|

සජිත් දේශපාලන ලිලිපුට්ටෙක්ද? – රටේ රාළ

ගිය 14 වෙනිදා මව්බිම ජනතා පක්ෂයේ නායක සහ සර්වජන බලයේ ගම්පහ දිස්ත්රික් අපේක්ෂක දිලිත් ජයවීර විපක්ෂ නායක සජිත් ප්රේමදාසට හරි අපූරු අභියෝගයක් කළා.දිලිත් කිව්වේ සජිත් විපක්ෂ නායක ධූරයට විශ්රාම දෙන්න ඕනි කියලයි.එහෙම කියලා විතරක් නොනැවතුන දිලිත් සජිත්ගේ විශ්රාමික දිවියට සුභ පතන්නත් අමතක කළේ නෑ.දිලිත් විපක්ෂ නායකකමක් ගැන කිව්වට සජිත් සටන් කරන්නේ අගමැතිකම වෙනුවෙන්.
මේ මැතිවරණයේ සජබ අගමැති අපේක්ෂකයා විදිහට නම් කරලා තියෙන්නේ සජිත්.සජිත්ගේ තියරියට අනුව දිනුවොත් අගමැති, පැරදුනොත් විපක්ෂ නායක.සජිත් කොහොම හිතුවත් සජිත්ට මේ මැතිවරණයෙන් පස්සේ ඉඳගන්න වෙන්නේ විපක්ෂයේ පුටුවක තමයි. සජිත්ට අගමැතිකම නැතිවෙන එක ෂුවර්.ප්රශ්නය තියෙන්නේ සජිත්ට විපක්ෂ නායකකමවත් ඉතිරි වෙයිද කියන එකයි.
සජිත්ට අගමැතිකම කෙසේ වෙතත් විපක්ෂ නායකකම බේරගන්න නං මාර ෆයිට් එකක් දෙන්න වෙනවා. සජිතුත් දැන් හරියට අර පාර්ලිමේන්තු ජන්දය පැරදුනහම පාලාත් සභාවට තරඟ කරන මන්ත්රී කෙනෙක් වගේ.එහෙමත් නැත්තං පාලාත් සභාව පැරදුනහම ප්රාදේශීය සභාවට තරඟ කරන මන්ත්රී කෙනෙක් වගේ.සජිත්ගේ දේශපාලන දැන් යන්නේ අවරොහණ පැත්තට.
සජිත් ජනාධිපති තරගයෙන් පටන් අරන් ඒක බැරිවුනාට පස්සේ දැන් අගමැති සටනට ඇවිත් ඒකත් බැරිවුනොත් විපක්ෂ නායකකම තියනවා කියලා හිතාගෙන ඉන්නේ. දැන් ඔයාලට තේරෙනවා ඇති සජිත්ගේ ඇත්ත ටාගට් එක විපක්ෂ නායකධූරය කියලා.සජිත් මේ සියල්ල කරන්නේ ඒක බේරගන්න. සජිත් චම්පික ඇතුළු එක්සත් ජනරජ පෙරමුණේ කට්ටියට ෂොට් එක දුන්නේ ඒ වෙනුවෙන්.
අජිත් මාන්නප්පෙරුමට, හිරුණිකාට,හර්ෂට,එරාන්ලට යටින් ගහන්නෙත් ඒකට.එක පැත්තකින් සජිත් සජබය ඇතුලේ විපක්ෂ නායක ධූරයට අභියෝගයක් වෙන කෙනෙක් හැදෙන්න දෙන්නේ නෑ. අනිත් පැත්තෙන් සජබෙන් පිට සජිත්ට වඩා ශක්තිමත් චරිතයක් මතු උනොතින් තමන්ගේ පිරිසක් එතනට යයි කියලා බයකුත් සජිත්ට ඇති.ඒක නිසා සජිත් පාර්ලිමේන්තුවට ගන්න හදන්නේ සජිත්ට වඳින පුඳන සජිත් අදහන කට්ටිය.
සජිත් අගමැති සටනේ ඉන්න බව පෙන්වමින් මේ කරන්නේ විපක්ෂ නායකකමට අභියෝගය වන චරිත දේශපාලන පිටියෙන් ඉවත් කරන එකයි.හැබැයි මෙතනදී සජිත් එක දෙයක් තේරුම් ගන්න ඕනි.සජිත්ගේ විපක්ෂ නායක ධූරයට අභියෝග කරන්න ඔළු ගෙඩි ගොඩක් ඕනි නෑ. අනුර සජිත්ගෙන් විපක්ෂ නායක භූමිකාව පැහැර ගත්තේ ඔළු ගෙඩි තුනක් තියාගෙන.
රනිල් සජිත්ගේ විපක්ෂ නායක භූමිකාව පරාද කළේ පාර්ලිමේන්තුවේ තනි මිනිහෙක් විදිහට.ඒ කියන්නේ හරි එක මිනිහෙක් හිටියොත් ඊළඟ පාර්ලිමේන්තුවේ සජිත්ගේ විපක්ෂ නාතක ධූරය හබක්.රනිල් තනි මිනිහෙක් විදිහට සජිත්ට නිල වශයෙන් අයිති විකල්ප ආණාඩුවේ බලය උදුරගෙන පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපතිත් වුනා. පාර්ලිමේන්තුවේ 23% ක මහජන වරමක් හිමිව තිබුණ සජිත් පරාද කරලා 3% ක ජනවරමක් තිබුණ අනුර ජනාධිපති වුනා.
ඇත්තටම මේ සන්සන්දනය ඔය පක්ෂ විපක්ෂවල ඉන්න අයත් කරලා ඇති.මොකද එයාලත් ඕක තේරුම් ගන්න බැරි පොඩි බබ්බු නෙවෙයි.සජිත් ගියපාර ජනාධිපතිවරණයෙන් දෙවෙනි තැන ගත්තේ ඡන්ද ලක්ෂ 45 ක් අරන්. රනිල් ගත්තේ ලක්ෂ 22යි.දිලිත් ගත්තේ එක්ලක්ෂ විසිදෙදාස් ගාණයි.ඒත් ඉතින් ලක්ෂ 22 ගත්ත කට්ටියවත්,ලක්ෂෙට වැඩිය පොඩ්ඩක් වැඩිය ගත්ත දිලිත්වත් සජිත්ගේ ලක්ෂ 45 සීරියස් ගන්නේ නෑනේ.
හරියට දිලිත්ලා හැසිරෙන්නේ එකයි විස්සට වඩා ලක්ෂ 45 පොඩියි වගේ.ලන්සලා හැසිරෙන්නේ ලක්ෂ විසි දෙකට වඩා ලක්ෂ හතලිස්පහ පොඩියී වගේ.මොකද ඒ දෙන්නම කියන්නේ එයාලා විපක්ෂයේ ප්රධාන කණ්ඩායම වෙනවා කියලා. ඇත්තටම මේ හතර බීරි කතාවේ දේශපාලනය මොකද්ද?දිලිත්ලා, ලන්සලා එහෙම කියන්නේ දේශපාලන කුහකකමටද?ඔහොම ප්රශ්නයක් ඔයාලටත් එනවා ඇති.
සමහරවිට අපේ සජබ යාළුවෝ නං ඒක ඒ විදිහටම දාගෙනත් ඇති. සරලව ගත්තොත් ලක්ෂ හතලිස් පහට වඩා අනිත් විපක්ෂයේ අපේක්ෂකයන්ගේ ඔක්කොම ඡන්ද ටික එකතු කලත් එච්චර නෑ.රටේ රාළගේ දේශපාලන විග්රහයට අනුව නම් මෙතන ලොකු ගාණක් දීලා තියෙන්නේ දේශපාලන වශයෙන් පොඩි මිනිහෙකුට.එතකොට වෙන්නේ කෝච්චර ලොකු ගාණක් ගත්තත් ඒ ගාණ පේන්නේ නෑ.
පේන්නේ අර මනුස්සයගේ දේශපාලන පුංචිකම විතරයි.ඒක සජිත් දවසගානේ පෙන්නනවා. ඔයාලා නිකං හිතලා බලන්න එජාපයේ ඉන්නකොට සජිත් දේශපාලනය වශයෙන් කොච්චර ලොකු මිනිහෙක්ද කියලා.සජිත් එජාපයෙන් ජනාධිපති අපේක්ෂකයා විදිහට එනකොට සජිත් කොච්චර දේශපාලනය වශයෙන් ලොකු මිනිහෙක්ද?හැබැයි ඒ ජනාධිපතිවරණයට පැරදිලා මාස ගාණක් වනගත වේලා හිටලා ආවට පස්සේ සජිත් එදා ඉඳන් අද දක්වාම දේශපාලන වශයෙන් පුංචි වෙනවා.
සජිත්ට ඒ පුංචිකම වහගෙන දැවැන්තයෙක් වෙන්න ඉතිහාසය විසින් එකම එක අවස්ථාවක් දුන්නා.ඒ ගෝඨාභය රාජපක්ෂ අගමැති ධූරය බාරගන්න කරපු ආරාධනාව.එදා සජිත් ඒ ආරාධනාව බාර අරන් අඩුම ගානේ සජිත්ගේ ඩයිනමෝ එක හර පාවිචිචි කරලා රනිල් රට ස්ථාවර කරපූ තැනටවත් ගෙනාවා නම් අද රනිල් කෙනෙක් නෑ.එහෙනං අනුර කෙනෙකුත් නෑ. එහෙනං සජිත් තමයි ජනාධිපති.
හැබැයි ඒ දුන්න අවස්ථාවෙනුත් පැනලා ගිය සජිත් තව තවත් දේශපාලන වශයෙන් පුංචි වුනා. සජිත්ගේ කොච්චර කඳ බඩ තිබුණත් සජිත් දේශපාලන වශයෙන් ලිලිපුට්ටෙක්ම තමයි. ඇත්තටම දිලිත් කියපු කතාව හරි. රටේ රාළ නං කියන්නේ සජිත් විපක්ෂ නායකකමෙන් නෙවෙයි දේශපාලනයෙන්ම විශ්රාම ගන්න ඕනි කියලා.
එහෙම කියන්නේ සජිත් ගැන කිසිම අයහපත් චේතනාවකින් නෙවෙයි. නැත්තං වෙන්නේ සජිත් ඉන්න ඔය විපක්ෂය ඇතුලෙන් තවත් ගලිවර් කෙනක් හැදිලා සජිත් ලිලිපුට්ටෙකුටත් වැඩිය පොඩි ජීවියෙක් බවට පත්වීම විතරයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට

රටේ රාළ.

May be an image of 2 people and dais

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *