| |

අනුර සහ IMF – රටේ රාළ

ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) ශ්රී ලංකාව භාර දූත මණ්ඩල ප්රධානී පීටර් බෘවර් ඇතුලු නියෝජිත පිරිසක් අද (02) ලංකාවට එනවා.2022 අවුරුද්දේ අපි මුහුණ දුන්න ආර්ථික අර්බුදයට උත්තරය විදිහට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ තේරුවේ IMF එකෙන් ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමක් ගන්න.ඊට පස්සේ අපි IMF එකත් එකක් ආර්ථික ප්රතිසංස්කරණ වැඩපිළිවෙලකට එකඟ වෙනවා.
ඇත්තට ඒ වෙලාවේ අපට වෙන උත්තරයක් තිබුණේ නෑ.ඒ වෙලාවේ විතරක් නෙවෙයි මේ වෙලාවෙත් අපට IMF වැඩපිලිවෙල හැර වෙන උත්තරයක් නෑ.අද ආපු IMF දූත පිරිසේ ප්රධාන අරමුණ වෙන්නේ IMF වැඩපිලිවෙලේ ප්රගතිය සමාලෝචනය කිරීමයි.ඉදිරි සතිය ඇතුලේ ඒක සිද්ධ වෙයි.මේ සිද්ධ වෙන්නේ IMF වැඩපිලිවෙලේ තුන් වෙනි සමාලෝචනය.
ඒ සමාලෝචනයට අනුව තමයි ඊළඟ ණය වාරිකය නිදහස් වෙන්නේ.මුදල් ඇමති විදිහට ජනාධිපති අනුර කුමාර,මුදල් අමාත්යාංශයේ ඉහළ නිලධාරීන් සහ මහ බැංකුවේ ඉහල නිලධාරීන් ඊට සහභාගි වෙනවා ඇති.මීට ඉස්සෙල්ලා තිබුණ සමාලෝචනවලට මුදල් ඇමති විදිහට රනිල්,මුදල් රාජ්ය ඇමති විදිහට ශෙහාන් සේමසිංහ,මුදල් අමාත්යාංශයේ ලේකම් සහ මහ බැංකු අධිපති විටින් විට ඒ සාකච්ඡාවලට සහභාගී වුනා.ඇත්තටම එයාලා අපේ පැත්තෙන් වැඩේ සාර්ථකව කළා.
අනුර පහුගිය දා ජාතිය අමතමින් කිව්වේ ජාත්යන්තර මූල්ය අරමුදලත් එක්ක සමීපව කටයුතු කිරීමටත් IMF එකත් එක්ක එකඟවී ඇති වැඩපිළිවෙල යම් යම් වෙනස්කම් කරමින් සමාලෝචනයට භාජනය කරනවා කියලයි. අනුරගේ ආර්ථික කටයුතු සහ මූල්ය කටයුතු සම්බන්ධ ජේෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත කියන්නේ අපිට ඕන දූෂණය නැති කරන්න.
ජාත්යන්තර මූල්ය අරමුදලේ මෙම නිර්දේශ හැකි ඉක්මනින් ක්රියාත්මක කිරීමට අපි සූදානම්.ඒ සමඟින් රජයේ විශ්වසනීයත්වය සහ ණය ශ්රේණිගත කිරීම් ඉහළ යනවා වගේම අයි.එම්.එෆ් සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම මගින් ශ්රී ලංකාවට යම් යම් දර්ශක සහ මිණුම් ලැබෙනවා කියලයි.විශේෂයෙන් රජයේ ආදායම වැඩිකර ගැනීමේදී අනුගමනය කළ යුතු බදු,බදු ප්රතිශත සහ බදු ඉලක්ක පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කරනවා.
ඒ අනුව ගිවිසුමට හානියක් නොවන ආකාරයට දුප්පත් ජනතාව මත අනවශ්ය බරක් පටවන්නේ නැතිව එම ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් ඔවුන් සමග සාකච්ඡා කිරීමට සූදානම් කියලයි මහාචාර්යවරයා කියන්නේ. කොහොම උනත් පහුගිය දවසක BBC වාර්ථාවකින් පෙන්වලා දීලා තිබුණේ රජයේ බදු ආදායම වැඩි කරන්න කියලා IMF එකෙන් උපදෙස් නිකුත් වෙයි කියලයි.
දැනට අපේ බදු ආදායම දළ ජාතික නිෂ්පාදනයෙන් 11% සීමාවේ තියෙන්නේ.ඒක 15% දක්වා ගේන්න කියලලු උපදෙස් හම්බ වෙන්නේ.ඒ කියන්නේ තවත් 4% කින් බදු ආදායම වැඩි කරන්න ඕනි. ඇත්තටම එහෙම යෝජනාවක් එනවා නම් ඒකත් අභියෝගයක් විදිහට තියනවා.මොකද අනුර ජනාධිපතිවරණයේදී කියපු එයාගේ බදු ප්රතිපත්තිය එක්ක IMF යෝජනාව ගැටෙනවා.
මෙතනදී එක දෙයක් පැහැදිලියි IMF එක වගේම අනුරගේ ආණ්ඩුවත් දෙපැත්ත දිහා විවෘතව බලන බව.ජවිපෙත් ඒ ආයතන සම්බන්ධ තිබුණ ගෝත්රික මානසිකත්වයෙන් එලියට එන්න ඕනි. අනුරගේ ආණ්ඩුව මෙතනදී හම්බ වෙන්නේ විශේෂ අවධානයක්.ඒක ප්රධාන හේතුව එයාලා අඛණ්ඩව නියෝජනය කරන දූෂණ විරෝධය. දූෂණ විරෝධය සම්බන්ධව අනුරලාගේ ප්රතිපත්තිය IMF එක සහ ජාත්යන්තර ඉහලින්ම බාර අරන් තියනවා.
ඒක නිසා රටේ රාළ හිතන්නේ මේ IMF කඩයිම පනින එක අනුරට එච්චර අමාරු නෑ.ඒක පනින්න මුදල් අමාත්යාංශයේ සහ මහ බැංකුවේ IMF එකත් එක්ක ගනුදෙනු කරපු පළපුරුදු නිළධාරීන් අනුරට සහය දෙන්න ඕනි.අනුරලාත් බොරු ෂෝ දාන්නේ නැතිව රටේ ආර්ථික වැඩපිලිවෙලට බරක් තියන්න ඕනි.රටේ බදු ආදායමට අමතරව වෙනත් ආදායම් ගේන විදිහට හොයන්න ඕනි.ඒකෙදී කෙටි කාලින අනුරගේ මුදල් හෙවීමේ project එක හොරු ඇල්ලීම සහ බදු දැලෙන් පැනලා ඉන්න තෝරු මෝරු අල්ලන එක නං ඒක වහාම ක්රියාත්මක කරන්න ඕනි.
මොකද අනුර වටේ ඉන්න වසන්තලා වගේ අය කටින් බතල හිටව හිටව යන්න හදන වැඩේ දැන් ප්රායෝගික නෑ.අනුර IMF ක්රියාවලිය ගොඩදාන්න ඕනි වගේ ඊළඟ මුදල් වර්ෂය සදහා අයවැයක් ඉදිරිපත් කරන්න ඕනි.මේ දෙක මඟෑරලා යන්න අනුරට බෑ.ඒ වගේම සාමාන්ය ජන ජීවිතය පවත්වාගෙන යන්නත් ඕනි.ඇත්තටම මෙතනදී අනුර ෆේල් වෙන්න ඕනි කියන කුහක තැනක අපි නම් නෑ.අනුර ෆේල් උනොත් වැටෙන්නේ රට.
ඒක නිසා මේ ක්රියාවලිය ගොඩදාන්න හැම කෙනාම අනුරට සහය දෙන්න ඕනි.විශේෂයෙන්ම සීයාගේ සහයෝගය අනුරට ඕනි වෙයි.ඒ සම්බන්ධව අනුරට දැනටමත් සීයාගේ උපදෙස් ලැබිලා තියන බව ආරංචියි.සීයා අනුරගෙන් ඉල්ලලා තිබුණේ IMF ක්රියාවලිය එක්ක ගැට ගැහිලා ඉන්න නිළධාරීන් අයින් කරන්න එපා කියලයි.ඒක අනුර පිලි අරගෙන තිබුණා.ඒක හොඳ තත්වයක්.හැබැයි 2022 අර්බුදය එනකොට ජවිපෙ හිටියේ ඉතාමත්ම කුහක තැනක.එක වෙලාවක IMF යන්න කියනවා.
එක වෙලාවක එපා කියනවා.IMF ගියහම කිව්වේ රනිල්ට IMF ණය ගන්න බෑ කියලා.IMF විස්තීරණ ණය පහසුකම හම්බ වෙන බව දැනුන ගමන් කිව්වේ අයිඑම්එෆ් ගිහින් ලෝකේ ගොඩ ගිය රටක් කියන්න කියලයි.දැන් අයිඑම්එෆ් ගිහින් ඉතා කෙටි කාලයක් ඇතුලේ අර්බුදය කළමණාකරණය කරගත්ත රට බවට අපේ රට පත්වෙලා තියනවා.දෛවයේ සරදමකට ඒ රට මෙතනින් එහාට ගෙනියන සුක්කානම ජනතාව අනුරට බාරදීලා තියනවා.
කොහොම උනත් මේ රට වට්ටන්න අනුරට ඕනිකමක් දැන් ඇති කියලා රටේ රාළ හිතන්නේ නෑ.වෙන කෙනෙක් අතේ මේ රට තිබුණා නම් ජවිපෙ හැසිරීමත් මීට වඩා ගොඩක් වෙනස්. ජවිපෙ විපක්ෂයේ ඉන්න කොට හැසිරුණු විදිහට හැසිරෙන්න මේ රටේ කිසිම පුරවැසියෙකුට අයිතියක් නෑ.රට වැටෙන්න යනවා නම් කවුරු පාලකයා උනත් රට වෙනුවෙන් තමන්ගේ කොටස ඉෂ්ඨ කරන්න හැම පුරවැසියෙකුටම වගකීමක් තියනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට

රටේ රාළ

May be an image of 1 person and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *