|

අනුර ජනාධිපතිවීම නොහොත් වඳුරන් දැලිපිහි ගැනීම – රටේ රාළ

පහුගිය දවසක කැබිනට් ප්රකාශක විජිත හේරත් කිව්වේ ඊළඟට ආණ්ඩුව පිහිටෙව්වට පස්සේ මුදල් තත්වය සළකාලා බලලා රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරනවද නැද්ද කියලා තිරණය කරනවා කියලයි.ඊයේ (19) තංගල්ල රැලියේදී අනුරත් ඊට සමාන කතාවක් කිව්වා.ඒ කතාවලින් තේරෙන්නේ අනුර ලොකු අමාරුවක වැටිලා කියන එකයි.නැත්තං ඡන්දයක් කට උඩ තියාගෙන ඔය වගේ කතාවක් කියන්නේ නෑ.
ඡන්දය ගැන හිතනවා නං අනිවාර්යයෙන්ම දෙනවා කියලනේ කියන්න ඕනි.ජවිපෙත් දැන් සෑහෙන දූරට මට්ටුවෙලා වගෙයි පේන්නේ. ජනාධිපතිවරණ පුරාවටම අතේ පත්තුවෙන බොරු කියලා ගත්ත බලය දැන් අර්බුදයට ගිහිල්ලා.තවදුරටත් ඒ බොරුවලින් යන්න බෑ කියන එක ජවිපෙටත් දැන් තේරිලා.තවදුරටත් බොරුවෙන් යන්න ගියොත් නං ජනතාවගෙන් ගුටි කන්න වෙනවා.
දැන් ජවිපෙට වෙලා තියෙන්නේ ජනාධිපතිවරණයේදී කිව්වේ බොරු කියලා කියන්නත් බෑ.ඒ බොරු ඒ විදිහටම මේ මැතිවරණයේදී කියන්නත් බෑ.විජිතට ඉතින් ප්රශ්නවලින් ලෙස්සලා යනවා හැර වෙන කරන්න දෙයක් නෑ.ඇත්තටම අනුරට ජනාධිපති වෙච්චි ගමන් කරන්න තිබුණේ පාර්ලිමේන්තුව විසුරවන එක නෙවෙයි.ඒ පාර්ලිමේන්තුව පාවිචිචි කරගෙන රට ස්ථාවර කරගන්න එකයි.
ඒ පාර්ලිමේන්තුවේ හොරු වගේම හොඳ මිනිස්සුත් හිටියා.පක්ෂ විපක්ෂ දෙපැත්තෙම හොඳ මිනිස්සු හිටියා.අනුර ජනාධිපති උනාට පස්සේ ඒ ජනවරම පිලිගන්න ඒ පාර්ලිමේන්තුවට සිද්ධ වෙනවා.ඒක නිසා ආර්ථික වශයෙන් රට ස්ථාවර කරගන්න අවශ්ය කරන ප්රතිසංස්කරණ ටික ඒ පාර්ලිමේන්තුවෙන් කරගන්න තිබුණා.ඒ අද්දැකීම සහ පලපුරුද්ද තියන අය ඒ පාර්ලිමේන්තුවේ හිටියා.
හැබැයි අනුරලා කළේ ඒ සියලු දෙනා හොරුන්ගේ ගොඩට තල්ලු කරලා පාර්ලිමේන්තුව විසුරවා හරින එකයි.අනුර රනිල්ගේ ආර්ථික වැඩපිලිවෙල වගේම දේශපාලන වැඩපිලිවෙලත් හරියට අතට ගත්තා නම් අනුරටත් ඇත්තටම ගොඩයන්න තිබුණා.රනිල් කලේ එකතු කරගන්න පුළුවන් සියලු දෙනා එකතු කරගෙන වැඩ කරන එකයි. රනිල් ගිය අවුරුදු දෙක ඇතුලේ සාර්ථක වෙන්න ඒකත් බලපෑවා.අනුරලා කියන්නේ කවදාවත් පොදු වැඩකට හුරු උන අය නෙවෙයි.
එයාලට වෙනස් බලවේගත් එක්ක වැඩ කරන්න බෑ.එයාලා හුරුවෙලා තියෙන්නේ එයාලගේ අයත් එක්ක වැඩ කරන්න විතරයි.කොටින්ම කියනවා නම් ගිරාපෝතක මල්ලිලා,නංගිලා එක්ක වැඩ කරන්න විතරයි.වෙනත් මත දරන අයත් එක්ක එකට සිටිමින් වැඩ කරන්න එයාලට බෑ.ඇත්තටම අනුර තිබ්බේ ඒ පාර්ලිමේන්තුවේ හිටපු 15 ක විතර කණ්ඩායමකින් සමන්විත කැබිනට් එකක් හදන්න.හදලා රනිල් වගේ ප්රශ්නට පොදු හැඩයකින් මුහුණ දීලා රටේ ස්ථාවරත්වය හදාගන්න.
2025 ටත් අයවැය හදලා ලබන අවුරුද්දේ පලවෙනි හරි දෙවෙනි හරි කාර්තුවේදී පාර්ලිමේන්තුව විසිරෙව්වා නම් හරි.එතකොට රට ස්ථාවරයි.හැබැයි දැන් ආයෙත් රට ක්රමයෙන් අස්ථාවර තැනකට යමින් තියනවා.ආර්ථික ප්රශ්න බේරන්න තියා බේරන විදිහ හිතාගන්නවත් මෙයාලට බෑ.මාලිමාව පැත්තෙන් ඊළඟ පාර්ලිමේන්තුවට එන්නේ නවකයෝ ගොඩක්. වැඩිපුර එන්නේ ජවිපෙ සාමාජිකයෝ.ඒ එන අයගෙන් බොහොම අතලොස්සක් විතරයි බහුජන දේශපාලන කරලා තියෙන්නේ.
ගොඩක් එන්නේ ජවිපෙ කාඩර්වරු.අයියලා කියන ඕනි දෙයක් කරන මල්ලිලා,නංගිලා.මෙතන වැඩේ තියෙන්නේ අයියලාත් රාජ්ය පාලනය ගැන මෙලෝ හතරක් දන්නේ නැති එකයි.ඒ ගැන දන්න හොඳ මිනිස්සු ටිකත් හොරුන්ගේ ගොඩට දාලා ඉවරයි. ජවිපෙ දැන් අමාරුවේ වැඩිලා තියෙන්නේ බොරු උද්දච්චකම සහ ආත්මාර්ථකාමීත්වය හින්දයි.රට සාමූහිකව ගොඩනගමු කියලා ජාතිය අමතලා කිව්වට අනුරලා හීනෙන්වත් එහෙම හිතන්නේ නෑ.
හැබැයි රටේ ජනතාව වෙනස්කමක් සදහා අනුරලට ජනවරමක් දීලා තියනවා. පොහොට්ටුවේ,ශ්රිලනිපයේ,එජාපයේ සහ සජබයේ ඡන්දදායකයින් පවා පොදුවේ අනුරට ඡන්දය දීලා තියනවා.අනුරලා තමයි තවමත් ජවිපෙ විතරක් බදාගෙන ඉන්නේ.සාමූහිකව කවුරුත් එකතුවෙලා රට ගොඩදාමු කියන කන්ෂෙප්ට් එකට එන්න අනුරලාගේ වැඩවසම්කම ලොකු බාධාවක්.
ඒ පොදු ගමනට එරෙහිව ගිහින් තමයි ඔය තුන් දෙනාගෙන් කැබිනට් එකක් හදාගෙන හොඳ නෑමක් නාන්නේ.දේශපාලනඥයින් විතරක් නෙවෙයි රාජ්ය යාන්ත්රණයෙත් ඉන්නේ ඔක්කොම හොරු විදිහටයි එයාලා දැකින්නේ.රාජ්ය පරිපාලන සේවයේ ඔක්කොම හොරු විදිහටයි එයාලා සලකන්නේ.දැන් එයාලා හොරු නොවෙන කණ්ඩායමක් හොයනවා.එතන තමයි එයාලට ලොකුවටම වැරදුනේ.
දැන් අනුරලා කරන්න හදන්නේ පරිපාලන සේවයේ අය වෙනුවට planning service එකේ අය දාලා රාජ්ය යාන්ත්රණය හසුරවන්න.එහෙමත් නැත්තං මෙයාලගේ වෘත්තීය සමිති වගේ අතුරු කණ්ඩායම් හරහා රාජ්ය ක්රියාවලිය පාලනය කරන්න.ඒකෙන් වෙන්නේ දැනුම නැති,අද්දැකීම් නැති කණ්ඩායමක් පුටුවලට ඇවිල්ලා සියල්ල අවුල් වෙන එක විතරයි.
ජනාධිපති ලේකම්ගේ පටන් පහලට මේ විද්යාමාන වෙන්නේ ඒ අර්බුදය.ඇත්තටම දැන් මෙතන වෙලා තියෙන්නේ වඳුරට දැලි පිහිය අහුවුනා වගේ වැඩක්.රාජ්ය පාලනය නොදන්න අනුරලා අතටත් දැලි පිහිය අහුවෙලා,රාජ්ය යාන්ත්රණය ගැන නොදන්න අනුරලාගේ ගෝලයින් අතට දැලි පිහිය අහුවෙලා.දැන් ඊට අනුව වැඩ සිද්ධවෙමින් යනවා.දැන් තැන් තැන්වල අර්බුදය මතුවෙලා.
සමහර තැන්වල අර්බුද මතුවෙමින් එනවා.ඒක නිසා ඊළඟ පාර්ලිමේන්තුවට එන ජවිපෙ සාමාජිකයා බරපතල අභියෝගයක් කරේ තියාගෙනමයි එන්නේ.රටේ රාළ කියන්නේ පක්ෂ විපක්ෂ කොයි පැත්තෙන් උනත් මේ ක්රයිසිස් එකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් චරිත තෝරලා එවන්න කියලයි.විශේෂයෙන්ම ආර්ථිකය ගැන හොඳ දැක්මක් තියන අය,හැබැයි අර සුනිල් හදන්නෙත්තිලාට තියන පොඩ්ඩක් හිටපං මචං,පස්සේ දෙන්නං වගේ ආර්ථික තියරිවලින් නං රටක් පාලන කරන්න බෑ.රටේ තත්වය ආයෙත් දවසින් දවස නරක පැත්තට තල්ලුවෙමින් තියනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට

රටේ රාළ.

May be an image of 5 people and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *