අයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා – ජනාධිපති

අපට සහාය නොදුන් විශ්වාස නොකරන  පුරවැසියන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීමටද අප කටයුතු කරනවා’

ජයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව තමන්ට හොඳ අවබෝධයක් ඇති බවත් ,  තමන්ට සහාය නොදුන් විශ්වාස නොකරන  පුරවැසියන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීමට ද කටයුතු කරන බවත් ,  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ  ය .

රට ගොඩනැගීමේ කාර්යයේදී  සියලු ජනතාවගේ සහාය බලාපොරොත්තු වන බවත්, එය අවශ්‍ය වන බවත් ජනාධිපති තුමා ජාතිය අමතා කළ  කතාවේ දී වැඩි දුරටත් පැවසී ය .

තනිව තමන්ට හෝ තම කණ්ඩායමට කිසිවක්  කළ නොහැකි බවත් , තමන් ඉන්ද්‍රජාලිකයකු නොවන බවත් ඔහු සඳහන් කළේය ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ පළමු ජාතිය ඇමතීමේ දී හෙතෙම මෙම අදහස් පළ කලේ ය .

 

ශ්‍රී ලංකාව මේ වන විට පත්වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් හොඳින් තේරුම අර ගෙන ඇති බවත්, එම අර්බුදය පියමං කරගැනීම සඳහා ජාතියක් ලෙස සියලු දෙනා එකමුතුව කටයුතු කළ යුතු බවත්, කී ඔහු ඊට ජාත්‍යන්තර සහායද අවශ්‍යයෙන් ම  ලැබිය යුතු බවද සඳහන් කළේය

 

ජනාධිපතිවරණයෙන් අනතුරුව අදාළ බල හුවමාරුවේ දී  ඉතා ම  ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඒ සඳහා කටයුතු කළ හිටපු ජනාධිපති වික්‍රමසිං මහතාටද ස්තූතිවන්ත වන බව ද හෙතෙමා එහිදී තවදුරටත් කියා සිටියේය

 

‘අප රටේ ප්‍රජාතන්ත්‍රවායේ වැදගත්ම ලක්ෂණය වන්නේ ජනතාව විසින් පාලකයෙක් තෝරා ගැනීමයි.මැතිවරණයට ඡන්ද ප්‍රකාශ කිරීම සහ පාලකයා තෝරා ගැනීමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන්නේ නැහැ.අප රට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ව්‍යුහයන්ගේ ශක්තිමත් කිරීම අවශ්‍යයි.මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මගේ උපරිම කැපවීම සිදුකරන බව ප්‍රතිඥා දෙනවා.

මැතිවරණ බල හුවමාරුවකදී බල හුවමාරුව කිසිම නායකයෙක් ප්‍රතික්ෂේප කර නැහැ. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනවරම සුහදව පිළිගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වෙනුවෙන් එතුමාගේ කැපවීම, ආදර්ශය වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.

අපට ලැබෙන්නේ අභියෝගාත්මක රටක්.අපගේ දේශපාලනය මීට වඩා පිරිසිදු විය යුතුයි.යහපත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි.ඒ වෙනුවෙන් කැප වෙන්න සූදානම්.

 

අප රටේ දේශපාලනය ගැන මහජනතාවට තිබෙන්නේ හොඳ මතයක් නොවේ.ඒ නිසා මහජනයා කෙරෙහි දේශපාලකයා කෙරෙහි මහජන ගෞරවය නැවත ඇති කරන්න කටයුතු කරනවා.

මේ ගැඹුරු අර්බුදය හුදු පුද්ගලයෙකුට හෝ ආණ්ඩුවකට පියමං කළ හැකි දෙයක් යැයි විශ්වාස කරන්නේ නැහැ.

 

මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ.මැජික්කරුවෙක් නොවේ.මා මේ රටේ සාමාන්‍ය පුරවැසියයි.දන්නා දේවල් මෙන්ම නොදන්නා දේවල් තිබෙනවා.හැකියාවන් යොදා යොදාගෙන නොදන්නා දේ එක්රැස් කරගෙන වඩා හොඳ තීන්දු තීරණ ගැනීම මගේ අරමුණයි.

 

සාමූහික මැදිහත්වීමේ කොටස්කරුවකු බවට පත්වීම මගේ අරමුණයි.අර්බුදය නිමා කිරීමේදී පොදු පුරවැසියාටත් වගකීමක් තිබෙනවා. ඒ සැමගේ වගකීම අපේක්ෂා කරනවා.

 

මේ කාර්යභාරයේ ප්‍රමුඛතම වගකීම මා සතුව තිබෙන බව මා පිළිගන්නවා.භාවිතාවේදී හැම හැම විටම මා ඒ කාරණය පොදු පුරවැසියාට ඒත්තු ගන්වනවා.

අප රටට ජාත්‍යන්තර සහය අවශ්‍යයි.ඒ ඒ රාජ්‍යයන් සමඟ අපට වාසි සහගත අයුරින් කටයුතු කරන්නට කටයුතු කරනවා. අප හුදෙකලාව යුතු විය යුතු රාජ්‍යයක් නොවේ.එමෙන්ම කර්මාන්තකරුවන්ට සහ විවසායකයන්ට රට ගොඩනැගීමේදී විශාල කාර්යභාරයක් තිබෙනවා.ඔවුන් රජයේ කාර්යභාරයට උදව් කරනු ඇතැයි මා සිතනවා.

 

අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය විසින් මා ජනපති කර තිබෙනවා.

 

අයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා.අපට සහාය නොදුන් විශ්වාස නොකරන  පුරවැසියන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීමටද අප කටයුතු කරනවා’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *