|

අනුර ජනපති – සජිත් අගමැති ? – රටේ රාළ.

නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන විදිහ සම්බන්ධව විපක්ෂ කණ්ඩායම් අතර තවමත් එකඟතාවයක් හැදිලා නෑ.විපක්ෂයේ සියලු කණ්ඩායම් එකතුවෙලා පොදු සන්ධානයක් හදනවා කියලා කියනවා.ඒ වෙනුවෙන් විවිධ උත්සහයන් දරන බවත් පේනවා.
විපක්ෂයට පොදු සන්ධානයක් කියන සටන් පාඨය ආකර්ෂණීය එකක් උනත් ඒක ප්රයෝගික කරන්න පුළුවන්ද කියන ප්රශ්නය රටේ රාළට නං තියනවා. ඒක එහෙම උනත් එහෙම සන්ධානයක් හැදීමේ අරමුණ මොකද්ද කියන එක තවම පැහැදිලි නෑ, විපක්ෂයට පොදු සන්ධානයක් හැදෙන්නේ කාට හරි අගමැතිකම අරන් දීලා,තව කණ්ඩායමකට මන්ත්රීකම් ගන්න නං එහෙම සන්ධානයක් මේ රටට වැඩක් නෑ.
විපක්ෂයේ දැනට ඉන්න ප්රධාන කණ්ඩායම් දෙක විදිහට සජිත්ගේ සහ රනිල්ගේ පාර්ශව දෙක හදුනාගන්න පුළුවන්.සන්ධාන ගතවෙනවා නම් මේ කණ්ඩායම් දෙක අතර එකඟතාවයක් හැදෙන්න ඕනි.මෙතනදී මේ කණ්ඩායම් දෙකම ඇතුලේ තියෙන්නේ විසිරුණු ස්වරූපයක්.සජබය සජිත්ගේ නායකත්වය යටතේ තිබුණත් සජබ ඇතුලේ දිගටම ඒකමතියක් තිබුණේ නෑ.රනිල්ගේ සිලින්ඩර පාර්ශවය ගත්තත් එහෙමයි.
සිලින්ඩරය පාර්ශව කියන්නේ එජාප,පොහොට්ටූ ඇතුළු විවිධ කණ්ඩායම්වල එකතුවක්.ඒ සියලු දෙනා එකතු වෙන්නේ රනිල් ජයග්රහණය කිරීම වෙනුවෙන්.රනිල් තුන්වෙනි තැනට වැටීමත් එක්ක සිලින්ඩරය ඇතුලේ අර්බුදයක් මතු වෙනවා.රනිල් පරාදවීමෙන් මතුවුන අර්බුදයට වැඩිය ලොකු අර්බුදයකට සිලින්ඩර් පාර්ශවයේ අය මේ වෙනකොට මුහුණ දීලා තියනවා.ඒ රනිල්ගේ දේශපාලන නායකත්වය ඒ කණ්ඩායමට අහිමිවීම ඇතුලේ.
රනිල් මැතිවරණයට එන්නේ නැති වෙන්න පුළුවන්.ජාතික ලයිස්තුවෙන් එන්නේ නැති වෙන්නත් පුළුවන්.හැබැයි සිලින්ඩර කණ්ඩායමට නායකත්වය දීමේ වගකීමෙන් රනිල්ට පැනලා යන්න බෑ.එහෙම පැනලා යනවා නම් ඒක දේශපාලන වශයෙන් කරන පාවාදීමක්.මොකද සිලින්ඩර පාර්ශවයට නායකත්වය දෙන්න කෙනෙක් ඒ කඳවුර ඇතුලේ නෑ.ඒක දිනේෂ්ට කරන්න බෑ.රුවන් විඡේවර්ධනට කරන්නත් බෑ. වෙන කාටවත් කරන්න බෑ.
රනිල් කරන්න ඕනි සිලින්ඩර කණ්ඩායම නැවත එකතු කරගෙන එයාලට දේශපාලන නයකත්වය දෙමින් තමන් වටේට එකතුවුන ලක්ෂ 22 කට අධික ඡන්ද පදනම ආරක්ෂා කරගන්න එකයි.මේ වෙලාවේ රනිල් ඉස්සෙල්ලාම කරන්න ඕනි ඒක. එතනින් පස්සේ තමයි විපක්ෂයේ අනිත් කණ්ඩායම් එකක් සාකච්ඡාවට යන්න ඕනි. එතනදී රනිල්ලගේ ස්ථාවරය වෙන්න ඕනි විපක්ෂයට පොදු සන්ධානයක් කියන එකයි.ඒ වෙනුවෙන් ශක්තිමත් මිනිස්සු ටිකක් සාකච්ඡා මේසයට යවන්න ඕනි.
එහෙම නැතිව සජිත්ට ඒ සන්ධානයේ නායකත්වයයි,අගමැතිකමයි පවරලා තමන්ගේ කොටස බේරගෙන එන අයනං යවලා වැඩක් නෑ. මොකද ඔය හැදෙන සන්ධානයේ නායකයා සජිත් වෙනවා නම් තවත් වැඩවසම් ගෝතකර්මයක් උස්සගෙන යන්න ලක්ෂ 22 කේ කවුරුවත් කැමති වෙන එකක් නෑ.විපක්ෂයට සන්ධානයක් හැදෙනවා නං ඒකට දේශපාලන සහ ආර්ථික වැඩපිලිවෙලක් තියෙන්න ඕනි.නායකත්ව මණ්ඩලයක් ඉන්න ඕනි.පොදු එකඟතාවයන් තියෙන්න ඕනි.
ඒ සන්ධානයෙන් විපක්ෂ බලවේගයට ධෛර්යයක් දෙන්න පුළුවන් වෙන්න ඕනි.සජබය සහ සිලින්ඩරය එකතු උනහම අංක ගණිතමය වශයෙන් දිනුම් කියන්න පුළුවන්.ඒත් පොදු එකඟතාවයක් නැතිව දෙපැත්තේ කට්ටිය වේදිකා උඩ මනාපවලට මරාගන්න ගියහම තිබුණ ඡන්ද ටිකත් නැතිවෙනවා.ඒකත් හරියට 2020 මහ මැතිවරණයට මහින්ද සහ මෛත්රී හදාගත්ත සන්ධානය වගේ එකක් වෙයි.එකම වේදිකාවේ මහින්දගේ කට්ටිය මෛත්රිගේ කට්ටියට හූ කිව්ව හැටි ඔයාලට මතක ඇති.
එහෙම සන්ධාන නං වැඩක් නෑ.රටේ රාළට කියන්නේ සන්ධානයක් හදනවා නං ඒ සන්ධානයෙන් ශක්තිමත් අපේක්ෂකයෝ ටිකක් ඉදිරිපත් කරන්න ඕනි.ඒ සන්ධානය පෙනී ඉන්න ඕනි දක්ෂ සහ පිරිසිදු මිනිස්සු පාර්ලිමේන්තුවට එවීම වෙනුවෙන්.ඒ අතරින් බහුතරය තියන කෙනා එක්කෝ අගමැති වෙයි නැත්තං විපක්ෂ නායක වෙයි.එහෙම නැතිව සජිත්ගේ නලලේ මහබබා කොටපු අගමැතිකමක් හරි විපක්ෂ නායකකමක් හරි මෙතන නෑ.මේ මැතිවරණය කියන්නේ සජිත්ට අගමැතිකම හරි විපක්ෂ නායකකම හරි දිනලා දෙන්න එන මැතිවරණයක් නෙවෙයි.
මේ මැතිවරණයේ ප්රධාන අරමුණ වෙන්නේ ශක්තිමත් ආණ්ඩුවක් හෝ ශක්තිමත් විපක්ෂයක් සාදාගැනීමේ අරමුණයි.ඒ වෙනුවෙන් මාලිමාවත් එක්ක දැවැන්ත සටනක් තියනවා.මාලිමාව කරගෙන යන්නේ රනිල්ගේ වැඩපිලිවෙලම තමයි. එතනින් එක අඟලක් එහාට මෙහාට වෙන්න අනුරට බෑ.මේ යන්නේ රනිල්ගේ වැඩපිලිවෙල නෙවෙයි අනුරගේ වැඩපිලිවෙල කියලා පෙන්නන්න අනුර එක එක සෙප්පඩ විජ්ජා දානවා.
ඒ වගේ සන්දර්ශණ කීපයක් පහුගිය දවස්වල ඔයාලා දකින්න ඇති.අර 2015 යහපාලනය ආපු ගමන් ජොන් අමරතුංග ගෝල්ෆේස් ඇවිත් නීත්යානුකූලව බාරදුන්න වාහන පෙන්න පෙන්න නටපු නැටුමම ඒ වගේ තවත් ජොන් කෙනෙක් ඊයේ පෙරේදා නටනවා අපි දැක්කා.දැන් ජවිපෙට කඩා පැනීමේ හමුදාවකුත් ඉන්නවා.ඒ සන්දර්ශණ නෙවෙයි මෙතනදී වැදගත් වෙන්නේ රනිල් උපයලා දීපු සල්ලි ටික තව මාස කීපයකින් ඉවර වෙනවා.අනුරලාට රට දුවන්න සල්ලි හොයන්න වෙනවා.
රටේ සංවර්ධනය විදිහට මේ දවස්වල පේන්නේ අනුර ඇවිත් දවස් හත අටෙන් කරපුවා නෙවෙයි. රනිල් පහුගිය අවුරුදු දෙක ඇතුලේ කරපුවා.ඒක නිසා තව මාස කීපයකින් අනුර ඇත්ත අර්බුදයට මුහුණ දෙනවා.ඒකෙන් අනුර ෆේල් වෙන්න කියලා රටේ රාළ කීයටවත් ප්රාර්ථනා කරන්නේ නෑ.හැබැයි යම් විදිහකින් අනුර අසාර්ථක උනොත් එදා වගේ පැනලා යන විපක්ෂයක් මේ රටට වැඩක්.
අනුර අසාර්ථක උනත් රට වට්ටන්නේ නැතිව ගෙනියන්න පුළුවන් විකල්ප කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි.ඒ විකල්පය හැදීම වෙනුවෙනුයි මේ මැතිවරණය විපක්ෂය පැත්තෙන් පාවිච්චි කරන්න ඕනි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට

රටේ රාළ.

May be an image of 2 people, dais and text
All reactions:

94

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *