|

මන්ත්‍රීවරුන්ගෙන් අප බලාපොරොත්තු විය යුත්තේ මොනවා ද? – මහාචාර්ය රොහාන් සමරජීව

ප්‍රේම්නාත් දොලවත්ත – කේෂාල් ජයසිංහ
මීට වසර කිහිපයකට පෙර, Manthri.lk මගින් මන්ත්‍රීවරුන්ගේ ශ්‍රේණිගත කිරීම් හඳුන්වා දෙන ලද මංගල රැස්වීමට මම සහභාගී වී සිටියෙමි.

එහිදී ශ්‍රේණිගත කිරීමේ ඉහළ ම සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සමග සාකච්ඡාවක් මෙහෙයවන ලදි.

පර්යේෂණ සහාය පිළිබඳව මෙහෙයවන්නා ඉදිරිපත් කළ ප්‍රශ්නයක් නිසා කණ්ඩායමේ සිටි තරුණ මන්ත්‍රීවරයකු ව්‍යාකූල භාවයට පත් විය. ඔහු තම ඉහළ ස්ථානය හිමි කරගෙන තිබුණේ ඡන්දදායකයින් මුහුණ දෙන විවිධ ගැටළු පිළිබඳව පාර්ලිමේන්තු ප්‍රශ්න රාශියක් ඇසීම මගින් ය. මන්ත්‍රීවරයකුගේ කාර්යය පිළිබඳ ඔහුගේ අවබෝධය වූ ඡන්දදායකයාට සේවය කිරීම සඳහා එවැනි සිල්ලර ප්‍රශ්න ඇසීමට පර්යේෂණ සහාය අදාළ වන්නේ කෙලෙස දැයි ඔහුට තේරුම් ගත නොහැකි විය.

මහ ඡන්දය යළිත් කොට්ඨාස ක්‍රමයට !
මේ සිද්ධිය මට මතක් වුණේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයකු ලෙස නාම යෝජනා ලැබූ මගේ තරුණ මිත්‍රයෙකු මට කතා කළ විට යි. මෙය ඔහු මුහුණ දෙන පළමු මැතිවරණයයි. පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සඳහා ආධුනික පුහුණු වැඩසටහන් පවත්වන නමුත් ඒවා එතරම් ප්‍රතිඵලදායක නොවන බව පෙනෙන්නට තිබේ. සමහර විට වඩා හොඳ ප්‍රවේශය වන්නේ ඔවුන් තේරී පත්වීමට පෙර ඔවුන්ව දැනුවත් කිරීම යි‍‍. එමෙන් ම, ඡන්දදායකයින් ලෙස, වැඩි වශයෙන් අවධාරණයට ලක් වන ඡන්දදායක සේවා කාර්යය පමණක් නොව, මන්ත්‍රීවරුන්ට අවශ්‍ය කාර්ය සාධනයේ සියලු මානයන් පිළිබඳව සැලකිල්ලට ගෙන අපේක්ෂකයින් ඇගයීමකට ලක් කර ඡන්දය පාවිච්චි කිරීම යි.නීති සම්පාදනය සහ අධීක්ෂණය
මැතිවරණ කොමිසම ඇතුළු කොමිෂන්වලට අලුත් සාමාජිකයන් පත් කිරීම අද සිට
මන්ත්‍රී තනතුරු සඳහා ඉදිරිපත් වන බොහෝ දෙනෙකුට අමතක වන කරුණ  නම්, ඔවුන් ව්‍යවස්ථාදායකයක සභාවේ (සහ සමහර විට පසුව කැබිනට් මණ්ඩලයේ) සාමාජිකයින් වීමට උත්සාහ කරන බව යි. ව්‍යවස්ථාදායකයක මූලික අරමුණ වන්නේ නීති සම්පාදනය කිරීම යි. අනුමැතියට එන පනත්, එන්න එන්න ම, සංකීර්ණ වෙමින් පවතියි. ඒවා තාක්ෂණික කමිටු මගින් සකස් කර, අමාත්‍යවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ මැදිහත් වීම මත, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලියා හැඩගස්වා, පාර්ලිමේන්තුවට පැමිණෙන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන්න තීන්දු කරනු ලැබ ඇත. කෙටුම්පතට අමතරව පිටු 70-80ක නඩු තීන්දුද පරිශීලනය කල යුතුය. මේ දිනවල ව්‍යවස්ථාදායක කාර්යය නිසි ලෙස ඉටු කිරීම සඳහා කැපවීම, දක්ෂතාවය සහ උපදේශකයින්ගේ සහාය ද අවශ්‍ය වෙයි.
2022 දී නැවත බලාත්මක කරන ලද ආංශික අධීක්ෂණ කමිටු මගින් පනත් කෙටුම්පත් පූර්ව පරීක්ෂාවකට ලක් කිරීමේ ක්‍රියාවලිය මගින්, මගේ තරුණ මිතුරා වැනි නවක මන්ත්‍රීවරුන්ට පවා ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට ඉඩ සලසා දෙයි. මෙම කමිටු තුළ සාකච්ඡා කිරීමේ ක්‍රියාවලිය සහභාගී කර ගැනීමේ ආකාරයෙන් වන අතර ප්‍රධාන සභා ගර්භයේ විවාදයන්හි දක්නට ලැබෙන පක්ෂග්‍රාහී ප්‍රවේශයෙන් සැලකිය යුතු ලෙස වෙනස් වෙයි.
ඊළග පාර්ලිමේන්තු මැතිවරණයට පෙර - (කුසල් පෙරේරා)
නීති සම්පාදනය කරන ක්‍රියාපටිපාටිය දැඩි ලෙස විධායකයේ පාලනය යටතේ පවතින අතර, සියලු ම නීති පාහේ විධායකය තුළ ආරම්භ වී කැබිනට් මණ්ඩලයේ මග පෙන්වීම යටතේ කෙටුම්පත් කරනු ලබයි. නීති සම්පාදකයින්ට ප්‍රතිචාර දැක්වීමේ භූමිකාවක් පවරා ඇත. උදාහරණයක් ලෙස, ඕනෑ ම නීති සම්පාදකයෙකුට ප්‍රගාමීව පනත් කෙටුම්පත් කර ඉදිරිපත් කළ හැකි එක්සත් ජනපදයේ නීති සම්පාදන ක්‍රියා පටිපාටියට වඩා මෙය බෙහෙවින් වෙනස් ය. මෙය කළ නොහැක්කක් නොවන නමුත් ශ්‍රී ලංකාවේ තරමක් දුර්ලභ ය.පුද්ගලික මන්ත්‍රී යෝජනා යනු මන්ත්‍රීවරුන්‌ට පවරා ඇති ප්‍රතිචාර දැක්වීමේ භූමිකාවෙන් ගැලවිය හැකි ආකාරය යි. ඒවා වහාම නීති බවට පත් නොවනු ඇති නමුත්, එමගින් භූමිය සකස් කළ හැකි ය. 2010 වසරේ එවකට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ සිද්ධිය මෙය යි. එය එම පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට බැරි වුවද වසර පහකට පසුව ව්‍යවස්ථාපිතව සහතික කළ තොරතුරු දැනගැනීමේ අයිතිය ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව ගිය ගමනේ වැදගත් පියවරක් ලෙස ක්‍රියා කළේය.
නීතිඥ දොළවත්ත පාර්ලිමේන්තුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අභියෝග කරයි !ප්‍රේම්නාත් දොලවත්ත
එළැඹෙන මැතිවරණයේ දී දෙවන වාරය සඳහා ද කොළඹ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබා සිටින ප්‍රේම්නාත් දොලවත්ත විසින් පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා වල දී තරුණයන් සඳහා ලබා දී තිබු වෙන් කිරීම ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මෑත කාලීන සාර්ථක කතාවකි. දොලවත්ත මහතා පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ 9 වැනි පාර්ලිමේන්තුවේ දී ම මෙම පනත සම්මත විය. ඔහු විසින් ඉදිරිපත් කරන ලද අනෙකුත් යෝජනා මගින් දණ්ඩ නීති සංග්‍රහයේ සමහර යල් පැන ගිය විධිවිධාන සංශෝධනය කිරීමට සහ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට කළ සංශෝධන වල අවහිරතා ඉවත් කිරීමට  උත්සාහ කළේය.

මුලින් කී පනත ගැසට් කර ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද අනුමත කළ නමුත් එයට ඉදිරියට යාමට අධිකරණ අමාත්‍යවරයා ඉඩ දුන්නේ නැත. නමුත් 2010 දී කරු ජයසූරිය මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මෙන් ම මෙම පනත් ද නීති පොතට ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

WhatsApp Image 2024 10 15 at 7.02.38 PM
9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා අතර හයවැනි ස්ථානයට Manthri.lk මගින් ශ්‍රේණිගත කළ දොලවත්ත පසුපෙළ මන්ත්‍රීවරයකුට තම පළමු ධූර කාලය තුළ කළ හැකි දේ පිළිබඳව මගේ අපේක්ෂක මිතුරා වන කේෂාල් ජයසිංහට හොඳ ආදර්ශයකි. එකම කණ්ඩායමෙන් නොවුව ද, එක ම ලැයිස්තුවක (සිලින්ඩරයේ) සිටීම නිසා, සමහරවිට ඔවුන්ට එකට වැඩ කිරීමට ඉඩ ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය මගින් රාජ්‍ය මූල්‍ය පිළිබඳ පූර්ණ පාලනය ව්‍යවස්ථාදායකයට පවරා දී ඇත. කැබිනට් මණ්ඩලයේ නියමය පරිදි අයවැය සම්මත කර ගැනීමට පක්ෂයේ මතය අනුව ඡන්ද ප්‍රකාශ කිරීම හැරුණු විට, පසුගිය පාර්ලිමේන්තු විසින් මෙම කාර්යය ඉටුකර ඇත්තේ දුර්වල ආකාරයෙනි. කෙසේ වෙතත්, ක්‍රම සහ විධි කාරක සභාව වැනි නව කමිටු සක්‍රීය කිරීම සහ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් භාරගෙන ඇති වගකීම් වැඩි වීම නිසා 148 වැනි වගන්තිය යටතේ මන්ත්‍රීවරුන්ට පැවරී ඇති කාර්යයන් ඉටු කිරීමට නව අවස්ථා නිර්මාණය වී තිබේ.

2023 අංක 6 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනතට ක්‍රමය ගුණාත්මක ලෙස වෙනස් කිරීමේ විභවතාවක් ඇත. එබැවින් අයවැය කාර්යාලය ක්‍රියාත්මක වූ පසු, සංකීර්ණ මූල්‍ය කරුණු අවබෝධ කර ගැනීමට සහ ඒ අනුව ක්‍රියා කිරීමට අපේක්ෂකයින්ට ඇති හැකියාව අනුව ඔවුන් ගැන තක්සේරු කිරීම නුවණට හුරු ය.

ඡන්ද දායක සේවා කාර්යය

මෙවර ඡන්ද පොළට යාමට පෙර ඡන්ද දායකයින් දැන සිටිය යුතු දේ
පුරවැසියන් රාජ්‍යය සමඟ විසඳිය නොහැකි ගැටලුවලට මුහුණ දෙන විට, ඔවුන්ට පිළියමක් අවශ්‍ය වෙයි. සමහර අවස්ථාවල දී විසඳුම වන්නේ ක්‍රියා පටිපාටියේ වෙනසක් වන අතර, ඒ සඳහා නීතියේ හෝ ප්‍රතිපත්තියේ වෙනසක් අවශ්‍ය වනවා මෙන් ම එහි බලපෑම පැමිණිලිකරුට වඩා වැඩි පිරිසකට වෙයි. වෙනත් අවස්ථාවල දී, සරල ලෙස අවශ්‍ය වන්නේ, එම පුද්ගලයාට බලපාන ප්‍රශ්නය තක්සේරු කර, නැවත සලකා බලන ලෙස ඉල්ලා අදාළ නිලධාරියාට මන්ත්‍රීවරයා ලිවීම ය. සමහර මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කමිටුව මගින් ලබා දෙන යාන්ත්‍රණය භාවිතා කරති. තවත් සමහරු තනි පුද්ගල පැමිණිලි පාර්ලිමේන්තු ප්‍රශ්න ලෙස ඉදිරිපත් කරති.
ශ්‍රී ලංකාව තුළ, ඡන්දදායකයාට සේවය කිරීම යන්නෙහි අර්ථය කාලයාගේ ඇවෑමෙන් විකෘති වී ඇති අතර, රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පුද්ගලයින් නිදහස් කර ගැනීම සහ ඡන්ද දායකයින් විසින් සංවිධානය කරනු ලබන විවිධ උත්සව සහ අවස්ථා සඳහා මුදල් හෝ ද්‍රව්‍යමය ආධාර සැපයීම වැනි කරුණු ඇතුළත් වෙයි. පළමුවැන්න නීති විරෝධී විය යුතු ය. දෙවැන්න මන්ත්‍රීවරයාගේ මුදල් සම්බන්ධයෙන් දැඩි පීඩනයක් ඇති කරන අතර විවිධ ආකාරවලින් දූෂණය පෝෂණය කිරීමට හේතු සාධකයක් විය හැකි ය. පුද්ගලයන් රිමාන්ඩ් බන්ධනාගාරයෙන් නිදහස් කර ගැනීමට උදව් කළ ආකාරය හෝ වන්දනා ගමනක් සඳහා ලබා දුන් බස් රථයේ ගුණාත්මකභාවය මත ඡන්දදායකයින් තම නියෝජිතයා තෝරා ගැනීම නතර කරන තුරු කිසිදු ක්‍රම වෙනසක් සිදු නොවනු ඇත.
සමහර ඡන්දදායකයින් විසින් එවැනි නිර්ණායක මත දොලවත්ත මන්ත්‍රීවරයා විනිශ්චය කළහොත් ඔහුගේ තත්ත්වය කෙසේ වේදැයි මට අදහසක් නැත. වඩා ප්‍රබුද්ධ කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගේ ප්‍රයෝජනය සඳහා, මන්ත්‍රීවරයෙකුගේ මූලික කාර්යයන් පිළිබඳව ඔහුගේ ක්‍රියාකාරිත්වය ඉස්මතු කළෙමි. නම් යොදා සෙවීමෙන් ක්‍රියාකාරකම් ලබා ගත හැකි Manthri.lk හි වැඩි විස්තර ඇත.
WhatsApp Image 2024 10 15 at 7.02.43 PM 2කේෂාල් ජයසිංහ
සිලින්ඩරය ලකුණින්ම නවකයකු ලෙස තරග කරන මගේ තරුණ මිතුරා වන කේෂාල් ජයසිංහට මන්ත්‍රීවරයකු ලෙස කිසිදු වාර්තාවක් නොමැත. මෙහිදී දේශපාලන ක්‍රියාවලියට නැවුම් චින්තනයක් ඇතුළු කිරීමට අවශ්‍ය ඡන්දදායකයාට දිවංගත මංගල සමරවීරයන්ගෙන් ඔහු ලද ගුරුහරුකම් ගැන තොරතුරු තීරණයක් ගැනීමට උපකාරී වනු ඇත.

 


(මහාචාර්ය රොහාන් සමරජීව)

දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
rohan@lirneasia.net(මෙම ලිපිය ‘අනිද්දා’ ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් – සංස්කාරක )

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *