රනිල් යටතේ ආර්ථිකය වර්ධනය වෙලා.. රාජ්‍ය ආදායම වැඩිවෙලා.. අපි එය පිලිගත යුතුයි..- අනුර

 

මෙරට ආර්ථික වර්ධනයේ ප්‍රතිඵලයක් ඇති බවත් කාර්යක්ෂම කිරීමේ ප්‍රතිඵලයක් ද ඇති බවත් ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

බදු වැඩි කිරීමකින් තොරව බිලියන 700 ක පමණ ආදායමක් රජය විසින් ගත වූ අවුරුද්දක පමණ කාලය තුළදී උපයා ඇති බවද හෙතෙම කියා සිටියේය.

මෙලෙස ආර්ථිකය වර්ධනය වී ඇත්තේ නව බදු පැනවීම හේතුවෙන්ම නොවන බවත් ආර්ථිකය වර්ධනය වීම සහ බදු ගෙවිය යුතු පිරිස් බදු දැලට හසුකර ගැනීම හේතුවෙන් බවත් හෙතෙම පවසයි.

දෙරණ රූපවාහිනි නාළිකාවේ පැවැති 360 වැඩසටහනේදී හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

 lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *