|

සීයේ….තව ටෙම්පරියක් අදිමුද? – රටේ රාළ

අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිවෙලා යන්තම් සති තුනක් ගතවුනා විතරයි.ලංකාවේ ජනාධිපති කෙනෙක් පත්වෙලා මේ තරම් ඉක්මනට විවේචනයට ලක්වෙන වෙන කෙනෙක් නැතිව ඇති.වෙන ජනාධිපතිලට නම් තමන්ගේ වැඩපිලිවෙල ක්රියාත්මක කරන්න අවම වශයෙන් අවුරුද්දක කාලයක් දුන්නා.හැබැයි අනුර සහෝදරයාට ඒ අවස්ථාව දීලා නෑ.
එක පැත්තකින් ඒක අනුර සහෝදරයාට කරන අසාධාරණයක්.හැබැයි නිකම්ම එහෙම වෙන්නෙත් බෑ.ඒකටත් මොකක් හරි හේතුවක් තියෙන්න ඕනි.රටේ රාළ කියන්නේ අනුරට එල්ල වෙන විවේචනය අසාධාරණ නෑ කියලයි.අනුර තමන්ගේ වැඩපිලිවෙලක් ක්රියාත්මක කරනවා නම් අනුරට ඔය කියන කාලය දෙන්න ඕනි.අනුරට මේ ක්රියාත්මක කරන්නේ එයා පහුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට පොරොන්දු උන වැඩපිලිවෙල නෙවෙයි.
එයාගේ මැතිවරණ ප්රකාශණයේ තිබුණ වැඩපිලිවෙල නෙවෙයි.දැන් අනුරට විවේචනය එන්නේ තමන්ගේ වැඩපිලිවෙල ක්රියාත්මක කරන්න කියලයි.ගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව දැන හෝ නොදැන රනිල්ගේ වැඩපිලිවෙල ප්රතික්ෂේප කළා.අනුරගේ වැඩපිලිවෙල අනුමත කළා.එහෙම තත්වයක් යටතේ අනුර තවදුරටත් රනිල්ගේ වැඩපිලිවෙල කර තියාගෙන යෑම අනුර බලයට පත්කරපු ජනවරමටත් පටහැණියි.
අනුර ජනාධිපතිවරණයේදී කිව්වේ IMF එකත් එක්ක සාකච්ඡා කරලා රනිල් එයාලත් එක්ක ඇති කරගත්ත එකඟතා වෙනස් කරගෙන ජනතාවගේ අවශ්යතා මුල්කරගත්ත වැඩපිලිවෙලකට යනවා කියලයි.රනිල් සහ මුදල් අමාත්යාංශ ලේකම් දෙන්නම හිරේ දානවා කියලත් කිව්වා.මහ බැංකු අධිපති ගෙදර යවනවා කිව්වා.අසාධාරණ විදිහට අය කරණ බදු සහ කොමිස් අයින් කරලා තෙල්, ගෑස් වගේ අත්යවශ්ය භාණ්ඩ සහන මිලට දෙනවා කිව්වා.නව බදු ප්රතිපත්තියක් හදනවා කිව්වා.
දුෂිතයෝ පන්නලා රාජ්ය සේවය සුද්ධ කරනවා කිව්වා.සමහරු නං කිව්වේ හදට යන්නත් ලෑස්ති වෙලා ඉන්න කියලයි.රට තවදුරටත් ණය කරන්නේ නෑ කියලා කිව්වා.රනිල්ට පුළුවන් රට ණය කරන්නයි විකුණන්නයි විතරයි එයාලා ආවහම සියලු හොරු අල්ලලා රටේ සම්පත් රැකගන්නවා කියලත් කිව්වා.අනුර ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා කිව්ව ගොඩක් දේවල් පැය 24 න්,48 න්,72 න් කරනවා කියලා කියපුවා.අනුර ඒවා කියද්දී රටේ රාළ කිව්වේ ඔය පැය ගණන් කතා නං පට්ට බොරු කියලයි.
ඇත්තටම පැය ගණන්වලින් ඒවා කරන්න බෑ. හැබැයි දැන්වත් අනුර ජනතාවට පොරොන්දු වෙච්චි ගමන යන්න පටන් ගන්න ඕනි.පහුගිය දා ආපු IMF කණ්ඩායම ඉස්සරහා අනුරවත්,අනුරගේ ආර්ථික කමිටුවත්,ආර්ථික ඔස්ථාර් සුනිල් හදුන්නෙත්තිවත් මීක් සද්ධයක් නැතිව රනිල් සහ අයිඑම්එෆ් එක ඇති කරගෙන තියන සියලු කොන්දේසිවලට එකඟ වුනා.රනිල් සහ IMF එක අතර ඇතිවුන එකඟතාවය නීතියක් බවට පත් කරන්න ගෙනාපු පාර්ලිමේන්තු පණතට හැබැයි එදා අනුරලා පාර්ලිමේන්තුවේදී විරුද්ධ වුනා.
මේ පාර ඒකටම IMF එක ඉස්සරහා දෙකට නැමිලා එකඟවුනා.එතකොට අනුරලාගේ තරහා තියෙන්නේ අපේ රටේ ජනතාවත් එක්කද කියලත් එක වෙලාවකට හිතෙනවා.මේ රටේ ජනතාව ණය කලා ඇති තවදුරටත් ණය කරන්න අපිට අයිතියක් නෑ කියකියා වේදිකා ගානේ කෑගහපු අනුර මේ සති තුනට විතරක් දේශීය සහ විදේශීය ණය රුපියල් බිලියන 400 කට වැඩිය අරන් තියනවා.දැනට දෙපාරක් මහ බැංකුවේ ස්වෛරී බැදුම්කර වෙන්දේසියේ දැම්මා.
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් ගත්තා. ඒවත් ඉතිං ණය තමයි.ඇත්තටම දැන් මෙතන එකක් පැහැදිලියි.අනුර මේ යන්නේ දැනගෙන යන ආර්ථික ගමනක් නෙවෙයි.දැනටමත් නිළධාරීන් අනුර ඇතුළු කැබිනට් මණ්ඩලය අල්ලේ නටවනවා.අනුර කරන්නේ රනිල් කපපු පාරේ ඔහේ යන එක විතරයි.අනුරලා හිරේ දානවා කියපු රනිල් කපපු පාරේ යනවා.හිරේ දානවා කියපු මහින්ද සිරිවර්ධන,රට බංකොලොත් කලා කියපු මහ බැංකු අධිපති නන්දලාල් පෙන්නන පාරේ ඔහේ යනවා.ඔයාලට මතක ඇති එක වෙලාවක මහින්ද රාජපක්ෂ කිව්වා දැන් රනිල් හොඳවෙලා කියලා.
ඒ වගේ දැන් අඩුම ගානේ අනුර මහින්ද සිරිවර්ධනයි,නන්දලාලුයි හොඳවෙලා කියලා හරි කියන්න ඕනි.අපේ රට තවත් බංකොලොත් තත්වයක් කරා වේගයෙන් ළඟා වෙමින් තියනවා. අනුරලාවත් දන්නේ නැතිව තමයි ඒ විනාශය සිද්ධ වෙන්නේ.මොකද අනුර බාර ගත්තේ රනිල් ගොඩදාපු ආර්ථිකයක් නෙවෙයි.අනුර බාරගත්තේ රනිල් ගොඩදමමින් තිබුණ ආර්ථිකයක්.මේ ආර්ථික ගමන එක සරල රේඛාවක් දිගේ යන්නේ නෑ.
මේ ආර්ථික ක්රියාවලියයේදී එක එක වෙනස්කම් සීරුමාරුවට කරන්න ඕනි.ඇත්තටම අනුර ඒක කරන වෙලාව,කරන තැන සහ කරන විදිහ දන්නේ නෑ.ඒක හින්දයි රටේ රාළ කියන්නේ අනුර නොදැන මේ කරන්නේ ලබන අවුරුද්දේ දෙවෙනි කාර්තුව ආරම්භයත් එක්ක තවත් බංකොලොත්භාවයකට පදනම දාන එකයි.තවත් බංගලිදේශ පන්නයේ අරගලයකට පදනම දාන එකයි.අනුරලා බලයට ගෙනාපු මිනිස්සු අනුරලාට එරෙහිව නැගිටිනවා.
ඒ අනුරලා බොරු කියලා බලය ගත්ත නිසයි. බොරු කියලා බලය ගත්තත් කමක් නෑ, අඩුමගානේ ඒක පවත්වාගෙන යන්න වැඩපිලිවෙලක් තියෙන්න ඕනි.රටේ රාළ කියන්නේ එහෙම දැනුම තියන ප්රායෝගික මිනිස්සු මාලිමාවේ නෑ.රටේ රාළ අර්බුදය එන විදිහත් කියන්නම්.අර්බුදය එන්නේ අනුරලා අයවැය හදන්න යනවත් එක්ක.අනුරලා අයවැය හදද්දී එක්කෝ IMF එකට පිටුපාන්න වෙනවා.නැත්තං ජනතාවට දුන්න බොරු පොරොන්දු ඉටු කරන්න බැරිවීම විසින් ජනතාවට පිටුපාන්න වෙනවා.
අනුරලාට කවදාවත් IMF එකට පිටුපාන්න බෑ. අනුරලාට කවදාවත් ඇමරිකාවට,ඉන්දියාවට පිටුපාන්න බෑ.දැන් එයාලා ඒ උගුල්වලට පය තියලා ඉවරයි.ඒවායින් රිංගලා යන්න තරම් අනුරලා උපක්රමශීලී නෑ.රනිල් එදා රටට ඇත්ත තත්වය කිව්වා.ඇත්ත කියමින් තමයි රනිල් සියලු වෙනස්කම් කළේ.අනුරලා කළේ ඇත්ත කියපු රනිල් බොරුකාරයෙක් කිරීමයි.අනුරලා ඇත්ත විදිහට ජනතාවට බොරු කිව්වා.
හෙට දවසේ බොරුව සහ ඇත්ත මොකද්ද කියලා එලිවෙන්න නියමිතයි.මොකද අපි දන්නවා බොරුවට වැඩිකල් ආයුෂ නෑ කියලා.අනුරලා කියපු බොරුවලට දැන්ම උත්තර හැදුවේ නැත්තං රට ආපහු අගාධයට වැටෙනවා.රටේ රාළගේ උපකල්පනයට අනුව නම් වහාම වරද නිවැරදි කරන්න ඕනි.අනුරට බැරිකම පිලිගන්න වෙනවා. ඒත් ඒ කතාව මොනතරම් දුරට ජනතාව පිලිගනීද කියලා කියන්න අපි දන්නේ නෑ.කෝකටත් සීයත් තව ටෙම්පරියක් අදින්න ලෑස්තිවෙලා හිටියට නං කමක් නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට

රටේ රාළ.

May be an image of 1 person

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *