|

රනිල් අනුරගේ ජේෂ්ඨ උපදේශක වෙයිද? – රටේ රාළ

අනුර ජනාධිපතිවෙලා විවිධ හැඩයේ සන්දර්ශණ දාද්දී විපක්ෂයේ කට්ටිය සන්ධාන අටවන්න ගාල කඩාගෙන වගේ දුවනවා.එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන්නේ මොන සන්ධානයකින්ද කියලා තවමත් හරියට කියන්න විපක්ෂයේ ගොඩක් දෙනෙකුට බෑ.දැනටත් විවිධ කණ්ඩායම් අතර සන්ධාන සාකච්ඡා යනවා.
එජාපය සහ සජබය අතර සාකච්ඡාවක් තිබුණා. ශ්රිලනිපය සහ සජබ අතර සාකච්ඡාවක් යනවා. පුටුව සහ කුසලානය අතරත් සාකච්ඡාවක් යනවා. ඒ වගේම රනිල් සිලින්ඩරය විදිහට එකතු උන පිරිසත් එක්ක සාකච්ඡාවක් කරලා තිබුණා.ඊට අමතරව දෙමල සහ මුස්ලිමි නියෝජිතයන් එකතු වෙලා පොදු සන්ධානයක් හදන්න සාකච්ඡාවකුත් පටන් අරන්.දැනට මේ මැතිවරණයේ දේශපාලන වශයෙන් සුරක්ෂිත තැනක ඉන්නේ මාලිමාව විතරයි.
ලයිස්තු හදන්න ගියහම මාලිමාව ඇතුලේ ගැටුමක් ඇතිවෙන්න පුළුවන්.මේ පාර මාලිමාවේ ලයිස්තුවට එන්න ජවිපෙ කණ්ඩායම සහ මාලිමාවේ කණ්ඩායම අතර ලොකු තරගයක් තියනවා.ජවිපෙ සහ මාලිමාවේ කට්ටිය ලේසියෙන් පාර්ලිමේන්තු යන්න මේ දවස්වල ලොකු ට්රයි එකක් දෙනවා.මාලිමාව එහෙම සුරක්ෂිත තැනක හිටියට විපක්ෂයේ සියලු දෙනාම ඉන්නේ දැඩි අවිනිශ්චිත තැනක.
සන්ධාන සාකච්ඡාවලදී සජිත් කිසිම නම්යශීලී බවක් පෙන්නන්නේ නෑ.පරාදවෙලා පස්ස බිම ඇණිලා තියෙද්දිත් සජිත්ගේ උන්නතිකාමී ගතිය නං එක බින්දුවක්වත් අඩුවෙලා නෑ.තවමත් සජිත්ගේ ප්රධාන හතුරා වෙලා ඉන්නේ රනිල්. ඒකත් මාර දේශපාලන වෛරයක්.සජිත්ට අනුව මොන සන්ධානය හැදුවත් ඒකේ නායකයා වෙන්න ඕනි සජිත්,අගමැති අපේක්ෂකයා වෙන්න ඕනි සජිත්,පැරදුනොත් විපක්ෂ නායකයා වෙන්න ඕනිත් සජිත්,සජබ සහ එජාපය අතර සන්ධානයක් හැදෙනවා නං රනිල් නායකත්වයෙන් අයින්වෙලා රුවන් විඡේවර්ධනට පක්ෂ නායකත්වය දෙන්න කියන්නෙත් සජිත්.
ඇත්තටම සජිත්ගේ හැසිරීමේ පොඩි මනෝ විකාර ගතියක් පේනවා.සන්ධානයක් හදද්දී සන්ධානයට අදාල දේවල් ගැන සහ රටේ දේශපාලන අභියෝගය ගැන කතා නොකර සජිත් කතා කරන්නේ අගමැතිකම ගැන පැරදුනොත් විපක්ෂ නායකම ගැන.රටේ රාළ මුලදීම කිව්වා වගේ මේ වෙලාවේ විපක්ෂයට හොඳම දේ වෙන්නේ සියලු දෙනා එකතු කරගත්ත සන්ධානයකින් මේ මැතිවරණයට මුහුණ දීමයි.හැබැයි දැන් ඒක වෙන්න තියන ඉඩ ගොඩක් අඩුයි.
ඒක නිසා විපක්ෂ බලවේග වෙනම කොටස් කීපයක් විදිහට මේ මැතිවරණයට තරඟ කරයි. ගොඩක් වෙලාවට සන්ධානය දෙකක් නිර්මාණය වෙන්න පුළුවන්.TNA එකේ පක්ෂ එකතු වෙලා උතුර සහ නැගෙනහිරින් ඉල්ලන්නත් පුඵවන්. නාමල් සහ දිලිතුත් වෙන වෙනම ඉල්ලයි.මේ තත්වය යටතේ මේ මැතිවරණයේ වැඩි වාසිය එන්නේ මාලිමාවට.ඒ කියන්නේ ජවිපෙට. ඇත්තටම මේ මැතිවරණයේ මාලිමාවට මුහුණ දෙන්න ඕනි තනි සන්ධානකින් උනත් ඒක කෙරෙන්නේ නෑ.
මේ මැතිවරණයේදී දැන් රනිල්ගේ කණ්ඩායමට තියන හොඳමදේ සිලින්ඩරය ලකුණ යටතේ තරඟ කරන එකයි.එහෙම නැතිව සිලින්ඩරයේ කට්ටිය තවත් ගොඩවල් කීපයකට බෙදුනොත් කාටවත් ජයග්රහණයක් නැති වෙනවා.රනිල්ගේ නයකත්වයෙන් සිලින්ඩරය යටතේ තරඟ කරලා ජනාධිපතිවරණයේ ගත්ත ඡන්ද පදනම ආරක්ෂා කරගන්න පුළුවන් උනොත් සිලින්ඩරයට පාර්ලිමේන්තුවේ ආසන 30 කට වැඩිය ගන්න පුළුවන්.එහෙම උනොත් ඊළඟ පාර්ලිමේන්තුවේ පැහැදිලි කණ්ඩායම් හතරක් ඉන්නවා.
මාලිමාවේ කණ්ඩායම,සජබ කණ්ඩායම, සිලින්ඩරයේ කණ්ඩායම,TNA එක වගේ උතුර – නැගෙනහිර පලාත් නියෝජනය කරමින් එන මන්ත්රී කණ්ඩායම. මෙතනදී මාලිමාවට පාර්ලිමේන්තුවේ බහුතර බලය ගන්න බැරි උනොත් එයාලට වෙන කණ්ඩායමක් මත යැපෙන්න වෙනවා.එතනදී එයාලට වඩාත්ම කිට්ටු කණ්ඩායම වෙන්නේ උතුරු – නැගෙනහිරින් එන TNA වගේ කණ්ඩායම්.හැබැයි එයාලා ආණ්ඩුව ඇතුලට එන්න තියන ඉඩ ගොඩක් අඩුයි.
ඒක නිසා දකුණේ කණ්ඩායමක් මත යැපෙන්න මාලිමාවට සිද්ධ වෙනවා.එතකොට එයාලට ඊලඟට පිහිට පතන්න වෙන්නේ සිලින්ඩරයේ කට්ටියගෙන්.සිලින්ඩරයේ සහ මාලිමාවේ ප්රතිපත්ති සහ මතවාදයේ ලොකු වෙනසකුත් නෑ. රනිල්ගේ වැඩපිලිවෙල අනුර කර තියාගෙන යන නිසා ප්රශ්නයකුත් නෑ.ඒක්කෝ සිලින්ඩරයට පුළුවන් එතෙන්දී ආණ්ඩුවට කොන්දේසි සහිත සහය දෙන්න,නැත්තං ජවිපෙට පරිවාසයක් දෙන්නත් පුළුවන්.
ඊළඟ අනුරලා තවම ජොලියේ ඉන්නේ අර්බුදය ආපු නැති නිසා සහ අර්බුදය එන විදිහ ගැන වැටහීමක් නැති නිසයි.අර්බුදය ආපු වෙලාවට අද වසන්ත සමරසිංහලා දාන සන්දර්ශණවලින් බේරෙන්න බෑ.දැන් ටික ටික වසන්තලා පහුගිය කාලේ කියපු කරපුවත් එලියට එන්න පටන් අරන්. කොහොම උනත් අනුරට අර්බුදය කළමණාකරණය කරන්න බැරි උනොත් අනුරට රනිල්ගේ පිහිට පතන්න වෙනවා.එහෙම එකක් වෙන්න කියලා රටේ රාළ ප්රාර්ථනා කරන්නේ නෑ.
හැබැයි එහෙම එකක් උනොත් ඒකට උත්තර සපයන්න පුළුවන් වෙන්නෙත් රනිල්ගේ පැත්තෙන්.වැඩවසම්කමේ කරවටක් ගිලිලා ඉන්න සජිත්ට උත්තර හදන්න බෑ.සජිත්ට තියෙන්නේ එදා වගේ පැනලා යන උත්තරේම තමයි.අනුරලා මාලිමාව ආණ්ඩුවක් පිහිටවන්න ඕනි කරන ආසන ගාන ගත්තත්,එහෙමත් නැත්තං තුනෙන් දෙක ගත්තත් අර්බුදයට ඒවයින් උත්තර හොයන්න බෑ.
ඒකට උත්තර හොයන්න ඕනි දැනුමෙන්, අද්දැකීම්වලින් සහ පරිනතකමෙන්.මෙතනදී සිලින්ඩරේ කණ්ඩායමට තියෙන්නේ ඒ හැකියාවන් වර්ධනය කරගනිමින් වැඩි පාර්ලිමේන්තු නියෝජනයක් වෙනුවෙන් සටන් කරන්න.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 5 people and people smiling

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *