ගැසට්ටුව වැරදියි.. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරේ.. මැතිවරණය කොටඋඩ..

නොවැම්බර් මස 14 වනදා පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයි තීන්දුවක් ලබාදෙන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ‘අපි ශ්‍රී ලංකා ජාතික සංවිධාන’යේ, කැඳවුම්කරු එච්. එම්. ප්‍රියන්ත හේරත් මහතා විසිනි.

 

 

වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා නීතිපතිවරයා නම් කර ඇත.

 

 

පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනත අනුව නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු වුවත් නොවැම්බර 14 මැතිවරණ දිනය ලෙස නම් කල නොහැකි බවය.

 

 

මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ වරද නිවැරදි කිරීමට හේතුවන සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලයි.

 

lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *