|

හිරුණිකා අවශ්‍යම මොහොතේ නැඟී සිටියාය – රටේ රාළ

නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වයට තරඟය තියෙන්නේ මාලිමාව සහ සජබය අතර කියලා සජබෙ පැත්තෙන් කියනවා.මාලිමාවේ අගමැති අපේක්ෂකයා කවුද කියලා තවම නම් කරලා නෑ.මාලිමාවේ අගමැති අපේක්ෂකයා හරිනි කියලා තවමත් ප්රකාශ කරලා නෑ.හරිනි අගමැති අපේක්ෂිකාව විදිහට ප්රකාශ කරන්නේ නැති නම් මාලිමා ආණ්ඩුවේ අගමැති වෙන්න හරිනිට තියන සම්භාවිතාවය 50% කට වඩා අඩුයි.
එහෙම උනොත් අගමැතිධූරයට හරිනි සහ විජිත අතර සටනක් ඇති වෙන්න පුළුවන්.සජබ අගමැති අපේක්ෂකයා විදිහට නම් කරලා තියෙන්නේ සජිත්.මේ මැතිවරණයට තරඟ වඳින විපක්ෂයේ අනිත් කිසිම කණ්ඩායමක් ආණ්ඩුවක් පිහිටවීම වෙනුවෙන් බලය ඉල්ලන්නේ නෑ.ඇත්තටම එහෙම ඉල්ලලා වැඩකුත් නෑ.මේ මැතිවරණයේදී මාලිමාව සරළ බහුතරයේ හරි ආණ්ඩුවක් පිහිටවනවා.ඒක නිසා විපක්ෂයේ අනෙක් කණ්ඩායම්වල සටන් පාඨය වෙලා තියෙන්නේ ශක්තිමත් විපක්ෂයක් හදමු කියන එකයි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සිලින්ඩරය යටතේ තරඟ වඳින ගම්පහ දිස්ත්රික් කණ්ඩායමේ නියෝජ්ය නායක නිමල් ලන්සා කිව්වේ එයාලා සටන් කරන්නේ ප්රධාන විපක්ෂය බවට පත්වෙන්න කියලයි.සර්වජන බලයේ නායක දිලිත් ජයවීර එඩිතර විපක්ෂයක් හදන සටනේ ඉන්නවා.දිලිත් එතනදී ටාගට් කරන්නේ විපක්ෂ භූමිකාව සර්වජන බලයට අතට ගන්න.දෙවන පරපුරේ නායක උවිඳු විජේවීරත් ආණ්ඩුවට සහ විපක්ෂයට හොඳ මිනිසුන් එවන්න කියලා විපක්ෂයේ භූමිකාවක් වෙනුවෙන් සටන් කරනවා.
රන්ජන් රාමනායක නායකත්වය දෙන එක්සත් ප්රජාතන්ත්රවාදී හඩත් විපක්ෂ භූමිකාවක් වෙනුවෙන් සටනක් ආරම්භ කරලා තියනවා. විපක්ෂය නියෝජනය කරන අති බහුතර පක්ෂවල සටන් පාඨ එහෙම ස්ථාවර වෙද්දී සජිත් තනියම අගමැති සටනක යෙදිලා ඉන්නවා.සජිත් අගමැතිධූරය වෙනුවෙන් සටන් කරද්දී සජබය බරපතල නායයෑමකට ලක්වෙලා.ඇත්තටම එතන තියෙන්නේ සජිත්ගේ විශ්වාසය සම්බන්ධ ප්රශ්නයක්.සජිත් දිනවන්න ජනාධිපතිවරණයට එකතු උන බලකණු එකක්වත් දැන් සජිත් ළඟ නෑ. සජිත් ළඟ හිටපු පාඨළී දැන් එතන නෑ.
දමිතා අබේරත්න නෑ.තිලකරත්න දිල්ෂාන් නෑ. අජිත් මාන්නප්පෙරුම නෑ.කරුණාරත්න පරන විතාන නෑ.අජිත් මාන්නප්පෙරුම සහ කරුණාරත්න පරන විතාන සජබ ලයිස්තුවේ ඉන්න ගමන්ම ඉල්ලා අස්වෙලා.හැබැයි පහුගිය 13 වෙනිදා හිරුණිකා ප්රේමචන්ද්ර කළේ ඒකේ අනිත් පැත්ත.හිරුණිකා කළේ සජබ අපේක්ෂක ලයිස්තුවේ ඉන්න ගමන් සජබ තනතුරුවලින් ඉල්ලා අස්වීමයි.හිරුණිකා නායකත්වය දුන්න සමගි වනිතා පෙරමුණේ ජාතික සංවිධායක ධූරයෙන් හිරුණිකා අයින් වුනා.
ඇත්තටම සමගි වනිතා පෙරමුණ බිහිවුණේ හිරුණිකාගේ සටන්කාමීත්වය පදනම් කරගෙන. හිරුණිකාගේ සමහර වීදි සටන්වලට අපි එකඟ නැති උනත් රාජපක්ෂලාගේ බලය බිඳීම වෙනුවෙන් කාන්තාවක් විදිහට පළවෙනි වෙඩිල්ල තිබ්බේ හිරුණිකා බව අවිවාදයෙන් යුතුව පිලිගන්න ඕනි.ඇත්තටම ගෝඨාභයට ඒ දවස්වල තිබුණ ලොකුම හිසරදය හිරුණිකා.හිරුණිකා ආරම්භ කරපු සටන සහ හිරුණිකාගේ සටන්කාමීත්වය හරියට පාවිච්චි කළා නම් අද ජනාධිපති පුටුවේ ඉන්නේ අනුර නෙවෙයි සජිත්.
සජබ ආයුධ ගබඩාවේ තිබුණ එක බර අවියක්වත් සජිත් හරියට use කළේ නෑ.පාඨළී,ෆොන්සේකා, වෙල්ගම,හිරුණිකා,වඩුවෙල් වගේ බර අවි සංචිතයක් සජබ ආයුධ ගබඩාවේ තිබුණා. අන්තිමට ගල්කටස් තුනක් විතරක් තිබුන අනුර සටන ජයග්රහණය කළා.අපි රටේ ආර්ථිකය සම්බන්ධ කාරණය පොඩ්ඩක් පැත්තකින් තියලා කතා කළොත් අනුරගේ ජයග්රහණයෙන් රටට සිද්ධවුන හොඳ දේවල් ටිකකුත් තියනවා.
මේ රටට ලොකුම දේශපාලන කොවඩිවිනයක් වෙලා තිබුණ රාජපක්ෂ පවුල්වාදී දේශපාලනය සම්පුණයෙන්ම අතුගෑවිලා ගියා.වැඩවසම් සාටකය නැති දේශපාලනයක් අද ඇවිත් තියනවා. ඒ වගේම බොරු චන්ඩි,බොරු දේශප්රේමීන්,හැම පැත්තෙම ජාතිවාදීන් ඔක්කොම දේශපාලන වශයෙන් හේදිලාම ගියා.දැනට ඉතිරිවෙලා ඉන්නේ සජිත්ගේ වැඩවසම් සෙට් එක විතරයි. සජිත් තමන් ළඟ ඉන්න කිසිම දක්ෂයෙකුට මතුවෙන්න ඉඩක් දෙන්නේ නෑ.සජිත්ගේ ළග තියෙන්නේ එයාගේ තාත්තගේ හිරිකිත දේශපාලන තියරිම තමයි.
ඒක බොහෝ දුරට සමාන වෙන්නේ රාජපක්ෂලාගේ තක්කඩි දේශපාලන චින්තනයට. ඇත්තටම ජාතික ජන බලවේගයේ හරිනි ආවා හා සමාන දේශපාලන ගමනක්,නැත්තං ඊටත් වැඩිය ලොකු දේශපාලන ගමනක් හිරුණිකාට තිබුණා. සජිත් කවදාවත් හිරුණිකා හරියට දේශපාලනිකව මෙහෙව්වේ නෑ.හිරුණිකා හරියට දේශපාලනිකව ගයිඩ් කළා නම් ඒවායේ ප්රතිපල අද බුක්ති විදින්නෙත් සජිත්ම තමයි.හැබැයි එහෙම හිතන්න පුලුවන් විවෘත මනසක් සජිත්ට නෑ.
රටේ රාළ මීට අවුරුදු දෙකකට උඩදී කිව්වා හිරුණිකාගේ දේශපාලන අනාගතය විනාශ කරන්නේ සජබෙ බලවත්ම කාන්තාවක් කියලා. මිට අවුරුදු කිපයකට උඩදී මාතර හක්මණ කාන්තා සමුළුවකදී තමයි හිරුණිකාගේ බෙල්ල කපන්න එයාලා දේශපාලන වශයෙන් තීරණය කළේ.ඒ කැපිල්ල එනකොටම රටේ රාළ ඒ බව කිව්වා.අද හිරුණිකාට අත්වෙලා තියෙන්නේ ඒ ඉරණම.ඒ වෙනකොටත් ජලනිලා හිරුණිකාගේ හැකියාව හදුනාගෙන ඉවරයි වගේම හිරුණිකාට ෂොට් එක දෙන්නත් තීරණය කරලා ඉවරයි. පහුගිය 12 වෙනිදා ” සජිත්ට වැඩ වරදින පාර්ලිමේන්තුවක් ළඟ ළඟම එනවා ” ලිපියෙන් රටේ රාළ කියපු කතාව ආයෙත් ඔප්පුවෙලා තියනවා.
රටේ රාළ කිව්වේ මේ සැරේ සජබෙන් පාර්ලිමේන්තුවට එන මන්ත්රීවරු වර්ග දෙකක් ඉන්නවා කියලා.එක කණ්ඩායමක් තමයි සජිත්ගේ ආශීර්වාදයෙන් එන සජබ එහෙයි මන්ත්රී කණ්ඩායම.අනිත් කණ්ඩායම තමයි සජිත්ගේ කෙනිහිලිකම් මැද ඒවාට මුහුණ දෙමින් එන සජබ මන්ත්රී කණ්ඩායම.ඇත්තටම සජිත් ඒ සටනින් දිනලා හොඳ මිනිස්සු ගොඩක් ජරාජය කරනවාම තමයි.හිරුණිකාට එහෙම වෙන්න එපා කියලා අපි ප්රාර්ථනා කරනවා.සජිත් කියන්නේ පැලය කාලොම ගභේ දල්ල කඩලා සජිත්ට ඕනි තරමට උසට මහතට පැලය හදාගන්න හදන කෙනෙක්.
ඊළඟ පාර්ලිමේන්තුවට සහෝදරවරුන්ගේ පැත්තෙන් එහෙයියෝ ආවත්,විපක්ෂය පැත්තෙන් එහෙයියෝ ආවත් මේ රටට නං ශත පහක වැඩක් නෑ.ඊළඟ පාර්ලිමේන්තුව කියන්නේ රටේ ආර්ථික අර්බුදයට උත්තර හොයන්න ඕනි පාර්ලේමේන්තුවක්.ඒකට ඕනි දක්ෂයෝ මිසක් පාර්ලිමේන්තුවේ මයික්රොපෝනය ලඟට ගිහින් my self ගැන රචනා කියවන අය නෙවෙයි.
ඇත්තටම හිරුණිකාලාට පාර්ලිමේන්තු එන්න වෙලා තියෙන්නේ තමන්ට පිටිප්සෙන් ඇවිත් අනින පිහිපාරවල් කාගෙන.හිරුණිකා නෙවෙයි හර්ෂට,එරාන්ටත් ඒ අභියෝගය එහෙමම තියනවා.එයාලට ප්රශ්නය වෙලා තියෙන්නේ එයාලා සතුව තියන මොකක් හෝ හැකියාව. මොකද හැකියාවට තැනක් සජබය ඇතුලේ නෑ. කොහොම උනත් තමන් පෙලන දේශපාලන පීඩනයට එරෙහිව අවසන් මොහොතේ හරි නැගී
සිටින්න ධෛර්යක් හිරුණිකාට තිබුණා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට

රටේ රාළ.

May be an image of 1 person and smiling

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *