|

මැතිවරණ ජන මත සමීක්ෂණ කල් ඉකුත් වෙලා !

මේ  දිනවල ප්‍රකාශයට පත්වන ජනමත සමීක්ෂණ බොහොමයක් මැතිවරණ ආරම්භවීමට පෙර කළ  සමීක්ෂණ බවත් ,  මේ වන විට තත්ත්වය බොහෝ වෙනස් වී ඇති බවත් ,  දේශපාලන නිරීක්ෂකයින්ගේ මතය වී තිබේ .

ප්‍රවෘත්ති වාර්තා මගින් දැන් ප්‍රකාශයට පත්වන සමීක්ෂණ සිදුකොට ඇත්තේ ජුලි මාසයේ දී වන අතර ඒ වන විට ජනාධිපතිවරණයේ ඇතැම් අපේක්ෂකයින් තරග බිමට පැමිණ සිටියේ නැත . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම අපේක්ෂකත්වය ප්‍රකාශ කොට නොතිබූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග කිරීම ගැන කිසිදු තීරණයක් ගෙන නොතිබිණි . ඒ වන විට ප්‍රචාරක ව්‍යාපාර ආරම්භ කොට තිබුණේ  අනුර කුමාර දිසානායක ,  සජිත් ප්‍රේමදාස සහ දිලිත් ජයවීර වැනි අප්ව්ක්ෂ්කයින් කිහිප දෙනෙකු පමණී .

කෙසේ වෙතත් ,  මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාර ආරම්භ වී ඇති අතර තත්ත්වය දිනපතා වෙනස් වෙමින් පවතින බව නිරීක්ෂකයින්ගේ මතය වී තිබේ .

එබැවින් බොහෝ නිරීක්ෂකයින් කියන්නේ ජුලි මාසයේ හෝ අගෝස්තු මාසයේ කළ  සමීක්ෂණ වල තොරතුරු මේ වන විට යල් පැන  ගොස් ඇති බව යි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *