|

තුන්කොන් සටන දෙකොන් වනවිට විසිවෙන අහුකොන් – රටේ රාළ

ජනාධිපතිවරණ සටන බරපතල ලෙස තීව්ර වෙමින් තියනවා.රටේ රාළ කිව්වා වගේම සටන ක්රමයෙන් දෙකොන් සටනක් බවට පත්වෙමින් තියනවා.මීට කලින් තිබුණ ජනාධිපතිවරණ සහ මේ ජනාධිපතිවරණය අතර වෙනස්කම් ගොඩක් තියනවා.මීට කලින් තිබුණ ජනාධිපතිවරණවලදී ආරම්භයේදීම අපි ප්රධාන අපේක්ෂකයන් දෙන්නා අදුනගත්තා.තුන් වෙනි අපේක්ෂකයත් අදුනගත්තා.ඉතිරි අහුකොන් කෑලි ටික නං නාමයෝජනා දෙනවත් එක්කම අතෑරලා දැම්මා.
හැබැයි මේ ජනාධිපතිවරණයේදී අපි ප්රධාන අපේක්ෂකයන් තුන් දෙනෙක් අදුනගෙන තියනවා.ඒ තුන් දෙනාගෙන් තවමත් ප්රධාන අපේක්ෂකයෝ දෙන්නා සහ තුන්වෙනි අපේක්ෂකයා කවුද කියලා රටට පැහැදිලිව වෙන් කරගන්න බැරිවෙලා තියනවා.රටේ රාළ නං දිගටම කිව්වේ අවසන් සටන ඇවිලෙන්නේ රනිල් සහ අනුර අතර කියලයි.ඒක දැන් ඇත්ත වෙමින් තියනවා.
රටේ රාළ මීට කලින් තැපැල් ඡන්ද භාවිතයේදී සිද්ධ වුන බෙදීමක් ගැන කිව්වා.තැපැල් ඡන්ද රනිල්,සජිත්, අනුර අතර කොහොම බෙදිලා ගියත් මතවාදීව රනිල් ආණ්ඩුවේ අපේක්ෂකයා වෙද්දී අනුර විපක්ෂයේ අපේක්ෂකයා වුනා.මේ බෙදීම දැන් සමාජයට කාන්දු වෙමින් තියනවා.සජිත් ක්රමයෙන් දේශපාලන වශයෙන් තැනක් නැති අපේක්ෂකයෙක් බවට පත්වෙමේන් තියනවා.
දැනට තුන්වෙනි අපේක්ෂකයා වීමේ වේකන්සිය සජිත්ට තියනවා.මේ තත්වය සජබයටත් දැනිලා තියනවා.සජබ මේ දවස්වල හැසිරීමෙන් ඒක තේරුම් ගන්න පුළුවන්.රනිල් සහ අනුර අතර ඩීල් එකක් තියනවා කියලා එයලා වැලපෙන්නෙත් ඒකයි.රනිල්ට දිනන්න බැරි නිසා රනිල් හදන්නේ සජිත් පරද්දන්නලු.එහෙමත් නැත්තං අනුර දිනවන්නලු.අනුර දිනවලා මාස කීපයකින් රට අර්බුදයට ගිහින් අනුර පැනලා ගියාට පස්සේ ටෙම්පරියක් අදින්නලු.
ඇත්තටම රනිල්ට තවත් කොටයක් අදින්න ඕනිම නං රනිල්ට කරන්න තියෙන්නේ කැම්පේන් එකක් නොකර පාඩුවේ ඉන්න එකයි. එතකොට සජිත් හරි අනුර හරි දිනයි.හැබැයි සජිත් ආවත් අනුර ආවත් රනිල්ට ටෙම්පරියක් අදින්න වෙනවා.රනිල් ටෙම්පරියක් අදින්න ඕනි නං කරන්න ඕනි හොඳම දේ ඇඟ මහන්සි කරන්නේ නැතිව ඔය යන විදිහට යන්න ඇරලා ගෙදෙට්ට වෙලා ඉන්න.රනිල් පහුගිය දවසක ලන්සලා එක්ක කියලා තිබුණේ මට තවදුරටත් කොට අදින්න බෑ කියලයි.
ජනතාව දෙනවා නම් ඩිරෙක් දෙයි කියලයි.මොකද රනිල් හොඳමට දන්නවා මේක 100×4 රිලේ එකක last lap එක නෙවෙයි කියලා. ගෝඨාභය අවුරුදු දෙකක් ඇදලා දුන්නේ බංකොලොත් රටක්.හැම තැනින්ම විලාප,අදෝනා ඇහුණු රටක්.පෝලිම්වල මිනිස්සු මැරුණ රටක්.පෝලිම්වල මිනිස්සු ගහමරා ගත්ත රටක්.සාමාන්ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳ වැටුන රටක්. භාණ්ඩාගාර බින්දුවටම හිදුන රටක්.
එහෙම රටක් බාර අරගෙන තමයි රනිල් රට මේ තත්වයට ගෙනාවේ. අනුරට සහ සජිත්ට කාට බාරදුන්නත් ආයෙත් මේ රටට උදා වෙන්න නියමිත ඒ ඉරණමම තමයි. මොකද සජිත් සහ අනුර දෙන්නම ගෝඨාභය part 02 ලා තමයි.හැබැයි ආයෙත් වට්ටලා දෙන රටක් බාරගන්න රනිල් කැමති උනත් ඒක ගොඩගන්න පුළුවන් වෙයිද කියන්න බෑ.අනික රනිල් ඉන්නේ එක එක්කෙනා වට්ටන වෙලාවට ඇවිත් රට ගොඩදානවා දීලා යන්න නෙවෙයිනේ.
වයසත් එක්ක හිතද්දී පින් අතේ වැඩක් කරගෙන ඉන්න ඕනි කාලේ තමයි රනිල් රටක් ගොඩ දැම්මේ. ඒක නිසා මේ රටේ ජනතාවට වගකීමක් තියනවා මේක ආයෙත් වැඩ බැරි ටාසන්ලට බාර නොදී ඉන්න.ඇත්තටම ජනතාව මේ තත්වය තේරුම් ගනිමින් ඉන්නවා. මූලදී කැම්පේන් එකේ රනිල්ට තිබුණ අවාසිය දැන් නෑ.දැන් පොලොවේ ඉන්න පෙරලිකාරයා බවට රනිල් පත්වෙලා.රනිල් දැන් වේගයෙන් උඩට එනවා.
එතනදී රනිල් අතින් පලවෙනි වටයේදී පරාජය වෙන්නේ සජිත්.ඒ ප්රධාන අපේක්ෂක සටනින්.ඊට පස්සේ final එකේදී තමයි රනිල්ට අනුරව හම්බ වෙන්නේ.දැන් සජිත්ටත් මේ අවධනම තේරෙනවා ඇති.එක පැත්තකින් සජිත් එයාගේ කැම්පේන් එකේ පෙනුම පවත්වාගෙන යන්න ලොකු උත්සාහයක් ගන්න බව පේනවා. සජිත් දිස්ත්රික් රැලිවලට කොච්චර බරක් දැම්මත් සජිත්ගේ ආසන රැලි ගොඩක් අසාර්ථකයි.ජවිපෙත් එහෙමයි.
පහුගිය දවසක ඉංගිරියේ තියපු ජවිපෙ රැලියෙන් ඒක පෙනුනා.රතු ටී ෂර්ට් ඇඳගත්ත 250 කට විතර ටිල්වින් ඇමතනවා රටේ රාළ දැක්කා.ඇත්තටම ඒ සාමාන්ය මිනිස්සු නෙවෙයි.සංවිධානාත්මකව ගෙනාපු ජෙප්පෝ.සාමාන්ය මිනිසුන්ට මාලිමාව ගහපු ටී ෂර්ට් මහගෙන ඇඳගෙන එන්න තරම් පිස්සුවක් නෑ.කොහොම හරි මේ කඩා වැටීම ජවිපෙට වැඩිය සජබේ බරපතල බව පේනවා.
සජබ බිඳවැටීමේ වාසිය එන්නේ රනිල්ට.පහුගිය හත්වෙනිදා ඉදන් රනිල්ගේ කැම්පේන් එක අඛණ්ඩව ඉස්සෙනවා.බස්නාහිර පලාතෙන් ඒකට ලොකු ආරම්භකක් ගත්තා. විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කවලින් ඒ ආරම්භය හම්බ වෙලා තිබුණා.රවීලා,ලන්සලා, ප්රසන්නලා පහලට බැහැලා තිබුණා. ඒක රටේ අනිත් පැතිවලටත් දැනෙන්න පටන් අරන්.මේ වෙනස ඉක්මනටම දැනෙන්නේ සජබයට.
මොකද ගිය පාර මහ මැතිවරණයේදී ඡන්දය දෙන්න ඡන්දපොලට ආවේ නැති එජාප පාක්ෂිකයා රනිල්ට බරවෙලා වග එයාලට දැනෙනවා.රනිල්ට සහ සජිත්ට අමතන්න තිබුණ වඩාත්ම සමීප ඡන්ද බ්ලොක් එක ඒක.ඒකේ වැඩි කොටස දැන් රනිල් කඩාගෙන ඉවරයි.භූමියේ මේ වෙන වෙනසින් සජිත්ලා වියරු වැටිලා.විපක්ෂයේ තමන්ගේ ඇත්ත සතුරා වෙන්න ඕනි අනුරව දැන් සජිත්ට අමතක වෙලා. සජිත්ගෙන් විපක්ෂයේ කිරුල උදුරගත්ත අනුර දැන් අමතකවෙලා.
අනුර එක්ක හැපෙනවා වෙනුවට දැන් රනිල්ට සහ අනුරට එකට තියලා ගහන්න සජබය පටන් අරන්. ඒ තර්කයෙන් සජිත්ට වැඩිදුර යන්න බෑ.මොකද අනුර සහ රනිල් අතර ගැටුම එලියට ආවම ඔය තර්කය පුස්සක් වෙනවා.අනුර සහ රනිල් අතර ඩීල් එකක් තිබුණ බව රටේ රාළ හොඳටම දන්නවා. රනිල් සජිත් වට්ටන්න අනුර පාවිච්චි කලා.රනිල් කියන්නේ ගැරඬියෙක් අහුවුනොත් දරඬුවකට හරි ගන්න කෙනෙක්. අනුර රනිල්ගේ ලණුව කාලා රනිල් වෙනුවෙන් පාවිච්චි වුනා.දැන් රනිල්ට තියෙන්නේ සජිත්ගේ ඉතිරි ටිකත් වට්ටගෙන අනුර පැත්තට හැරෙන්න.ඒ ඉඩ රනිල්ට විවෘත වෙලා ඉවරයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 4 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *