|

සජිත්ට වැඩ වරදින පාර්ලිමේන්තුවක් ළඟ ළඟම එනවා – රටේ රාළ

” මාලිමාවේ අපේක්ෂක හරස්කඩ ” ලිපියෙන් රටේ රාළ කිව්වේ ඊළඟ පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය හොබවන මාලිමා මන්ත්රී කණ්ඩායම ගැනයි.රටේ රාළ කියන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම කියන්නේ මොන්ටිසෝරි Team එකක් කියලයි.ඒ එයාලා නවකයෝ කියලා හිතලා නෙවෙයි.දැනටමත් මේ ආණ්ඩුව කරගෙන යන මොන්ටිසෝරී බබාලා තුන්දෙනා නිළධාරින්ගේ ගැටවලට ගොඩක් දුරට අහුවෙලා ඉවරයි.
ගෝඨාභය වටකරගෙන ලණු දුන්න කට්ටිය දැන් බාන් පිටින් ඇවිත් අනුර,හරිනි,විජිත තුන් කට්ටුවට ලණු දෙනවා.නිර්මාණය වෙන්න නියමිත ආණ්ඩු පක්ෂයේ තත්වයක ඕකයි.ඒ වගේම නිර්මාණය වෙන්න නියමිත විපක්ෂයේ තත්වය මොකද්ද කියලත් අපි බලන්න ඕනි. නිර්මාණය වෙන ප්රධාන විපක්ෂයේ තත්වය නම් ආණ්ඩුවට අන්ත එකක්.අපි විපක්ෂයේ හරස්කඩක් ගත්තොත් ප්රතිපල මෙහෙමයි.
ජනාධිපතිවරණ ප්රථිපලයට අනුව විපක්ෂයේ ප්රධාන කණ්ඩායම වෙන්නේ සජිත්ගේ සමගි සන්ධානයයි.සජිත්ගේ සමගි සන්ධානයේ නැත්තේ සමගිය විතරයි කියලා නොමිනේෂන් පීරියඩ් එකේදී ඔයාලත් දකින්න ඇති.එහෙම ඇණ කොටා ගන්න පක්ෂයක්,තමන්ගේම අනෙකාට ගේම් දෙන පක්ෂයක් ලංකාවේ නං නැතිව ඇති. ඇත්තටම සජිත් පාඨළීට සහ එයාගේ එක්සත් ජනරජ පෙරමුණට කෙරුවේ තුට්ටු දෙකේ වැඩක්. ඒ ප්රශ්නය සජිත් මැදිහත්වෙලා විසඳන්න ඕනි ප්රශ්නයක්.පාඨළීගේ හඩ පාර්ලිමේන්තුවට එන්න නොදී ගේමක් ගහලා නිහඩ කරපු එක දේශපාලන අපරාධයක්.
දෙවෙනි වතාවටත් පාඨළීව ගෙන්නගෙන වැඩේ දුන්න එක සජිත් ජයග්රහණය විදිහට හිතනවා වෙන්න ඇති.එතන පාඨළීගේ මොඩකම වගේම සජිත්ගේ තක්කඩිකමත් කැපිලා පේනවා.ඊළඟට දමිතාට කරපු වැඩේ.දමිතාට නොමිනේෂන් දෙන්නේ නැත්තං අඩුම ගානේ නොමිනේෂන් අත්සන් කරන්න රත්නපුර එන්න ඉස්සෙල්ලා ඒක කියන්න ඕනි.දමිතා රත්නපුර එනකොට ලිස්ට් එකේ නම ටිපෙක්ස් කරලා.පක්ෂ මහ ලේකම්ගේ ෆොන් එකත් ඕෆ් කරලා.ගිය ජනාධිපතිවරණයේ පාඨළීලා සහ දමිතා සජිත්ගේ කැම්පේන් එක වෙනුවෙන් ලොකු වැඩක් කළා.
ඊළඟට සජිත් අජිත් මාන්නප්පෙරුමට කළේත් ඒක වගේ කුපාඩි වැඩක්.අජිත් සජබෙ අපේක්ෂක ධූරයෙන් ඉල්ලා අස්වෙලා ගෙදර ගියා?ඇතුලට දාගෙන ගහන තක්කඩි දේශපාලන කලාව සජිත් තාත්තගෙන් හොඳට ඉගෙන ගෙන තියනවා. පාඨළීට නං මොනවද සජිත්ලා මේ පාර හර්ෂට සහ හිරුණිකාටත් ගහන්න උපරිම උත්සහ කරනවා.ඒ විතරක් නෙවෙයී එහෙම ඇතුලට අරන් ගහලා එලියට දාන බර සෙට් එකක් මේ පාර සජබෙ ලයිස්තුවල ඉන්නවා.සජබෙන් තේරීපත්වෙලා එන පාර්ලිමේන්තු මන්ත්රීවරු වර්ග දෙකක් මේ පාර පාර්ලිමේන්තුවේ ඉන්නවා. සජිත්ගේ ආශීර්වාදයෙන් එන අයයි,සජිත්ගේ උපරිම කැපිල්ලට attack කරගෙන එන අයයි.
මේ පාර්ලිමේන්තුවට එන සජබෙ කණ්ඩායම ඇතුලට එන්නෙම දෙකට බෙදිලා.පිරිස කොච්චර හිටියත් පාර්ලිමේන්තුවට ඇතුල් වෙනකොටම සජබය දුර්වලවෙලා.සජබ ඡන්ද ප්රමාණය ගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව විශාල වශයෙන් අඩුවෙන එක ෂූවර්.රනිල්ගේ ගෑස් සිලින්ඩරය දිහා බැලුවොත් ගිය ජනාධිපතිවරණයේදී එයාලා ගත්ත ඡන්ද පදනම රැකගන්න එයාලටත් ලොකු සටනක් දෙන්න වෙනවා.ඒක ලේසි සටනක් නෙවෙයී.සිල්න්ඩරේ ගොඩක් අය කලින්ම පරාජය බාර අරගෙන ගෙදර ගිහිල්ලත් ඉවරයි.
හැබැයි සිලින්ඩරය වෙනුවෙන් සටන් කරපු ගොඩක් නායකයෝ තවම සටන අතෑරලා නෑ. ගම්පහ දිස්ත්රික්කයෙන් නිමල් ලන්සා,ලසන්ත අලගියවන්න,රුවන් විජේවර්ධන සිලින්ඩරය යටතේ තරඟ කරනවා.කළුතරින් රාජිත,නන්දන ගුණතිලක තරඟ කරනවා,කුරුණෑගලින් අනුර ප්රියදර්ශන යාපා,අනුරාධපුරෙන් දුමින්ද දිසානායක,ගාල්ලෙන් රමේෂ්,මාතරින් කාංචන ඇතුළු තවත් පිරිසක් තවමත් සටනේ ඉන්නවා. සිලින්ඩරයේ ජාතික ලයිස්තුව ගත්තත් රවී, තලතා,සිරිපාල අමරසිංහ,වීරකුමාර දිසානායක වගේ රනිල් වෙනුවෙන් ලොකු බරක් ඇදපූ කට්ටියක් එතනත් ඉන්නවා.
සිලින්ඩරයේ ජාතික ලයිස්තුව ගැන හිතද්දී අවශ්ය උනොත් සීයා ගෙන ඒම වෙනුවෙන් ස්ථානගත කරපු නම් තියනවද කියන සැකයත් එනවා. ඊළඟට විපක්ෂයේ කැපී පෙනෙන කණ්ඩායම බවට පත්වෙලා තියෙන්නේ දිලිත් ජයවීරගේ සර්වජන බලය සන්ධානය.විපක්ෂයේ ප්රධාන බලවේග දෙකේ දුර්වල වීම සහ විමල්ලා, ගෙවිදුලා ඇතුළු ජාතිවාදී කණ්ඩායම් ඉවත්වීමෙන් සර්වජන බලය පිම්මක් පැන්න බව පේනවා.
කොළඹින් අනුරාධා යහම්පත් සහ ගම්මන්පිල තරඟ කරද්දී දිලිත් ගම්පහෙන් තරඟ කරනවා. මෛත්රීගේ පුතා දහම් පොලොන්නරුවට තරඟ කරද්දී දිළුම් මහනුවරින් තරඟ කරනවා.දිලිත්ලට ආසන 05 – 07 ක ඉලක්කයක් තියාගෙන දුවන්න පුළුවන් තත්වයක් තියනවා.ඒ වෙනුවෙන් දිලිත්ලා යොදන සංවිධාන බරත් එක්ක තමයි ජයග්රහණ තීරණය වෙන්නේ.යම් විදිහකින් දිලිත් ඇතුළු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ආවොත් ඒක සජිත්ගේ විපක්ෂ නායක භූමිකවට තවත් තර්ජනයක් වෙනවා.
ඒ වගේ උවිඳු විජේවීරගේ දෙවෙනි පරපුරත් දිස්ත්රික්ක ගණනාවකට තරඟ කරනවා.උවිඳු කුරුණෑගලින් තරඟ කරද්දී ජවිපෙ ඇතුලේ කීර්තිමත් ඉතිහාසයක් තිබුණ ගුණසිංහ දිසානායක සහෝදරයා අම්පාර දිස්ත්රික්කයේ නායකයා විදිහට තරඟ කරනවා.ගුණසිංහ දිසානායක සහෝදරයා තමයි 89 දී රෝහණ සහෝදරයා අත්අඩංගුවට ගැනීම වළක්වාගන්න අවශ්ය තොරතුර එදා ජවිපෙ මහනුවර දිස්ත්රික් ලේකම් උපාලි ජයවීරට දෙන්නේ.
එදා ඒ තොරතුර උපාලි ජයවීර පක්ෂයට හරියට වාර්තා කළා නං සමහරවිට අදත් විජේවීර සහෝදරයා ජීවතුන් අතර.අද ජවිපෙ ඉන්න පාවා දුන් නායකයන් ඉස්සරහා ගුණසිංහ දිසානායක සහෝදරයලා තමයි නියම වීරයෝ.උවිඳුට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් එක සජිත්ට විතරක් නෙවෙයි සමස්ථ පාර්ලිමේන්තුවටම සහ ලාංකීය දේශපාලනයටත් දැවැන්ත බලපෑමක් වෙන එක නතර කරන්න බෑ.
උවිඳු කියන අලුත් දේශපාලන සංස්කෘතිය මේ පාර්ලිමේන්තුව ඇතුලට ගේන්න ඕනි සහ වේගයෙන් ඒක සමාජගත කරන්න ඕනි.ඒ වගේම මේ දවස්වල තවත් වේගයෙන් ජනප්රිය වෙන පක්ෂයක් බවට පත්වෙලා තියෙන්නේ රන්ජන් රාමනායකගේ මූලිකත්වයෙන් එලියට ආපු අලිරාජා සුභාෂ්කරන් නායකත්වය දෙන එක්සත් ප්රජාතන්ත්රවාදී හඩ පක්ෂයයි.රන්ජන් ඒ පක්ෂය යටතේ මයික්රොපෝනය ලකුණින් ගම්පහ දිස්ත්රික්කයට තරඟ කරනවා.
හිටපු සුපිරී ක්රිකට් ක්රීඩක තිලකරත්න දිල්ශාන් කළුතර දිස්ත්රික්කයට තරඟ කරනවා.කොහොම උනත් උතුර දකුණු එකතු කරන පක්ෂයක් හැදෙන එක හොදයි.රන්ජන්ටත් ජනතාව අතර යම් ජනප්රියත්වයක් තියනවා.දිල්ෂාන්ටත් එහෙමයි. ඇත්තටම විපක්ෂ පැත්ත හරියට කළමණාකරණය උනොත් වල් පැල ගලවලා මල් පැල මේ පැත්තෙත් හිටවන් පුඵවන්.හැබැයි ඒවා ජවිපෙ හිටවන වද මල් පැල වෙන්න බෑ.මොකද වද ගහේ මල් පිපුණට ගෙඩි නෑ.කොහොම උනත් පක්ෂ විපක්ෂ පැත්තෙන් ලොකු අලුත්වීමක් වෙන බව පේනවා.ඒක අපේ රටේ නව දේශපාලන ගමනකට පාර කියාවි.රටේ රාළ අද ලිපිය අවසන් කරන්නේ උවිඳු විජේවීර කියපු කතාවකින්.උවිඳු කිව්වේ පක්ෂ,විපක්ෂ දෙපැත්තටම හොඳ මිනිස්සු පත්කරලා එවන්න කියලයි.ඒ කතාව හරියටම හරි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට

රටේ රාළ.

May be an image of 3 people and people smiling

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *