රනිල්ගෙත් , අනුරගේත් දෙවන මනාප කැම්පේන් එක සජබයෙන්

රනිල් වික්‍රමසිංහ මහතා සහ අනුර කුමාර දිසානායක මහතා සඳහා දෙවන මනාප ලබාදීමේ ප්‍රචාරක ව්‍යාපාරය සමගි ජන බලවේගය විසින් කරගෙන යන බව පෙනෙන්නට ඇතැයි  දේශපාලන නිරීක්ෂකයෝ කියති .

දෙවන මනාප බෙදා ගැනීමට රනිල් – අනුර ගිවිසුමක් ඇති බව සමගි ජන බලවේගයේ ප්‍රකාශක එස් එම්  මරික්කාර මහතා පසුගිය දා ප්‍රකාශ කළ  අතර සජිත් ප්‍රේමදාස මහතා ද එම අදහස තහවුරු කළේ  ය . එම ප්‍රකාශවල ප්‍රතිඵලය වන්නේ තමන්ගේ දෙවන මනාපය ගැන එම පක්ෂවල ඡන්දදායකයින්ට පණිවිඩයක් ලැබීම බව දේශපාලන නිරීක්ෂකයෝ කියති .

එමෙන් ම එම පාර්ශව දෙකේ දෙවන මනාප සජිත් ප්‍රේමදාස මහතාට නොලැබෙන බව ද මෙයින් පැහැදිලි වෙයි .

තුන්කොන් සටනක් වී ඇති මෙම ජනාධිපතිවරණයේ දී දෙවන මනාපයට විශාල වටිනාකමක් ලැබෙන බව නිරීක්ෂකයෝ කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *