මුල්‍ය අරමුදල එක්ක බැහැ – රනිල්ට අනුරගෙන් පිළිතුරක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන අද විවාදයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධ කරගැනීම ප්‍රතික්ෂේප කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා ප්‍රකාශ කොට ඇත . .

ජාතික ජන බලවේගය විසින් අම්බලන්තොට ප්‍රදේශය පවත්වන ලද ජන හමුවකදී ඔහු කියා ඇත්තේ තම පාර්ශවයන්හි ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මුහුණට මුහුද විවාදයක් පැවැත්වීමට සමන් සූදානම් බවයි.

මෙම විවාදය ඕනෑම රූපවාහිනී නාලිකාවක් ඔස්සේ පැවැත්විය හැකි බවද පක්ෂ දෙකේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඕනෑම සාකච්ඡාවක් සිදුකළ හැකි බවත් දිසානායක මහතා සඳහන් කොට තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *