|

ටිල්වින් සිල් අරගෙනද? – රටේ රාළ

මේ දවස්වල ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මාලිමා වේදිකාවේ ඉඳන් අනුර දිනුවට පස්සේ කාටවත් හිරිහැර කරන්නේ නෑ කියලා දස අතේ දිවුරනවා.අපි කාටවත් ගහන්නේ නෑ.අපි එන්නේ රට හදන්න.මෙතන විරුද්ධ පාක්ෂිකයන්ට හිරිහැර කරන්න ලෑස්තිවෙලා ආපු අය ඉන්නවද කියලා ඕඩියන්ස් එකෙනුත් අහනවා.ඉස්සර එහෙම උනා කියන ටිල්වින් එජාපය දිනුවට පස්සේ විරුද්ධ පාක්ෂිකයන්ට ගහපුවා.ශ්රිලනිපය දිනුවට පස්සේ විරුද්ධ පාක්ෂිකයන්ට ගහපුවාත් මතක් කළා.අපි ඇවිත් තමයි ප්රචණ්ඩත්ව නැති කරන්නේ කියලත් කිව්වා.
පහුගිය දශක දෙක ඇතුලේ අපේ රටේ පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්රියා සිද්ධවුනේම නැති තරම්. බොහෝම සාමකාමී විදිහට බලය හුවමාරු වුනා.එහෙම තිබුණ ලාංකීය සමාජයට ආයෙත් වෛරී දේශපාලනය ගෙනාවේ ජවිපෙ.ජවිපෙ තමයි මේ ජනාධිපතිවරණය පුරාම රටේ වෛරය වැපිරෙව්වේ.දැන් අන්තිම මොහොතේ ටිල්වින් සිල් අරගෙන.ජෙප්පෝ තරම් තමන්ගේ විරුද්ධවාදීන්ට කුණුහරපෙන් බැනපු ජාතියක් මේ රටේ තවත් නෑ.
පෝස්ට් එකකට කුණුහරුප comment එකක් දැම්මොත් ඒ ජෙප්පෙක්.තමන්ගේ දේශපාලන විරුද්ධවාදියෙකුට පොඩි අසනීපයක් හැදුනොත් ජෙප්පෝ ඔක්කොම එක පෙලට නිවන් සැප ලැබේවා කියලා comment කරනවා.මේ ළඟදි අනුර ලෙඩ වුනා.හැබැයි අනුරට නිවන් සැප ලැබේවා කියලා කිසිම කෙනෙක් comment කළේ නෑ.දැන් ප්රශ්නය තියෙන්නේ එතෙන්ට ජවිපෙ ගෙනිච්ච ටිල්වින් කොහොමද එකපාරට උපාසක මහත්තයෙක් උනේ කියලයි.ඒකත් හරියට අලුගෝසුවා සිල් ගත්තා වගේ වැඩක්.
එහෙමත් නැත්තං ඒකත් හරියට වෘකයෙක් වෙජිටේරියන් වෙනවා කිව්වා වගේ වැඩක්. ඇත්තටම ටිල්වින් කියන්නේ ජවිපෙ ඇතුලේ ඉන්න ප්රධාන පෙලේ ගහලයන්ගෙන් එක්කෙනෙක්.22 රෑ ජෙප්පෝ ඇවිත් කෑලි කැපුවත් රටේ රාළ ඒක කියනවා.ටිල්වින් ඇතුළු හතර දෙනාගේ කල්ලිය 94 ඉඳන් 2008 දක්වා ආපු ශීලාචාර පක්ෂය යමපල්ලෝ ඉන්න අපායක් බවට පත් කළා.2008 න් පස්සේ ජවිපෙ කරපු හැම ප්රචණ්ඩ ක්රියාවක් පිටිපස්සෙම ටිල්වින්ලා හිටියා.
බොරු අවලාද ගොතලා ඉතිහාසයේ ජවිපෙ වෙනුවෙන් මහා කැපකිරීම් කරපු මිනිස්සුන්ට අපහාස කළා,මානසික කඩා වැට්ටුවා,පවුල් කඩා කප්පල් කළා.ටිල්වින්ලා එතනින් නැවතුනේ නෑ.අවස්ථා කීපයකදී ජවිපෙ හැරගිය අයට අසූච්චි ගැහුවා.පරාල ඇණ හයිකරපු දෙකේ දෙකේ පොලුවලින් ගැහුවා,ඒ විතරක් නෙවෙයි ජවිපෙන් ඉවත්ව ගිය අය ඝාතනය කරන්න සැලසුම් හැදුවා,ඒවා ක්රියාත්මක කළා.ඒ සියල්ල පිටිපස්සේ ටිල්වින් හිටියා.මේ කරන්නේ ටිල්වින්ට අපහාසයක් නම් ටිල්වින්ට පුළුවන් රටේ රාළ එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්න.
මේ ගොඩක් දේවල්වලට රටේ රාළ මුහුණ දුන්නා. ටිල්වින්ලා කරපු තිරිසන් වැඩවලින් ජිවිත බේරගත්ත කීපදෙනෙක් ඉන්නවා.නන්දන ගුණතිලක ජවිපෙන් අයින් වෙලා කාලයක් අප්රසිද්ධියේ ජීවත් උනේ ඇයි?ඒ ජවිපෙන් බේරෙන්න.විමල්ගේ ජීවිත බිලිගන්න ජානිපේ ඇතුලට කෙනෙක් එව්වේ නැද්ද කියලා විමල්ගෙන් අහන්න.රටේ රාළ ජවිපෙ ඒ ම්ලේච්ඡත්වය අවස්ථා ගණනාවකදී ලක්වුන එක්කෙනෙක් විතරයි.තවත් විශාල ප්රමාණයක් ජවිපෙ මේ ඇති කරලා තියෙන ප්රචණ්ඩත්වය බයේ කට පියාගෙන ඉන්නවා.
88/89 යාන්තම් ජීවිත බේරගත්ත රටේ රාළ මේ ගත කරන්නේ ජීවිතයේ අමතර කාලපරිච්ඡේදයක්.ඒ කාලපරිච්ඡේදය ඇතුලේ කොන්ද කෙලින් තියාගෙන මැරෙන්න රටේ රාළත් ලෑස්තියි.ඒකයි රටේ රාළ මේ බැටළු හම් පෙරෝගෙන ඉන්න වෘකයන් ගැන රටට හෙලිකරන්නේ.නැත්තං ඒක මේ රටේ ජනතාවට කරන ලොකු අසාධාරණයක්.හැබැයි මෙතනදී සලකලා බලන්න ඕනි තව කාරණයක් තියනවා.ඒ මෙච්චර කල් වෛර වපුරපු ටිල්වින්ගේ කටින් මෛත්රිය ගලාගෙන එන්නේ මොකද කියලා.
ටිල්වින් තමයි කිව්වේ කිසිම ද්රෝහියෙකුට සමාව දෙන්නේ නෑ කියලා.ඒ විඩියෝ එක රටේ රාළ වෝල් එකේ පහලට ගියොත් ඔයාලට බලන්න පුලුවන්.ලාල් කාන්ත කිව්වේ ජනතාව අපිට බලය දෙන්නේ මර්ධනයටත් එක්ක කියලා.අපි අවශ්ය අය මාක් කරගෙන ඉන්නවා කියලත් ලාල් කාන්ත කිව්වා.අපි ආවම මේ වගේ එවුන් පුනරුත්තාපනය කරනවා කියලා ලාල් රාජ්ය නිලධාරියෙකුගේ නම කියලා කිව්වා.
රටින් පැනලා ගිහින් බේරගත්ත බෑ පිටරටත් ඉන්නේ මාලිමාකාරයෝ ඒක නිසා යන්න ඕනි හදට කියලයි වසන්ත සමරසිංහ කිව්වේ. මාධ්යවේදින් මරනවා කියලා තර්ජනය කළේ ජවිපෙ නායකයෝ නෙවෙයිද?තමන්ගේ පහල බලවේගයට වෛරය ඉතා සියුම්ව සහ සංවිධානාත්මකව කාවැද්දුවේ ජවිපෙ නායකයෝයි.ඒ ආදර්ශය අරගෙන තමයි අර විශ්රාමික හමුදා සාමූහිකයට ආව පිස්සෙක් නැට්ට උස්සගෙන කෑගැහුවේ.
තමන් එක්ක එකට යුද්ධ කරපු ජෙනරාල්ලට පවා ගහනවා කිව්ව ඒකා මාලිමාවේ නොවන අලි, පොහොට්ටු,ටෙලිෆෝන් ඔක්කොටම ගහනවා කියලා කිව්වා.එහෙම ගොන් වස්සන්ට නැට්ට උස්සගෙන කෑගහන්න ධෛර්යය දුන්නේ ජවිපෙ නායකයෝ නෙවෙයිද?ඒ ආදර්ශය අරගෙන තමයි අනුරගේ ගමේදී සජිත්ගේ රැලිය බලන්න ගිය අයට තණකොල දුන්නේ.ඒ ආදර්ශය අරන් තමයි කට්ටිය මේ ඊයේ පෙරේදා රෑ කුරුණෑගල පොල්වත්තක් සුද්ධ කළේ.
ඒ ආදර්ශය අරන් තමයි විරුද්ධ මත දරන්නන්ට කුණුහරුපෙන් බණින කාලකණ්ණි ජේප්පෝ ටිකක් හැදිලා තියෙන්නේ.මුලින් ඒ ආදර්ශය දීලා දැන් ටිල්වින් වේදිකා උඩ ධර්ම දේශනා තියන්න පටන් අරන්.ඇත්තටම ජවිපෙ කොටි පූස් පැටව් උනේ කොහොමද?ඒක නිකන් නං වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි.ඒකටත් හේතුවක් තියෙන්න ඕනි. රටේ රාළ දකින විදිහට මේකට හේතු දෙකක් තියෙන්න පුළුවන්.එකක් ටිල්වින්ලා 22 රෑ කරන්න හදපු අපරාධය දැන් රටට කාන්දු වෙලා ඉවරයි. ඒක අනාවරණය වීම නිසා ජවිපෙට අඩියක් පස්සට ගන්න වෙලා.ඒ සැලැස්ම අකුලලා දැන් plan B එකකට යන්න වෙලා තියෙන්නත් පුළුවන්.
ඇත්තටම ජවිපෙ සමාජ මත පතුරවපු වෛරයට බය උන ගොඩක් ඡන්දදායකයන් තමන්ගේ මතය ප්රකාශ කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ.එයාලා බයයි අනුර දිනුවොත් එන ප්රහාරයට.ඒක නිසා නෙවෙයිද ගමේ එජාප පාක්ෂිකයා,පොහොට්ටුවේ පාක්ෂිකයා සහ සජබ පාක්ෂිකයා එලියට බහින්නේ නැත්තේ.ජවිපෙ පතුරවපු වෛරය විසින් සමාජය භීතියෙන් නිහඩ කරලා.
ජවිපෙ හිතනවා මේ නිහඩ ඡන්ද එයාලට වැටෙනවා කියලා.ජවිපෙ ඇති කරන්න හදන භීෂණය ගැන දැන් සමාජය ඇතුලේ කතා බහක් තියනවා.ඒක දැන් ජවිපෙට අවාසිදායකයි.ඒක නිසා ටිල්වින් බණ කියමින් වැඩේ වහගන්න හදනවා.අනික හේතුව තමයි දැන් ටිල්වින්ලා දන්නවා එයාලා පරදිනවා කියලා.ඒක නිසා එයාලා හදපු වෛරයට රිටන් එක එයිද කියලත් බය හිතිලා ඇති.
මොකද ඕනිම ක්රියාවකට ප්රතික්රියාවක් තියනවා කියලා ටිල්වින්ලත් දන්නවා.කොහොම උනත් රටේ කවුරු ප්රචණ්ඩත්වය ඇති කලත් රටේ රාළ බලකාය ඒකට විරුද්ධයි.ජය පරාජය කාට උනත් රටේ ජනතාවට නිදහසේ තමන්ගේ මතය ප්රකාශ කිරීමේ අයිතිය තියෙන්න ඕනි.ජෙප්පන්ගෙන් කවුරුවත් ගුටි කන්න ඕනි නෑ වගේම ජෙප්පොත් කාගෙන්වත් ගුටි කන්න ඕනි නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 1 person, dais and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *