|

යටත් – විජිත – රටේ රාළ

මාලිමා සහෝදර සහෝදරියන් ආණ්ඩුවේ සහ ජනාධිපති අනුර සහෝදරයගේ ගුණවැයිම දැන් ටික ටික අඩු කරමින් යනවදෝ කියලත් හිතෙනවා.ජවිපෙ ෆේස්බුක් කුණුහරප බලකායත් දැන් ටික ටික පහුබහිනවා.ඒත් තවමත් තැන් තැන්වල ඉතිරි වෙලා ඉන්න ජෙප්පෝ කුණුහරප සංස්කෘතිය අතෑරලා නෑ.ජවිපෙ වටේට එකතු උන සෑහෙන මාලිමා සෙට් එකක් දැනටමත් කඩේ වහලා.ඒ වගේම ජවිපෙ වටේ හිටපු පොහොට්ටු සෙට් එකේ සෑහෙන පිරිසක්ගේත් බලාපොරොත්තු සුන්වෙලා.
මේ පාර මාලිමා ලයිස්තුවෙන් පහසු ගෙවීමේ ක්රමයට පාර්ලිමේන්තු යන්න හිතාගෙන හිටිය කලාකාරයෝ,පොහොට්ටුකාරයෝ සහ ව්යාපාරිකයෝ ගොඩක් දැනටමත් මාලිමාව දාලා ගිහින්.එයාලට තමන් කඩේ යැව්වා වගේ හැගීමක් ඇතිවෙලා.එදා මාලිමා වේදිකාවේ ඉඳන් ජවිපෙ නායකයෝ ගල් පැලෙන බොරු කියනකොට රටේ රාළ ඒවායේ ඇත්ත රටට පෙන්නලා දුන්නා.ජවිපෙ කියනදේ සහ යථාර්ථය අතර තියන විශාල වෙනස එක පෙන්නලා දුන්නා.
ජවිපෙ ඉන්න ඔය නායකයන් හැම කෙනාගේම පෞද්ගලික ගති පැවතුම්වල ඉඳන් දේශපාලන භාවිතාවන් ගැන A to Z කියන්න අපි දන්නවා. ඒකයි ජවිපෙ නායකයින් බොරු කියද්දී අපි ඇත්ත කතා කළේ.ඇත්ත කතා කරපු රටේ රාළට තිත්ත කුණුහරුපෙන් බැනපු ජෙප්පන්ට රටේ රාළ එක වචනයක් කිව්වේ නෑ.මොකද සත්ය කවදා හරි ජය ගන්න බව අපි දන්නවා.මේ දවස්වල ජවිපෙ නායකයන් කියන්නේ ජනාධිපතිවරණයට කිව්ව කතාවල අනිත් පැත්ත.
ගොඩක් ඒවට කියන්නේ ” අපි එහෙම කිව්වේ නෑ ” නැත්තං කියන්නේ ” පොඩ්ඩක් ඉන්න ” කියලා. ඇත්තටම දැන් ජවිපෙ නායකයනුත් එයාලා නොදන්නා පඹ ගාලක පැටලිලා.එක පැත්තකින් එයාලා නොදන්නා රාජ්ය පාලනය කියන පඹගාලේ පැටලිලා.අනිත් පැත්තෙන් රටේ ආර්ථිකය හැසිරවීමට බැරිව තවත් පඹ ගාලක පැටලිලා. ඊළඟට ජවිපෙ හිතාගන්නවත් බැරි ජාත්යන්තර උගුලක හිරවෙලා.ඇත්තටම අනුරගේ රාජ්ය තාන්ත්රිකභාවය Nill.අනුර දැන් මේ පෙන්වන රාජ්ය තාන්ත්රික දුගීභාවය ඇතුලේ පැහැදිලිව පේනවා අනුරලා බලය ගැනීමේ සූදානමක හිටියේ නෑ කියලා.
ඒක නිසාම අනුරලාට තමන්ගේ විදෙස් ප්රතිපත්තිය මොකද්ද කියන එක සම්බන්ධව හරි පොලිෂි එකක් තිබුණේ නෑ වගේම ප්රායෝගික වැඩපිලිවෙලකුත් තිබුණේ නෑ.අනුරට උනේ බණ්ඩා කොළඹ ගියා වගේ වැඩක්.ඔයාලා දන්නවා අපි රටක් විදිහට ලෝක බලවතුන් තුන් දෙනෙකුගේ සෘජු සහ වක්ර බලපෑමට ලක්වෙන රටක්.ඒ වගේම ලෝකයේ සංවර්ධිත රටවල් 18 ක ණය ගැතියෙක් විදිහට ඉන්න රටක්.මෙහෙම රටක බලය ගන්න කණ්ඩායමට රටේ විදේශ ප්රතිපත්තිය සම්බන්ධ උපායමාර්ගික දැක්මක් සහ ඊට අනුකූල සැලැස්මක් තියෙන්න ඕනි.
රටේ රාළ ඒකයි කියන්නේ අනුරට උනේ හරියට බණ්ඩා කොළඹ ගියා වගේ වැඩක් කියලා.අනුර ඇමරිකාවේ ගියා.මෙහේ ආවේ ඇමරිකාවේ ගුණ වයාගෙන.ඇමරිකාව ලෝකය ඇතුලේ කරන කියන දේවල් අනුර නොදන්නවා වෙන්න බෑ. එහෙම කියලා අපි ඇමරිකාවත් එක්ක තරහා වෙන්න ඕනි නෑ.හැබැයි දැන් අනුර හැසිරෙන්නේ ජූලි චන්ග්ගේ පදයට නැටවෙන රූකඩ පාලකයෙක් වගේ.අපේ රට නියෝජනය කරමින් BRICS සමුළුවට සහභාගිවෙන්න කියලා රුසියානු ජනාධිපති පුටින්ගෙන් අනුරට සෘජු ආරාධනාවක් ආවා.
පුටින් හිතාගෙන ඇත්තේ මේ විජේවීරගේ අලුත් පරම්පරාවේ කට්ටිය කියලා වෙන්න ඇති.මේ වෙනකොට ලෝකයේ බටහිර ආර්ථික බලයට විකල්පය විදිහට ගොඩනැගෙන දැවැන්තම සංවිධානය BRICS සංවිධානය කියලා අනුරත් දන්නවා.BRICS එකෙන් ආරාධනාවක් ලැබීම අපිට අන්තර්ජාතික වශයෙන් හම්බ උන හොඳම අවස්ථාවක්.හැබැයි අනුර ඒ අවස්ථාවට පයින් ගැහුවා.අනුරලා ගමරාළ කිව්ව මෛත්රීත් ගිහින් පුටින් හම්බවෙලා රටට දෙයක් දිනාගෙන ආවා. අනුරට යන්න බැරි හීනමානයක් තියනවා නම් රටේ අග්රාමාත්යවරිය විදිහට හරිනිව BRICS සමුළුවට යවන්න තවමත් ඉඩ තියනවා.
ඇත්තටම හරිනි යනවා නම් වැඩෙත් ගොඩදාගෙන අපේ රටට විශේෂ ආකර්ෂණයකුත් දිනාගෙන එන්න ඉඩක් තියනවා.අනුර හරිනි මතුවෙනවට බයේ එහෙම කළා කියලා රටේ රාළ හිතන්නේ නෑ හැබැයි අනුර ජූලි චන්ග්ගේ උවමනාවට BRICS සමුළුව මඟහැරියාද කියන සැකය නං රටේ රාළට තියනවා.රනිල් ඔය පුටුවේ හිටියා නම් අනිවාර්යයෙන්ම ඒ අවස්ථාව අරගෙන ලංකාවේ ඉඳන් රුසියාව දක්වා අලුත් රාජ්ය තාන්ත්රික පාරකුත් කපාගන්නවා.ඊළඟට ඔයාලා දන්නවා අනුර ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා ඉන්දියාවේ ගියා.
ඉන්දියාවේ ගිය අනුර එකපාරට 360° ක් කැරකිලා ඉන්දියන් ලයින් එකත් එක්ක හිට ගත්තා. එතනදීත් රටේ රාළ කියන්නේ ඉන්දියාවත් එක්ක තරහා වෙන්න කියලා නෙවෙයි.හැබැයි එදා වෙනකං අනුරලා කිව්වේ පාලකයෝ අපේ රට ඉන්දියාවට විකුණන්න හදනවා කියලයි.එහෙම එකක් වෙනවා නම් විකුණන කෙනා වගේම ගන්න කෙනාත් වැරදියි.ඉන්දියාවේ අදානිට, අම්බානිට,අමුල් සමාගමට අනුරලා හදපු විරෝධය අනුරගේ එක ගමනකින් ඉවර වුනා.
අද අනුරගේ ආණ්ඩුව ඉන්දියන් ආයෝජන ගැන තියෙන්නේ විපක්ෂයේ ඉන්නකොට තිබුණ ස්ථාවරය නෙවෙයි.රනිල් ඉන්නකොට විකුණනවා කියපුවා දැන් අනුර ඉන්නකොට විදෙස් ආයොජන බවට පත්වෙලා.පහුගිය දවසක උදය ගම්මන්පිල සහ ආණ්ඩුව අතර පාස්කු වාර්තාව ප්රසිද්ධ කිරීම සම්බන්ධව ලොකු ආරවුලක් ඇතිවුනා. ගම්මන්පිල කියන්නේ අනුර කලින් කියපු දේම තමයි.අනුර කලින් කිව්වෙත් ඔය වාර්තා ජනතාවට දැනගන්න එලියට දාන්න කියලා.දැන් ගම්මන්පිල ඒකම කියනකොට විජිත හේරත් සද්දේ දාන්න පටන් අරන්.
විජිතගේ පැත්ත අරගෙන කතෝලික සභාවේ මාධ්ය ප්රකාශක සිරිල් ගාමිණි පියතුමාත් කියනවා ගම්මන්පිල එලියට දාන වාර්තාව එයාලට එපා කියලා.යකෝ….ඒක ගම්මන්පිලගේ වාර්තාවක් නෙවෙයි ජනාධිපති කොමිෂන් වාර්තාවක්.මේ කියන්නේ සිරිල් ගාමිණිලට ඕනි වර්තාවක් හදන්න කියලද?අනුර දිනෙව්වාට එයාලට ඕනි අය දාලා අලුත් වාර්තාවක් හදන්න කියලද?සිරිල් ගාමිණී පියතුමාගේ කතාවත් හරියට පුහුල් හොරා කරෙන් දැනේ වගේ කතාවක්.ඒ ගැන වෙනම දවසක කතා කරමු.
ගොඩක් අය හිතාගෙන ඉන්නේ ගම්මන්පිල විජිතගේ ගැටේ හිරවුනා කියලයි.රටේ රාළ කියන්නේ ගම්මන්පිල විජිතගේ ගැටේ හිරවෙලත් නෑ.විජිත ගම්මන්පිලගේ ගැටේ හිරවෙලත් නෑ. හැබැයි පාස්කු ප්රහාරයේ වාර්තාව එළියට දාගන්න බැරි ගැටේක අනුර හිරවෙලා.පාස්කු වාර්තාව අනුරලාගේ දේශපාලන හතුරෙකුට එරෙහි එකක් නම් අනුර ඕක මෙලහටත් එලියට දාලා.
අනුරට මේක එළියට දාන්න බැරි මේක පිටිපස්සේ ඉන්නේ අනුරට හිතවත් සහ අනුරලව පාලනය කරන බලවේග නිසාද කියන ප්රශ්නය එනවා.අනුර නමින් අධිරාජ්ය විරෝධයෙක්,විප්ලවවාදියෙක්. ඉතින් එහෙනම් ඇයි වාර්තාව එලියට දාන්න බැරි?වාර්තාව එලියට දාන්න බැරි වෙන මොකවත් හින්දා නෙවෙයි අනුර ඇතුළු මේ ආණ්ඩුව ඔය කියන ජාතික සහ ජාත්යන්තර දුෂ්ඨ බලවේගවල රූකඩයක් බවට පත්වෙලා හින්දයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට

රටේ රාළ.

May be an image of 2 people and dais

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *