වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ මහාචාර්ය අනිල් ප්‍රනාන්දු ජනාධිපතිගේ ආර්ථික උපදේශකවරු ලෙස පත්කර ගැනෙති

 

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය, අනිල් ප්‍රනාන්දු යන මහත්වරු, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආර්ථික කටයුතු සහ මුදල් පිළිබද ජ්‍යේෂ්ඨ උපදේශවරු ලෙස පත් කර තිබේ.

කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය .

ඔවුන් දෙදෙනා, මෙම තනතුර වෙනුවෙන් වැටුප් හෝ වෙනත් කිසිදු ප්‍රතිලාභයක් ලබා නොගන්නා බව වාර්තා වේ.

මහාචාර්ය අනිල් ජයන්ත මහතා ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ ප්‍රධානියෙකි .

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා ආර්ථිකයේ දැන් ඇතිකරගෙන තිබෙන ස්ථාවර බව රැකගෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහනේ ඉලක්ක අනුව ඉදිරියට යා යුතු බව දිගින් දිගට ප්‍රකාශ කොට ඇති විද්වතෙකි .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *