|

මහ මැතිවරණයට මාලිමාවේ සටන් පාඨ හිඟයක් – රටේ රාළ

2024 – පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා බාරගැනීම ඔක්තොම්බර් 11 වෙනිදායින් අවසන් වෙනවා.මැතිවරණයට ඉදිරිපත් වෙන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂක ලයිස්තු සකස් කිරීම දැන් තියෙන්නේ අවසන් අදියරේ. දැනට මාලිමාවේ නාම යෝජනා බොහෝදුරට සකස් කරලා ඉවරයි.සමහර දිස්ත්රික්කවල මාලිමාවේ අපේක්ෂක ලයිස්තු ඡායාරූප සහිතව පළ කරලත් තිබුණා.
මාලිමාවේ අපේක්ෂක ලයිස්තු දිහා මතුපිටින් බලද්දී ජවිපෙ සහ මාලිමාව අතර අපේක්ෂක ප්රමාණය යම් සාධාරණ පදනමකින් බෙදිලා ගිහින් තියන බව පේනවා.සමහර තැන්වල පනහට පනහා තියනවා.සමහර තැන්වල මාලිමාවට වැඩියි.තවත් සමහර තැන්වල ජවිපෙට වැඩියි. දැනට මාලිමාවේ සහ ජවිපෙන් එන අභයන්තර ආරංචි මාර්ගවලට අනුව නං දෙපැත්තෙන්ම ඉල්ලන්න බලාපොරොත්තුවෙලා හිටපු ගොඩ දෙනෙකුට අවස්ථාව ලැබිලා නෑ.
ලයිස්තු දිහා බැලුවමත් ජවිපෙන් අපේක්ෂකත්වය දෙන්න සුදුසු සැලකිය යුතු ප්රමාණයකට ලැබිලා නැති බව පේනවා.ජවිපෙත් ෂෝකාරයින්ට තමයි වැඩි අවස්ථාව දීලා තියෙන්නේ.කොහොම උනත් මාලිමාවේ ලයිස්තුවේ ඉන්න ජවිපෙ කණ්ඩායම් දිහා බැලුවොත් ජවිපෙ පලවෙනි පෙල,දෙවෙනි පෙල නායකයන් සහ ජවිපෙ වෘත්තීය සමිති නායකයන් සියල්ලම වගේ ඇතුලත් කරලා තියනවා.රට හදන්න එන මේ ජවිපෙ නායකයන්ගේ මෑතකාලීන භාවිතාව දිහා බැලුවම රට හැදිල්ල කෙසේ වෙතත් රට වැනසිල්ල නං කරයි කියලා රටේ රාළට පෞද්ගලිකව හිතෙනවා.
මේ ගොඩක් දෙනෙක් ජනාධිපතිවරණට ඉස්සෙල්ලා කිව්ව කතා අපි ඇහුවා.දැන් ඒවා කියන්න බැරිව එයාලා ගොළුවෙලා.මෙයාලට දැන් මේ මැතිවරණයේදී ජනතාවට අලුත් කතා කියන්න වෙලා.අලුත් සටන් පාඨ හොයන්න වෙලා. බලය ගත්තට පස්සේ කියපු දේවල් කරන්න බෑ කියලා එයාලටම දැන් තේරිලා.බලය ගන්න ඉස්සෙල්ලා ගොඩක් පැය 24 න් කරන වැඩ තමයි තිබුණේ.මතකද බිමල් කිව්වා සංස්කෘතිය කියලා ගස්,ගල්වලට,වෙහෙරවලට වඳින එක ගෝත්රිකයි කියලා.නලින් කිව්වේ බෝ ගහ කියන්නේ ශත පහකට වැඩක් නැති ගහක් කියලා.අනුර දිසානායක මේ දවස්වල ඒවට වඳින විදිහ දැක්කම බිමල්ලට,නලින්ලට ආයෙත් ඒ කතා නං කියන්න බෑ.
දැන් ඒ කතාව කිව්වොත් කෙලින්ම ගෝත්රිකයා වෙන්නේ ජනාධිපති අනුර.දැන් බිමල්ට,නලින්ලට ගස්,ගල්වලට වඳින්න පුරුදු වෙන්න වෙනවා, කතාවක් අවසානයේ තෙරුවන් සරණයි, දෙවිපිහිටයි කියන්න හුරු වෙන්න වෙනවා.ඒ කියන්නේ මේ ඡන්දයෙන් පස්සේ බිමලුත් දර්ශණයට අනුව ගෝත්රික ඝණයට වැටෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ ජවිපෙ පිහිටවන ආණ්ඩුවේ මුදල් ඇමති සුනිල් හදුනෙත්ති කියලයි කියන්නේ.හදුන් තමයි රට බංකොලොත් වෙලා තියන වෙලාවේ කිව්වේ රටට ඩොලර් එවන්න එපා කියලා.ඒ කටින්ම ඩොලර් එවන්න නැත්තං අපි ආය බංකොලොත් වෙයි කියලා හදුන්ට කියන්න වෙන දවස තව වැඩි ඈතක නෙවෙයි.
ජාත්යන්තර ස්වෛරී බැදුම්කර හිමියන්ට පොඩ්ඩක් හිටපං මචං කියලා බේරගන්නවා කියලයි ඒ දවස්වල හදුන් කිව්වේ.ජාත්යන්තර මූල්ය අරමුදලත් එක්ක නෙගෝසියේට් කරලා අපට ඕනි විදිහට IMF ගිවිසුම වෙනස් කරනවා කියලත් කිව්වා.මාලිමාවේ ආණ්ඩුවක් ආවම හදුන්ගේ කැනඩාවේ ඉන්න යාලුවා තමයි පළවෙනි ඩොලර් මිලියනය එවන්නේ කියලත් හදුන් කිව්වා. තෙල්වලින් ගන්න කොමිස් එක නැති කලොත් ආණ්ඩුවටත් ලාබයක් තියාගෙන ජනතාවට තෙල් රුපියල් එකසිය ගාණට දෙන්න පුලුවන් කියලා අනුරයි,හදුනුයි දෙන්නම කිව්වා.
දැන් හදුන්ලා ඒවා කියන්නේ නෑ.ඇත්තටම ඒවා කියන්න බෑ.පහුගියදා ආපු IMF ධූත පිරිස ඉස්සරහා ජනාධිපති අනුර දිසානායකයි, හඳුනෙත්තිත් ඉන්න මාලිමාවේ ආර්ථික කමිටුවයි දෙකට නැමෙන විදිහට දැක්කම කියපු කතා ගැන එයාලටම ලැජ්ජා හිතෙනවා ඇති.හදුන් එක වචනයක්වත් කතා නොකර බකමුණු වෘතයේ යෙදී ඉන්න හැටි දැක්කම දයාශාන් අයියට උනත් අවුල් යන්න ඇති.
රාජ්ය තාන්ත්රික පෝරම් එකක සෙල්ෆි ගන්න තරම් ගංකබර මානසිකත්වයක් නං මාලිමාවේ ආර්ථික කමිටුවේ කට්ටියට තියෙන්නේ තවත් මොන කතාද අප්පා.තවමත් ඒවා ගිරාපෝතක ජෙප්පන්ට තේරෙන්නේ නැති හින්දා ලොකු අවුලක් නෑ.ඊළඟ මාලිමා ආණ්ඩුවේ පොලිස් ඇමති තමන් කියාගන්න ලාල් කාන්ත සහෝදරයා පොලිස් ඇමති උනහම ලාල්ටම ලැජ්ජා හිතෙයි. මොකද ලාල්නේ කිව්වේ ලාල්ලට බලය දෙන්නේ මර්දනයටත් එක්ක කියලා.ප්රතිවිප්ලවය මර්ධන කරන්නත් එක්ක කියලා.
කොහොමද එහෙම කියපු ලාල්ල රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමේ ඇමතිකම හම්බ වුනහම. කොහොම පොලීසියක් ලාල් හැදයිද?ඊළඟට ජවිපෙ විනාශකාරී වෘත්තීය සමිති සෙට් එක මේ මැතිවරණයට ඉදිරිපත් කරලා තියනවා.දැනට කියන විදිහට ජවිපෙ ගුරු සංගමයේ නායක මහින්ද ජයසිංහ තමයිලු අධ්යාපන ඇමති.එහෙම කියලා කැම්පේන් එකක් ගුරු වෘත්තීය සමිති ඇතුලේ යනවා.මහින්ද අවුරුදු 20 කින් ඉස්කෝලෙකට උගන්නන්න ගිහින් නෑ.
ඒ කාලය පුරාම කරලා තියෙන්නේ වෘත්තීය සමිති වැඩ.ඒ කියන්නේ දරුවන්ගේ අධ්යාපනය කඩාකප්පල් කරන වැඩ.එහෙම හාදයෙකුට අධ්යාපනය බාරදුන්නොත් කොහොම තියෙයිද?නරියට කුකුල්ලු බාරදුන්නා වගේ තියෙයි. බංකොලොත් රටක රුපියල් 25000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලුවේ මහින්ද ජයසිංහලා,චන්දන සූරියආරච්චිලා තමයි.කොරෝනා වසංගතය කාලේ සෞඛ්ය අංශ නිර්දේශ ශත පහකට ගණන් ගන්නේ නැතිව ගුරු – විදුහල්පති උද්ඝෝෂණ සංවිධානය කළේ මහින්දලා තමයි.ලමයින් ඉස්කෝලේ එනකොට ඉස්කෝලේ ගේට්ටුවලට ඉබ්බා දාලා උද්ඝෝෂණවලට යන විදුහල්පතිලා හැදුවේ ජවිපෙ මහින්දලා ජයසිංහලා තමයි.
දැන් මහින්දලා අධ්යාපන හදන්න එනකොට දරුවන්ට හිනාවෙන්න ඕනි කොහෙන්ද කියලත් කියාදීගෙනම ආවොත් හොඳයි.දැන් මහින්දලාට ඒවා කියන්න බෑ.අඩුම ගානේ පහුගිය ශිෂ්යත්ව ප්රශ්ණ පත්තරයට මොකද්ද කරන්නේ කියලා හරි තිරණයක් තවමත් අනුරට නෑ.අධ්යාපන කලාප ගණනාවක දරුවන්ට දුන්න දිවා ආහාරය දැන් නැවතිලා කියනවා.ඉදිරි ජනවාරි මාසේ රජයේ සේවකයන්ට වැඩිකරලා තියන රුපියල් 25000 ක ජීවන වියදම් දීමනාව දෙනවද නැද්ද කියලා දැන් මහින්දලා කියන්න ඕනි.
ඒ වෘත්තීය සමිති අරගල සහ සටන් පාඨ අකුලනවද,තවදුරටත් වලංගුද කියලත් කියන්න. දැන් වෘත්තීය සමිති සටන් නෑ.ඒක ගොඩක් හොඳයි.දැන් එතකොට එයාලගේ ප්රශ්න විසදිලාද?එතකොට ඔයාලට තේරෙන්න ඕනි පහුගිය කාලය පුරාම රාජ්ය සේවකයෝ කුලප්පු කරලා පාරට අරන් තියෙන්නේ කවුද කියලා.ඉස්සර යූඑන්පියට විහිළු සපයන්න ජෝන් කෙනෙක් හිටියා, පොහොට්ටුව කුට්ටි කෙනෙක් හිටියා,දැන් අපට වසන්ත සමරසිංහ කෙනෙක් ඉන්නවා.
වසන්ත ගෝල්ෆේස් වාහන ෂෝ එකෙන් පටන් අරන්,බිත්තර ෂෝ එක දීගේ ඉස්සරහට යන්න හැදුවත් වැඩේ අවුල් වුනා.වසන්ත තමයි ජවිපෙ හොරු අල්ලන සටන් පාඨයේ අයිතිකාරයා විදිහට ඉන්නේ.එදා අනුර කුමාරට ෆයිල් ෂෝ එක දාන්න ෆයිල් අරන් දුන්නේ වසන්ත.හැබැයි දැන් වසන්ත ෆයිල් කතා නොකියා හොරු ගැන තොරතුරු දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා.සියල්ල දත් ජවිපෙ දැන් හොරු අල්ලන්න ජනතා සහය පතනවා.
අපටත් ඕනි හොරු අල්ලන්න තමයි.හැබැයි වසන්තලා හොරු කියපු නාමල්ලත් දැන් වසන්තලාට අභියෝගය කරනවා පුළුවන්නම් උගන්ඩාවේ හංගලා තියන සල්ලි ගේන්න කියලා. දැන් වසන්ත කියනවා ඒවා උගන්ඩාවේ නෑ කියලා. බිත්තරයක මිල පාලනය කරගන්න බැරිව අනුරලා දගලද්දී රාජපක්ෂ උගන්ඩාවේ තියන බිලියන 18 වෙන ගිණුම්වලට මාරු කරලාලු.දැන් බලනකොට 2.50 ටත් පහලට මාලිමා ආණ්ඩුව වැටිලා.බලය නැතිව තියෙද්දී හොරු අල්ලන්න බෑ කියමුකෝ.ඒත් බලය තියෙද්දී මේ අඩන්නේ ඇයි?දැන් මේ එයාලා අඩන්නේ බැරිකම හින්දද?නැත්තං හොරුන්ට බය හින්දද?නැත්තං එයාලත් හොරු හින්දද කියලා ප්රශ්නයක් රටේ රාළට නං තියනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට

රටේ රාළ.

May be an image of 2 people, beard and people smiling

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *