයි.
ජවිපෙ පැත්තෙන් ඒ ප්රශ්නයට දෙන උත්තරය මොකද්ද කියලා ඇහුවොත් මෙච්චර දවස් එයාලා කිව්වේ රටට,ජනතාවට දෙයක් දෙන්න අපට බලය නෑ කියලයි.සියල්ල කරන්න බලය ඕනි කියලයි.ඒ කියන්නේ ලෙඩෙකුට පෙනඩෝල් දෙකක් දෙන්න,ජවිපෙ වෙනුවෙන් මිය ගිය ලක්ෂයකට ආසන්න සාමාජිකයින්ගේ දූ දරුවෙකුට පොතක් පතක් අරන් දෙන්න.ඒ අම්මෙකුට,අප්පච්චි කෙනෙකුට කෑම වෙලක් දෙන්න.ටිල්වින්ට තමන්ගේ සල්ලිවලින් බඳ පටියක් ගන්න මේ සේරටම බලය තමයි ඕනි කිව්වේ.
දැන් ඒ බලය දීලා තියනවා.ගැහැණියෙක් පිරිමියෙක් සහ පිරිමියෙක් ගැහැණියෙක් කරන්න විතරක් බැරි බලය ජවිපෙට දීලා තියනවා.හෙට දවසේ පාර්ලිමේන්තුවේ සුළුතර ආණ්ඩුවක් පවත්වාගෙන යන්න ඕනි බලයත් හම්බවෙයි.(රටේ රාළගේ මේ මොහොතේ තක්සේරුව මලිමාවට ආසන සීයකට අඩුයි කියලයි) කොහොම උනත් ඊළඟ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්රීධූර ප්රමාණය හිමිවෙන්නේ මාලිමාවට. ඇත්තටම මාලිමාවට නෙවෙයි ජවිපෙට.දැන් මේ බලය ජවිපෙ විසින් කොහොම පාවිච්චි කරයිද?
අපිට තියෙන ප්රශ්නය ඒක.ගිරා පෝතක ජෙප්පෝ හිතනවා මේ බලය යොදාගෙන අයියලා මොනවා හරි කරයි කියලා.මාලිමාවේ රැල්ලට ගහගෙන ගිය පොහොට්ටුවේ බයියෝ හිතනවා නොවැම්බර් 14 වෙනිදායින් පස්සේ රට හරි පාරේ යයි කියලා. දැන් තියෙන්නේ බාරකාර ආණ්ඩුවක්.බාරකාර ආණ්ඩුවකට මොකුත් කරන්න බෑ.ඒකට ඔරජිනල් ආණ්ඩුවක් තියෙන්න ඕනි කියන මිත්යාව ජෙප්පන්ට සහ බයියන්නට පොවලා තියෙන්නේ.
ජනාධිපතිවෙලා පැය 24 න් කරනවා කියපු වැඩ ඔක්කොම නොවැම්බර් 14 පස්සේ කරන්න කල් දාලා.ජවිපෙ ඒ බලය භාවිතා කරන්නේ කොහොමද කියලා රටේ රාළටත් පැහැදිලි විග්රහයක් තියනවා.ජවිපෙට බලය ආවා කියන්නේ වඳුරට දැළි පිහිය අහුවුනා වගේ වැඩක්.වඳුරට දැලි පිහිය අහුවණා කියන්නේ ගැවුණ ගැවුන තැන කැපෙනවා.මතක තියාගන්න එතනදී වඳුරටත් ලොකු ඩැමේජ් එකක් වෙනවා.මෙයාලා මේ බලය ඉතාමත් කෙටි කාලයක් ඇතුලත අවභාවිතාවේ යොදවනවා.
ජනාධිපති බලය ලැබිලා පළවෙනි තත්පරයේ පටන් අනුර කරන්නේ ඒක.විධායකය සහ ව්යවස්ථාදායකයේ බලය එකට ලැබුණොත් මෙයාලගේ අර්ථකථනය වෙන්නේ අපිට ජනතාව බලය දීලා තියනවා දැන් අපි අපිට ඕනිදේ කරනවා කියන එකයි.ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා කිව්වේ 21 ක අනුර ජනාධිපති උනොත් 22 රෑ ලේ වැගිරීමක් වෙනවා කියලයි.ඒ මතය හැදුවේ කවුද?ජවිපෙම තමයි.අපට රාජ්ය බලය හම්බ වෙන්නේ මර්ධනයටත් එක්ක කිව්වේ අපිද?
හදට යන්න ලෑස්ති වෙලා ඉන්න කිව්වේ රටේ රාළද?ද්රෝහීන්ට සමාව නොදෙන්න උගන්නපු එකම පක්ෂය ජවිපෙ කියලා කිව්වේ අපිද?අන්ත ගෝත්රික පිස්සන් කොටු වගේ තියන ජවිපෙ ගමේ කොට්ඨාශ සභාවට ගමේ නීතිය සහ සාමය ආරක්ෂා කරන්න බලය දෙනවා කිව්වේ අපිද?මේ සියල්ල කිව්වේ ජවිපෙ නායකයෝ.හැබැයි මේ එකක්වත් සිද්ධවුනේ නෑ.ඊළඟ ප්රශ්නය කවුද ඒවා නතර කළේ කියන එකයි.ඒ ගෞරවය හිමි වෙන්න ඕනි මේ රටේ ජනතාවට.
ජනතාව තමයි ජවිපෙ මට්ටු කළේ.50%;ඉක්මවු බලයක් නොදී ජනතාව ජවිපෙ යන්න හදපු ගමන නැවැත්තුවා.ජවිපෙත් ජනමතයට යටත් වෙලා සිල් ගත්තා වගේ ඉන්නවා.මේ පාර ඇතුලේ ඉන්න වෘකයා නොපෙනෙන්න වහගන්න ජවිපෙ දක්ෂ වුනා.අද ජවිපෙ බලයේ ඉන්නවා.හැබැයි ජවිපෙට තවම ඒ බලය ජනතාවගේ යහපත වෙනුවෙන් පාව්ච්චි කරන්න බැරිවෙලා තියනවා.ජවිපෙ බිත්තර සරත්ට බයයි,ජවිපෙ පොල් මුදලාලිලාට බයයි,ජවිපෙ හාල් මෝල් හිමියන්ට යටයි.
ඇයි ඒ?ගිය ජනාධිපතිවරණයේදී ජවිපෙට සල්ලි පොම්ප කළේ එයාලා.සමහරුන්ගේ පස්ස තියාගෙන යන්න V8 දුන්නේ එයාලා.ඒක නිසා එයාලට නීතිය ක්රියාත්මක වෙන්නේ නෑ.දැනටමත් අනුර ඇතුලු ජවිපෙ ආණ්ඩුව ෆේල්.පොල් පෝලිම ඇවිත්,පාස්පෝට් පෝලිම තිබුණට වැඩිය දිගයි, හාල් පෝලිමක් සහ ගෑස් පෝලිමත් ළඟ ළඟම එනවා.රාජ්ය සේවය දැනටමත් හෙල්ලිලා ඉවරයි.
ජවිපෙ ඉල්ලපු සහ රනිල් දුන්න වැටුප් වැඩිවීම වෙනුවෙන් අරගලයක් නිර්මාණය වෙමින් තියනවා.මහපොල සටනකකුත් විශ්වවිද්යාල ඇතුලේ මෝදු වෙනවා.රාජ්ය පාලනය ගැන නොදන්නාකම විසින් කරගන්න අනතුරු දවසින් දවස ඉහල යනවා.මේ ප්රශ්නවලට ජවිපෙට තියන උත්තරය මොකද්ද?එකම උත්තරය මර්ධනය විතරයි. වෙන උත්තරයක් ජවිපෙට නෑ.
ඒ මර්ධනයේ සීමාව තීරණය වෙන්නේ ඔයාලා මේ මැතිවරණයේදී ජවිපෙට දෙන පාර්ලිමේන්තු බලයට සාපේක්ෂවයි.බලය තියනකොට මොලය නෑ කියන එක ඔය කොයි පාලකයටත් අදාලයි. ඒක මහින්දට,මෛත්රිට,ගෝඨාභයට රනිල්ට වගේම අනුරටත් අදාලයි.ජවිපෙ ගමනක අවසානය ආරම්භ වෙන්නේ පාර්ලිමේන්තු බලය ගැනීමත් එක්ක.
.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට

රටේ රාළ.

May be an image of 2 people and dais

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *