IMF හෙට එයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් හෙට දිවයිනට පැමිණීමට නියමිත ය .  එම කණ්ඩායම හෙට ( ඔක්තෝබර් 2) සිට 4 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වෙයි.

කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා ය . .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අනෙකුත් නිලධාරීන් හමුවී මෙරට ආර්ථිකය සහ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් ගැන සාකව්ඡා කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙක් පැවසීය.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *