|

සටන සජිත්ගෙන් රනිල් අතට මාරුවීම – රටේ රාළ

.
2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්රකාශ කිරීම දැන් බොහෝ දුරට අවසන්.මැතිවරණ කොමිසමෙන් තවමත් තැපැල් ඡන්ද ප්රකාශ කරන්න බැරිවුන අයට ඊයේ සහ අද දවස් දෙකත් වෙන්කරලා දීලා තියනවා.04,05,06 කියන දවස් තුනේදී තැපැල් ඡන්ද ප්රකාශ කිරීමේදී සුවිශේෂී දෙයක් සිද්ධ උන බව මීට ඉස්සෙල්ලා ලිපිවලින් රටේ රාළ කිව්වා.මේ පාර තැපැල් ඡන්ද ප්රකාශ කරද්දී ඡන්දදායකයා යම් ප්රශ්නකාරී වටපිටාවකට මුහුණ දුන්නා.
ඡන්දදායකයා පක්ෂ විපක්ෂ ගොඩ බේරා ගත්තත් විපක්ෂය කවුද කියන එක තෝරා ගැනීමේදී අපහසුතාවයකට මුහුණ දුන්නා.රනිල් ආණ්ඩුව නියෝජනය කරන හින්දා ආණ්ඩුවේ අපේක්ෂකයා රනිල් වෙන එක නවත්තන්න බෑ.ඇත්තටම ප්රශ්නය ආවේ විපක්ෂය ගැනයි.විපක්ෂය අයිති කාටද කියන ප්රශ්නය තැපැල් ඡන්දදායකයාට ආවා.විපක්ෂය කියන්නේ සජිත්ද නැත්තං අනුරද?මේ ප්රශ්නය ඉස්සරහා තැපැල් ඡන්දදායකයා විපක්ෂය විදිහට තෝරාගත්තේ අනුරව.
ඡන්ද වැටීමේ ප්රමාණ කොහොම උනත් අනුර විපක්ෂයේ අපේක්ෂකයා වෙද්දී රනිල් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා වුනා.මතවාදීමය වශයෙන් සජිත්ට තැනක් නැතිවුනා.සජිත් ක්රමානුකූලව ගන්ධබ්බ තැනකට තල්ලු වෙමින් තියනවා.පක්ෂ විපක්ෂ කියලා බෙදුනම ඒ අතර මැද තැනක් නෑ. ඒකයි සජිත් තැනක් නැති අපේක්ෂකයෙක් කියන තැනට තල්ලු වෙන්නේ.දැන් මේ තත්වය දිගටම බලාත්මක වෙන බවක් පේනවා.
මොකද 07 වෙනිදායින් පස්සේ රනිල්ගේ පාර්ශවය ශක්තිමත් වෙලා.එයාලත් මහ පොලොවට බැහැලා.08 වෙනිදා වෙනකොට රනිලුත් භූමියේ ආක්රමණිකයෙක් බවට පත්වුනා.මෙතනදී තවත් උන විශේෂ දෙයක් තමයි ඇල් මැරිලා තිබුණ එජාපයත් සටනට අවතීර්ණ වීම.දැන් භූමියත් පක්ෂ විපක්ෂ කියලා බෙදෙමිනුයි තියෙන්නේ. තැපැල් ඡන්දවලදී උනා වගේම භූමියේ විපක්ෂයේ අයිතිය ජවිපෙ විසින් තහවුරු කරගනිමින් ඉන්නවා.
ආණ්ඩුවේ අයිතිය රනිල් විසින් තහවුරු කරගෙන ඉවරයි.ප්රශ්නය තියෙන්නේ සජිත්ගේ තැන කොතැනද කියන එකයි.සජිත්ට තැනක් නැතිවෙලා.ආණ්ඩු පක්ෂය කොහොමත් සජිත්ට නෑ.ඒ වගේම සජිත්ට තිබුණ විපක්ෂයත් නෑ. ඇත්තටම සජිත්ගේ තැන කොතැනද කියලා සජිත් රටට කියන්න ඕනි.නැත්තං සජිත්ට සජිත්ගේ නොවන සජිත්ගේම විපක්ෂ නායක ධූරයක් තියනවා කියලා හරි කියන්න ඕනි.
මහ පොලොවේ ඇතිවෙන මේ මතවාදීමය බෙදීම ඉස්සරහා ජනාධිපතිවරණ සටන දැන් ක්රමානුකූලව දෙකොන් සටනක් බවට පත්වෙමින් එනවා වගේම දෙකොන් සටන ක්රමයෙන් රනිල් සහ අනුර අතර සටනක් බවට පත්වෙමින් තියනවා.මේ බෙදීම දිගටම ඉදිරියට ගියොත් සටන අනුර සහ රනිල් අතර සටනක් වෙන එක වලක්වන්න බෑ.එහෙම උනොත් සජිත්ට මොකද වෙන්නේ.ඊළඟට එන ප්රශ්නය ඒක.ආණ්ඩුවේ අපේක්ෂකයා රනිල් වෙද්දී විපක්ෂයේ අපේක්ෂකයා අනුර වෙද්දී සජිත්ට තුන්වෙනි තැනට පසු බහින්න වෙන එක නවත්තන්න බෑ.
රටේ රාළ දිගටම කිව්වේ අනුර එක පැත්තක ප්රධාන අපේක්ෂකයා කියලයි.අනිත් පැත්තේ ප්රධාන අපේක්ෂකයා වෙන්න තරඟය තිබ්බේ රනිල් සහ සජිත් අතර. එක්කෝ රනිල් දුර්වල වෙලා සජිත් ශක්තිමත් වෙන්න ඕනි.නැත්තං සජිත් දුර්වල වෙලා රනිල් ශක්තිමත් වෙන්න ඕනි.දැන් යන විදිහට නං පේන්න තියෙන්නේ රනිල් ශක්තිමත් වෙමින් සජිත් කඩාගෙන වැටීමයි.ඒකට ප්රධාන හේතුව විදිහට රටේ රාළ දක්වන්නේ මේ සටනේ පක්ෂ විපක්ෂ නියෝජනයක් සජිත්ට නැතිවීමයි.
ඇත්තටම ඒක රනිල්ගේ වැරැද්දක් නෙවෙයි.ඒක අනුරගේ වැරැද්දකුත් නෙවෙයි.වැරැද්ද තියෙන්නේ විපක්ෂයේ භූමිකාව සජිත්ගෙන් අනුර උදුරාගෙන තියෙන එකයි.ඒක සජිත්ගේ දුර්වලකම විසින් වෙච්චි දෙයක්.ඒක නිසා සජිත් විසින්ම සජිත්ගේ ස්ථානය අහිමි කරගෙන.ආණ්ඩුවේ අපේක්ෂකයා විදිහට රනිල්ට ජනතාව ඉදිරියේ පෙනී ඉන්න හැකියාවක් තියනවා.ඒ 2022 ආපු අර්බුදය ඉස්සරහා රට බංකොලොත්භාවයෙන් මුදාගෙන යථාවත් කළා කියලයි.
ඒක නිසා රනිල්ට ජනතාව අතරට එන්න පුළුවන්. විපක්ෂයට ඒ පෞරුෂය නෑ.මොකද සජිත් සහ අනුර කියන්නේ අර්බුදය ඉස්සරහා පැනලා ගිය දෙන්නෙක්.එයාලට වැඩපිලිවෙලකුත් නෑ.එයාලට තියෙන්නේ රනිල්ට විවේචනයක් සහ එයලත් නියෝජනය කරපූ ඉතිහාසයට විවේචනයක් විතරයි.සජිත්ට වැඩපිලිවෙලක් නැති,අනුරටත් වැඩපිලිවෙලක් නැති තත්වයක් යටතේ සජිත් කපාගෙන අනුර උඩට ආවේ කොහොමද කියන ප්රශ්නය ඊළඟට එනවා.
රටේ රාළ හිතන්නේ අනුර සජිත්ට වැඩිය දක්ෂයි කියලා නෙවෙයි.සජිත් අනුරට වැඩිය දුර්වලයි.මේ දෙන්න රනිල් එක්ක සන්සන්දනය කරද්දී දෙන්නාම එක සමානව දුර්වලයි.ඒක නිසා හැම අතින් උඩට ඒමේ හැකියාව රනිල්ට තියනවා.දැන් සටනේ තීරණාත්මක අපේක්ෂකයෝ දෙන්නා බවට රනිල් සහ අනුර පත්වෙලා ඉවරයි.මේ දෙන්නා අතර සටනට තව පැය 250 කට අඩු කාලයක් ඉතිරිවෙලා තියනවා.
ඇත්තටම ඒක ගල උඩ සටනක්.ගලෙන් පහලට වැටෙන්නේ කවුද කියන එක දැන්ම තීරණය කරන්න බෑ.හැබැයි මෙතනදී රනිල්ගේ කකුලෙන් අදින්න ඉන්න පිරිස වැඩියි.සජිත් ඉන්නවා. සජිත්ගේ කොන්ත්රාත්තුව බාර ගත්ත නාමල් ඉන්නවා.මේ දින නවය පුරාම මෙයාලා රනිල්ට වෙට්ටු දායි.රනිල් වෙනුවෙන් අඛණ්ඩව සටනේ ඉන්න ලන්සා – ශ්රිලනිප බලවේගය, ප්රසන්න ප්රමුඛ පොහොට්ටු බලවේගය සහ අලුතින් සක්රීය උන එජාප බලවේගය සටන අත්හරී කියලා හිතන්නත් බෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 2 people and dais

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *