|

රටයි,අනුරයි දෙකම අඳුරට…! – රටේ රාළ

වර්තමාන ශ්රී ලංකාවේ රාජ්ය බලය හොබවන්නේ ජවිපෙය.නොවැම්බර් 14 වෙනිදා තියන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජවිපෙය රාජ්ය බලයේ දැනට අඩු පංගුවත් සම්පුර්ණ කරගනී. ජවිපෙ පටන් අරන් අවුරුදු 59 කට පස්සේ රාජ්ය බලයේ හීනය සැබෑ කරගෙන තියනවා.ජවිපෙ නායකයන් උන රෝහණ විජේවීර,සෝමවංශ අමරසිංහ දෙන්නටම ඒ වික්රමය කරන්න බැරිවුනා.ඒ වික්රමය කළේ වර්තමාන ජවිපෙ නායක අනුර දිසානායක.
දැන් ජවිපෙ පැත්තෙන් බලය ලබාගැනීම කියන කොටස ගොඩක් දුරට සම්පූර්ණ කරලා ඉවරයි. ජවිපෙට තියන ඊළඟ වැදගත්මදේ තමයි ගත්ත බලය පවත්වාගෙන යෑම.ගොඩක් අය කිව්වේ ජවිපෙට බලය ගන්න බෑ කියලයි.දැන් ජවිපෙ බලය අරන්.ඒ අය දැන් කියන්නේ මේක මාස 06 න් කඩා වැටෙනවා කියලයි.එහෙම කියන අයත් එක්ක ජෙප්පෝ නයි වෛරයයි.
ඇත්තටම වර්තමාන ජෙප්පෝ ගොඩ දෙනෙකුට කිසිම දේශපාලන කියවීමක් නෑ.ඒක නිසා කිසිම ජෙප්පෙකුට ජවිපෙ ඉස්සරහා තියන අවධානම කියවාගන්න බෑ.රටේ රාළත් ඒ අවධානම දකිනවා. ජවිපෙ ඉහල නායකත්වයට ඒ අවධානම ගැන කියවගන්න පුළුවන් උනත් ඒකට උත්තර හොයන්න බැරිව ලත වෙනවා.දැන් එයාලා ළඟට ප්රශ්නය ඇවිත්.ජවිපෙට බලය හම්බ වෙන්නේ දකුණේ කඳවුර බිඳී ගිය නිසයි.
මේ බල හුවමාරුවේ හොඳ දේවල් ගොඩක් වෙලා තියනවා.රාජපක්ෂලා දේශපාලනයෙන් අතුගෑවිලාම ගිහින්.මේ පාර පරදින්න ඉස්සෙල්ලා ගොඩක් අය දේශපාලනයෙන් විශ්රාම ගිහින්. ජවිපෙ බලයට ආපු එක ගොඩක් අයට ආශ්වාදණීය උනාට ජවිපෙ බලය ගන්නකොට ජවිපෙට බලය පවත්වාගෙන යෑමේ හැකියාව වර්ධනය වෙලා තිබුණේ නෑ.දැන් ජවිපෙ නායකයන්ට ඒ ප්රශ්නයත් එක්ක පොර බදන්න සිද්ධවෙලා.ජවිපෙ න්යායාචාර්ය ටිල්වින් සිල්වාට මේ ප්රශ්නයට උත්තර නෑ.
ඒ ප්රශ්නය විසින් ටිල්වින් මාලිමාවෙන් ජවිපෙට විතැන් උන චරිතයක් බවට පත්කරලා.ටිල්වින් මේ ප්රශ්නයට උත්තරය විදිහට බොහෝ දුරට දකින්නේ ජවිපෙ සාමාජිකයන් බහුතරයකගෙන් සෑදුණ පාර්ලිමේන්තුවක් කියන එකයි.හැබැයි ඒක උත්තරය නෙවෙයි වගේම මාලිමාවේ අය බහුතරයකින් පාර්ලිමේන්තුවක් හැදුවත් ඒකත් උත්තරය නෙවෙයි.ඔයාලා දන්නවා ජවිපෙ නායක රෝහණ විජේවීර හැදුවේ විප්ලවීය පක්ෂයක්.
විජේවීර අවස්ථා දෙකකදී සන්නද්ධ අරගල දෙකක් මෙහෙව්වා.ඒවා ආරම්භ කිරීමේ හේතු මොනවා උනත් ඒ සන්නද්ධ අරගල දෙකම රාජ්ය බලය එක්ක සෘජුව සම්බන්ධයි.විජේවීර හැදුවේ බලය අල්ලගෙන රට ඇතුලේ විප්ලවීය පරිවර්තනයක් කරන්න.ඒකට එයාලා කිව්වේ සමාජවාදී සමාජ විප්ලවය කියලා.විජේවීර විතරක් නෙවෙයි සෝමවංශ අමරසිංහත් රාජ්ය බලය ලබාගන්න හිතුවේ සමාජවාදී සමාජ විප්ලවය සම්පුර්ණ කරන්න.
ඒක නිසාම විජේවීර සහ සෝමවංශ ජවිපෙ ඇතුලේ ඒ වෙනුවෙන් නිර්මාණය කළ වෘත්තීය විප්ලවවාදීන් දහස් ගණනක් හිටියා.සටන්කාම් බලවේගයක් හිටියා.ඒ වගේම සටන්කාමී නායකත්වයක් හිටියා.හැබැයි ජවිපෙ හතර දෙනාගේ කල්ලිය සෝමවංශගෙන් බලය පැහැර ගැනීමත් එක්ක ඒ විප්ලවීය පරිවර්තනය කිරීමට තිබුණ හේතු සාධක අභාවයට ගියා.සමාජ පරිවර්තනයක් වෙනුවෙන් පෙනී හිටපු වෘත්තීය විප්ලවවාදියා අතුරුදහන් වෙලා ගියා.
ජවිපෙ නායකයන් මතුපිටින් විතරක් විප්ලවවාදීන් වුනා.ජවිපෙ බලවේග කියන්නේ ඉතිහාසයේ පටන් සටන්කාමී බලවේගයක්.එදා ඒ සටන්කාමීත්වය හැම වෙලේම තමන්ගේ දේශපාලන අරමුණත් එක්ක ගැට ගැහිලා තිබුණා. අද ජවිපෙ බලවේග කියන්නේ එහෙම එකක් නෙවෙයි.කුණුහරුප කියන,වෛරය වපුරන, වෙනත් දේශපාලන මතවලට ඉඩ නොදෙන, දේශපාලන අරමුණක් නැති බලවේගයක්.අද ඉන්න නායකයන්ට අනුරූපීව සකස්වුන බලවේගයක්.
ජවිපෙ විප්ලවයකින් බලය අල්ලා ගත්තා නම් ජවිපෙට ඕනි විදිහට ශ්රි ලංකා රාජ්යය පෙල ගස්සන්න පුළුවන්.හැබැයි ජවිපෙට බලය ආවේ මහජන ඡන්දයෙන්.ඒත් මේ රටේ සාතිශය බහුතරයකගේ කැමැත්ත ඒ ජනවරමෙන් නියෝජනය වෙන්නේ නෑ.ජනවරමකින් බලය ලැබුණ හින්දා ජවිපෙට යන්න වෙලා තියෙන්නේ මේ තියන රාජ්ය යාන්ත්රණයත් එක්ක.හැබැයි ජවිපෙ පහුගිය ඉතිහාසය පුරාම කළේ ශ්රී ලංකා රාජ්යයයේ හැම ව්යුහයකට පහර දෙන එක.
ඒවා මත වෛරය වපුරන එක.දැන් ජවිපෙට මීට ඉස්සෙල්ලා හම ගහපු සිස්ටම් එකත් එක්ක අනුගත වෙලා ඒක පවත්වාගෙන යන්න සිද්ධවෙලා.ජවිපෙ මෙච්චර කල් කළේ ශ්රී ලංකා රාජ්යයට ගහපු එක සහ ඒක බිඳවට්ටන්න හදපු එකයි.ඒක පවත්වාගෙන යන්නේ කොහොමද කියලා එයාලට දැනුමක් නෑ.ඒක පවත්වාගෙන යන්න ඕනි මිනිස්සු එයාලා ළඟ නෑ.ජවිපෙ කැමති සමස්ථය එක්ක වැඩ කරන්න නෙවෙයි.
ජවිපෙ කැමති තමන්ගේ කණ්ඩායමත් එක්ක වැඩ කරන්න.හැබැයි මේ රට තියෙන්නේ එතන නෙවෙයි.පහුගිය අර්බුදය විසින් කලේ හැමදෙනාටම එකට වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් හදපු එකයි.අඩුම ගානේ ජවිපෙ එතෙන්ට හරි දායකවෙලා තිබුණා නම් අද මේ තත්වයට මුහුණ දෙන්න ඕනි ඔළු ටික එතනින් හොයා ගන්න තිබුණා.අනුර ආපු ගමන් කලේ තමන්ගේ පෞද්ගලික මිත්රයෙක් ජනාධිපති ලේකම් කරගැනීමයි.අපේ රටේ රාජ්ය සේවය එක්ක සන්සන්දනය කරද්දී එයා රාජ්ය සේවයේ පහල නිළධාරියෙක්.
දැන් එයා යටතේ රාජ්ය සේවයේ ඉහල නිළධාරීන්ට සේවය කරන්න වෙලා.ඇත්තටම රාජ්ය සේවය යාන්ත්රණය ක්රියාත්මක වෙන විදිහක් සහ රාජ්ය යාන්ත්රණය ඇතුලේ හදපු ෆොටෝකෝල් තියනවා. අනුර කරපු වැඩෙන් රාජ්ය සේවය දැන් යම් තරමකට ස්ටක් වෙලා.දැන් ගොඩක් අය අකුරට වැඩ කරනවා වගේ වැඩ කරන්නේ.ගොඩක් අය හැඟීමෙන් වැඩ කරන්නේ නෑ.පහුගිය දවසක ආපු IMF නියෝජිතයොත් එක්ක දාන්න හරි හමන් රාජ්ය නිලධාරීන් කණ්ඩායමක් අනුරට හිටියේ නෑ.
රනිල් කිව්ව වගේම අයිඑම්එෆ් වැඩපිලිවෙල වෙනස් කරන්න බෑ කියලා එයාලා අනුරට දැනුම් දීලා.සුනිල් හදුන්නෙත්තිත් එතන ලස්සනට ඇඳගෙන වාඩි වෙලා හිටියා මිසක් කිසිම අදහස් පලකරලා තිබුණේ නෑ.ඇත්තටම එතන වෙලා තියෙන්නේ අනුරගේ ආර්ථික කමිටුවේ කට්ටිය කියපු කිසිම දෙයක් IMF කට්ටියට තේරිලා නෑ සහ IMF කට්ටිය කියපු කිසිම දෙයක් අනුරගේ ආර්ථික කමිටුවේ කට්ටිය තේරිලා නැති එක විතරයි.දැන් ඔයාලට තේරෙනවා ඇති අනුරලා වෘත්තීය සමිති හදාගෙන රාජ්ය සේවය විනාශ කරන්න හදපු එක කොච්චර වැරදිද කියලා.
දැන් අනුරලට ඒ විනාශ කරන්න හදපු රාජ්ය සේවයේ පිහිට පත්න්න වෙලා.ඒත් ඒක කරන්න බැරි ජනාධිපති ලේකම්ට නුසුදුස්සෙක් පත්කිරීමෙන් අනුර සම්පුර්ණයෙන්ම රාජ්ය සේවය හෑල්ලු කරලා.ඒක නිසා හෙට දවසේ පාර්ලිමේන්තුවේ බහුතර බලය ගත්තත් අනුරලාට රට කරගෙන යෑම අභියෝගයක් වෙනනවාම තමයි.එතනදී ජවිපෙට අඩියක් පස්සට ගන්න වෙනවා.අනුර අඩියක් පස්සට අරන් ඒ ගමන යන්න ලෑස්තියි නම් බලමු.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 6 people, hospital and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *