|

පැහැදිලි ජනවරමක් නැති සුළුතර ජනාධිපතිවරයකුට පාර්ලිමේන්තුව විසුරුවිය හැකිද? – අජිත් පැරකුම් ජයසිංහ

Anura and work

කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට 50% ඉක්මවා ඡන්දය ලබාගැනීමට බැරි වුවහොත්, දෙවෙනි මනාපයෙන් ජනාධිපති ධුරයට පත් වන්නේ බහුතරයේ අකැමැත්ත මත පත්වන සුළුතරයේ ජනාධිපතිවරයෙකි.

2022දී පාර්ලිමේන්තුවෙන් පත් වූ ජනාධිපතිවරයාට අවමන් සහගත ලෙස සැලකුවේ ඍජුව පත් නොවුණ බව කියමිනි. එහෙත්, ඔහුට ඍජුව පත් වුණ ජනාධිපතිවරයාගේ හා ඍජුව පත් වුණ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහාය තිබිණි.

සුළුතර ජනාධිපතිවරයාට එවැනි වක්‍ර බහුතර කැමැත්තක්වත් නැත. ඔහු ඍජුවම සුළුතරයේ ජනාධිපතිවරයෙකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවැනි ජනාධිපතිවරයෙකුට පවා සියලු විධායක බලතල හිමි වේ. එහෙත්, බහුතර කැමැත්ත නොමැතිව පත් වූ බව ප්‍රතිකෂේප කළ නොහැකිය.

සුළුතර ජනාධිපතිවරයෙකු ඡන්දයෙන් පත් වූ පාර්ලිමේන්තුවක් විසුරුවා හැරීම ද නීතියට එකඟ වුව ද ආචාර ධාර්මික නැත.

එබැවින් සුළුතර ජනාධිපතිවරයා වත්මන් පාර්ලිමේන්තුව සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුය. පාර්ලිමේන්තුව එම ජනාධිපතිවරයාට පාලනය ගෙන යාම සඳහා සහයෝගය ලබාදිය යුතුය.

සුළුතර ජනාධිපතිවරයාට කිසිදු ජනවරමක් පැහැදිලිව ලැබී නැත. එබැවින් වර්තමානයේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඔහු එපරිද්දෙන්ම ක්‍රියාත්මක කළ යුතුය.

අජිත් පැරකුම් ජයසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *