| |

වත්මන් දේශපාලන වෙනස්කම් තේරුම් ගැනීමට ග්‍රීසියෙන් පිටිවහලක් – මහාචාර්ය රොහාන් සමරජීව

sharethis sharing button

linkedin sharing button
whatsapp sharing button
messenger sharing button
2024 අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 0.5 ක් වූ අතර එය 2000 න් පසු අඩුම අගය යි. අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා හිඟයයන්  නොමැත.

කිසිම බැංකුවක් කඩා වැටුණේ නැත. සංචිත ඉහළ ගොස් ඇත. වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවසාන එකඟතාවයකට තව ඇත්තේ සුළු දුරකි.

එහෙත් ජනතාව පැවති ආණ්ඩුව ගෙදර යවා අත්දැකීම් අඩු ජනාධිපතිවරයෙකුට දුර්වල ජනවරමක් ලබා දී ඇත. පාර්ලි‌‌මේන්තුවේ වැඩි කොටසකට ආපසු ඒමේ වරම් නැති වන බවක් පෙනෙන්නට තිබේ. ඉනික්බිතිව පැවැත්වීමට නියමිත පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ වලත් ප්‍රතිපලය ඒ ආකාර විය හැක.

 

මෙවන් පෙරළිකාර දේශපාලන කාලයක ජනාධිපති අනුර කුමාර දිසානායකයන්ගේ නායකත්වයෙන් මෙහෙයවනු ලබන දේශපාලන ව්‍යාපාරයේ ස්වභාවය සහ එය 2020 වර්ෂයේ සියයට 3ක සිට 2024 වර්ෂයේ සියයට 42ක ජයග්‍රාහී තත්වයකට පැමිණියේ කෙසේද යන්න තේරුම් ගැනීම වැදගත් වනු ඇත. මේ සඳහා 2007 වර්ෂයේ සියයට පහක ඡන්ද ප්‍රමාණයක සිට ඊට අට වසරකට පසු සියයට 36ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමින් ආණ්ඩුවක් පිහිටවූ ග්‍රීසියේ සිරීසා පක්ෂය සමග කෙරෙන සංසන්දනයකින් ප්‍රයෝජනයක් වනු ඇතැයි සිතමි.

සිරීසා

ආසන 300කින් යුත් ව්‍යවස්ථාදායකයේ ආසන 149ක් සමගින් සිරීසා 2015 ජනවාරි මාසයේ දී රජයක් පිහිටුවනු ලැබීය.
ග්‍රීසියේ සිරීසා සහ ලංකාවේ ජාජබ දේශපාලන බලවේග බවට පත්වන්නේ ආර්ථික අර්බුදවලට ප්‍රතිචාර වශයෙන් ක්‍රියාවට නංවන ලද කප්පාදු කිරීමේ පියවර පිළිබඳ අසතුටේ ප්‍රකාශන වශයෙනි. මෙම ව්‍යාපාර දෙකම සැදුම් ලැබුයේ එකිනෙකට අසමාන කණ්ඩායම් සහ ලැදියාවන් වලිනි. ආසන 300කින් යුත් ව්‍යවස්ථාදායකයේ ආසන 149ක් සමගින් සිරීසා 2015 ජනවාරි මාසයේ දී රජයක් පිහිටුවනු ලැබීය. එය 2019දී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් පරාජය කරනු ලැබීය.

සන්ධාන ගතව සිටි පක්ෂ සහ සංවිධාන අතර මතවාදීමය සහ ප්‍රවේශයන්ගේ වෙනස්කම් නිසා සිරීසා සැලකිය යුතු අභ්‍යන්තර කැලඹීම් වලට භාජනය වුනි. නිදසුනක් වශයෙන්, අර්බුදයට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ ශ්‍රී ලංකාවේ කතිකාවට ක්‍රියාකාරීව දායකවූ යානිස් වරූෆාකිස් 2015 ජනවාරි මාසයේ දී මුදල් අමාත්‍යවරයා ලෙස පත් කරන ලද අතර ඔහුගේ ප්‍රවේශය ප්‍රතික්ෂේප වූ බැවින් මාස හයකින් ඉල්ලා අස්විය.

 

ජාජබ vs ජවිපෙ - (එරන්ද ගිනිගේ)

විනයගරුක දේශපාලන පක්ෂයකට හෝ පක්ෂ සභාගයකට වඩා කණ්ඩායම්වල එකතුවක් බැවින් ජාතික ජන බලවේගයද සිරීසාට අනුරූපය. වෙනස වන්නේ කේඩර පදනමක් සහිත වසර 60 ක් පැරණි පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ එහි අරටුව වීම සහ ජාජබයේ පාලනයේ ලීවර මෙහෙයවීමයි. ජාතික ජන බලවේගයේ සාර්ථකත්වය සඳහා අනෙක් අය අවශ්‍ය වන නමුත් ඔවුන් එහි සිටින්නේ පුද්ගලයන් සහ ලිහිල් සංවිධානාත්මක ආයතන ලෙස මිස පක්ෂ ලෙස නොවේ.

ජවිපෙ පුලුල් සන්ධානයේ සිටින මධ්‍යම පන්තික පුද්ගලයන් සහ/හෝ ව්‍යාපාරයට සහාය දුන් ව්‍යාපාරික නායකයින් සතුටු කිරීමට පියවර ගතහොත්, වාම පාර්ශ්වය සහ කේඩර්වරුන් අසතුටට පත් වීමට ඉඩ ඇත. ඔවුන් ණය අවලංගු කිරීම සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඉවත් වීම පිළිබඳ වරූෆාකිස්ගේ ප්‍රතිපත්තිමය වට්ටෝරුව පිලිගන්නාවූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙත කැඩී යාමක් සිදුවිය හැකි ය. 2024 දී පෙසප ලබා ගත් ඡන්ද 11,000 ක සංඛ්‍යාව නිසා එය සම්පූර්ණයෙන් ම අදාළ නොවන තත්ත්වයට පත්වන්නේ නැත. විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් පාලනය කරන නිසා ඔවුන්ට වීදියේ බලපෑම් කිරීමේ හැකියාව තිබේ. අනෙක් අතට, ජාජබ ක්‍රියාවන් මගින් තමන්ගේ මධ්‍යම පන්තික සැප සම්පත් සහ අභිලාෂයන් තර්ජනයට ලක් කරන්නේ නම්, කේඩර් නොවන ගමන් සගයින් වෙන්ව යා හැකි ය.

සීමා අවබෝධ කර ගැනීම

 

1tsiprasඇලෙක්ස් සිප්‍රාස්

2015-2019 සිරීසා බලයේ සිටිය දී අගමැති ලෙස කටයුතු කළ ඇලෙක්ස් සිප්‍රාස්ට ග්‍රීක ආර්ථිකය ක්‍රියාත්මක වූ රාමුව අවබෝධ කර ගත් පසු දැඩි තීරණ ගැනීමට සිදු විය. එයට පෙර තිබුණු කප්පාදු විරෝධී ආස්ථානයට සහය ලබා ගැනීම සඳහා ජනමත විචාරණයක් පවා කැඳවමින් ඔහු දැඩි හෙට්ටු කිරීමක යෙදුනි. අවසානයේ දී,  සිරීසා ආණ්ඩුව ජනමත විචාරණයේ දී ඡන්දදායකයින් විසින් ප්‍රතික්ෂේප කරන ලද පැකේජයටත් වඩා විශාල විශ්‍රාම වැටුප් කප්පාදුවක් සහ බදු වැඩි කිරීම් සහිත පැකේජයක් පිළිගත්තේය. මෙම හේතුවෙන් සිදු වුනු ඉල්ලා අස්වීම් නිසා හදිසි මැතිවරණයක් කැඳවීමට පවා සිප්‍රාස්ට සිදු විය. එමගින් නැවත බලයට ආවද, ඔහුට ක්‍රියාත්මක කරන්නට සිදු වුයේ විරුද්ධ පක්ෂයේ සිටියදී කී දේට පරස්පරව පිළිවෙත්ය.

ආර්ථික අර්බුදය පිළිබඳව ජාජබ 2021 දෙසැම්බර් මස නිකුත් කල ප්‍රථම ලියවිල්ලෙහි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගැන කිසිදු සඳහනක් නොතිබිණි. 2022 මාර්තු-අප්‍රේල් මාසවල දී ආණ්ඩුව මුල්‍ය අරමුදල වෙත ගිය පසු, ජාජබ නායකයින් මුල්‍ය අරමුදල ගැන කතා කළද, එය කළේ නිෂේධාත්මකව ය. මුල්‍ය අරමුදල සමඟ කුමන්ත්‍රණ කරන බවට නිලධාරීන්ට චෝදනා කිරීම ද සමහර අවස්ථාවල දී සිදුවිය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යථාර්ථයන් ඔවුන් ග්‍රහණය කර ගත් විට, ප්‍රතික්ෂේප කිරීමේ සිට වෙනස් කර ගැනීම දක්වා ස්වරය වෙනස් විය.

 

නන්දලාල් වීරසිංහ සහ මහින්ද සිරිවර්ධන
ජනාධිපතිවරයාගේ අභිමතයට යටත්ව සේවය කරන නිලධාරියකු වන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා තවදුරටත් තබා ගැනීම සති කිහිපයකට පෙර දී පවා සිතාගත නොහැකි තරම් වූ කාරණයකි. ඔහු ප්‍රමුඛ ජාජබ ප්‍රකාශකයින් විසින් නමින්ම පරිභව කරනු ලැබූවෙකි. ගෝඨාභය ආණ්ඩුව මහ බැංකු අධිපතිවරයා ලෙස පක්ෂග්‍රාහී පුද්ගලයෙකු පත් කර ගැනීමෙන් පසු මුදල් මණ්ඩලයේ සාමාජිකයන් පවා පන්නා දැමු නමුත්, ආයතනයේ ස්වාධීනත්වය ගැන දෙගිඩියාවෙන් සිට දින කිහිපයකට පසු ජාජබය මහ බැංකු අධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙසට කිසිදු බලපෑමක් කළේ නැත. වෙනස නම් සති කිහිපයකින් සිප්‍රාස්ට සහ සිරිෂාට ඉගෙන ගැනීමට සිදු වූ දේ ඉගෙන ගැනීමට ජාතික ජන බලවේගයට මාස 33ක් තිබීම යි.

ග්‍රීසියේ ආණ්ඩුව, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මෙන් ම, උපයාගත් ආදායමට වඩා වැඩි මුදලක් වියදම් කරමින් වසරින් වසර ණය ගොඩගසා ගත්තේය. ශ්‍රී ලංකාවේ මෙන් නොව, ග්‍රීසියට මුදලේ අගය පාවීමට ඉඩ දී ආර්ථිකය යළි සකස් කිරීමේ හැකියාවක් නොතිබිණි. දෙරටේ ම කේන්ද්‍රීය කරුණ  වුයේ ප්‍රාථමික ශේෂය යි. ශ්‍රී ලංකාව තුළ මෙය සාක්ෂාත් කරගත යුතුව ඇත්තේ වියදම්වල ප්‍රකාශිත කප්පාදුවකින් තොරව ආදායම් පැත්තෙන් ය. ග්‍රීසියේ වැටුප් හා විශ්‍රාම වැටුප් ඇතුළු රජයේ වියදම් කපා හැරීමෙන් සහ රජය ප්‍රමාණයෙන් කුඩා කිරීමෙන් සහ බදු වැඩි කිරීමෙන් එය කළ  යුතු විය. සිරීසා මෙම දුෂ්කර ක්‍රියා නිසි ලෙස කළේය. ඒ හේතුවෙන් අද ග්‍රීසිය යථා තත්වයට පැමිණ ඇත.

ජනපති සටනින් රනිල් ජයගනී

 

ශ්‍රී ලංකාව තුළ, රාජ්‍ය සේවකයින් සහ විශ්‍රාමිකයින් (අර්බුදයේ නරක ම කාලය තුළ සියයට 70 දක්වා ඉහළ ගිය උද්ධමනයේ බලපෑම් හැරුණු විට) සම්පුර්ණ කාලයේ ම  ආරක්ෂා කරනු ලැබීය. එකතු කළ අගය මත බද්ද මගින් ආදායම් වැඩිකර ගනිමින් රජය තම සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට කරන ගෙවීම් පවා වැඩි කළේය. මැතිවරණයෙන් පැරදුණු ජනාධිපතිවරයා විශාල බදු වැඩිකිරීම් ක්‍රියාත්මක කර තිබිණි. ජාතික ජන බලවේගයට කරන්න තිබෙන්නේ ආපස්සට නොගොස් තත්ත්වය පවත්වාගෙන යාම පමණකි.

රාජ්‍ය මූල්‍ය විනය පවත්වා නොගතහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඉවත් වීමට සිදුවීම නොවැළැක්විය හැකිය. හිඟය, උද්ධමනය සහ ණය ගෙවීම් පැහැර හැරීම අපගේ අනාගතය වනු ඇත. මුල්‍ය අරමුදලේ වැඩසටහනට වගකිව යුතු ප්‍රධාන නිලධාරීන් නව ආණ්ඩුව විසින් විස්මිත ලෙස රඳවා ගැනීමෙන් පෙන්නුම් කරන්නේ ජාජබය අවම වශයෙන් උත්සාහයක් දරනු ඇති බව යි. එසේ වුවත්, ලැදියා කණ්ඩායම් වෙත ලබා දී ඇති වියදම් අධික පොරොන්දු කල් දැමීමට හෝ වෙනස් කිරීමට ඔවුන්ට හැකියාවක් තිබේ ද? පොරොන්දු වූ බදු කප්පාදු නොකර ඉන්න පුළුවන් වෙයිද?

අලුත් කොසු

ජවිපෙට දූෂණය නැතිකරන්න පුළුවන් ද? - (අජිත් පැරකුම් ජයසිංහ)ඔවුන් දූෂණය සම්බන්ධයෙන් උනන්දුවෙන් ක්‍රියා කරනු ඇතැයි යන්න ද බලාපොරොත්තුවකි.
සිරීසා සහ ජාජබ යන දෙක ම බලයට පත් වූයේ ඔවුන් අර්බුදවලට වගකිව යුතු නැති පිරිසිදු අය බව ජනතාවට ඒත්තු ගැන්වීම නිසා ය. ඔවුන් දූෂණය සම්බන්ධයෙන් උනන්දුවෙන් ක්‍රියා කරනු ඇතැයි යන්න ද බලාපොරොත්තුවකි. දූෂණ ආඛ්‍යානය සිරීසාහි නැඟීමට හේතුවේ කොටසක් වූ නමුත් එම තේමාව දිගට ම පැවති බවට සාක්ෂි නැත. 2023 දී ඡන්දදායකයින්ගේ සිත් තුළට දූෂණ පිළිබඳ ආඛ්‍යානය කා වද්දන ලද්දේ සොරකම් කළ වත්කම් ආපසු ගෙන්වා ගැනීමෙන් ණය ගෙවා නව වැඩසටහන්වලට අරමුදල් සැපයිය හැකි බව කියන තරමට ය. එය ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමේ දී තීරණාත්මක විය. දූෂණය මැඬලීමට අත්‍යවශ්‍ය අණපනත් සම්මත කලද, පැවති ආණ්ඩුව තමන් විශ්වාස කටයුතු දූෂණ මර්දකයින් යැයි ජනතාවට ඒත්තුගැන්වීමට අසමත් වුහ.

මැතිවරණ ව්‍යාපාරයේ දී දූෂණ විරෝධී සටන් පාඨ මත බලයට පැමිණි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිදු කළා මෙන් ම, ජාතික ජන බලවේගය ද කඩිනම් ප්‍රතිඵල සහ ඉක්මන් යුක්තිය ලබා දෙන බවට පොරොන්දු විය. ඇය විමර්ශනය කිරීමට සහ නඩු පැවරීමට ස්වාධීන ආයතනයක් නිර්මාණය කළ අතර නීතියට පිටින් ක්‍රියා කිරීමෙන් වැලකී සිටියා ය. වත්මන් ඇඟවුම් වන්නේ ජාජබයද එලෙස ම කරනු ඇති බව යි.

ග්‍රීසියේ කරුණු තීරණය වන්නේ එක් මැතිවරණයකින් ය. ශ්‍රී ලංකාව මැතිවරණ මාලාවකට මුහුණ දී සිටින අතර, පළමු හා වැදගත් ම මැතිවරණය වන්නේ, අවසන් වූ ජනාධිපතිවරණය යි. පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ය. සැලකිය යුතු වෙනස්කම් සිදු කිරීම සඳහා, නීති සම්පාදනය අනුමත කර ගැනීමට සහ පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාර්යය කළමනාකරණය කර ගැනීමට ජනාධිපතිවරයාට හැකි විය යුතු ය. අධිකරණය තවදුරටත් සුළු කොට තැකිය නොහැකි ය. වත්මන් ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයා බලවත් නමුත් සර්වබලධාරී නොවේ.

 

බ්‍රෙෂ්ට්ගේ හුණු වටය (The Caucasian Chalk Circle) නාට්‍යයෙහි ශ්‍රී ලාංකේය සංස්කෘතික විඥානය තුළ ගැඹුරට කාවැදී ඇති රුපකයක් භාවිතා කරමින්,  2022 දී හිටපු ජනාධිපතිවරයා සිය මෙහෙවර විස්තර කළේ බිළිඳකු රැගෙන සැඩ කුණාටුවක් මධ්‍යයේ අබලන් වැල් පාලමක් මතින් මහ ගිරි හෙළක් තරණය කිරීමක් ලෙස ය. ඔහුට එය තරණය කර අවසන් කිරීමට නොහැකි වූ අතර අවසාන කොටස සඳහා දරුවා වෙනත් කෙනෙකුට භාර දීමට ඔහුට සිදු විය. දිසානායක ජනාධිපතිවරයා එගොඩ යයිද යන්න තීරණය වන්නේ මහජන මත කුණාටුවලට සහ දේශපාලන චලනයන්ට මුහුණ දීමේ හැකියාව මතයි. නමුත් වැදගත්ම කරුණ වන්නේ බිලිඳාගේ ආරක්ෂාවයි.

මංගල : මහ ගසක් ඇද වැටිණි. එහි ප්‍රතිවිපාක කවරේද? -මහාචාර්ය රොහාන් සමරජීව(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
rohan@lirneasia.net

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *