|

ණයට ඇපැල් කන තැපෑලක්….- නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

whatsapp sharing button
messenger sharing button
අනුරට රට කීවාට ලැබුණේ 42.31%කි. හේතුව හොරා කෑ සල්ලි වලින් රට ගොඩ නගනවා කී කතාව කිසිවෙකු විශ්වාස නො කිරීමය. එහෙත් ප්‍රසිද්ධියේ හොරා කෑ ජොනීලා බොනීලා අල්ලන කතාවට කිසිවෙකු විරුද්ධ නැත.

 

දින විසි හයක පාලන කාලය තුළ ජනාධිපති දිසානායක තුළින් පිළිබිඹුවන පරිනත රාජ්‍ය තාන්ත්‍රීකභාවය ගැන පවත්නා විශ්වාසය 51% ඉක්මවා ගොස්ය. රටේ වියදමට ඔක්තෝබර් 07 දින ලෝක බැංකුවෙන් ලබා ගත් ඩොලර් මිලියන 200ට අමතරව, 11 වෙනිදා සහ 15 වෙනිදා දවස් 09කින් දින 182කින්, දින 364කින්, දින 364කින් ආදි ලෙස පිළිවෙලින් කල් පිරෙන රුපියල් මිලියන 182,000ටත් වඩා වටිනාකමින් යුත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය. රට අනුරට නොකී, හැට හය ලක්ෂ හැට තුන්පදහසකට ආසන්න හෙවත් 50.03%ක් රටේ ජනතාව පසුගිය දෙ වර්ෂය තුළ ක්‍රියාත්මක ආර්ථීක අනුමත කළහ. ජනාධිපති දිසානායක නවවෙනි නොව, ණයවෙන ජනාධිපති කියා වාචාල ගම්මන්පිල සමච්චල් කළාට පැවති ආර්ථීක වැඩ සටහන අඛණ්ඩව පවත්වා ගෙන යනවාට අනුරට ඡන්ද නොදුන් රටේ බහුතරයක් කැමතිය.

 


”තමා ද 225ට නො දෙවෙනි දූෂිතයෙකු බව රජයේ සේවකයා තේරුම් ගත් දින රට හැදීම ආරම්භ වේ” යනුවෙන් මුහුණු පොත් සහෘදයෙක්, පළ කළ අදහස තැපැල් ලොක්කන්ගේ හැසිරීම කියැවෙන අපූරු විග්‍රහයකි. කැමති කෙනෙකුට මුදල් ගෙවා තමන්ගේ ඡායාරූප සහිත මුද්දර ලබා ගැනීමට අනුමත තැපැල් දෙපාර්තමේන්තුවේ ක්‍රියා  පටිපාටිය අනුව අගමැති හරිනි අමරසූරිය, ඇමති විජිත හේරත් දෙදෙනා මුදල් ගෙවා නැති පසුබිමක තැපැල්පති දුන් සර්ප්‍රයිස් එක ඛෙහෙවින් බරපතල ය.

(අ) සිය නිල බලය යොදා, පාලක දේශපාලනඥයන් සතුටු කිරීම,  
(ආ) රජයේ මුදල් නාස්ති කිරීම, 
(ඇ) රාජ්‍ය අමාත්‍යවරුන් දෙපලක් චේතනාන්විතව අපහසුවට ලක් කිරීමෙන් තරාතිරම ඉක්මවා ක්‍රියා කිරීම මෙන්ම,   
(ඈ) මැතිවරණ නීති කඩකර අපේක්ෂකයන් දෙදෙනෙකු ප්‍රවර්ධනය කිරීමත් තැපැල් ප්‍රධානීන්ට දඬුවම් කළ හැකි විෂමාචාර වෙති. 

මෙහිදී සමාජ මාධ්‍ය මතු කළ පනස් දහස බැගින් මුද්‍රණය කළ මුද්දර ලක්ෂයක් හොර රහසේ විනාස කළේද? සහ 2024 තැපැල් දිනයට නිකුත් කළ නිල සිහිවටන  මුද්දරය කුමක්ද? යන ප්‍රශ්න සම්බන්ධව තැපැල් අමාත්‍ය වරයා ජනතාවට සත්‍ය හෙළි කළ යුතුවේ.

 

The Leader | We Lead the Nation - Results from #121

ඉසුරුමුණි වෙල් යායේ 1979 මාස් කන්න සමාරම්භක වප් මගුල් උත්සවයේදී අනුරාධපුර දිසාපති අමර හේවා මද්දුම, ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනට බුලත් හුරුල්ලක් දී දන ගසා වැන්දේය. ඒ සමගම ජනාධිපති ජයවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඩබ්ලිව්.දේවනායගම් අමතා ”මේ හාදයා අදම කොළඹට යවන්න. පාලකයා ළඟ දනින් වැටෙන නෝංජලයන් ආණ්ඩුවේ ඒජන්ත තනතුරට සුදුසු නොවේ.”යයි කීය. ප්‍රතිපලය අමර හේවාමද්දුම වෙනුවට ටී.කේ.දසනායක අනුරාධපුර දිසාපති හැටියට පත් කිරීමය. මුද්දර සිද්ධිය ඇසූ ජනාධිපති දිසානායක පූර්ව අවසරයකින් තොරව තම ඡායාරූප භාවිතා කිරීම අත් හිටුවීමෙන් අත්දැකීම් බහුල රාජ්‍ය පාලකයෙකු සතු පරිනත භාවය ප්‍රකට කළේය.

 

තැපැල් ලොක්කන් කළේ ලිවින් ටුගෙදර් ජෝඩුවකට රෙජිස්ට්‍රාර් ජනරාල් ස්වේච්ඡාවෙන් විවාහ සහතිකයක් සකසා නිදන කාමරයටම ගොස් බාර දුන්නා වැනි බාල වැඩකි.

නුවරඑළියේ තැපැල් බිල්ඩිම ගැන බලධාරීන් ගත් තීරණයද යළි සලකා බැලිය යුතුවේ. තැපැල් හල යළි තැපෑලටම යනුවෙන් රාජ්‍ය මාධ්‍යයක පළ කළ ලිපියක මෙම තැපැල් බිල්ඩිම, ආසියාවේ නැරඹීමට ඇති එකම රාජකීය තැපැල් හළ බව සඳහන්ව තිබිණ. ඒ අනුව ජනාධිපති දිසානායක, බෝගම්බර හිර ගෙදරට යළි හිර කරුවන් ගාල් කරවා විජේවර්ධන මාවතට ගෙනගිය කොළඹ මහ තැපැල් හළ කොටුවේ පරණ බිල්ඩිමට යළි කැඳවිය යුතුවේ. මක් නිසාද යත්…? බෝගම්බර හිර ගෙදර යනු ප්‍රංශ ගෘහ නිර්මාන ශිල්පයට අනුගතව යටත් විජිත යුගයේ ඉදි කළ ලෝකයේ ඉතිරිව ඇති එකම සිර ගෙය වන නිසාය. නුවරඑළියේ තැපැල් බිල්ඩිම සංචාරක ව්‍යාපාරයට දීමට ගත් ආර්ථීක තීරණය ගන්නා අවස්ථාවේත් එහි වැඩි කොටසක තැපැල් සේවක නිවාඩු නිකේතනයක් පැවතිණ.

 

කොරෝනා ඉදිරියේ ඇල් මැරුණු තැපැල් සටන
පසුගිය ජූනි මාසයේ සේවා චක්‍ර ලේඛයකට එරෙහිව දින 16ක් පුරා තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධව දියත් කළ වර්ජනයෙන් ආණ්ඩුවට සිදු කළ පාඩුව රුපියල් කෝටි 2කි. මහ බැංකු වාර්තා අනුව, 2020 වසරේ තැපෑලේ සමස්ත පාඩුව රුපියල් බිලියන 7.7කි.  මෙසේ තැපෑල රාජ්‍ය භාණ්ඩාගාරය විසින් නඩත්තු කරන පසුබිමක, නුවරඑළියේ තැපැල් බිල්ඩිමේ පෞරාණික භාවයට ලැඛෙන සංචාරක ව්‍යාපාරික ආර්ථීක ලංසුව දේශපාලනික මනසකින් ප්‍රතික්ෂේප කිරීම රට අනුරට නොව වෘත්තීය සමිතිවලට දුන්නා වැනි තත්වයකි.

සියවස් ගණනක් පැරණි එකී බිල්ඩිම ජාතික සම්පතක් මිස තැපැල් වස්තුවක් නොවේ. මෙහිදි වසර සිය ගණනක් පැරණි තේ ෆැක්ටරියක්ද සංචාරක හෝටලයක් ලෙස නුවරඑළියේදී දැකිය හැකිය. නුවරඑළියේ පැරණි තැපැල් හලෙන් සමීපතමයන්ට ලිපියක් තැපැල් කිරීමට කැමති විදේශීය සංචාරකයන්ගේ තෘප්තිය සඳහා යටත් විජිත යුගයේ නිල බාපන පැලඳ ගත් සේවකයන් ගැවසෙන කුඩා ඇන්ටික් තැපැල් කන්තෝරුවක් පවත්වා ගෙන යා හැකිය. රජයේ කාර්යාලයක් ස්ථානගත කළ යුත්තේ කොතනද කෙසේද යන්න තීරණය කිරීමේ රාජ්‍ය වගකීම වෘත්තීය සමිති මනාපයට සිදු කළ යුතු නැත. තැපැල් බිල්ඩිම සංචාරක ව්‍යාපරයට වෙන් කිරීම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය මෙන් ණයට කෑමක් නොව ජාතික දේපල ආයොජනය කිරීමකි.

ඉරිදා දිනෙක පැය දොළහක් අතිකාල සේවයේ යෙදෙන වරායේ සේවකයන්ට පැය අසූවක වටිනාකම ගෙවීමත්, සේවකයන් ලබා ගන්නා ණයට අය කරන පොලි මුදල විදුලි බල මණ්ඩලයෙන් ගෙවීමත් අදටත් ණයට කන ලංකාවේ දුර්වල ආර්ථීකය සමග සැසඳීමේදි අයිතිවාසිකමක් නොව හූනියමකි. මේ සහන හෝ වෘත්තීය අයිතීන් සියලු රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටියහොත් ඇතිවන තත්වය කුමක්ද? මේ නාස්ති කරන්නේ අධ්‍යාපනය සෞඛ්‍ය නොමිලේ සපයන සුභසාධන රටක භාණ්ඩාගාරයට ලැබිය යුතු ආදායම් නොවේද? විශෙෂයෙන් පාඩු ලබමින් පවත්නා ලංවිම දිගු කලක් තිස්සේ මෙම සහන ලබාදීමට රාජ්‍ය බැංකුවලට කෝටි ගණන් ණය වූ  අතර කල් ඉකුත්වූ ණය ගෙවීම භාණ්ඩාගරයට සිදු වී ඇති බව වාර්තා වේ. මේ තත්වය වෙනස් නොවුණොත් වැඩිවන විදුලි බිල යන්නේ කාගේ සාක්කුවටදැයි ජනාධිපති දිසානායක ගෙන් විමසීමට සිදුවේ. රාජ්‍ය ආයතන පාගා ගත් වෘත්තිය සමිති ඒකාධිකාරය ජනාධිපති දිසානායකත් වෙනස් නො කරයි නම් රට ගොඩ දැමීම පල් බොරුවකි.

 

7 1 2නුවරඑළිය තැපැල් බිල්ඩිම
රුපියල් බිලියන 7.7ක් වන තැපෑලේ එක් වසරක පාඩුව සමග කෞතුක හා සංචාරක වටිනාකමක් ඇති නුවරඑළිය තැපැල් බිල්ඩිම ලාභදායි ආයෝජනයකට යොමු නො කළොත් සෞභාග්‍ය දැකීමට ගෝඨා පසුපස ගිය ආකායටම රට අනුරට කී අයටත් කවදා හෝ හූල්ලන්ට වෙනවාමය. ඕනෑම ව්‍යවසායකයෙක් වඩා පලදායි වඩා ලාභදායි ලෙස සිය වත්කම් සහ සම්පත් හසුරුවන පසුබිමක, බංකොලොත් වූ රට වෙනුවෙන් වර්තමාන පාලකයා වඩාත් ධනාත්මක තීරණ ගත යුතුවේ. ජනාධිපති දිසානායකගේ ආර්ථීක ප්‍රතිපත්ති අධ්‍යයනය කළ  එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් අප දෙ ගොල්ලන්ගේම ප්‍රතිපත්ති සමාන යයි කළ ප්‍රකාශය ජාත්‍යන්තරයට තහවුරු කිරීම ඛෙහෙවින් අභියෝගාත්මක වගකීමකි.

වරාය, ලංවිම සේවකයන් පමණක් හිමි ආර්ථීක වාසි සකල සේවක ප්‍රජාව ඉල්ලා සිටියහොත් නුවරඑළියේ තැපැල් බිල්ඩිම නිදහස් කළා මෙන් පහසු නොවනු ඇත. දැනටමත් රටේ නඩත්තුවට රජය මාසිකව ණය විය යුතු මුදල, සමහර විට භාණ්ඩාගර බිල්පත් වලින් දින 4ක් තුළ ලබාගත් රුපියල් මිලියන 182,000ටත් වඩා වැඩි බව පැහැදිලිය. රටක් තබා තනිකඩයෙකුවත් තම නඩත්තුව පිණිස ණයවීම යහපත් නොවේ.

සංචාරයක ව්‍යාපාරයට තැපැල් බිල්ඩිම වෙන් කිරීම යනු වාර්ෂිකව ලැඛෙන සුද්ධ ආදායම් මාර්ගයකි.

 

18 සම්පූර්ණ සියලුදෙනා බදු ලිපිගොනු විවෘත කළ යුත්තේ ඇයි?

වරක් ලී ක්වාන් යූ, පිරිසිදු වාතය පරිභෝජනය සඳහාත් බදු ගැසිය යුතු යයි කී විට සිංගප්පූරුවම අත්පොළසන් දුන්හ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කොන්දේසි වලින් බැඳුණ රටේ නව ජනාධිපති දිසානායක, දේශිය ආදායම 15%තෙක් වර්ධනය කිරීමට බැඳි සිටියි. මුදල් ඇමති ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා, 1973දී රජයේ රෝහලවලින් ප්‍රතිකාර අවශ්‍ය රටේ සෑම පුද්ගලයෙකුම ශත 25ක මුද්දයක් හරහා බද්දක් ගෙවීමට රෙගුලාසි පැනවීමට දෙවරක් හිතුවේ නැත. වර්තමානයේ ඒ බදු මුදල බුලත් විටක් හෝ මිල ගැනීමට බැරි රුපියල් 50ක් කළොත් දිනකට ලක්ෂයක් ප්‍රතිකාර සඳහා පැමිණේ යයි උප කල්පනය කළොත් මාසිකව ලැඛෙන රාජ්‍ය ආදායම රුපියල් මිලියන එකසිය පනහකි.

බදු වියදම් කලේ කුමටද කියා නොදැන බදු ගෙවන අරුම පුදුම ලාංකිකයෝ - (ශාන්ත  ජයරත්න)

 

ජනාධිපති ලේකම් හමු වූ ලෝක ආහාර වැඩ සටහනේ  කලාපීය අධ්‍යක්ෂ අබ්දුල් රහීම්, ලංකාවේ ආහාර අර්බුදය අවම මට්ටමක පවත්නා බවට කළ ප්‍රකාශය අනුව ප්‍රතිකාර සඳහා රුපියල් 50ක් අය කිරීම අපරාධයක් නොවේ. එසේම ලිපිය ආරම්භයේ සඳහන් පරිදි ඔක්තෝබර් 11-15 දෙදින, දින 9කින් කල් පිරෙන ආකාරයට වෙන්දේසියෙන් ලබා ගත් රුපියල් මිලියන 77,000 මුදල් ප්‍රමාණය පියවීමට යළි යළිත් ණය ගන්නවාද? නැතොත් දේශීය ආදායම් මාර්ග වැඩි කිරීමේ උපාය මාර්ග හඳුනා ගන්නවාද යන්න කඩිනමින් තීරණය කළ යුතුවේ. නුවරඑළියේ තැපැල් බිල්ඩිම ගැන ගත් තීරණය යළි සලකා බලයි නම්, එක් වර්ෂයකට එයින් රටට ලැඛෙන ආදායම තැපැල් සේවය හරහා උපයා ගත හැකි කාලය ගණනය කළ යුතුවේ.

මෙවර නොඛෙල් සාහිත්‍ය ත්‍යාග ලාභී දකුණු කොරියාවේ හැන් කාංග්ට හිමි වූ මුදල් ත්‍යාගය ලංකා රුපියල් වලින් නම් කෝටි 30කටත් අධිකය. සමාජවාදි චීනය වියට්නාමය මෙන්ම නවසිය පනස් ගණන්වල දෙකට කැඩුණ කොරියාවේ දකුණු අර්ධයේ විශිෂ්ඨ ආර්ථීක සාර්ථකත්වයේ රහස ඍජු ආර්ථීක තීරණ ගැනීමය. රටේ ආර්ථීකය සමග ලාංකේය මිනිස් සම්පත කළමනාකරණය කිරීමට, විධායක ජනාධිපති දිසානායකට පැවරුණු වගකීම් බොහෝය. ඉතිහාසය, සාහිත්‍යය කන්ටදැයි ඇසූ පාලකයන් අවුල් කළ රටේ ජනතාවට පොතපත කියැවීම මගහැරිණ. දැනට පළවන පොතපතක මිස දරා ගත නොහැකි තරම්ය. කරදාසි සහ  මුද්‍රණ ද්‍රව්‍ය සඳහා බදු සහන ලබා දිය හැකි නම් එහි ප්‍රතිපලය රටේ අනාගත බුද්ධි දෙපල බවට පත් වනු ඇත. තැපෑලට පමණක් නොව රටේ කාටවත් නිකම් ඇපල් කන්ට දිය යුතු නැත.

කේ.එච්.ජේ. විජයදාස - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

(උපුටා ගැනීම මව්බිම පුවත්පතින් ..)

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *