|

2024 ජනාධිපතිවරණයේදී ජනතාව කියාදුන් පාඩම – රටේ රාළ

දැන් සේරටම ඉස්සෙල්ලා ජනාධිපතිවරණයේදී මොකද උනේ කියන ප්රශ්නය අපි බේරගන්න ඕනි. දැන් නව ජනාධිපතිවරයා විදිහට අනුර කුමාර පත්වෙලා දිවුරුම් දීලත් ඉවරයි.මෙතනින් එහාට රට මෙහෙයවීමේ වගකීම තියෙන්නේ අනුරට.දැනටමත් එයාලට ගහපු කයිවාරු දේශපාලනය අර්බුදයට ගිහිල්ලා.විවේචනවලින් විතරක් රට හදන්න බෑ කියන එක තව බොහොම කෙටි කාලෙකින් තේරෙයි.
මේ ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙක් ඉදිරිපත් වුනා.ඒ 39 දෙනාගෙන් අති බහුතරය ඩමි අපේක්ෂකයෝ. ජනාධිපතිවරණය ජයග්රහණය කිරීමේ අදහසින් ඉදිරිපත් උනේ රනිල්,සජිත් සහ අනුර විතරයි. නාමල් ප්රබල අපේක්ෂකයෙක් විදිහට මුලදී පුම්බන්න හැදුවත් මැතිවරණය අවසන් වෙනකොට නාමල් 2.50 ට වැටුණා.මෙච්චර කල් ජවිපෙට දමලා ගහපු සියට තුනේ කතාව නෙවෙයි දැන් ලොකුවට යන්නේ රාජපක්ෂලා 2.50 ට වැටුණා කියන කතාව.
නාමල් ගැන දිගටම රටේ රාළට කිව්වේ නාමල් ඡන්දෙට ආවේ කොන්ත්රාත් එකකට කියලයි.මේ ඡන්දෙදී දේශපාලන කොන්ත්රාත් කරන්න ආපු සියලු දෙනාටම ජනතාව කන පැලෙන උත්තරයක් දීලා තියනවා.මේ ජනාධිපතිවරණ කියන්නේ ආරම්භයේ පටන්ම වෙනස් මැතිවරණයක්. ජනාධිපතිවරණයේ උණුසුම ඉතාමත් වේගයෙන් ඉහල ගියා.
සජිත්ලා,අනුරලා ජනාධිපතිවරණය එන්න අවුරුද්දකටත් වැඩි කාලයක ඉඳන් තමයි වැඩේට ලෑස්තිවුනේ. කොහොම උනත් ජනාධිපතිවරණය සම්බන්ධව අපේ රටේ ජනතාවගේ තියන උද්යෝගය ජනාධිපතිවරණ දවස වෙනකොට බරපතල විදිහට පහල වැටුනා.ජනාධිපතිවරණයකදී ඡන්දදායකයාගේ තියන උනන්දුව මේ මැතිවරණයේදී දැක්කේ නෑ. සාමාන්යයෙන් ජනාධිපතිවරණයකදී අපේ රටේ ඡන්ද ප්රතිශතය 80% ක් ඉක්මවලා යනවා.
හැබැයි මේ මැතිවරණයේදී ඡන්ද ප්රතිශතය සෑහෙන දුරට පහල වැටුනා.උතුරු සහ නැගෙනහිර පලාතේ සියලු දිස්ත්රික්කවල ඒ කඩා වැටීම පැහැදිලිව පෙනුනා.අනෙක් දිස්ත්රික්කවලත් ඡන්ද ප්රතිශතය සියට හතරකින් පහකින් කඩාගෙන වැටුනා.මැතිවරණය මතුපිටින් සාමකාමී බව පෙනුනට ජනතාව ඇතුලේ නිහඩ බයක් වර්ධනය වෙමින් තිබුණා.විශේෂයෙන්ම ජවිපෙ නායකයන් සහ සමහර ක්රියාකාරීන් කරපු ප්රකාශ ඒකට තදින්ම බලපෑවා.
ඒක නිසාම සැලකිය යුතු පිරිසක් ඡන්දපොලට ආවේ නෑ.ඡන්දයට ඉස්සෙල්ලා සජිත් සහ අනුර දෙන්නම දිනලා හිටියේ.අනුර ඡන්ද කෝටියක් ටාගට් කළා.සජිත් 51% ක් ගන්න බව කිව්වා.හැබැයි මැතිවරණය ජයග්රහණය කරපු අනුරට ගන්න පුළුවන් උනේ 42.31% ක ප්රතිශතයක් විතරයි.අපේ රටේ ඡන්දදායකයන් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස්දාහකට වැඩිය ඉන්නවා.අපේ රටේ සමස්ථ ඡන්ද ප්රමාණය සැලකුවහම මෙවර නිර්මාණය වෙලා ඉන්න ජනාධිපතිවරයාට ඡන්දදායකයන්ගෙන් තුනෙන් දෙකක් විරුද්ධයි.මේ ජනාධිපතිවරණයේදී 21% ඡන්ද දාන්න ඇවිත් නෑ.
ඡන්ද ප්රකාශ කරපු ඡන්දදායකයාගෙන් 58% ක් අනුරට විරුද්ධයි.අනුර කියන්නේ රටේ ජනතාවගේ අති බහුතර කැමැත්ත දිනාගත්ත ජනාධිපති කෙනෙක් නෙවෙයි.මැතිවරණයට ඉස්සෙල්ලා කටමත දොඩවපු ජවිපෙ නායකයන්ට තවදුරටත් ඒ විදිහට පොර ටෝක් දෙන්න දැන් බෑ.ඒ වගේම එයාලා හදපු සැලසුම් ක්රියාත්මක කරන්නත් බෑ.දැන් ජවිපෙට තියන අභියෝගය තමයි ඊළඟ පාර්ලිමේන්තුවේ බහුතරය ගන්න පුළුවන්ද කියන එකයි.
මේ ප්රතිපලයට අනුව නං ජවිපෙට ඊළඟ පාර්ලිමේන්තුවේ බහුතරය ගන්න බෑ.අනුර දිවුරුම් දෙනවත් එක්ක ජවිපෙ ඉතිහාසයේ මුහුණ දෙන දැවැන්තම අභියෝගයට මුහුණ දෙනවා.රටේ ආර්ථික ක්රියාවලිය හැසිරවීම අනුරට දැවැන්ත අභියෝගයක්.අනුරලාගේ බාල ගෝලයෝ කිව්වේ අනුර දිනපු ගමන් මහ බැංකු අධිපතිත් ගෙදර යවනවා කියලා.දැන් ඒක කරන්න එයාලට බෑ.මොකද නන්දලාල්ගේ භූමිකාව IMF ක්රියාවලියේදී අතිශයින් වැදගත්.
අනුර IMF ක්රියාවලියට එකඟද නැද්ද කියන එක දන්වන්න ඕනි.IMF එකත් එක්ක තුන් වෙනි සමාලෝචනයට යන්න ඕනි.හතර වෙනි වාරිකය ගන්න ඕනි.ඊළඟ වර්ෂයට අයවැයක් ඉදිරිපත් කරන්න ඕනි.ඊළඟට රටේ සාමාන්ය ජන ජීවිතය පවත්වාගෙන යනීන ඕනි.අනුරලා ජනතාවට දුන්න පොරොන්දු ඉෂ්ඨ කරන්න ඕනි.ඊට අමතරව අනුරට ඉංග්රීසි භාෂාව ඉගෙන ගන්නත් වෙනවා.නැත්තං ඇත්තටම මෙතනින් එහාට කරන්න තියෙන රාජ්ය තාන්ත්රික ගනුදෙනුවලට බරපතල ප්රශ්නයක් එනවා.අනුරට ඒ අභියෝගවලට මුහුණ දෙන්න අවශ්ය ධෛර්යය සහ දැනුම පහල වෙන්න කියලා රටේ රාළත් ප්රාර්ථනා කරනවා.
ජනාධිපතිවරණයේදී සජිත්ගේ සහ රනිල්ගේ පරාජයට වගකියන්න ඕනි සජිත්.මොකද සජිත් සහ එයා වටේ හිටපු කීපදෙනෙක් රනිල් සහ සජිත් අතර එකතුවක් හදන්න එකඟ උනේ නෑ.ඇත්තටම සජබය ඇතුලේ ගොඩක් දෙනෙක් අතර තිබුණේ එකතු වෙලා මුහුණ දෙන්න ඕනි කියන මතය.හැබැයි මේ අවස්ථාව රනිල්ට දෙන්න සජිත්ගේ තිබුණ අකමැත්ත විසින් දෙන්නටම පරාජය උරුමවුනා.සජිත් සහ රනිල් එක කදවුරක් විදිහට තරඟ කළා නම් අනිවාර්යයෙන්ම ජයග්රහණය තිබුණේ එතන.
සජිත්ගේ සහ අනුරගේ ප්රතිශත එකතු කරලහම 50% සීමාව ඉක්මවා යනවා.රට පත්වෙලා තිබුණ තත්වය ඉස්සරහා සහ රනිල් පහුගිය අවුරුදු දෙකේ කරපු මැදිහත්වීම එක්ක සජිත් රනිල්ට ඒ අවස්ථාව අනිවාර්යයෙන්ම දෙන්න ඕනි.සජබය සහ රනිල් වෙන් වෙලා ඉල්ලන එක ඇතුලේ ඉදිරියටත් ජයග්රහණයක් තියෙයි කියලා හිතන්න බෑ,හැබැයි සජිත් ඉන්නකල් ඒ එකතුවීම වෙන්නෙත් නෑ.ඒ වගේම සජබය ඇතුලේ අර්බුදය වේගයෙන් මෝරමින් තියනවා.සජිත්ට බෑ කියන එක දැන් තහවුරු වෙලා ඉවරයි.
සජිත්ට වඩා ඒ හැකියාව තියෙන කෙනෙක් සමගි සන්ධානය ඇතුලේ තහවුරු වෙන්න පුළුවන්.අනුර කරන හැම වැරැද්දක් පාසාම මහජන විරෝධය අනුරට විතරක් නෙවෙයි සජිත්ට එනවා.සාමකාමීව ඉදිරියට ගිය රටක් වැට්ටුවා කියන චෝදනාවෙන් සජිත්ටත් මිදෙන්න බෑ.අනුර කරන හැම වරදකදීම අනුර සහ සජිත් වැරදිකාරයෝ වෙනවා වගේම රනිල් සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් වෙනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 4 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *