|

ජාතික උද්ධමනය සෘණ වෙයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී වාර්තා වූ 1.1% සිට 2024 සැප්තැම්බර් මාසයේ දී -0.2% ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් අතර එහිදී 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් ලෙසින් සටහන්ව තිබූ ආහාර උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී 0.5% ක් දක්වා ත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 0.2% සිට -0.7% ක් දක්වාත් පහළ ගොස් තිබේ.

අද දෙරණ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *