|

ජවිපෙද වැඩවසම් මාලිමාවද වැඩවසම් – රටේ රාළ

සාමාන්යයෙන් අලුත් ජනාධිපති කෙනෙක් ඇවිත් ටික කාලයක් යනකං එයා දාන දේශපාලන සන්දර්ශණ අපිට බලා ඉන්න වෙනවා.මේ පාර ජනාධිපතිවරණයත් එක්කම මහ මැතිවරණයත් ඇවිත් තියන හින්දා සන්දර්ශණවල වැඩිවීමකුත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.මෛත්රි බලයට පත්වුනාට පස්සේ පළවෙනි සන්දර්ශණය දැම්මේ ජෝන්.ඊට සමාන සන්දර්ශණ පෙන්නන ජෝන් කෙනෙක් දැන් මේ පැත්තෙත් ඉන්නවා.
මේ දවස්වල වසන්ත සමරසිංහ ඉන්නේ ජෝන්ට ඇඳලා.කොහොම උනත් මාලිමාවට ඡන්දය දුන්න අය මේ සන්දර්ශණ දිහා ඇස් නිලංකාර කරගෙන බලා ඉන්නවා.ඒවාට ඔල්වරසන් දෙනවා. ඇත්තටම කොච්චර එයාලා හිරිවට්ටලාද කියනවා නම් අනුරට දැන් හොඳ කෑම එකක් කන්න වෙන්නෙත් හොරෙන්.අනුර BMW එකක ආවා කියලත් සමහර ජෙප්පෝ අවුල් වෙලා.එක එක ජෙප්පන් පෙන්වන විවිධාකාර හැසිරීම් දැක්කම ඇත්තටම ජෙප්පන්ගේ මේ වැඩවසම් ලක්ෂණ කවදා මැකිලා යයිද කියලත් හිතනවා.
වසන්ත සමරසිංහ අනුර ජනාධිපති උනාට පස්සේ වැඩ ඇල්ලුවේ ගෝල්ෆේස් වාහන සන්දර්ශණයෙන්.දැන් ඒක චේන් එකක් විදිහට පවත්වාගෙන යනවා.පහුගිය දවසක සුරාබදු දෙපාර්තමේන්තුව පට්ට ගැහුවා.ආයෙත් Pandora papers ගැන පැනමා පත්රිකා ගැන කියනවා. ආයෙත් ඒ හොරු අල්ලන්න නොවැම්බර් 14 වෙනිදා මාලිමාවට ඡන්දය දෙන්න කියනවා.
අපේ රටේ මේ හොරු ඇල්ලීම කියන එක දැන් ඡන්ද ගුණ්ඩුවක් වෙලා. අනුර බලය අරන් පැය 24 න්,48 න්, 72 න් කරන ඒවා කිව්වා.ඒවා නොකර තවත් මාධ්ය සන්දර්ශණ තියන එකේ තේරුමක් නෑ.අඩුම ගානේ රටේ ආදායම වැඩි කරගන්න ක්රම හොයන්න ඕනි.ජනතාවට වැඩිපුර සහන දෙන්න නම් ආදායම් උත්පාදනය කරගන්න ඕනි.අනුරලා කිව්වේ හොරකම නතර කරපු ගමන් ජනතාවට සහන දෙන්න පුළුවන් කියලා.
බදු අඩු කරන්න පුළුවන් කියලා. පිටරටින් ගේන තෙල් වලට ගහලා තියන අසාධාරණ බද්ධ නැවැත්තුවොත් තෙල් බොහොම අඩුවට දෙන්න පුළුවන් කියලත් කිව්වා.අනුර ආවට පස්සේ තෙල් මිලේ සංශෝධනයක් ඊයේ සිද්ධ වුනා.අර කියපු අසාධාරණ බද්ධ තවම නං අඩු කරලා නෑ.අනුර කිව්වා එයා විශ්ව කර්මයෙක් නෙවෙයි කියලා. හැබැයි එයාලා බලය ගන්න ඉස්සෙල්ලා කිව්වේ විශ්ව කර්ම කතා.
ආණ්ඩුවකට ආපු ගමන් සියල්ල කරන්න බෑ. හැබැයි දැන් අනුරලා වැඩ පටන් ගන්න ඕනි.හොරු අල්ලන වැඩේ දැන් පටන් ගන්න ඕනි.දැන් පොලිස් ඇමති විජිත හේරත්.දැන් පොලිස් දෙපාර්තමේන්තුවට දේශපාලන ඇගිලි ගැසීම් නෑ කියලනේ කියන්නේ.නීතිපති දෙපාර්තමේන්තුවටත් එහෙම ඇති. අධිකරණයටත් අනුර කිසිම දේශපාලන බලපෑමක් කරන්නේ නැතිව ඇති.එහෙම නං දැන් අනුරට පුළුවන් අර ෆයිල් 400 ගෙනත් නීතිපති දෙපාර්තමේන්තු සහ පොලීසියත් සම්බන්ධ කරගෙන නීතිමය කටයුතු පටන් ගන්න.
ඒ වගේම දැන් මේ සදුදා වෙනකොට නොගෙවපු බදු ගෙවන්න කියලා තියනවා.ඒක ඇවිත් පොදුවේ කරන වැඩක්.හැබැයි අනුරලා දිගටම කතා කළේ අපේ රටේ බදු පැහැර හරින තෝරු මෝරු ගැන. දැන් එයාලා අල්ලන දැල එල්ලන්න ඕනි.ඒ අය ගැන නම් වශයෙන් කියන්න දන්නවා කියලා ජවිපෙ වේදිකා වලින් කිව්වා.ඕනිම ෆයිල් එකකින් කොලයක් ඇදලා දෙන්න ඒකට අදාල හොරකම ගැන කියන්නං කියලා ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා අනුර කිව්වා.ඒක නිසා අනුර ඇතුළු ජවිපෙට දැන් තියන හොඳම දේ තමයි සන්දර්ශණ නොදා ඒ ක්රියාවලිය පටන් ගන්න එක.
මෙතන හරිනි ගැනත් වවනයක් කියන්න ඕනි. ජවිපෙ ගොඩ දෙනෙක් සන්දර්ශණ දාද්දී ඇත්තටම හරිනී නං වැඩ පටන් අරන්.හරිනි අගමැති විදිහටත් එයාට අයිති අමාත්යාංශවලටත් දිගටම මැදිහත් වෙමින් ඉන්නවා.ඒවායේ සමාලෝචනයන් ගනිමින් ඉන්නවා.දැනට සිද්ධ වෙලා තියන යහපත් ප්රතිසංස්කරණ ඉස්සරහට ගෙනියන්නත් කරන්න ඕනි අලුත් ප්රතිසංස්කරණ ගැනත් ඒ ඒ අමාත්යාංශවල ඉහල නිළධාරීන් එක්ක අදහස් හුවමාරු කරගනිමින් ඉන්නවා.
විශේෂයෙන් හරිනි අධ්යාපන පැත්තට ලොකු බරක් තියනවා.අපේ පාසැල් පද්ධතිය සහ පාසැලේ අධ්යාපන ලබන දරුවන්ගේ මානසික නිදහස හදන්න අවශ්ය පරිසරය හදන්න හරිනි මේ දින කීපයට ගත්ත තීරණ වැදගත්.
වසන්ත සහ හරිනි දිහා බැලුවම ජවිපෙ සහ මලිමාව අතර ලොකු වෙනසක් තියන බව පේනවා.වසන්තගේ ක්රියා කලාපය දැක්කම දේශපාලන වශයෙන් පිළිකුලකුත් හරිනිගේ ක්රියා කලාපය දැක්කම දේශපාලන වශයෙන් ගෞරවයකුත් ඇති වෙනවා.හරිනි පළවෙනි දවසේ ඉඳන් රට හදන වැඩේට බැහැලා.වසන්තලා මනාප එකතු කරන තරඟයට බැහැලා.වෙනස ඒකයි.අපේ රටේ සාමාන්යයෙන් කරන්නේ හරියට වැඩකරන කෙනාට ගහන එකයි.
හැබැයි අපි එහෙම නෑ.පහුගිය කාලේ අපි රනිල් අගය කළේ රනිල් අර්බුදය වෙලාවේ ඇවිත් රටට කරපු සේවය වෙනුවෙන්.එතනින් එහාට රනිල් එක්ක කිසිම ගනුදෙනුවක් අපිට නෑ.ඒ වෙනුවෙන් අපි රනිල්ගෙන් තේ එකක්වත් බීලත් නෑ.අනුර උනත් ඒ වැඩේ හරියට කරනවා නම් ඒ අගැයීමට දෙන්න රටේ රාළ දෙපාරක් හිතන්නේ නෑ.හැබැයි තවමත් ඒ වැඩේ හරිනිගෙන් හැර වෙන කෙනෙක්ගෙන් වෙනවා කියලා පේන්නේ නෑ.
සමහර අය දැන් හරිනිටත් ගහන්න පටන් අරන්. ඇත්තටම ඒවා දේශපාලන විවේචනත් නෙවෙයි. පෞද්ගලික කරන අපහාසය.කාන්තාවක් විදිහට මේ කෙටි කාලය ඇතුලේ හරනි ගොඩනගත්ත පෞරුෂය ජවිපෙ කාටවත්ම ගොඩනගා ගන්න බැරිවීම තමයි ජවිපෙ ඇතුලේ තියන වැඩවසම් ලක්ෂණය විදිහට රටේ රාළ දකින්නේ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ
May be an image of 2 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *