|

සමාජ මාධ්‍ය මැතිවරණ සමීක්ෂණවලින් ටක්කෙටම කියන දේ !

ජනාධිපතිවරණය පිළිබඳව ජනමත සමීක්ෂණ ලෙස බොහෝ වාර්තා පලවන අතර ඉන් ඇතැම් සමීක්ෂණ මගින් යථාර්ථයට  කිට්ටු තත්ත්වයක් පිළිබිඹු කරන නමුත් සමාජ මාධ්‍යයේ පළවන  ඇතැම් වාර්තා මගින් කිසිසේත් යථාර්ථය  පෙන්නුම් නොකරන බව පෙනෙන්නට තිබේ .

විධිමත් සමීක්ෂණ සහ ව්‍යාජ සමීක්ෂණ ප්‍රතිඵල සම්පුරණයෙන් ම එකිනෙකට පටහැනි බව පෙනෙන්නට තිබේ .

මෙහි පහත පළවන්නේ  අගෝස්තු 25 දිනට තත්ත්වය පිළිබිඹු කළ විධිමත් යැයි  කිවහැකි  සමීක්ෂණ වාර්තාවකි .

මෙම තත්ත්වය මේ වනවිට වෙනස් වී තිබිය හැකි වුවත් මෙය යථාර්තයට කිට්ටු බව වෙනත් වාර්තා අනුව ද තහවුරු වෙයි .

එසේ වුවත් ,  සමාජ මාධ්‍යයේ වාර්තාවල පෙන්නුම් කරන්නේ ඇතැම් අපේක්ෂකයින්ට ඇදහිය නොහැකි තරම් විශාල ජන සහයක් ඇතී  බව යි .

නිරීක්ෂකයින් කියන්නේ එබඳු සමීක්ෂණ වාර්තා මගින් ටක්කෙට ම හෙළි වන්නේ එක ම කරුණක් බව යි .  ඒ එම සමීක්ෂණ කරන උදවිය කුමන අපේක්ෂකයාට සහය දෙන්නේ ද යන කාරණය යි . එකී සමීක්ෂණ දකින ඔනෑ  ම අයෙකුට එම කරුණ නිශ්චිතව දැනගත හැකි ය .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *