|

කොළඹ උද්ධමනය සෘණ වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 අගෝස්තු මාසයේ දී වාර්තා වූ 0.5% හි සිට 2024 සැප්තැම්බර් මාසයේ දී -0.5% ක් දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 අගෝස්තු මාසයේ පැවති සියයට 0.8% හි සිට 2024 සැප්තැම්බර් මාසයේ දී -0.3% ක් දක්වා පහළ ගොස් ඇති අතර වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය ද 2024 අගෝස්තු මාසයේ පැවති 0.4% හි සිට 2024 සැප්තැම්බර් මාසයේ දී -0.5% ක් දක්වා තියුණු ලෙස පහළ ගොස් ඇත.

අද දෙරණ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *