|

රනිල්ගේ ගෑස් නැවත සිලින්ඩරයට – රටේ රාළ

2024 පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙනවා.මාලිමාව දැනටමත් ඡන්ද සටනේ ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.තවමත් මාලිමාවේ ලයිස්තු ප්රසිද්ධ කරලා නැතිවුනත් මාලිමාවේ කැම්පේන් එක පොලොවේ පටන් අරන්.සජිත් දුරකතනයත් අරන් පොලොවට බැහැලා.සජිත්ගේ කැම්පේන් එකත් සෑහෙන්න උද්යෝගීමත්.ඒ වගේම දිලිතුත් සැහෙන තැනකට එයාගේ කැම්පේන් එක ගෙනත් තියනවා.
උවිඳු විජේවීරගේ දෙවෙනි පරපුර දිස්ත්රික්ක 18 කට අපේක්ෂක ලයිස්තු ලෑස්ති කරනවා.ඊට අමතරව තවත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගණනාවක්ම මැතිවරයණයට එන්න ලෑස්ති වෙනවා.දේශප්රේමි ජන බලවේගය අලුත් පක්ෂයක් විදිහට එලියට එන්න උත්සාහ කරනවා.ඒ කියන්නේ ජන බලවේග තුනක් මේ පාර මැතිවරණ සටනට එනවා.ජාතික ජන බලවේගය,සමගි ජන බලවේගය සහ දේශප්රේමී ජන බලවේගය ඒ බලවේග තුනයි.
රටේ රාළ එහෙම කියන්නේ සමාජ ස්ථර ගණනාවක් නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ගණනාවක්ම මේ පාර මැතිවරණ සටනට බැහැලා තියන හින්දයි.වැලේ වැල් නැතිවෙලා ඉන්න නාමල්ගේ පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්ගේ වහසි බස් නං තවම අඩුවෙලා නෑ.2.50 ට වැටිලත් එහෙම ගැම්මක් තියනවා කියන්නේ හිතේ හයියටද නැත්තං මෝඩකමටද කියලා රටේ රාළ නං හිතාගන්න බෑ.
නාමල් හම්බන්තොටින් කුරුණෑගලට පනින්න හදනවා කියනවා.ආය නෑ කියනවා.ඔහොම හිටලා අන්තිමට නාමල් ජාතික ලයිස්තුවට පනින්නත් බැරි නෑ.මේ පාර රනිල් සීයා වගේම මහින්ද සීයත් තරඟ කරන්නේ නෑලු.ඒ එක්කම තවත් සීයලා ගොඩ දෙනක් දේශපාලනයෙන් සමුගනී.නැත්තං ජනතාව ගෙදර යවයි.
ගිය ජනාධිපතිවරණයේදී තුන් වෙනි බලවේගය බවට පත්වුන රනිල්ගේ සිලින්ඩර් බලවේගයේ තවමත් ලොකු මැතිවරණ සුදානමක් පේන්නේ නෑ.ගිය ජනාධිපතිවරණයේදී වගේම ඒ කට්ටිය මේ පාරත් වැඩ වරද්ද ගන්නේ ඔය ප්රමාදය හින්දයි.ගිය පාරත් ගොඩක් දෙනෙක් රනිල්ගේ කැම්පේන් එක අරන් පොලොවට බැස්සේ නෑ. අන්තිම සති දෙකේ දැගලුවට වැඩක් උනේ නෑ.
එතකොට ඡන්දදායකයා මාලිමාව වැලදගෙන ඉවරයි.අදත් එයාලට තියෙන්න එකඟතා හදාගන්න බැරි ප්රශ්නයක් සහ ගිය ජනාධිපතිවරණ ප්රතිපලය ගැන තියන කම්පනයක්.ඊළඟට එතන බලවේයන් කීපයක් ඉන්නවා.එජාපය,පොහොට්ටුව,සජබය, ශ්රිලනිපය,ස්වාධීන…. විදිහට කණ්ඩායම් ගොඩක් ඉන්නවා.ජනාධිපතිවරණයෙන් පස්සේ මේ කට්ටිය එක එක්කෙනාට චෝදනා කරගන්න හැටිත් අපි දැක්කා.
එජාපය පැත්තෙන් කියන්නේ පොහොට්ටුවේ සහ ශ්රිලනිප කට්ටිය කියපු තරං ඡන්ද ගෙනාවේ නෑ කියලයි.මේවා කියන්නේ කවුද කියලා දැක්කම දෙපැත්තෙන්ම හිනා යනවා.ගිය ජනාධිපතිවරණයේ රනිල්ට වැඩිම හානිය කරපු අය තමයි දැන් ඔය කතාව කියන්නේ.රනිල්ගේ පරාජයට ඉස්සෙල්ලාම වගකියන්න ඕනි රනිල්. රනිල් මුලදී සම්පුණයෙන්ම රාජපක්ෂලාට රැවටිලා හිටියේ.ඊළඟට රනිල් පරාජයට වගකියන්න ඕනි රනිල් වටේට හිටපු සෙප්පඩ විජ්ජාකාරයෝ ටික.
නම් වශයෙන් කියනවා නං රංගේ,සාගල,වජිර, ආෂු,සමන් රත්නප්රිය…..වගේ අය.ඇත්තටම රවී වගේ කෙනෙක් හිටියේ නැත්තං කොළඹත් සිලින්ඩරය ඡන්ද ලක්ෂයට වඩා පහලට වැටෙනවා.ඡන්ද ගෙනාවද නැද්ද කියන එක වෙනමම කතාවක් හැබැයි පොහොට්ටුවේ කට්ටිය තමයි රනිල්ව කරතියාගෙන රට වටේ ගියේ.අනුර ප්රියදර්ශනලා,ලන්සලා,ප්රසන්නලා,ශ්රිලනිපය ඒ වැඩේට බැස්සේ නැත්තං ඔය ඡන්ද ටිකවත් ගන්න බෑ.
ඔය යූඑන්පී එකේ ඉන්න දේශපාලන ඔල්මොරොන්දං සෙට් එක දැන් කරන්න ඕනි මේක තවත් බෙදන වැඩේ නෙවෙයි.කට්ටිය එකට එකතු කරගෙන සටනට මුහුණ දෙන එකයි.සජබය එක්ක සාකච්ඡා අසාර්ථක වෙන්නේ සජිත්ගේ අඩුවෙන් විතරක් නෙවෙයි.ඒකේ වැඩි පංගුව සජිත්ට තිබ්බත් එජාපය පැත්තෙත් ලොකු අඩුවක් තියනවා.
එජාපය සජිත් එක්ක සාකච්ඡාවට ගියේ තමන් එක්ක හිටපු බලවේගය ඡන්ද ගෙනාවේ නෑ කියලා එයාලට ගහගෙනයි.ඇත්තටම මොන මෝඩයාද දේශපාලනයේදී තමන් වටේට ඉන්න කට්ටිය නැති කරගෙන හතුරා එකක් තනියම සටනට යන්නේ.එජාපයට කරන්න තිබුණේ සිලින්ඩර කණ්ඩායම සමගි කරගෙන ශක්තිමත්ව සජිත් එක්ක සාකච්ඡාවට යන්න.
අනික සාකච්ඡාවට යවන්න ඕනි හරි මිනිස්සු. සජිත් ඕනි අය සාකච්ඡාවට ගෙනිහින් හරියන්නේ නෑ.සාකච්ඡාවට යන්න ඕනි දේශපාලනය තේරෙන අය.ඇත්තටම ඒ සාකච්ඡාවට රාජිත,රවී වගේ අය යවන්න තිබුණා.පුද්ගලයෝ විදිහට ගත්තම මේ සටනෙදී රාජිතව සහ තලතාව හරියට use කර නොගැනීම බරපතල වරදක්.කොහොම හරි දැන් සජබය එක්ක සාකච්ඡා අසාර්ථකයි.දැන් ආයෙත් රනිල්ගේ පාර්ශවයට සිලින්ඩරය ලකුණ හම්බවෙලා තියනවා.ඒක සජබයත් බලාපොරොත්තු නොවුන දෙයක්.දැන් තියෙන්නේ සියලු කණ්ඩායම් එකතු කරගෙන මැතිවරණයට මුහුණ දෙන්නයි.ඒකට නායකත්ව මණ්ඩලයක් හදන්න ඕනි.අනුර ප්රියදර්ශන,කාංචන,රමේෂ්, රාජිත,රවී,තලතා ඇතුළු කණ්ඩායමක් රනිල් එක්ක එතන නියෝජනය කළාට කමක් නෑ.
මෙනදී අගමැති අපේක්ෂකත්වය අනිවාර්යයෙන්ම විවෘතව තියන්න ඕනි.අගමැතිලා නම් කරලා නිකං ජෝක් වෙන්න හොඳ නෑ.ඇත්තටම මෙතන සිලින්ඩරයට ජයග්රහණයක් තියනවා.ඒක ගන්න මේ අයියලාට තේරෙන්නේ නැති එකයි ප්රශ්නය. තවමත් රනිල්ගේ නායකත්වය මෙතෙන්ට ඕනි. රනිල් ඡන්දෙන් පැරදුනත් රනිල් මතවාදීමය වශයෙන් පැරදිලා නෑ.අනුර දැන් රනිල්ගේ ගෝලයාම වෙලා.අනුර දැන් රනිල්ගේ කලිසම එයාගේ වගේ ඇඳගෙන යනවා.
ඉදිරි පස් අවුරුද්දේ කවුරු රට පාලනය කලත් වැඩපිලිවෙල රනිල්ගේ.රනිල්ගේ වැඩපිලිවෙල රකින්න සහ ඒක අනුරගෙන් ගිලිහෙන මොහොතේ අතට ගන්න සිලින්ඩරයේ කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි. සමහරවිට අනුරට උදව් කරන්න වෙන්නත් පුඵවන්.හැබැයි ඒ හැකියාව තියන පිරිසක් මේ ඡන්දයට සිලින්ඩරය පැත්තෙන් ඉදිරිපත් කරන්න ඕනි.විශේෂයෙන් ආර්ථිකමය වශයෙන් දැක්මක් තියන අය අනිවාර්යයි.
ඊළඟ ප්රශ්නය තමයි දැනට ලෝකය තුල නිර්මාණය වෙමින් තියන තත්වය.විශේෂයෙන්ම ඊශ්රායලය සහ ඉරානය යුද්ධයකට යන එක දැන් නවත්තන්න බෑ.මේ හරහා නිර්මාණය වෙන ජාත්යන්තර ආර්ථිකයේ බිඳ වැටීමෙන් ගොඩ එන්න අනුරගේ රතු ආණ්ඩුවට බෑ.ඒකට ආයෙත් සර්වපාක්ෂික ආණ්ඩුවකට යන්න වෙන්න පුළුවන්.එහෙම වෙනවා නං අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕනි.එතනදී රනිල්ගේ සහ රනිල්ගේ කණ්ඩායමේ සහය මේ රටට ඕනි වෙනවා.ඒ ඉලක්කය ඔළුවේ තියාගෙන සිලින්ඩරයට ගේම් එකට බහින්න ඕනි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට

රටේ රාළ

May be an image of 1 person and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *